Anonymousට මීදුම පලකල අදහස්වලට ප්‍රති උත්තර සපයන්නේ අධික කේන්තියකිනි. එසේ කරනවාට වඩා තර්කානුකුලව මීදුම ඉදිරිපත් කල කරුණු බිද දමන්නේ නම් මිදුමත් Anonymousගේ පිලිගතයුතු අදහස් පිලිගන්නට මැලි නොවනු ඇත.
උතුරේ ගැටළුව පිලිබදව මිදුම දරන මතය ඒ ආශ්‍රිතව මිදුම ලියු වියමන් වලින් පැහැදිලි කර ගතයුතුය. හුදකලාව එක් සිද්ධියක් පදනම් කර ගෙන සද්දය දැමීමෙන් Anonymousගේ ඉක්මන්විම මිදුම අනුකම්පාවෙන් යුතුව සිහිපත් කරන්නකි.
සන්සුන්වන්න. අන් අයට සවන් දෙන්න.ඔබේ අදහස් පැහැදිලි කරන්න. මබේ මතය ගැලපේ නම් අපත් ඔබේ හඩට එකතුවෙනු ඇත.නැතිව අන් අයගේ මතවාද වෙනස් කර තම මතවාද අන් අයට පැහැදිලි කරදිය නොහැක. මීදුම සීයා කෙනෙක් අංකල් කෙනෙක් චමින්ද කෙනෙක් වුයේ Anonymousලාගේ කාලය පසුකරගෙන ගොස් අත්දැකීම් ලැබීමෙන් පසුව බව සටහන් කර තබනුයේ ඒ කාලයට එන්න අධි වේගයෙන් ගිය හොත් Anonymousට නොහැකිවේයැයි සිතන බැවිනි.
මීදුමටද දේශපාලනයක් තිබේ . එය විටෙක කොළ පාටයයි මීදුම කියවන සහෘදයෝ අර්ථ කතනය කර තිබේ. විටක නිල් පාටද දැයි විමසා තිබේ. තවත් විටක රතු පාටදැයි අසයි.
මීදුම වියමන තුල මේ හැම පාටම නියෝජනය කරයි.ඒත් සැබැ අර්ථයෙන්ම පලමුවත් දෙවනුවත් තෙවෙනුවත් මව් බිම යන තේමාව මීදුම අගේ කරයි. අනුගමනය කරයි. සමහර අවස්ථාවල අන් අය එසේදැයි මීදුම ප්‍රශ්න කරන්නේ කතාව පමනක් නොව ක්‍රියාවත් මීදුම අගේ කරන බැවිනි.












