ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග හුදෙක්ම ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා විදින්නේය. මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2025-02-24

බුරුවෝ . - නස්රුදීන්ගේ කතා.







"මීදුම" නස්රුදීන්ගේ කතා ලියලා තියෙනවා. මේ දවස් වල වැඩි වැඩියෙන් බූරුවෝ ගැන කතා වෙනවා.ස්ට්‍රෙස් එක රතු කට්ට පැනපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් තම බූරුවා හොයන රූපවාහිණි දර්ශණ පහුගිය දවස් වල ප්‍රවෘත්ති අතර ජනප්‍රිය  මාතෘකාවක් වුනා. 

කලබල වුනහම ඔහොම තමයි. 

නස්රුදීන් ගේ කතාවල හැම එකකම වගේ බූරුවා හමුවෙනවා. උන්නැහේගේ කාලෙ ජනප්‍රිය වාහනය වුනේ බූරුවා. දැන් කාලේ රථවාහන පදවන්නේ බුරුවෝ.

නස්රුදීන් ගුරුවරයෙකු ලෙස හදුන්වනවා. නිතර නිතර රාජ්‍ය පාලකයින් සමග සහසම්බන්ධතා තිබුන කෙනෙක් හැටියටත් කතාන්දර වලදී මුණ ගැහෙනවා.

නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. 

එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. 

ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. 

 කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා.මෙහෙම කිව්වේ නස්රුදීන් තේ කතා සිංහල අප අතරට ගෙනා පර්සි ජයමාන්න මහත්තයා

නස්රුදීන් තමන්ගේ කර ගන්නා බොහෝ රටවල් ලෝකයේ තියෙනවා. රුසියාවෙ සලකන්නේ ජනතා වීරයෙක් ලෙසට. චීනයේදී ඔහු “ නස්රුදීන් අවන්ති “ වෙනවා. “නස්රුදීන් ගෝභා” ලෙසයි යුගොස්ලාවියාවෙදි හමුවෙන්නේ.

ග්‍රීසිය, ප‍්‍රංශය ආදී රටවල  ජනකතා අතරත් ශ්‍රී  ලංකාවේ අන්දරේගේ කතා අතරත් නස්රුදින්ගේ කතා තියෙනවා.නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන රටවල් ලොව පුරා තිබුණත් ඔහු වෙනුවෙන් සොහොනක් ප‍්‍රදර්ශනය කරන එක එකම රට තුර්කියයි. ඒ රටේ නස්රුදින් උපන්නා යැයි කියන එස්කිෂෙයර්වල වාර්ෂික උත්සවයකුත් පැවැත් වෙනවා. නස්රුදින්ගේ ප‍්‍රතිමාවක් ඉදි කරපු උයනකුත් තියෙනවා

නස්රුදීන් සංචාරකයෙක්. සංචාරය කරන ගමන් පුංචි පුංචි ව්‍යාපාරත් කරලා තියෙනවා.

කලක් ග්‍රීසියට බූරුවන් අපනයනය කිරීම තහනම් වෙලා තිබුනා.

නස්රුදීන්ගේ වාහනය වුනේ බූරුවෙක්. බුරුවෙක් පදවපු වාහනයක් නෙමෙයි. ඉතින් පර්සියාවේ සිට ග්‍රීසියට යන නස්රුදීන් දේශසීමාවෙදි රැකවලුන්ගේ පරීක්ෂාවට ලක්වෙනවා.අපේ රටේදී රේගුව කරන පරීක්ෂා දන්නවනේ. සමහරවිට පරීක්ෂණවලට ලක් නොවීත් කන්ටේනර් දෙතුන්සීය ඉගිලෙන වෙලා වලුත් තියෙන්නේ.

ඒවා කෘතිම බුද්ධියට යටත් වුනත් ග්‍රීසියේ ඒ තක්ෂණය තිබුනේ නැහැ.

ඉතින් ……..

නස්රුදීන් නිතර නිතර දේශසීමාව හරහා එහා මෙහා යනවා. දේශසීමා රැකවලුන් ඔහු  ගෙන යන  බඩු බාහිරාදිය හොදින් පරීක්ෂා කරනවා.ඔහුවත් පරීක්ෂා කරනවා.  හැමදාමත් බූරුවගේ පිටේ ලොකු ගෝණියක දාලා බැදලා පටවලා තියෙන්නේ පිදුරු .

එකවතාවකවත් සැක කටයුතු කිසිවක් නස්රුදීන්ගේ බඩුබාහිරාදිය අතර තිබුනේ නැහැ.

ආරක්ෂකයින් නස්රුදීන්ගේ ප්‍රශ්න කරනවා.

“ තමුන් හැමදාමත් ග්‍රීසියට  මේ ගෙන යන්නේ මොනවද ?.

නස්රුදීන් උත්තර බදිනවා.

“ මොනවද ? . හොරබඩු මිසක් !”

මේ විහිලුව දිගටම කෙරෙනවා. නස්රුදීන් පිදුරු පටවාගත්ත බූරුවෙක් එක්ක නිතර නිතර දේශසීමාව පහු කරගෙන නිරුප්‍රදිතව ග්‍රීසියට යනවා එනවා.

හැබැයි එන්නේ පයින්.

කාලය මෙහෙම ගෙවීගියා. පර්සියාවත් ග්‍රීසියත් අතර තිබුන වෙළද සම්බන්ධතාවය අහවර වෙලා නස්රුදීන් ඊජිප්තුවට ගියා.

විවේකයක් ගන්න. ඊජිප්තුවේ සංචාරය කරමින් ඉන්න අතර තුර එක් දිනක් ඔහුට පර්සියාණු දේශසීමාවේ රැකවල් කර සිටි නිළදාරියෙක් හමුවුනා. 

ඔහු මේ වනවිට විශ්‍රාමිකයෙක්.

දෙදෙනා දැන හදුනාගෙන සතුටු සාමිචියේ යෙදිලා ඉන්න අතර විශ්‍රාමික නිළදාරියා අහනවා.

“ඔයා ඒ දවස්වල දේශසීමාව පහුකරන කොට මොනවා හරි හොර බඩු ගෙන යන බව අප සැක කලා. ඒත් අල්ල ගන්න නවදාවත් බැරිවුනා 

දැන් මෙහෙ ධනවතෙක් වගේ සංචාරය කරනවා.

ඒ නීති මෙහෙ බලපාන්නෙත් නෑ.

හැබෑට මෙනවද පර්සියාවේ ඉදන් ග්‍රිසියට අරන ගිය හොරබඩු ?.

කියන්නකෝ දැන්වත් .

ස්ට්‍රෙස් එක නැතිවම නස්රුදීන් උත්තර බැන්දා. 

“බුරුවෝ “.

A day in the life

2025-02-23

ඉන්දියාවේ ජාතික වීරයෝ.


 


