පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2014-09-17

ඔබලා බැලිල්ලක් .



ළ කෙලියයි. විදුලි බිල 25% කින් අඩු කරලා. පෙට්‍රල් ,ඩීසල් බස්සලා. ලාම්පු තෙල් හොදටම අඩු කරලා.

අහ්චර්යක මහිම ! . කිව්ව දේ කරන  - කරන දේ කියන  චින්තනයේ අරුමය!. මේක ගැන නොයෙක් කතා කියනවා. ඉරිසියාවට කියන කතා !. ඌවේ චන්දේ පරදින හින්දා අන්තිම තුරුම්පුව ගැහුවා කියලා කෙනෙක් කියනවා. තවත්  කෙනෙක් කියනවා  ඕවා ඡණ්ද ගුණ්ඩු කී දවසක් තියෙයිද ඔය ගණන් .ඡණ්දේ ඉවරවුනාම ආයේ වැඩි වෙයි කියලා. !. ලංකාවේ ඡණ්ද තියෙන හැටියට කාලෙකට ගාණ නම් වෙනස් වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා.
චීනෙන් ආව ජොලියට චීන ලොක්කා ඉස්සරහ තියාගෙන කරපු ප්‍රකාශයකින් මිළ අඩුකරපු හින්දා අපිට හොද ජාත්‍යාන්තර සාක්‍ෂියක් නම් මේ වැඩේට ලැබිලා තියෙනවා.කොයි වැඩෙ කලත් අවිශ්වාශයෙන් ඒ දිහා බලන්න පුරුදු වෙලා දැන් අවුරුදු හතලිහක් පනහක් වෙච්ච ජාතියකට............මේ අඩුකිරිල්ල අස්සෙත් මොනවා හරි කෙන්ගෙඩියක් තියෙනවා කියලා  විශ්වාසයක් නම් ඇතිවෙනවා.
අපේ ගෙදර රෙදි දමලා තිබුන කබඩ් එක අද උදේම ප්‍රිජ් එකක් වෙලා ! ආශ්චර්ය කියලා කියන්නේ ඒකයි.
ඉන්ධන මිල පහල බැහපු එක අපිට දැනෙන්න ගැමුණු මොකක් හරි ප්‍රකාශයක් කරන්න එපාය. මනුස්සයා කියයි ටයර් ගණණ් වැඩියි. ස්පෙයාර් පාර්ට්ස් ගණණ් වැඩියි. ඒක හින්දා නග්ගපුවා බස්සන්න බැහැ කියලා. එතෙක් ඉතින් අපි සුපුරුදු පරිදි 25%ක් පයින් ගිහිල්ලා ඉතිරි ටික යන්න බස් එකට නගිනවා.
මේ වැඩේ සල්ලි නැතිකමට කරන වැඩක් එහෙම නෙමෙයි.වෛද්‍යවරයාගේ උපදේශය පරිදි කරන වැඩක්. ක්ලෙස්ට්‍රෝල් -සීනී   පාලනය කිරීම සදහා හොද ප්‍රතිකාරයක්.
කවුදෝ කෙනෙක් ගිය සතියේ ඉරිදා පත්‍රයකට ලියලා  තිබුනා රාජ්‍ය නායකයා ගිය ගිය තැන ළමයි උස්සනවා. ඒක ආදර්ශයකට අරගෙන රටේ මිනිස්සු ළමයි උස්සන්න පටන් අරන් කියලා. මේ මාධ්‍යවේදීන්ට හිතෙන ඒවා. ඒත් අපි ඉතින් ලොකු මිනිස්සු අනුගමනය කරන්න කැමතියිනේ. ලොකු එකා හිටගෙන කරන දේ පුංචි එකා කරන්නේ දුව දුවනේ.

