පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2009-09-15

Anonymous ට ආරාධනාවක්.


හැම විටම චෝදනාවක් තිබේ. මීදුම අකලට පැසී ඇති බව පලමු comment එක පල කර නැවත දෙවන ඇසිල්ලේ තව වරක් comment එකක් පල කරමින් දුන්නා මදියයි සිතමින් තව වියමනක් කරයි. සිහිපත්වන සැමවිටම තව තවත් ප්‍රහාර එල්ල කරයි ඇයි ඔයතරම් ආවේගශීලි වන්නේ.ඉවසිල්ලෙන් කටයුතු කරමු.’අපි කදු වන්නේ කුමටද උනුන් පරයා නැගෙන -සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන.’

මිදුම පරිසරයත් සමග තම ආකල්ප වල් පල් ලෙස දිග අරියි. Anonymous ට විද්‍යාත්මක සහ න්‍යාත්මක පසුබිමකුත් කලට මේරු බුද්ධි පරාසයකුත් ඇත. යහපත් හමුවු වීමකි. කාලය මිදුමගේ වැඩිහිටි බව දැනුවත් වීමට අවහිරයක්ද නොවේ. ක්ලේමෝ පුපුරන්නා මෙන් ප්‍රහාර එල්ල කර පරලොව යවනවාට වඩා අධ්‍යාපනයක් ලැබීම මීදුම අගේ කරයි.එයත් පුනරුත්ථාපනය වීමකි. යහපත් ආකල්පයෙන් අදහස් හුවමාරුවිම නිම් වලළු පුළුල් කර ගැණිමට හේතුවේ.අනෙක් වියමන් කරන සහෘදයින්ටත් තම තමන්ගේ ආකල්ප අදහස් නිවරදි කර ගැණිමට පරාසයක්ද ඇතිවේ. කොයිතරම් සුන්දරවේද ?.

අංකල් සීයා චමින්ද නොවී මීදුමටත් දැනුමෙන් තරුන වන්නට හැකිවේ. මීදුම ආච්චී සිහිපත් නොකරයි. ඈ හමුවුදා සිට පිහිටුවා ඇති විධායක මොඩලයේ ආණ්ඩුවේ ඈ ප්‍රධානියාය. විධායක ජනාධිපති තනතුරේ ස්වරූපය කවුරුත් හදුනති. ඒ නිසා ආච්චී පැත්තක හිටපුවාවේ.

මිදුම සමග Anonymous වර්තමාන දේශපාලනය පිළිබදව, ජනවාර්ගික ප්‍රශ්නය ලෙස හදුන්වන ගැටුම පිළිබදව පරස්පරයක් ඇතිවී තිබේ. මීදුමට ඇත්තේ වල්පල් විග්‍රහයකි. එය Anonymous දකින්නේ ඊට වඩා පුළුල් අර්ථයකිනි.පරාසයකිනි.පරන වියමන් පැත්තක තබා අපි අළුතින් වියමන් කරමු .අදහස් බෙදා ගනිමු.

මිදුම දරන මතයක් සටහන් කරමු. මේ අදහස් කාලයා ඹළුවට දමා ඇති වල්පල් අතර රැදුනකි.1956 බණ්ඩාරනායක බලයට පත්වීම, 1971,1989 ජනතා විමුක්ති පෙරමුනේ පිබිදීම සමාජය, දේශපාලනය ගමන් ගත් දිසාව වෙනස් කල සංසිද්ධි දෙකක් විය. එමෙන්ම LTTE සංවිධාණයේ සටන් කාමී අරගලයද අපේ ගමන් මග වෙනස් කලාය. අපිට ඒ අනුව වෙනස්වන්නට අනිවාර්යෙන් බලපෑම් ඇති වෙමින් පවතින බව සටහන් කල යුතුමය.මේ අතරට බොර දියේ මාළු බාන ජාවාරම්කාර සංවිධාණද ඇති බවත් සිහි කටයුතුය.

2009-09-14

මාධ්‍යය නිදහස...........Anonymous වෙතටයි.



මිදුම කිසිවිටකත් අපහාසව කිසිවෙක් අමතන්නේ නැත.අදහස් එක් එක් අයට විශේෂිතවු මනසින් යුත් පදනමකින් පලවෙයි. තිස්සනායගම් සිද්ධියේ ලංකා ඉරිදා සංග්‍ර හයේ පත්‍රකලාවේදීන්ගේ සිද්ධියේත් මීදුම තම අදහස විනීතව පලකලාය. අන් අයට මඩ ගසන්නට පෙර තමන්ගේ අතේ මඩ තැවරෙන බව Anonymousලා සිතා ගත යුතුය.

Anonymousට මීදුම පලකල අදහස්වලට ප්‍රති උත්තර සපයන්නේ අධික කේන්තියකිනි. එසේ කරනවාට වඩා තර්කානුකුලව මීදුම ඉදිරිපත් කල කරුණු බිද දමන්නේ නම් මිදුමත් Anonymousගේ පිලිගතයුතු අදහස් පිලිගන්නට මැලි නොවනු ඇත.
උතුරේ ගැටළුව පිලිබදව මිදුම දරන මතය ඒ ආශ්‍රිතව මිදුම ලියු වියමන් වලින් පැහැදිලි කර ගතයුතුය. හුදකලාව එක් සිද්ධියක් පදනම් කර ගෙන සද්දය දැමීමෙන් Anonymousගේ ඉක්මන්විම මිදුම අනුකම්පාවෙන් යුතුව සිහිපත් කරන්නකි.
සන්සුන්වන්න. අන් අයට සවන් දෙන්න.ඔබේ අදහස් පැහැදිලි කරන්න. මබේ මතය ගැලපේ නම් අපත් ඔබේ හඩට එකතුවෙනු ඇත.නැතිව අන් අයගේ මතවාද වෙනස් කර තම මතවාද අන් අයට පැහැදිලි කරදිය නොහැක. මීදුම සීයා කෙනෙක් අංකල් කෙනෙක් චමින්ද කෙනෙක් වුයේ Anonymousලාගේ කාලය පසුකරගෙන ගොස් අත්දැකීම් ලැබීමෙන් පසුව බව සටහන් කර තබනුයේ ඒ කාලයට එන්න අධි වේගයෙන් ගිය හොත් Anonymousට නොහැකිවේයැයි සිතන බැවිනි.

මීදුමටද දේශපාලනයක් තිබේ . එය විටෙක කොළ පාටයයි මීදුම කියවන සහෘදයෝ අර්ථ කතනය කර තිබේ. විටක නිල් පාටද දැයි විමසා තිබේ. තවත් විටක රතු පාටදැයි අසයි.

මීදුම වියමන තුල මේ හැම පාටම නියෝජනය කරයි.ඒත් සැබැ අර්ථයෙන්ම පලමුවත් දෙවනුවත් තෙවෙනුවත් මව් බිම යන තේමාව මීදුම අගේ කරයි. අනුගමනය කරයි. සමහර අවස්ථාවල අන් අය එසේදැයි මීදුම ප්‍රශ්න කරන්නේ කතාව පමනක් නොව ක්‍රියාවත් මීදුම අගේ කරන බැවිනි.