94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය.
පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලාස්ටික් බාල්දියක් සහ මග් එකක් හැර වෙනත් කිසිඳු දෙයක් මහලු මිනිසා සතුව නොතිබූ තරම්ය.
මහල්ලා අයිතිකරුගෙන් ඉල්ලා සිටියේ කුලිය ගෙවීමට යම් කාලයක් ලබා දෙන ලෙසයි. අසල්වැසියන් ද මහලු මිනිසාට අනුකම්පා කළ අතර, කුලිය ගෙවීමට ඔහුට යම් කාලයක් ලබා දෙන ලෙස ඔවුන් ඉඩම් හිමියාට ඒත්තු ගැන්වූහ. ඉඩම් හිමියා ඔහුට කුලිය ගෙවීමට අකමැත්තෙන් වුවද යම් කාලයක් ලබා දුන්නේය.
මහල්ලා ඔහුගේ බඩු බාහිරාදිය ඇතුළට ගත්තේය.
ඒ අසලින් ගිය මාධ්‍යවේදියෙක් නැවතී මුළු දර්ශනයම දුටුවේය. මේ කාරණය තම පුවත්පතේ පළ කිරීම ප්‍රයෝජනවත් යැයි ඔහු සිතුවේය.
"කුරිරු ඉඩම් හිමියා මුදලට කුලී නිවසින් මහල්ලා පන්නා දමයි" යන සිරස්තලය යටතේ පුවත පල විය.
ඉන්පසුව ඔහු කුලී නිවැසියාගේ පින්තූර කිහිපයක් ගත් අතර කුලියට ගත් නිවසේ පින්තූර කිහිපයක්ද ඒ සමඟ විය.
මාධ්‍යවේදියා ගොස් තම මුද්‍රණාල හිමියාට සිද්ධිය කීවේය. ඡායාරූප දුටු මුද්‍රණාලයේ හිමිකරු අතිශ්‍ය කම්පා විය. ඔහු මාධ්‍යවේදියාගෙන් ඇසුවේ, "ඔබ වයසක මිනිසා හඳුනනවාද?" මාධ්‍යවේදියා ඒ වයසක මිනිසා කවුදැයි දැන සිටියේ නැත.
පහුවදා පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස එය පල විය
මාතෘකාව වූයේ,
"ඉන්දියාවේ හිටපු අගමැති ගුල්සාරිලාල් නන්ද දුක්ඛිත ජීවිතයක් ගත කරයි" යන්නයි.
හිටපු අගමැතිට කුලිය ගෙවා ගැනීමට නොහැකිව ඔහු නිවසින් එළියට දැමූ හැටි, එම පුවතේ වැඩිදුරටත් ලියා තිබුණි.
වර්තමානයේ නවක දේශපාලනඥයන් ද විශාල මුදලක් උපයන රටම දැන සිටියේ ය.
එහෙත් දෙවතාවක් ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක්, දීර්ඝ කාලයක් මධ්‍යම ඇමතිවරයෙක් විදියට කටයුතු කළ අයෙකුට තමන්ගේම කියා නිවසවත් නැත!.
පණ්ඩිත් නේරූගේ මරණයෙන් පසුවත් ලාල් බහදුර් ශාස්ත්‍රිගේ මරණයෙන් පසුවත් අගමැති වූ එතුමා ආර්ථික විද්‍යාඥයෙක් හා කම්කරු සබඳතා පිළිබඳ විශේෂඥයෙක් විය.
ඉන්දු චීන යුද්ධයටත්, පාකිස්තාන ඉන්දියා යුද්ධයත් යන යුද්ධ දෙකම මෙහෙය වූ ඉන්දියානු අගමැතිවරයා ද වූයේ ගුල්සාරිලාල් නන්ද මහතා ය.
ඇත්තෙන්ම ගුල්සරිලාල් නන්දට රු. 500/- මාසික දීමනාවක් ලබා ගත හැකි විය. ඒ නිදහස් සටන්කාමියෙකු ලෙස ය. නමුත් ඔහු 'නිදහස් සටන්කාමීන් රට වෙනුවෙන් මිස දීමනාවක් වෙනුවෙන් සටන් නොකළ බව' පවසමින් මෙම මුදල් ප්‍රතික්ෂේප කර තිබුණා.
පසුව ඔහුට වෙනත් ආදායමක් නොමැති බව පෙන්වා මිතුරන් ඔහුට එය භාර ගන්නා ලෙස බල කර තිබුණි. මේ මුදලින් නිවසේ කුලිය ගෙවමින් යඔහු ජීවත් වූයේ.
පසුදා වත්මන් අගමැතිතුමා මැති ඇමැතිවරු නිලධාරීන් වාහන තොගයක් සමඟ ඔවුන්ගේ නිවෙසට යවන ලදි.
ප්‍රභූ වාහන සමූහය දැකීමෙන් ඉඩම් හිමියා තුෂ්නිම්භූත විය. ඔහුගේ කුලී නිවැසියා වන ගුල්සරිලාල් නන්ද මහතා ඉන්දියාවේ හිටපු අගමැති බව ඔහුට දැන ගන්නට ලැබුණේ එවිටය.
තමාගේ නොමනා හැසිරීම පිළිබඳව ඉඩම් හිමියා වහාම ගුල්සාරිලාල් නන්දගේ පාමුල වැටී සමාව අයැද සිටියේ ය.
රජයේ නවාතැන් සහ අනෙකුත් පහසුකම් පිළිගන්නා ලෙස නිලධාරීන් සහ ප්‍රභූවරුන් ගුල්සාරිලාල් නන්දගෙන් ඉල්ලා සිටියහ.
ගුල්සරිලාල් නන්ද මහතා මේ මහලු වයසේ මෙවැනි පහසුකම්වලින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි කියමින් ඔවුන්ගේ යෝජනාව පිළිගත්තේද නැත.
අවසන් හුස්ම හෙළන තුරුම ඔහු සාමාන්‍ය පුරවැසියෙකු මෙන් සැබෑ ගාන්ධිවාදියෙකු ලෙස ජීවත් විය. 1997 දී රජය ඔහුට භාරත රත්න සම්මානයෙන් ගෞරව කළේය.
ඔහුගේ ජීවිතය, ලංකාවේ "හිටපු" දේශපාලකයන් සමඟ සසැදීමෙන් ලංකාවේ 76 වසරක සාපය කවරේදැයි නිසැකවම හිතාගත හැකිය.

උපුටා ගැනීම,
Channa jayawickrama.
A day in the life

2025-02-22

මුණුපොතේ ආක්‍රමණ ....




තමන්ගෙ පොටෝ එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්යෙන්ම කියවන්න.

අද නොයෙකුත් හේතූන් මත කාගෙහරි පොටෝ එකක් තමන්ගෙ වගේ දාලා ගිණුම් හදාගන්නවා. හුඟක්ම තරහවක් පිරිමහගන්න තමයි මේ වැඩේ කරන්නෙ.
ඒකත් වැඩිපුරම කෙල්ලන්ගෙ පොටෝ තමයි උස්සලා දාගන්නෙ.. එහෙම දෙයක් වුනොත් හුඟාක්ම අය කරන්නෙ කලබල වෙන එක සහ බයවෙන එක විතරයි.. කොච්චර බයවෙනවද කිව්වොත් තමන් fb ප්‍රොෆයිල් එකේ දාගෙන තියෙන හැම රියල් පොටෝ එකක්ම ඩිලීට් කරනවා.. තමන්ගෙ බය නිසා එතන කරන්නෙ සම්පූර්ණම මෝඩ වැඩක්..
තමන්ගෙ පොටෝ එකක් අවසරයකින් තොරව කාගෙහරි ප්‍රොෆයිල් එකක ප්‍රොෆයිල් පික්චර්, කවර් පොටෝ, වෝල් එකේ හෝ කමෙන්ට් එකකට යන ඕනෑම විදිහට දාලා තිබුණහොත් අපිට ඒ එකවුන්ට් එක එක රිපෝට් එකකින් පැය 24ක් ඇතුලත ඩිසේබල් කරලා දාන්න පුලුවන් බව ඔබ දන්නවාද..?
මෙහෙමයි තමන්ගෙ නම චායාරූප විස්තර යොදාගෙන කවුරුහරි ෆේක් එකවුන්ට් හැදුවොත් මුලින්ම කලබල නොවී ඉන්න, බය වුනොත් මුකුත්ම කරගන්න බෑ.. තමන්ගෙ පොටෝ කිසිසේත්ම ඩිලීට් කරන්න එපා මොකද ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක සාර්ථක ඉක්මණින් සාර්ථක වෙන්න පොටෝ එකක් තිබිය යුතුයි.. එහෙනම් මං ප්‍රිටෙන්ඩින්ග් රිපෝට් එකක් ගහන විදිහ කියලා දෙන්නම්...
මුලින්ම fb එකට ලොග් වෙන්න.
(UC බ්‍රවුසරයකින් ලොග් වුනොත් වඩාත්ම සාර්ථකයි.) අදාල ෆේක් එකවුන්ට් එක සර්ච් කරන්න.. ඒ එකවුන්ට් එක විව් වුනාට පස්සෙ දකුණු පසින් ඩොට් 3ක් පෙන්නනවා ඒ ඩොට් 3 ක්ලික් කරන්න..
ඊටපස්සෙ එතන එන ඔප්ෂන් වලින් Give a feedback or report ඔප්ෂන් එක කිලික් කරන්න..
ඊටපස්සෙත් අපිට ඔප්ෂන් ටිකක් දෙනවා එතනින් pretending to be කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ අපෙන් අහනවා කාටද මෙයාගෙන් හිරිහැරයක් වුනේ කියලා එතන
ඔප්ෂන් 3ක් දෙනවා, Me , A friend and Celebrity කියලා එතනින් Me කියන ඔප්ෂන් එක දෙන්න ඊටපස්සෙ submit to report කියන එක ක්ලික් කරලා ඊටපස්සෙ එන ඔප්ෂන් එකේ තියෙන පුංචි කොටුවට ටික් එකක් දාලා Done කරන්න.
ඔන්න දැන් ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක වැදිල ඉවරයි එතනින් නවතින්න එපා.
ආයෙ පස්සට ගිහින් රිපෝට් ඔප්ෂන් එකට ගිහිල්ලා This is a fake එකවුන්ට් කියන ඔප්ෂන් එකෙනුත් රිපෝට් එක සබ්මිට් කරන්න.. ඊට පස්සෙ ඒ එක්වුන්ට් එකේ තමන්ගෙ පොටෝ දාලා තියෙනව නම් ඒ පොටෝ එකෙ දකුණු පැත්තෙ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Give a feedback or report කියන ඔප්ෂන් එක ක්ලික් කරලා එන ඔප්ෂන් වලින් Harassment කියයන ඔප්ෂන් එක ක්ලික් කරන්න..
ඊටපස්සෙ සබ්මිට් කරාම ඔප්ෂන් 5ක් දෙනවා එතනින් this shouldn't be on Facebook කියන ඔප්ෂන් එක ක්ලික් කරාම තවත් ඔප්ෂන් 5ක් දෙනවා එතනින් 4වෙනි එක ක්ලික් කරන්න ඊටපස්සෙ Me , A friend and celebrity කියලා ඔප්ෂන් 3ක් දෙනවා එතනින් Me කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ෆේස් බුක් සබ්මිට් කරන්න.. එච්චරයි වචන ගොඩකින් පැහැදිලි කරාට කරද්දි හරිම ලේසියි.
හොඳට මතක තියාගන්න කිසිම විටෙකත් ඒ එකවුන්ට් එක බ්ලොක් කරන්න එපා.. දැන් පැය 24ක් ඇතුලත ඩිසේබල් එක වැඩ කරනවා.. වැඩේ ඊටත් වඩා ඉක්මණ් කරගන්න නම් තමන්ගෙ ලිස්ට් එකේ ඉන්න තව යාලුවො දෙන්නෙකු ලව්වා උඩ කියපු පිලිවෙලටම අර Me කියලා දෙන්න ඕනි තැන්වල A friend කියන ඔප්ෂන් එක දීලා එතන එන සර්ච් බාර් එකේ තමන්ගෙ ඔරිජිනල් එකවුන්ට් එක සර්ච් කරලා රිපෝට් එක සබ්මිට් කරන්න කියන්න.
එතකොට ෆේස්බුක් හෙල්ප් සෙන්ටර් සිස්ටම් එකෙන් ඉක්මණින්ම රිපෝට් එක රිවිව් වෙනවා.. සපෝට් ඉන්බොක්ස් එකට නොටිෆිකේෂන් එකක් එනවා ඉන් අ රිවිව් කියලා.. එකවුන්ට් එක ඩිසේබක් කරාමත් නොටිෆිකේෂන් එකක් එනවා ඔයාලට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි..
.
A day in the life