මාධ්‍ය උන්නැහේලා කාලෙකට නයි අරිනවා. නලගන ලා අල්ලගෙන. කාලෙකට ළමයි උස්සනවා. ළමෙකුට විනෝද ගමනක් යන්න බැහැ. ලොකු හෙඩිමයකිනි තුන් දෙනෙක් හතර දෙනෙක් අතුරු දහන් වෙලා කියනවා. හොයන්නේ බලන්නේ නැතිව “ පච ” දිග  අරිනවා. මෙයාලා එක -  අටට හිදලා ( අට එකට හිදලා නෙමෙයි )  අපිට මවලා දෙන්න දක්‍ෂයෝ අපි මුලා වෙනවා. අන්තිමට වෙච්ච දෙයක් නැහැ. 

හූවේ ඡණ්දෙනේ ! අපි හාවක් හූවක් නොකර ඉමු.  
21 වෙනිදා පාන්දරට අඩුකරපු එළියෙන් ප්‍රතිපල බලා ගන්න බැරියැ.

notes of imaginary

2014-09-14

දාලා බලනවද ? බලලා දානවද - What ‘s your policy ?. 2














විචාරක ලියලා තිබුනා“ දාලා බලනවද - බලලා දානවද“ කියලා වියමනක්. විචාරකට ඕන වුනේ කමෙන්ට්ස් ගැන එයාගේ ප්‍රතිපත්තිය පල කරන්න.
මට මේ ලිපිය කියවන කොට මතක් වුනේ අපිට AL පන්තියේදී APPLIED සහ PHYSICS උගන්වපු අපේ සර්. එතුමාට තිබුනා “ දාලා අහක්ලා බලමු “ කියන පුරුද්දක්. ඔය සමීකරනයක් වගේ තැනකදී ආදේශයක් කරන කොට ආදේශය කරන්නේ “ අපි මේක දාල අහක්ලා බලමු “ කියලා. වැඩේ හරි ගියොත් ගොඩ. මාත් අනෙක්වා කොයික නැතිවුනත් ඒ විෂයයන් දෙකෙන් ගොඩ ගියා.

සර් ගැන මතක් වුනාම පංතියේදී උන දේවල් ගැන ලියන්න මතකය අවදි වෙනවා.

ඊට ඉස්සෙල්ලා විචාරකගේ කතාවට පොඩි ඌණ පූරණයක් කරන්න හිතුවා. නැත්නම් මේ වියමන දිග පලල අඩුවෙන හින්දා. පනින්නට පෙර සිතා බලන්න කියලා කතාවක් තියෙනවා . දාලා බැලිල්ලෙයි- බලලා දැමිල්ලෙයි හොද නොහොද සොයාගන්න මේ කතාවෙනුත් පොඩි තල්ලුවක් ගත්තොත් හොදයි කියලා මම හිතනවා. ගින්දර ගොඩක් තියෙනවා.මේකට අත දාන්න හිතෙනවා. විචාරකගේ තියරියේ හැටියට දාලා බැලුවොත් .................මොකද වෙන්නේ ?. පුච්ච ගන්න වෙනවා. එතනදී දාලා බැලිල්ල අනතුරුදායකයි. ගෙදර දොරේදී නම් දාලා බැලිල්ල ගුණදායකයි. ප්‍රතිචාර බලලා තමුන්ගේ වැඩේට බහින්න පුළුවන්.නැත්නම් වැඩේ අත්හරලා මොනවත් නූනා වගේ ඉන්න පුළුවන්. මෙතෙන්දී පනින්න පෙර සිතා බලන්න කියන එකටත් ගැලපෙනවා.

