පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2009-04-20

වර්තමානයේ LTTE ය ඇමරිකාවේ කෙමනක්‍ වෙලාද?




කොටි සංවිධානය යුධමය වශයෙන් අන්ත අසරන තත්වයකට පත්ව තිබේ. ඔවුන් අනියම්ව පාලනය කල ප්‍රදේශවල ජනතාවද පසුගිය වකවානුව තුල ස්වර්ග රාජ්‍යයක් බලාපොරොත්තුව අනන්ත දුක් කන්දරාවක් උසුලා ඇති බව රාජ්‍ය පාලනයට නිරාවරනය වන එම ප්‍රදේශයන් හී දුගී සමාජ ආර්ථිකය විමසන අපට පැහැදිලි වේ. ජත්‍යන්තර සංවිධාන කොටි පාලන ප්‍රදේශවල සිට සමාජ සුබ සාධනය පිනිස කල කෙන්ගෙඩියක් නොමැති බව අසරන මිනිසුන්ගේ ජීවන පරිසරය දෙස බලනවිට නිරාවරනය වේ. ඔවුන්ගේ ආර්ථිකය .දු දරුවන්ගේ අධ්‍යාපනය සුඛිත ජීවන රටාව මේ සියල්ල වර්තමානය වන විට විනාශව ගොසිනි.

යාපනයේ සිත්තන්කර්නි නම් ප්‍රදේශයේ ජීවත්වු මගේ මිත්‍රයෙකු මීට වසර විසිපහකට පමන පෙර මේ සියල්ල ලඝු කොට කී අනාවැකියක් මට සිහිපත් වේ. මම ජවිපෙ මෙන් සංවිධානයක් ලෙස කොටි සංවිධානය එකල විග්‍රහ කලෙමි.මම විශ්වාස කලේ යම් කලක දේශපාලනය තේරුම් ගැනීමෙන් පසු කොටි සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වීම සිදුවන බවයි. ඔහු “අපවත් විනාශ කර රටත් විනාශ කර මේ මිනිස්සුත් විනාශවනවා හැරෙන්නට වෙනත් දෙයක් සිදුවන්නේ නැත ” යන්න මට එදා පැහැදිලි කරන ලද්දකිද. මේ මිත්‍රයා අසනීපවු තම බිරිදට නිසි ප්‍රතිකාර කර ගැනීමට නොහැකිව තම බිරිදත් වයස අවුරුදු දහයක පමන පුත්‍රයාත් අහිමි කර ගත්තේය. උග්‍ර ලෙස කොටි ක්‍රියාකාරකම් සිදුවු අවධියක සිදුවු මෙම මරණ සදහා කොළඹ සිටි ඔහුට සහභාගීවීමට පවා නොහැකිවිය. පසු කලක ඉතිරි දරුදෙදෙනාත් සමග කෙටි කලක් වැල්ලවත්තේ පදිංවිව සිට විදේශ ගතවිය.

කොටි සංවිධානයට යහපත් දේශපාලන අරමුණු නොතිබූ බව අද වන විට පැහැදිලි වන්නකි. ඹවුන්ගේ අනියම් පාලන ප්‍රදේශ කාන්තාර බවට පත් කරගෙන ඇත. මිනිසුන් දුගියන් බවට පත් කර ඇත. අවුරුදු තිහක් තිස්සේ තම දේශපාලන අරමුන සාර්ථක කර ගැණීමට මිනී මැරීම හැර වෙනත් ව්‍යාපෟතියක් කොටි සංවිධානය කර නැත. තම අනියම් පාලන ප්‍රදේශයේ ජනතාව උදෙසා ත්‍රස්ත්‍රවාදී ක්‍රීයාකාරකම් පිණිස විනාශ කර ඇති ධනස්කන්දය යොදවා සංවර්ධනය කලා නම් කොටි සංවිධානය මේ එන විට උතුරේ නියම පාලකයන් බවට පත් වනවා නො අනුමානය.

තනියෙන් කන්න යාමේ න්‍යාය කොටි සංවිධානය පිට පටවා රජිව් ගාන්ධිගේ යුගයේ අපේ රට ඇමරිකාව දෙසට ඇදී යාම මෙල්ල කරගත් අතර , ඇමරිකාව විසින් අප ඉන්දියාව දෙසට ඇදී යාම නෝර්වේ බලල් අතක් කර ගනිමින් ඉටුකරගත්තාවත්ද ?. ජත්‍යන්තර බලපෑම් කොතෙකුත් ආවත් පසුගිය වකවානුව තුල කරුණු පැහැදිලි කර දී හෝ නෑසුනා වගේ සිට හෝ මේ තත්වසන් සමනයකට පත් කර කොටි සංවිධානය මෙල්ල කර ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකිවිය.

ඉන්දියාව අස්ථාවර කර ගැණිමේ පහසුවක් ඇමරිකාව දකින බවක් තමිල් නාඩු සාධකය හා ආදේශවන කොටි සංවිධානය පෙන්නවන බැවින් තවදුරටත් කොටි සංවිධානය ආරක්‍ෂා කර ගැණිමේ පිලිවෙතක් ඇමරිකාවට ඇතිවිය හැක. අසරනවූ මිනිසුන් තිස් හතලිස් දහසක් ප්‍රාන ඇපකරුවන් පිරිසක් ලෙස රදවා ගෙන සිටින අමානුෂික කොටි සංවිධානයට ආයුධ බිම තබා යටත් වෙන්න නොකියන ජත්‍යන්තර බලපෑම් ප්‍රජාතන්ත්‍රවාදී රජයකට සටන් විරාම යෝජනා කරන්නේ ඇමරිකාව වැනි රටවල වෙනත් අරමුණු ඇති බැවින් බව නම් පැහැදිලිය. ඔවුන් තම බල තුලනය පවත්වාගෙන යාම සදහා වත්මන් කොටි නායකත්වය විනාශවුවත් වෙනත් ආදේශකයක් ඒ සදහා අනාගතයේදී නිර්මාණය කරනු ඇත.