2025-02-21

හිරු මුදුන් වීමත් සමග.




ඉදිරි දින වලදී ඉර මුදුන් වීමත් සමග අදික ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහල යන්න පුළුවන් තද හිරු රෂ්මියත් අදික ලෙස ඇතිවිය හැකි ආර්ධතාවත් නිසා ශරීරයේ ඇතිවිය හැකි විජලනයත් උෂ්ණත්වය ඉහල යාමත් නිසා ඇති විය හැකි බයානක තත්වයක් තමයි මේක...(මරණය පවා සිදුවෙන්න පුලුවන්) ..ඉතින් කියවල බලල චුට්ටක් දැනුවත්ව ඉන්න ...මේක මම මීට පෙරත් පල කලා නැවත මතක් කරන්න ඕන නිසා දැම්මෙ..
ගොඩක් දරුවන් මෙන්ම වඩාත් වැඩිහිටි පුද්ගලයින් ඉක්මනින්ම මේකට ගොදුරු වෙන්න පුලුවන් එම නිසා එලි මහලේ වැඩ කරන වැඩි හිටි පුද්ගලයන් වෙහෙස කාරී රාජකාරී වලින් ඈත් වී ඉන්න පුලුවන් නම් ගොඩක් හොදයි ..ඒ වගේම එලි මහනේ උස් ඉස්තාන වල රාජකාරි නොකනවානම් ඒවගෙනුත් ඉවත් වී හෝ වඩා ආරක්ෂිතව කඩින් කඩ වැඩ වල යෙදනවානම් වඩාත් හොදයි..ඒ වගේම තමයි පාසල් වල ඇති ක්‍රීඩා උත්සව පුහුණු වීම් ආදිය ක්‍රමානුකූලව කිරීමටත් වගබලා ගන්නවානම් ගොඩක් හොදයි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.....අපි බලමු මේක හැදීගෙන එනකොට මූලික අවස්තාවේ ( Heat Exhaustion) ඇතිවන රෝග ලක්ෂණ මොනාද කියල..කෙටියෙන් පැහැදිලි කරන්නම් ...
අදික පිපාසය
කලාන්ත ගතිය
අදික ලෙස දහඩිය දැමීම
හිස රදය
ඔක්කාරය
අගේ අදික උණුසුම් ගතියක් දැනීම
මස් පිඩු පෙරලීම
මෙම මූලික අවස්තාව එතරම් බයානක නොවන අතර නමුත් මෙම මූලික ලක්ෂණ එන අවස්තාවේම ...ඉක්මනින්ම ජලය පානය කිරීම මදක් ලුණු ස්වල්පයක් දමා ජලය පානය කිරීම..තැඹිලි වතුර ..ඔරෙන්ජ්,ජූස් ..දෙහි වගේ දෙයක් ලොකුවටම ඇඹුල් ගතිය නැතිව හොදට හදල... ...සහ සෙවන ස්තානයකට ඇවිත් ඇදගෙන ඉන්න ඇදුම් සැහැල්ලු කොට බොත්තම් ගලවා දමා ශරීරය වාතයට නිරාවරනය වෙන්න සලස්වා පොළවට සමාන්තරව වැතිර සිටින්න ..පුලුවන් නම් ශරීරය ජලයෙන් තෙමන්න.. ...ඔබ ඉහත ආපු රෝග ලක්ෂණ නොතකා දිගටම ඔබ කරන කර්තව්‍යය කරගෙන යාමෙන් හෝ මූලික අවස්තාවේදී හරි හැටි ප්‍රථමාධාර ටික රෝගියාට නොලුබීමෙන් දෙවන අවස්තාව වන Heat stroke හෙවත් තාප ආඝාතය නැමති බයානක තත් වයට පත් විය හැක...එහි දී ඇතිවන රෝග ලක්ෂණ නම්
ශරීරයේ කිසිම දහඩිය ගතියක් නොමැත
රෝගියාට පිට දිගට ආශ්‍රිතව සහ ශරීරය සීතලව දැනේ...
උණ බැලුවොත් ෆැරන්ඩ් හයිට් 104 f සෙල්සියස් නම් 40 C උෂ්නත්වයක් උණ කට්ටේ පෙන්වයි..
රෝගියාගේ නාඩි වේගවත්ව පෙන්වයි
වමනය යාමක් සිදුවිය හැක
රෝගියා කලාන්ත ගතියක හෝ මද සිහි ගතියක් පෙන්නුම් කරයි..ගොඩක් දෙනෙක් විකාරෙන් කියවයි ...(තමන්ගේ නමවත් මතක නැති තරමට)
සමහරක් නොසන්සුන් ගතියක් පෙන්නුම් කරයි
. මෙන්න මේ තත්වය ඇතිව දුටුවහොත් ඉක්මනින්ම ඔහුගේ ශරීරයේ ඇති ඇදුම් ඉවත් කොට හොදින් වතුරෙන් තෙමන ගමන් හැකි ඉක්මනින්ම ලගම තියෙන රෝහලක් වෙත රැගෙන යන්න වග බලා ගන්න එමගින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වනු ඇත.......
එම නිසා ඉදිරි දින වල පුලුවන් තරම් සැහැල්ලු ඇදුම් වලින් සැරසීමෙන් සහ පුලුවන් තරම් එළි මහලේ වැඩ කරන අය තද පාට ඇදුම් නැතිව ලා පාටට හුරු ඇදුම් වලින් සැරසී ඉන්න ...ඒ වගේම හොදින් වතුරබොන්න නිතරම තැඹිලි වතුර වගේ දේවල් බාර්ලි වගේ දේවල් පානය කරන්න ....මෙම තත්ත්වය කෙසේත්ම සුලුවට තකන්නම එපා කියන්න ඕනම නිසයි මේ ටික ලියල ඔයාල දැනුවත් කරන්න ඕන කියල හිතුනෙ ...
✍️
සේනක නලින් .....