ඔය ප්‍රතිපත්ති සම්ප්‍රදාය කියන ජාති අවස්ථාවේ හැටියට වෙනස් කරලා ආයෙත් අළුතින් ප්‍රතිපත්ති සම්ප්‍රදායන් හදා ගන්න ඕනී. නැත්නම් ජීවිතේ පවත්වා ගෙන යන්න බැරිවෙනවා. අතර මගදී හිර වෙනවා. අපේ උත්තරීතර ලියවිල්ලත් ප්‍රතිපත්තියක්නේ !. මොකක්ද ඒකට වෙලා තියෙන්නේ ?.කරලා තියෙන සංශෝධන ගණන මතකත් නැහැ.මෙහෙ එහෙම උනාට ඇමරිකාවේ එහෙම නැහැ. කොටින්ම ලිඛිත ව්‍යවස්ථාවකුත් නැහැ කියලානේ කියන්නේ. ( ඔය ලිඛිත ව්‍යවස්ථාවක් නැත්තෙ ඇමරිකාවෙ නෙමෙයි එංගලන්තෙ. එංගලන්තෙ ව්‍ය්වස්ථාව කියන්නෙ ඔටුන්නෙ බලය සහ තවත් නීති පද්ධතියක එකතුවක්. අන්න ඒ නිසයි ලිඛිත ව්‍යවස්ථාවක් නෑ කියන්නෙ. - කමෙන්ට්ස් වලින් මේ නිවරදි කිරීම ආවේ. මම මේ වියමන edit කලත් මගේ වරද එහෙමම තියෙන්න අරිනවා.)

මම ආයෙත් මගේ AL පන්තියටම යනවා. ගිය මාසේ දවසක අපේ පන්තියේ හිටපු කෙල්ලෙක් ඒකිගේ මුළු පවුලත් එක්කම හමුවුනා. ඒකිගේ පුතා අපේ ගෙවල් ගාවයින් කසාදයක් කරගන්නව. පදිංචිය කොළඹ - කොල්ලාගේ කෙල්ල වෙඩින් එක ගන්නේ බෙලිහුල්ඔය තානායමේ. ඉතින් දුර ගෙවා ගෙන පාන්දරින්ම එන්න බැරි නිසා මතක් වුනා පංතියේ හිටපු “ ල‘යියාව “ ල‘යියට සිද්ධවුනා ඒකිගේ නව පරපුරටත් සහෝදර පරපුරටත් නවාතැන් පහසුකම් සලස්වන්න.

APPLIED සහ PHYSICS උගන්වපු අපේ සර් ආයෙත් මේ හමුවත් එක්ක මතක්වුනා.එදා අපි හිටියේ lab එකේ. පාඩම යන අතර විසේ ඇති මම පහන් දැලි ටිකක් ඇගිලි දෙකක උලා ගෙන මේ කෙල්ල ලගට පිටුපසින් ගිහින් කම්මුලට ලගින් ඇගිලි දෙක තියගෙන කතා කලා කෙල්ල මුහුණ පිටුපස්සට හැරෙව්වා. කම්මුලේ මගේ ඇගිලි දෙක වැදුනා. කෙල්ලගේ කම්මුලේ දැලි තැවරුනා. උන ඇබැද්දියට ප්‍රතිචාර දක්වන්න හිතා ගත්ත කෙල්ල අත්ල පුරා දැලි තවරා ගෙන ගිහින් තිබුන හදිස්සියට මම කියලා හිතගෙන සර්ගේ මූන පුරා දැලි තැවරුවා. මම බේරුනා.

සර්ගේ හොදකමට අපි දෙන්නම බේරුනා. දැන් කාලේ නම් ගෝලයෝ දෙන්නට නතර වෙන්න වෙන්නේ ගෙදර .

මේ හාදකම දාලා බැලිල්ලක් නෙමෙයි. බලලා දැමිල්ලකුත් නෙමෙයි.

එහෙම දාලා බලාපු තැන්වලින් පස්සේ කාලේ අත්දෙක පුළුස්සා ගන්න සිද්ධවුනා. බලලා දමන්න ගිය තැන් වල හිරවුනා.

විචාරකගේ මාතෟකාව උදුරා ගන මම දාලා බැළුවට අවුලක් වෙන එකක් නැහැනේ.
notes of imaginary