සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංගයන් ඊයේ ( ජනවාරි 08 ) ඝාතනය විය. ආණ්ඩුවට සිදුවූයේ සිරසට එල්ලවු ප්‍රහාරයේ දී විදින්නට වු කටුක අත්දැකීමට යලිත් මුහුණ දෙන්නටය.
සිදුව ඇත්තේ ගමේ යම් මැර කටයුත්ත සිදුවු විගසම අපි වගකීමකින් තොරව පුර්ව නිගමනයකට පැමින “ ඕක කලේ හරමානිස්- ඌ චන්ඩියානේ” යැයි ගමේ චන්ඩියාගේ ගිනුමට බැර කරන මැර කටයුත්ත ‘බී’ වාර්තාවක් මත හරමානිස් අධිකරනයට ඉදිරිපත්කර මාස ගානක් රක්ෂිත බන්ධනාගාරයේද තැප ගෙදර එනවිට වැඩේ කලේ ජුවානිස් බව හදුනාගන පශ්චාත්තාප වන පරිද්දෙන් වගකීමකින් තොරව සියළු නොකටයුතු ක්‍ෂණිකව ආණ්ඩුවට බැර කර ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමය .
හරමානිස්ට සිදුවන්නේ නොකල වරදකට හිරේ තැපීමටය. ආණ්ඩුවට වන්නේ නොකල වරදකට ජාත්‍යන්තරය හමුවේ බාල්දු වන්නටය.තත්වය භයානකවන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුවවයි -ජාතිය යි හදුන්වන්නේ දෙකක් නොව එකක් නිසා ආණ්ඩුවයි ජාතියයි මේ දුක ඉවසා ගත යුතුවීමය. ජාත්‍යන්තරය තුල බාල්දු කර නසන්නට හදන්නේ ආණ්ඩුවයි රටයි දෙකම බව මේ හාදයෝ කවදා තේරුම් ගනීද ?.
‘ධාර්මිෂ්ඨ සමාජයක්’ තුල පිලිසිද ‘නැති බැරි අය ඇති හැකි අය කල’ සමාජයේ උත්පත්තිය ලද භීෂණය හා ඝාතනය වරින් වර විවිධාකාරයෙන් තවමත් හොල්මන් කරන බව අපට දක්නට ලැබෙන්නකි. මේ ක්‍රියාවිධි වඩාත්ම ලාබදායි ලෙස පාවිච්චි කරනු ලබන්නේ කුමන පාර්ශවයන් විසින්ද යන්න නිශ්චිත කිරීම එක් අතකින් වැදගත් කටයුත්තකි. වත්මන් ආණ්ඩුව වුවද ක්‍රම ශිල්ප ක්‍රියාත්මක කරනු ඇතිවුවත් මේ අවස්ථාවේ ජාත්‍යන්තරය හමුවේ අශූචි බාල්දියක් ඔළුවේ වක්කර ගන්න තරම් පිස්සුවක් ආණ්ඩුවට ඇතිවිය නොහැක.
ලසන්ත වික්‍රමතුංගයන්ගේ මාධ්‍යයේ භාවිතය ආකර්‍මනශීලී පිලිවෙතකවු බැවින් විවිධ විරුද්ධවාදීන් ඇතිවී සිටියා විය හැක. ඔහුට වෙනත් විරුද්ධවාදීන්ද සිටියා විය යුතුය. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දාගන්නට අවස්ථාවක් නිර්මානය කර ගත්තාවත්ද ?.
ආණ්ඩුව., ජාතිය මේ මර උගුලෙන් ගැලවන්න අපරාධකරුවන් නොපමාව නීතියේ රැහැනට අසු කර ගත යුතුය.





.webp)