A day in the life

2025-02-19

"ජේ. වී. ස්ටාලින් 1879-1953.





ලෙනින්ගේ සිරුර ළගින් ඉවත් කර කිසිදු ආචාරයක් නොමැතිව ක්රෙම්ලින් තාප්පය අසල වළලනු ලැබූ දෙවැනි ලෝක යුද්ධය ජයග්රහණය සඳහා ගෙන ගිය අසහාය නායකයා ජෝෂප් ස්ටාලින් .
වසර 7 ක් තිස්සේ ලෙනින්ගේ සොහොන් ගෙය තුළ ලෙනින් සමග තැන්පත් කර තිබු ස්ටාලින්ගේ සිරුර එයින් ඉවත් කර සාමාන්ය කෙනෙකු ලෙස කිසිදු ගෞරවයක් නොමැතිව භූමදානය කරේ ඇයි..?
1924 දී ව්ලැඩිමීර් ලෙනින් මිය යන විට රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයේ නායකයා එම්බාම් කර ක්රෙම්ලින් තාප්පය ඉදිරිපිට විශේෂ සොහොන් ගෙයක තැන්පත් කරන ලදී. වීදුරු ආවරණයක් සහිත සොහොන් ගෙය සෝවියට් රුසියාවේ පියා සියලු පරම්පරාවන්ට දැකගත හැකි විය.
සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව දශක තුනක් පුරා යකඩ හස්තයකින් පාලනය කළ සෝවියට් නායකයා ලෙස ලෙනින් පත් විය. කෙසේ වෙතත්, දෙවන ලෝක සංග්රාමයේදී ජර්මානු ආක්රමණිකයින්ට එරෙහිව දැඩි ජයග්රහණයක් ලබා ගැනීමට ස්ටාලින් තම රට ගෙන ගිය අතර 1953 දී මිය යන විට ඔහු ලෙනින් සමඟ ඔහුගේ සොහොනට ගියේය. කෙසේ වෙතත්, ස්ටාලින්ගේ මරණයෙන් වසර කිහිපයක් ඇතුළත, සෝවියට් බලධාරීන් ඒකාකාරී ලෙස ස්ටාලින් කුරිරු නායකයේක් ලෙස හෙළා දුටුවේය.
ස්ටාලින් වසර 30 කට ආසන්න කාලයක් සෝවියට් සංගමයේ ඒකාධිපති පාලකයා විය. සාගතයෙන් හා විරුද්ධ දේශපාලන පක්ෂ පවිත්ර වීමෙන් මිලියන සංඛ්යාත ජනයාගේ මරණයට ඔහු දැන් වගකිව යුතු යැයි සලකනු ලැබුවද 1953 මාර්තු 6 වන දින සෝවියට් සංගමයේ ජනතාවට ඔහුගේ මරණය ප්රකාශයට පත් කළ විට බොහෝ දෙනෙක් හඬා වැලපුණහ.
ස්ටාලින්ගේ දේහය හෙදියක් විසින් සෝදා පසුව සුදු පැහැති මෝටර් රථයකින් ක්රෙම්ලින් මෘත ශරීරාගාරයට ගෙන යන ලද අතර එහිදී මරණ පරීක්ෂණයක් සිදු කරන ලදී. මරණ පරීක්ෂණයෙන් පසුව ස්ටාලින්ගේ දේහය එම්බාම් කිරීමෙන් පසු දේහය තාවකාලික ප්රදර්ශනයට ඓතිහාසික හවුස් ඔෆ් යූනියන්ස් හි බෝල්රූම් ශාලාවේ තැබුවේය. දහස් ගණනක් ජනයා ඇදී එන්නට විය.ස්ටාලින් හට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි සෙනග කොතරම් අවුල් සහගතද යත් සමහර අය පාගා දමනු ලැබූ අතර තවත් සමහරු රථවාහන ලයිට් වලට පහර දුන්හ. පසුව කල ඇස්තමේන්තුවේදී ස්ටාලින්ගේ මෘත දේහය පිළිබඳ දර්ශනයක් ලබා ගැනීමට උත්සාහ කරමින් පොරබැදිම තුළ මිනිසුන් 109 දෙනෙකුට ජීවිත අහිමි වූ බවට ගණන් බලා තිබේ. නමුත් සැබෑ මරණ සංඛ්යාව දහස් ගණනක් විය හැකි බවයි.
මාර්තු 9 වන දින මිනී පෙට්ටිය ශාලාවේ සිට දේහය චාරිත්රානුකූලව මොස්කව්හි රතු චතුරශ්රයේ පිහිටි ලෙනින්ගේ සොහොන වෙත අශ්ව කරත්තයක ගෙන ගියහ.
ස්ටාලින්ගෙන් පසු කථා තුනක් පමණක් කරන ලදී.සෝවියට් දේශපාලනඥයෙකු වූ ජෝර්ජි මැලෙන්කොව්, සෝවියට් ආරක්ෂක ප්රධානී සහ රහස් පොලිසියේ ලැව්රෙන්ටි බෙරියා සහ සෝවියට් දේශපාලනඥයෙකු හා රාජ්ය තාන්ත්රිකයෙකු වන වියචෙස්ලාව් මොලොටොව් විය. ඉන්පසු කළු සහ රතු සිල්ක් වලින් ආවරණය කර ඇති ස්ටාලින්ගේ මිනී පෙට්ටිය සොහොන තුළට ගෙන යන ලදී. දහවල් වන විට සෝවියට් සමූහාණ්ඩුව පුරා මහ හඬක් නැඟුණි. ස්ටාලින්ට ගෞරව කිරීම සඳහා විස්ල්, සීනු, තුවක්කු සහ සයිරන් පුපුරුවා හරින ලදි.
සොහොන් ගෙය මුදුනේ ටොන් 48 ක කළු ගල මත මුලදී “L-E-N-I-N” අක්ෂර ලියා තිබුණි. එබැවින් බලධාරීන් එය කඩිමුඩියේ පින්තාරු කර “L-E-N-I-N” යට “S-T-A-L-I-N” ලිවීය.

1924 දී ලෙනින් මිය යන විට සංකීර්ණ ක්රියාවලියකින් ඔහුගේ සිරුර ඉක්මනින් එම්බාම් කරන ලදී. නමුත් 1953 දී ස්ටාලින් මිය යන විට ඔහුගේ සිරුර එම්බාම් කරන ලද්දේ වෙනස් ක්රියාවලියකින් එයට මාස කිහිපයක් ගතවීමෙනි.1953 නොවැම්බරයේදී ස්ටාලින්ගේ මරණයෙන් මාස හතකට පසු ලෙනින්ගේ සොහොන නැවත විවෘත කරන ලදී. ස්ටාලින් සොහොන් ගෙය තුළ වීදුරු යට විවෘත මිනී පෙට්ටියක ලෙනින්ගේ සිරුර අසල ස්ටාලින්ගේ සිරුර තැන්පත් කරන ලදී.
ස්ටාලින්ගේ මරණයෙන් පසු සෝවියට් පුරවැසියන් ඔවුන්ගේ මිලියන සංඛ්යාත රටවැසියන්ගේ මරණයට වගකිව යුතු බව පිළිගැනීමට පටන් ගත්හ. කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම් (1953-1964) සහ සෝවියට් සංගමයේ අග්රාමාත්ය (1958-1964) නිකිටා කෘෂ්චෙව් ස්ටාලින්ගේ ව්යාජ මතකයට එරෙහිව මෙම ව්යාපාරයට නායකත්වය දුන්නේය. කෘෂ්චෙව්ගේ මෙම ප්රතිපත්ති "ඩි-ස්ටැලින්කරණය" ලෙස ප්රසිද්ධ විය.
ස්ටාලින්ගේ මරණයෙන් වසර තුනකට පසු 1956 පෙබරවාරි 24-25 දිනවල කෘෂ්චෙව් 20 වන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේ දී දේශනයක් පැවැත්වූ අතර එය ස්ටාලින් වටා ඇති ශ්රේෂ්ඨත්වය බිඳ දැමීය. මෙම රහස් කථාවේ කෘෂ්චෙව් ස්ටාලින් කළ බොහෝ කුරිරුකම් හෙළි කළේය.

