"මීදුම" නස්රුදීන්ගේ කතා ලියලා තියෙනවා. මේ දවස් වල වැඩි වැඩියෙන් බූරුවෝ ගැන කතා වෙනවා.ස්ට්‍රෙස් එක රතු කට්ට පැනපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් තම බූරුවා හොයන රූපවාහිණි දර්ශණ පහුගිය දවස් වල ප්‍රවෘත්ති අතර ජනප්‍රිය මාතෘකාවක් වුනා.
කලබල වුනහම ඔහොම තමයි.
නස්රුදීන් ගේ කතාවල හැම එකකම වගේ බූරුවා හමුවෙනවා. උන්නැහේගේ කාලෙ ජනප්‍රිය වාහනය වුනේ බූරුවා. දැන් කාලේ රථවාහන පදවන්නේ බුරුවෝ.
නස්රුදීන් ගුරුවරයෙකු ලෙස හදුන්වනවා. නිතර නිතර රාජ්‍ය පාලකයින් සමග සහසම්බන්ධතා තිබුන කෙනෙක් හැටියටත් කතාන්දර වලදී මුණ ගැහෙනවා.
නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා.
එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව.
ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා.
කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා.මෙහෙම කිව්වේ නස්රුදීන් තේ කතා සිංහල අප අතරට ගෙනා පර්සි ජයමාන්න මහත්තයා
නස්රුදීන් තමන්ගේ කර ගන්නා බොහෝ රටවල් ලෝකයේ තියෙනවා. රුසියාවෙ සලකන්නේ ජනතා වීරයෙක් ලෙසට. චීනයේදී ඔහු “ නස්රුදීන් අවන්ති “ වෙනවා. “නස්රුදීන් ගෝභා” ලෙසයි යුගොස්ලාවියාවෙදි හමුවෙන්නේ.
ග්‍රීසිය, ප‍්‍රංශය ආදී රටවල ජනකතා අතරත් ශ්‍රී ලංකාවේ අන්දරේගේ කතා අතරත් නස්රුදින්ගේ කතා තියෙනවා.නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන රටවල් ලොව පුරා තිබුණත් ඔහු වෙනුවෙන් සොහොනක් ප‍්‍රදර්ශනය කරන එක එකම රට තුර්කියයි. ඒ රටේ නස්රුදින් උපන්නා යැයි කියන එස්කිෂෙයර්වල වාර්ෂික උත්සවයකුත් පැවැත් වෙනවා. නස්රුදින්ගේ ප‍්‍රතිමාවක් ඉදි කරපු උයනකුත් තියෙනවා
නස්රුදීන් සංචාරකයෙක්. සංචාරය කරන ගමන් පුංචි පුංචි ව්‍යාපාරත් කරලා තියෙනවා.
කලක් ග්‍රීසියට බූරුවන් අපනයනය කිරීම තහනම් වෙලා තිබුනා.
නස්රුදීන්ගේ වාහනය වුනේ බූරුවෙක්. බුරුවෙක් පදවපු වාහනයක් නෙමෙයි. ඉතින් පර්සියාවේ සිට ග්‍රීසියට යන නස්රුදීන් දේශසීමාවෙදි රැකවලුන්ගේ පරීක්ෂාවට ලක්වෙනවා.අපේ රටේදී රේගුව කරන පරීක්ෂා දන්නවනේ. සමහරවිට පරීක්ෂණවලට ලක් නොවීත් කන්ටේනර් දෙතුන්සීය ඉගිලෙන වෙලා වලුත් තියෙන්නේ.
ඒවා කෘතිම බුද්ධියට යටත් වුනත් ග්‍රීසියේ ඒ තක්ෂණය තිබුනේ නැහැ.
ඉතින් ……..
නස්රුදීන් නිතර නිතර දේශසීමාව හරහා එහා මෙහා යනවා. දේශසීමා රැකවලුන් ඔහු ගෙන යන බඩු බාහිරාදිය හොදින් පරීක්ෂා කරනවා.ඔහුවත් පරීක්ෂා කරනවා. හැමදාමත් බූරුවගේ පිටේ ලොකු ගෝණියක දාලා බැදලා පටවලා තියෙන්නේ පිදුරු .
එකවතාවකවත් සැක කටයුතු කිසිවක් නස්රුදීන්ගේ බඩුබාහිරාදිය අතර තිබුනේ නැහැ.
ආරක්ෂකයින් නස්රුදීන්ගේ ප්‍රශ්න කරනවා.