2009-03-05

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය.


අතීතයේ අප අතරේ භාවිතාවූ කොමිනියුස්ට් වාදය එකල පැවති ආණ්ඩුවලට අද ත්‍රස්තවාදය තරම් බියගෙන දෙන පදයක්. කොමිනියුස්ට්වාදීන් සහ සමසමාජ වාදීන් පිලිබදව ජනතාව තුළ ඇති කර තිබුනේ බියකරු ආකල්පයක්. ශ්‍රී ලංකාවේදී නාගරික කම්කරු පංතිය, ගම්බදට වෙන විට අඩු ආදායම්ලාභීන් සහ යම් යම් කුළ අතරත් , විප්ලවීය හැගීම් ඇති තරුණ වයසත් කොමිනියුස්ට් සහ සමසමාජ දේශපාලන පක්ෂළ වලට කිසියම් ස්ථාවරයක් තිබුනා. 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආගමනයත් සමගම ගම්බදව පැවති කොමිනියුස්ට් සහ සමසමාජවාදී දේසපාලන නැඹුරුව ටිකින් ටික දියවී ගියා.1948-1970 දක්වා පැවති දක්ෂිණාංශික සහ අර්ධ දක්ෂිණාංශික ආණ්ඩු තුල තිබු හිතුවක්කාරි පිලිවෙත නිසා ජනතා විමුක්ති පෙරමුණ අනෙක් වාමාංශික දේශපාලන පෙරමුණු බෝර්ඩ් ලෑලි වලට සීමා කරමින් පෙරමුණ ගත්තා.

1970 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ගම්බදව පැවති දක්ෂිණාංශික සහ අර්ධ දක්ෂිණාංශික දේශපාලන ඒකාධිකාරී නායකත්වයෙන් පීඩිත කොටස් එක්රැස් කරගෙන නිෂ්පාදනය කළ “වේ ගුවේරා “ ව්‍යාපාරය අප හදුනාගත් පළමු ත්‍රස්තවාදී ව්‍යාපාරයයි.නමුත් 1956 එජාප පළමු දෙකඩ වීමේ පටන් රාජ්‍ය ත්‍රස්තවාදය මෙරට පැවතුනා.ගම්බද මෙන්ම නාගරිකවද එකල මැතිවරණ වලදී එජාපය ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන් ගේ මැතිවරණ සහභාගිත්වය වැලක්වුවේ පොළු මුගුරු, අත් බෝම්බ, කඩු කිණිසි, වැනි ප්‍රාථමික යුද උපකරණ භාවිතයෙන්.සුප්‍රසිද්ධ වයඔ මැතිවරණයත් ත්‍රස්තවාදයක්.

ත්‍රස්තවාදය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක්.අපේ ඡන්දෙන් පත්වෙච්ච ආණ්ඩු වලට විජේවීර, ප්‍රභාකරන් ත්‍රස්තවාදියෝ. විජේවීරගේ, ප්‍රභාකරන්ගේ අනුගාමිකයන්ට ආණ්ඩු අනුගමනය කරන්නේ ත්‍රස්තවාදි පිලිවෙතක්.

1971 විජේවීරගේ කැරැල්ලත් 1989 අවදිවීමත් නිසා ආණ්ඩු යම් මෙල්ලවිමක් වුනා කියලා අපිට පිලිගන්න වෙනවා .
විජේවීරත් , ප්‍රභාකරනුත් ඉල්ලන්නේ දෙන්න බැරි දේවල් . ත්‍රස්තවාදයේ ස්වභාවය එහෙම තමයි. ගෙදරක වුනත් අම්මටයි තාත්තටයි දෙන්න බැරි දෙයක් ලබා ගන්න ඉල්ලීමක් කරනවා පුචි දැනුම් තේරුම් නැති දරුවෝ . කාර් එකක් ඉල්ලා කරන උද්ඝෝසනයක් සෙල්ලම් කාර් එකකින් තෘප්තිමත් නොවනවිට පොඩි එකාට වෙන්නේ ප්‍රහාරයකින් පස්සේ නිහඩ වෙන්න.මේ දෙන්නගෙන් විජේවීරට වුනේත් ඒක. ප්‍රභාකරන්ට වෙන්නෙත් ඒක.

උතුරේ සහෝදර ජනතාවට සෙල්ලම් කාර් එකක් වත් අනිවාර්යෙන්ම ලැබේන් ඕනී.1971, ආයෙත් 1989 දකුනේ වගේ 2009 ත්‍රස්තවාදය පරාජය සනිටුහන් කරනවිට , ත්‍රරස්තවාදය නිද්‍රාවට පත්කිරීම වෙනුවට සදාකාලික මරණයට පත් කිරීමට කවුරුත් එකතු වෙලා වැඩ පටන් ගන්න ඕනී කාලය ඇවිල්ලා තියෙන්නේ.
ඡන්ද අමතක කරලා තනතුරු අමතක කරලා වැඩට බහින්න ඕනි කාලයයි මේ.