වසර පහකට පසුව ස්ටාලින් ගෞරවනීය ස්ථානයන් ඉවත් කිරීමට තීරණය විය. 1961 ඔක්තෝම්බර් මාසයේ පැවති 22 වන පක්ෂ සම්මේලනයේදී මහලු බොල්ෂෙවික් විප්ලවයට කැපවූ කාන්තාවක් සහ පක්ෂ නිලධාරියෙකු වන ඩෝරා අබ්‍රමොව්නා ලාසුර්කිනා නැගී සිට මෙසේ පැවසීය.
"සහෝදරවරුනි මට ඉතාමත් දුෂ්කර අවස්ථාවන්ගෙන් බේරීමට හැකි වූයේ මා ලෙනින් මගේ හදවතට ගෙන ගිය නිසාත් මම කුමක් කළ යුතුද යන්න පිළිබඳව නිතරම ඔහුගෙන් උපදෙස් ලබා ගත් නිසාත් ය. ඊයේ මම ඔහුගෙන් උපදෙස් ලබා ගතිමි. ඔහු ජීවතුන් අතර සිටිනවාක් මෙන් මා ඉදිරිපිට සිටගෙන සිටියේය. පක්ෂයට මෙතරම් හානියක් කළ ස්ටාලින් ඔහු අසල සිටීම අප්‍රසන්න ය"
මෙම කථාව සැලසුම් කර සිදු තිබුණද එය ඉතාමත් ඵලදායී විය. කෘෂ්චෙව් පසුව ස්ටාලින්ගේ දේහය ඉවත් කරන ලෙස නියෝගයක් කියවීය.
දින කිහිපයකට පසු 1917 ඔක්තෝබර් විප්ලවයේ සංවත්සරය සනිටුහන් කරමින් නොවැම්බර් 7 වන දින පැවැත්වීමට නියමිත පෙළපාළිය සඳහා සූදානම් වීම නිසා ඔක්තෝබර් 31 වන දින රතු චතුරශ්‍රය වසා දමන ලදී. චතුරස්රයේ කිසිවක් කිසිවෙකුට නොපෙනේ.
සියලුම සැරසිලි සහ සම්මාන ස්ටාලින්ගේ ජැකට්ටුවෙන් ඉවත් කරන ලදි. රන් බොත්තම් සහ එපෝලට් පවා ඉවත් කර ඇත. ස්ටාලින්ගේ ඥාතීන් පැමිණ සිටියේ නැත. ඔහුගේ සිරුර ලී මිනී පෙට්ටියක තැන්පත් කර ස්ටාලින්ගේ සිරුර නිහඬව සොහොන් කොතෙන් ගෙන යනු ලැබීය.උත්සව හෝ රසික රසිකාවියන් සිටියේ නැත.
ඔහුගේ දේහය සොහොන් පිටියේ සිට අඩි 300 ක් පමණ දුරින් රුසියානු විප්ලවයේ අනෙකුත් සුළු නායකයින් අසල තැන්පත් කරන ලදී. එය ක්‍රෙම්ලින් තාප්පයට ආසන්නව පිහිටා ඇත.සති කිහිපයකට පසු සරල අඳුරු කළුගල් ගලක් සොහොන මූලික අකුරු වලින් සලකුණු කළේය: "ජේ. වී. ස්ටාලින් 1879-1953." 
1970 දී සොහොනට කුඩා පඳුරක් එකතු කරන ලදී. 
අවමංගල්‍ය සේවයක්, වාද්‍ය වෘන්දයක් හෝ ආචාරයක් නොමැතිව ක්‍රෙම්ලින් තාප්පය අසල වළලනු ලැබූ එකම පුද්ගලයා ස්ටාලින් ය.

Indika Kumara / පොත්පත් කියවමු.

උපුටා ගැනීමකි.

A day in the life

2025-02-18

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා.