“ තමුන් හැමදාමත් ග්‍රීසියට මේ ගෙන යන්නේ මොනවද ?.
නස්රුදීන් උත්තර බදිනවා.
“ මොනවද ? . හොරබඩු මිසක් !”
මේ විහිලුව දිගටම කෙරෙනවා. නස්රුදීන් පිදුරු පටවාගත්ත බූරුවෙක් එක්ක නිතර නිතර දේශසීමාව පහු කරගෙන නිරුප්‍රදිතව ග්‍රීසියට යනවා එනවා.
හැබැයි එන්නේ පයින්.
කාලය මෙහෙම ගෙවීගියා. පර්සියාවත් ග්‍රීසියත් අතර තිබුන වෙළද සම්බන්ධතාවය අහවර වෙලා නස්රුදීන් ඊජිප්තුවට ගියා.
විවේකයක් ගන්න. ඊජිප්තුවේ සංචාරය කරමින් ඉන්න අතර තුර එක් දිනක් ඔහුට පර්සියාණු දේශසීමාවේ රැකවල් කර සිටි නිළදාරියෙක් හමුවුනා.
ඔහු මේ වනවිට විශ්‍රාමිකයෙක්.
දෙදෙනා දැන හදුනාගෙන සතුටු සාමිචියේ යෙදිලා ඉන්න අතර විශ්‍රාමික නිළදාරියා අහනවා.
“ඔයා ඒ දවස්වල දේශසීමාව පහුකරන කොට මොනවා හරි හොර බඩු ගෙන යන බව අප සැක කලා. ඒත් අල්ල ගන්න නවදාවත් බැරිවුනා
දැන් මෙහෙ ධනවතෙක් වගේ සංචාරය කරනවා.
ඒ නීති මෙහෙ බලපාන්නෙත් නෑ.
හැබෑට මෙනවද පර්සියාවේ ඉදන් ග්‍රිසියට අරන ගිය හොරබඩු ?.
කියන්නකෝ දැන්වත් .
ස්ට්‍රෙස් එක නැතිවම නස්රුදීන් උත්තර බැන්දා.
“බුරුවෝ “.















ගොඩක් දරුවන් මෙන්ම වඩාත් වැඩිහිටි පුද්ගලයින් ඉක්මනින්ම මේකට ගොදුරු වෙන්න පුලුවන් එම නිසා එලි මහලේ වැඩ කරන වැඩි හිටි පුද්ගලයන් වෙහෙස කාරී රාජකාරී වලින් ඈත් වී ඉන්න පුලුවන් නම් ගොඩක් හොදයි ..ඒ වගේම එලි මහනේ උස් ඉස්තාන වල රාජකාරි නොකනවානම් ඒවගෙනුත් ඉවත් වී හෝ වඩා ආරක්ෂිතව කඩින් කඩ වැඩ වල යෙදනවානම් වඩාත් හොදයි..ඒ වගේම තමයි පාසල් වල ඇති ක්‍රීඩා උත්සව පුහුණු වීම් ආදිය ක්‍රමානුකූලව කිරීමටත් වගබලා ගන්නවානම් ගොඩක් හොදයි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.....අපි බලමු මේක හැදීගෙන එනකොට මූලික අවස්තාවේ ( Heat Exhaustion) ඇතිවන රෝග ලක්ෂණ මොනාද කියල..කෙටියෙන් පැහැදිලි කරන්නම් ...
අදික පිපාසය
ශරීරයේ කිසිම දහඩිය ගතියක් නොමැත
සෙල්සියස් නම් 40 C උෂ්නත්වයක් උණ කට්ටේ පෙන්වයි..
එම නිසා ඉදිරි දින වල පුලුවන් තරම් සැහැල්ලු ඇදුම් වලින් සැරසීමෙන් සහ පුලුවන් තරම් එළි මහලේ වැඩ කරන අය තද පාට ඇදුම් නැතිව ලා පාටට හුරු ඇදුම් වලින් සැරසී ඉන්න ...ඒ වගේම හොදින් වතුරබොන්න නිතරම තැඹිලි වතුර වගේ දේවල් බාර්ලි වගේ දේවල් පානය කරන්න ....මෙම තත්ත්වය කෙසේත්ම සුලුවට තකන්නම එපා කියන්න ඕනම නිසයි මේ ටික ලියල ඔයාල දැනුවත් කරන්න ඕන කියල හිතුනෙ ...