ජීවතුන් අතර සිටියත් නැතත්, උගත්කමට අභියෝග කළ නොහැකි සැබෑ උගත්තු...
ලලිත් ඇතුලත්මුදලි මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සිටි ලොව පිළිගත් කීර්තිමත් උගතෙකි..
රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ ඔහු දක්ෂතම ශිෂ්‍යයෙක් වශයෙන් ලැබූ සම්මාන සම්බන්ධ නම් තවමත් රාජකීය විදුහලේ ශාලාවේ පුවරුවේ ඇත..
පාසල් සමයේ ඔහු දක්ෂ මළල ක්‍රීඩකයෙක් වූ අතර සමස්ත ලංකා තරග වල කඩුලු පැනීමේ ශූරයා වී ඇත.. ඒ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සහිතවය..
උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළු වූ ලලිත් ඇතුලත් මුදලි
ශ්‍රී ලාංකික නාමය එහි නොමැකෙන සේ සටහන් කළ විශිෂ්ටතම කීර්තිමත් ශිෂ්‍යයෙකි..
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මළල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙකු ඔහු ඔක්ස්ෆර්ඩ් සංගමයේ පුස්තකාලයාධිපති ධුරයද දැරුවේය....
එමෙන්ම ඔක්ස්පර්ඩ් සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත්වූ ඔහු ඊළඟ වසරේ ඔක්ස්ෆර්ඩ් සංගමයේ ලේකම් වශයෙනුත්
( ඊට පෙර එම තනතුර දැරූ ශ්‍රී ලාංකිකයා වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක මහතාය)
එක් දහස් නවසිය පනස් අට වසරේ ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරයා වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවටත් පත්විය..
එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ හැරල්ඩ් මැක්මිලන් සමග ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරයා වශයෙන් ඔහු සාකච්ඡා වලටද සහභාගි විය..
ඒ සරසවි සිසුවෙකු වශයෙනි...
ඔහු වයස අවුරුදු විසි තුනේදී,
නීති විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියද ,
(Lord Sanky ත්‍යාගයද සමඟින්)
සිවිල් නීතිවේදී පශ්චාත් උපාධියද,
ලබා ඔක්ස්පර්ඩ් සරසවියේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටියේය..
වයස අවුරුදු විසි හතරේදී සිංගප්පූරුවේ මලයා විශ්ව විද්‍යාලයේ සහාය කථිකාචාර්වරයෙකු වශයෙන් සේවයට තෝරා ගත් ඔහු ඉන් වසර දෙකකට පසුව එහි නීති පීඨයේ නියෝජ්‍ය පීඨාධිපති තනතුරට ද පත්විය..
ඊශ්‍රායලයෙහි හීබෲ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු ආරාධනයක් මත එහි ආගන්තුක කථිකාචාර්යවරයෙකු ලෙස Visiting Lecture ටික කලක් සේවය කිරීමටද ලලිත් ඇතුලත්මුදලි මහතා කටයුතු කළේය..
පසුව ඔහු ඇමරිකාවේ හාවඩ් සරසවියට ඇතුළු වූයේ නීතිය පිළිබඳ LLM පශ්චාත් උපාධිය සඳහායි..
නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා ලලිත් ඇතුලත්මුදලි ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධයට "ඒ" ශ්‍රේණියේ විශිෂ්ට සාමාර්ථයක් ප්‍රදානය කළ අතර එයට ඒ සඳහා ලැබුණු ලකුණු සංඛ්‍යාවේ ප්‍රතිශතය සියයට අසූ තුනකි..
එම ලකුණු ලබා දී තිබුණේ එහි ප්‍රධානියා වූ මහාචාර්ය ටොම් ස්මිත්ය..
අනිකුත් පරීක්ෂකවරුන් අසා තිබුණේ මේ පුද්ගලයා ඉතාම විශිෂ්ට විද්වතෙක් බව ඇත්ත .. නමුත් ඔහුට සියයට අසූ තුනක් තරම් වැඩිම ලකුණු සංඛ්‍යාවක් දුන්නේ කෙසේද යන්නයි..
"ඔබ ඔහුගේ විශිෂ්ඨත්වය පිළිගන්නවා නම් එහි ඇත වැරැද්ද කුමක්ද" යන්න මහාචාර්යවරයා පෙරලා විමසා ඇත..
හාවඩ් නීති පීඨයේ ඉතිහාසයේ කිසිම කිසිදාකවත් එපමණ ලකුණු සංඛ්‍යාවක් කිසිවෙකුට ලබාදී නැත..
"ඇමෙරිකාවේ කීර්තිමත්ම විනිශ්චයකරුවෙකු වූ ව ෆීලිප් ෆ්‍රැන්ක්ෆර්ට් මහතාවත් එපමණ ලකුණු ලැබී නෑ..
ලෑන්ඩ් හෑන්ඩ් විනිසුරුතුමා ලබා තිබුණෙත් මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවක්.."
අනික් ආචාර්යවරු තර්ක කරද්දී මහාචාර්ය ය ටොම් ස්මිත් පවසා තිබුණේ
" ඔබ ඉදිරිපත් කරන සියලු තර්ක වලින් තහවුරු කෙරෙන්නේ මගේ ලකුණු දීමේ යුක්ති සහගත සාධාරණ සහේතුක භාවයයි.
ලලිත් ඇතුලත් මුදලි තරුණයා නීති විෂයෙහි ෆීලිප් ප්‍රැන්ක්ෆර්ට් තරම්ම ප්‍රවීණයෙක්..
ඔහු තම නිබන්ධයෙන් තුලනාත්මක නීති ක්ෂේත්‍රයට නව සිද්ධාන්තයක් එක් කර තිබෙනවා.."
ලලිත් ඇතුළත් මුදලි මහතාගේ එල් එල් එම් සඳහා ඔහු ඉදිරිපත් කළ නිබන්ධය හාවඩ් විශ්ව විද්‍යාල නිබන්ධ පුස්තකාලයේ නිත්‍ය සංචිතයට permanent collection එක් කර තිබෙනවා..
ලී ක්වාන් යූ සිංගප්පූරුව වෙනස් කරමින් ඉදිරියට ගෙන යාමට තැනූ මුල්ම කැබිනට් මණ්ඩලයට ලලිත් ඇතුලත් මුදලි මහතාගේ සිංගප්පූරු සරසවියේ ගෝලයන් කිහිපදෙනෙක්ම එක් කරගෙන තිබෙනවා..
වරක් ශ්‍රී ලංකාවට පැමිණි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලීක්වාන් යූ මෙරට ජනපති ජේ.ආර්. ජයවර්ධනට පැවසූයේ
"ලලිත් ඔබේ අමාත්‍ය මණ්ඩලයේ නොසිටින්නේ නම් සත්තකින්ම ඔහු මගේ අමාත්‍ය මණ්ඩලයට එක් කරගන්නවා. ඔහුගේ ගෝලයන් මගේ ඇමතිවරුන් ලෙස කටයුතු කරනවා. ඔවුන්ගේ ගුරුවරයාත් මට එකතු වෙනවා නම් මා වඩාත් කැමතියි" යනුවෙනි..
සිය දේශපාලන දිවියේ දැවැන්ත අභියෝග රැසක් මැද විසල් මෙහෙයක් ඉටුකළ මේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයා තමා ඉගෙනුම ලැබූ අවධියේ අධ්‍යාපනයට වියදම් සොයා ගැනීමට ඇති වූ අසීරුතා සිහි කරමින් මෙරට සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය නිර්මාණය කිරීමට කටයුතු කළා..
ඒ ශිෂ්‍යත්වය ලබාගන්නා සරසවි සිසුන්, සහ ලබාගත් සරසවි සිසුන් කී දෙනෙකුට මේ ශ්‍රේෂ්ඨ මිනිහා පිළිබඳ මතකයක් අවබෝධයක් තිබේදැයි මා දන්නේ නෑ..
වරක් සරසවි බිමක එතුමාගේ පිළිරුවක් තැනීමට සූදානම් වූ මොහොතක එයට සරසවි සිසුන් විරෝධය පළ කළ බවක් නම් මට මතකයි..
එය අදටත් මහපොළ ශිෂ්‍යත්වය ආර්ථික ගැටලුවලින් පෙනෙන සරසවි සිසුන්ට මහත් පිටුවහලක්..
මෙරට වරායේ ස්වර්ණමය දියුණුව ඇති වූයේද ඇතුළත්මුදලි මහතා වරාය ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ..
ලොව වඩාත්ම මෙහෙයුම් සිදුකරන වරායක් බවට කොළඹ වරාය පත් කිරීමට ඔහු සමත් වුණා..
ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ත්‍රස්තවාදයට එරෙහිව නොබියව යුධ මෙහෙයුම් කිරීමට නායකත්වය දුන් ඔහු වඩමරච්චි මෙහෙයුම පවතින සමයේ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා..
යුද පිටියේ ඒ යමින් සෙබළුන් ධෛර්මත් කිරීමටත් උතුරු නැගෙනහිර මායිම් ගම්මාන වල ඇවිදිමින් එහි ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත් ඔහු දැඩි උනන්දුවක් ගත්තා..
එදා ඉන්දියානු බලපෑමට යටත්ව එම මෙහෙයුම් නතර කර දමා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමටද ඔහු ප්‍රසිද්ධියේම විරුද්ධ වුණා...
පුරුද්දකට මෙන් අපේ සමහරු මෙවැනි නායකයන්ටත් විවිධ චෝදනා කරනවා..
කෙසේ වෙතත් ඔවුන් කළ මෙහෙය පිළිබඳව ජාත්‍යන්තරයේ ඔවුන් තැබූ ශ්‍රී ලාංකික නාමය පිළිබඳව වැඩිපුර කතා කරන්නේ නැහැ..
මෙතුමන්ලාගේ සුදුසුකම් පිළිබඳව විමසා හොයා බලන්නට හේතුවක් නැත්තේ අදටත් ඔවුන් උසස් අධ්‍යාපනය ලැබූ ලෝකයේ විශිෂ්ට සරසවි වල ඔවුන්ගේ නම් පුවරුවලම සඳහන් වීම නිසයි..
විශේෂයෙන්ම ලලිත් ඇතුලත් මුදලි අධ්‍යාපනය තුළින් ලෝකය ජයගත් විශිෂ්ටතම ගමනක යෙදුනා පමණක් නොව සිය උගත්කම හැකියාව ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රායෝගික මිනිසෙකුද වුණා..
එල්ටීටීඊ ත්‍රස්තවාදය හෝ දකුණේ ත්‍රස්තවාදය යන දෙකෙන් එකක් විසින්,
මේ රටේ අනාගතය වෙනස් කිරීමට තරම් හැකියාවක් දැනුමක් වැඩපිළිවෙලක් පෞරුෂයක් නායකත්වයක් තිබූ මේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයාගේ ජීවිතය උදුරා ගත්තේය..
මල් පාරේ එතුමාගේ නිවසේ තබා තිබුණු දේහයට මධ්‍යම රාත්‍රියේ පෝලිමේ ගොස් අවසන් ගෞරව දැක්වූ මම එහි අදහස් ප්‍රකාශ කරන්න තිබූ පොතක ලියූ වැකිය අදටත් මතකයි..
" ඔබට මේ බිහිසුණු ඉරණම අත්කර දෙන්නට මූලික වූ පුද්ගලයන්ට මෙයට වඩා බිහිසුණු ඉරණමකට අපේ දෑස් ඉදිරිපිටම ලක්වෙනවා දකින්නට ලැබේවා.." එදා මා එහි තැබූ සටහනයි..
ඒ ප්‍රාර්ථනය නම්, නම් ඒ කාලයේදීම හෝ එයට වසර දහසයකට පසුව හෝ ඉටුවුන බවක් හැඟෙනවා..
එතුමාට සිය අවසන් ගෞරවය දක්වන්නට එදා බොරැල්ල කනත්තට එක් වූ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතර සිටි මමද,
එවකට තිබුණු අත්තනෝමතික පාලනය විසින් ,
එම අවමගුල් උත්සවයට එල්ල කරනු ලැබූ කඳුළු ගෑස් වලින් පීඩා විඳිමින් ,
කිලෝමීටර පහක් හයක් දුරින් වරාය භූමියේ තිබුණු දෙපාර්තමේන්තු විවේකාගාරයට මගේ මිතුරෙකු වූ දයාරත්න බෝපගේ සමග පයින්ම පැමිණි ආකාරයද මතකයි..

නිරෝෂා හේමන්ති.- ලොවෙන් බිදක්.
....ලාල් ද අල්විස්......✍️
මහතාගෙන් උපුටා ගැනීමකි ස්තුතියි
A day in the life

2025-02-16

මුරුංගා - හුරා කෑමට ලක්වන.



රෝග රැසකටම දිව ඔසුවක් වූ විශ්මිත ගුණ ඇති මුරුංගා.....
හෝගෙවත්තේම පහසුවෙන් වගා කරගත හැකි මුරුංගාවල මේ තරම් ගුණ අඩංගු බව ඔබ දැන සිටියා ද?
මේ කියන්න යන්නේ විශ්මිත දිව ඔසුවක් වෙන මුරුංගා ගැන කතාවක්..
ශාරීරික දුර්වලතා ඇති කරන රෝගීතත්වයක් හෝ කාය ශක්තිය හීන වන අවස්ථාවක මුරුංගා මඟින් නැවත එම දුර්වලතා මඟ හැර ශරීර ශක්තිය වර්ධනය කර ගත හැකියි.. ඒ සදහා එවන් රෝග වැළදුන පුද්ගලයන්ට සහ කාය ශක්තිය වර්ධනය කරගත යුතු පුද්ගලයන්ට මුරුංගා හොදි හෝ මැල්ලුම් ආහරයට එක් කොට ගෙන තිබෙනවා.
එමෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ක්‍රියා කරන මුරුංගා ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා.
පණු රෝග රාශියක් සඳහා මුරුංගා ගුණ ගෙන දෙන අතර එවන් රෝග ඇති අය දිනපතා වුවද මුරුංගා කොළ මැල්ලුමක් ලෙස ආහාරයට එක් කරගැනීම ඉතා සුදුසුයි.
මුත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග, මුත්‍රා ගල් ආදියට ද මුරුංගා ගුණ දායකයි.
හෘද රෝග වලට ගුණදායකයි.
අස්ථි වර්ධනයට අවශ්‍ය පෝෂක රැසක් මුරුංගා කොළ වල අඩංගුයි. මුරුංගා කොළ මැල්ලුම කුඩා ළමුන්ට සහ ගැබිනි මාතාවන්ට ඉතා ගුණදායකයි.
ඇදුම, කැස්ස වැනි රෝග තත්වයන් ට ද ගුණදායකයි.
සැරව ගලන තුවාල සුව කරගැනීමට ද
ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග නිවාරණයට ද
අධික තරබාරු කමින් මිදිමට ද
කුරුලෑ ලප කැලැල් දහඩිය බිබිලි නැති කරගැනීමට ද
සෙම් රෝග සදහා ද
ඉදිමුම්, තැලුම්, වේදනා නාශනයට ද
විෂබීජ නාශකයක් ලෙස ද මුරුංගා ඉතා ගුණදායකයි.
නිරෝගිමත් සාර්ථක දිවියකට එකතු කරගනිමු...
මුරුංගා කොළ 60g කට වතුර 200ml ද ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ද එක් කර තම්බා පානය කරන්න. අස්ථි රෝග වලට ඉතාමත් ගුණ දායකයි. (මුරුංගා කොළ වල ප්‍රෝටීන , විටමින් C, විටමින් B, බීටා කැරොටින් ,කැල්සියම් , මැග්නීසියම් ,කොපර්, යකඩ, ඛනිජ ලවණ, පොස්පරස් ආදි ගුණ රාශියක් අඩංගු වී ඇත.)
මුරුංගා කොළ එළගිතෙල් හෝ බටර් සමග තෙම්පරාදු කර ආහාරයට ගැනීම අස්ථි රෝග මෙන්ම මුත්‍රා ගල් නැසීමට ද උපකාරී වේ.
මුරුංගා කොළ හොඳින් වියළා කුඩු කරගන්න. එය දිනපතා තේ සාදන ආකාරයටම පානයක් ලෙස සකසා පානය කිරීමෙන් ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට ගුණයක් ගෙන දේ.
අමු මුරුංගා කොළ කොටා ඉස්ම තේ හැදි දෙකක් ගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර එම ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුර සමග හොඳින් මිශ්‍ර කර දිනකට උදේ , දිවා , හවස ලෙස තෙවරක් පානය කරන්න.එමගින් ඔබේ ආහාර ජීරණ ක්‍රියාවලිය ආශ්‍රිත රෝග වලට සුවය ලැබී වඩා කාර්‍යක්ෂම ලෙස ආහාර ජීර්ණය සිඳු වේ.
මුරුංගා කොළ මිටක් අඹරා එයට මුදවපු කිරි මේස හැදි කිහිපයක් එක් කර දිනපතා උදෑසන හිස් බඩට අහාරයට ගන්න. එය ඔබට ගැස්ට්‍රයිටිස් රෝගයෙන් මිදිමට මනා උපකාරයක් වනු ඇත.
මුරුංගා ගසේ පොතු මිටක් ගෙන එයට වතුර පත 4ක් දමා 1ට සිදුවා උදේ භාගයක් සහ සවස භාගයක් ලෙස පානය කරන්න. එය මුත්‍රා ගල් දිය වීමටත්, හොඳින් මුත්‍රා පිටවීමටත්, මුත්‍රා දැවිල්ල නැති කිරීමටත් උපකාරී වේ.
කොහොඹ කොළ සහ මුරුංගා කොළ සමව ගෙන අඹරා දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කොට නැවත අඹරා ඇඟ ගැල්වීමෙන් දහදිය බිබිලි යටපත් වී සුවයක් ලැබේ.
ලුණු වරණ පොතු, අමුකහ සමව ගෙන අමු මුරුංගා පොතු යුෂයෙන් එය සියුම්ව අඹරන්න. (මුරුංගාදීලේපය) එය තැළුම්, ඉදිමුම් , වේදනා ඇති ස්ථාන වල ආලේපයෙන් සුවයක් අත් වේ.
මුරුංගා පොතු දෙහි ඇඹුලෙන් අඹරා ආලේපයෙන් අදාල ස්ථානයේ දෙඹර, බඹර, ගෝනුසු දෂ්ඨනයෙන් ඇති වූ විස නැසිය හැක.
මුරුංගා කොළ යුෂ තේ හැදි දෙකක් පුහුල් හෝ කැකිරි යුෂ වීදුවකට කවලම් කොට පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල නැති වේ. හොඳින් මුත්‍රා පිට වේ.
මුරුංගා මුලේ පොත්ත කොටා මිරිකාගත් යුෂයට බුලත් කොළ යුෂ සහ අමු ඉඟුරු යුෂ තේ හැදි එක බැගින් ද මී පැණි තේ හැන්දක් පමණද එක් කර සති දෙකක් පමන පානය කරන්න. ඔබට උදේ සවස ඇතිවන සෙම් ගතිය පහව යනු ඇත.
ළපටි මුරුංගා ඇට මී පැණි සමග කෂායක් ලෙස පානයෙන් අධික තරබාරුව නැති කර ගත හැක.
මුරුංගා කොළ ස්වල්පයකට තල තෙල් සහ එළගිතෙල් ස්වල්පය බැගිම් මිශ්‍ර කර අඹරා ආලේපයෙන් සැරව ගලන තුවාල පිරිසිදු කර සුව කරගත හැක.
මුරුංගා ව්‍යංජන සහ මුරුංගා කොළ මැල්ලුම් ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කර ගත හැක.
මුරුංගා කරලේ ඇති ඇට වල අද්විතීය විෂබීජ නාශක ගුණය නිසා ඇතැම් රටවල අපවිත්‍ර ජලය පවිත්‍ර කිරීමට මුරුංගා ඇට යොදා ගන්නා බව ඔබ දන්නවාද....?
දරු සම්පත් සදහා මුරුංගා මල් හා කොළ එක් කර මුරුංගා තේ සාදන අකාරයට සාදා මී පැණි තේ හැන්දක් ස්මග නින්දට පෙර පානය කළ හැකිය.
මෙලෙස නිවසේ ඉතා පහසුවෙන් වගා කරගත හැකි මුරුංගා ඉතා ගුණදායක වෙනවා.. ස්වභාවික හේ ජීවිතයට එක්කර නිරෝගී ජීවිතයක් ගොඩනගාගන්න.. එමගින් කෘතිම දේට යොමු වීම අඩු වී ඔබගේ මිල මුදල් ද නිරෝගී භාවය ද යන අංශ දෙකම රැකගත හැකියි..

පහන්දි පෙරේරා - මුණු පොත;

තවත් තොරතුරු. 

මුරුංගා කරල්  - ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7
ප්‍රෝටීන් ග්‍රෑම් 2.5
විටමින් A මයික්‍රොග්‍රෑම් 1100
විටමින් B1, මිලිග්‍රෑම් 0.05, B2 මිලිග්‍රෑම් 0.06, B3 - 0.2
විටමින් C මිලිග්‍රෑම් 120
කැල්සියම් මිලිග්‍රෑම් 30
මැග්නීසියම් මිලිග්‍රෑම් 24
පොටෑසියම් මිලිග්‍රෑම් 259
යකඩ මිලිග්‍රෑම් 5.3


මුරුංගා අමු පත්‍ර - ග්‍රෑම් 100ක පෝෂණය.

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13
ප්‍රෝටීන් ග්‍රෑම් 6.7
විටමින් A මයික්‍රොග්‍රෑම් 6800
විටමින් C මිලිග්‍රෑම් 220
විටමින් B 1 මිලිග්‍රෑම් 0.06, විටමින් B 2 මිලි ග්‍රැම් 0.05, විටමින් B 3 මිලි ග්‍රැම් 0.8කැල්සිම් මිලිග්‍රෑම් 440
මැග්නීසියම් මිලිග්‍රෑම් 24
පොටෑසියම් මිලිග්‍රෑම් 259
යකඩ මිලිග්‍රෑම් 7

විටමින් E මිලිග්‍රෑම් 448

මුරුංගා වියළි පත්‍ර පවුඩර්  ග්‍රෑම් 100ක පෝෂණය
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38
විටමින් C මිලිග්‍රෑම් 17.3
ප්‍රෝටීන් ග්‍රෑම් 27
කැල්සියම් මිලිග්‍රෑම් 2003
විටමින් A මයි‍ක්‍රොග්‍රෑම් 16,000
මැග්නීසියම් මිලිග්‍රෑම් 368
විටමින් B1 මිලිග්‍රෑම් 2.6, B2 මිලිග්‍රෑම් 20, B3 මිලිග්‍රෑම් 8.2
පොටෑසියම් මිලිග්‍රෑම් 1324
යකඩ මිලිග්‍රෑම් 28
විටමින් E මිලිග්‍රෑම් 113 

උපුටා ගැනීම

මුහුණු පොත ඇසුරෙන්... 


A day in the life

2025-02-15

ගිමන් හරින දියඹ දිගේ - ආචාර්ය අමරදේවයන් .

ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා... සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා... හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දෑලේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ... හිරු රහසේ කියා දුන්න ආදරයද මේ... නිල් කටරොළු නිල නැහැවුණ මල් බර මුදු සුව ‍රැඳවුණ තොල් පෙති කල් හඬගාලන ආදරයද මේ... නුඹ රහසේ කියාදුන්න ආදරයද මේ… පද රචනය -ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව "අග්නි" ටෙලිනාට්‍යයේ තේමා ගීතය

2025-02-14

Love from your Valentine .



වැලන්ටයින් දිනය ලංකාවේ වෙළදපලට ගෙනාවේ එක්තරා මාධයක්. මාස ගානක් කෑගහලා කරපු ප්‍රචාරය නිසා එක් අවුරුද්දක් අපේ කොල්ලෝ කෙල්ලන්ට වැලන්ටයින් උන්මාදයක් වැළදිලා තිබුනත් අවුරුදු හතරපහක් වෙන කොට ඒ පිස්සුව යන්තරමකින් සුවපත් වෙලා තියෙනවා. අද වෙන කොට එදා තිබුන ගාය හොදටම අඩු වෙලා.

ඇත්තෙන්ම වැලෙන්ටයින් දිනය වෙලෙන්දන් විසින් නිර්මාණය කර ගත් වෙළදාමක්. ලෝකය පුරා වැලන්ටයින් දිනය වෙනුවෙන් හුවමාරු වෙන මුදල ඩොලර් බිලියන ගණනක්. වැලන්ටයින් උණ ලෝක පරිමාණ බිස්නස් එකක්.

1800 ගණන්වල මැසචූසෙටිස් ප්‍රදේශයේ හිටිය “ඊස්තර් හොලන්ඩ්” කියන යුවතිය ගෙදරදි හැදුව වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළට එක් කලා. එදා සිට ව්‍යාප්ත වුන වැලන්ටයින් කාඩ් ලෝකය පුරා බිලියන ගනනක් හුවමාරු වන්න පටන් ගත්තා.

අද වන විට සන්නිවේදන ක්‍රමවේදයන් වෙනස් වෙලා නිසා අන්තර්ජාලය. ජංගම දුරකතනය ඔස්සේ හුවමාරු වෙන වැලන්ටයින් පණිවිඩ අසීමිතයි.

වැලන්ටයින් දිනය කියලා ගිරවු වගේ කියන සමහර උදවිය මොකක්ද මේ වැලන්ටයින් කියලා අහපුවම දෙන උත්තර හරියට ආදරවන්තයන්ගේ ප්‍රශ්න උත්තර වගෙයි. මේ වැලන්ටයින්, කෙනෙකුට රෝමියෝ. තවත් කෙනෙකුට ටයිටැනික් නැවේ ගිය කෙනෙක්.

වැලන්ටයින් දිනය ජාත්‍යන්තරව පෙබරවාරි 14 වෙනිදා ලෙස ප්‍රචලිත වුවත් වැලන්ටයින් දිනය බ්‍රසීලය සලකන්නේ ජුණි 12 වෙනිදා ලෙසටයි.

ආදරයේ හා විවාහයේ දෙවඟන ලෙස පුරාණ රෝම දේව කථාවල සදහන් වන්නේ ‘ජූනා’ දෙවගන. මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත් ‘ජූනා’ දෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා.
මේ උත්සව සමයේදී තිබුණා තවත් අපූරු චාරිත්‍රයක්. රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දානවා. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා. හරියට ලොතරැයියක් අදිනවා වගේ. තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ තරුණයන් උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි සඳහන් වෙන්නේ.

දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ රාජ්‍ය පාලන කාලයේ එක්තරා ඝාතනයක් නිසා මේ සිරිත වෙනස් වුනා.

දෙවැනි ක්ලෝඩියස් මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්. ක්ලෝඩියස්ට බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න.අවශ්‍යතාවයක් තිබුනා. ක්ලෝඩියස්ට තිබුන තදියමට තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. මේකට හේතුව ලෙස ක්ලෝඩියස් හදුනා ගත්තේ තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට තදින් ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා සිටින නිසා ඔවුන් හමුදාවට බැඳෙන්න කැමති නැහැ කියලයි. ඔහු පැනෙව්වා නියෝගයක්. කසාද බැඳීම තහනම් කියලා ! .

එහෙත් වැලන්ටයින් පූජකතුමා නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. එතුමා මේ මානව හිමිකම උල්ංඝණයට එරෙහිව

පෙම්වතුන්ට අනුශාසනා කරමින් ඔවුන් විවාහ දිවියට ඇතුලත් කිරීමට එතුමා කටයුතු කලා. ඒත් එතුමාගේ මේ මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. දැන් වගේ රාජ්‍ය විරෝධ කටයුතු වල නිරත වෙනවා කියලා වැලන්ටයින් පූජකතුමාට හිරේ වැටෙන්න සිද්ධ වුනා.
එතුමාගේ ආගමික විශ්වාස අතහැර දාන්න බල කළා. ඒත් එතුමා අචලව හිටියා. එහෙම හිරේ විලංගුවේ වැටුනහමත් වීරයෙක් වෙන්න කෙටි මගක් පෑදෙන නිසා වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි.

මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ දෙදෙනා අතර භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.

ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න උත්සහාකලා. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න බැරිවුනා. ඉන්පසුව ක්ලෝඩියස් ශාරීරිකව හිංසනයට පත්කරලා වැලන්ටයින් පූජකතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා. එයත් අසාර්ථකවුනා.

අන්තිමේදී වැලන්ටයින් පූජකතුමාගේ හිස ගසා මරා දමන්න ක්ලෝඩියස් අණ කළා. ඒ නියෝගය අනුව වැලන්ටයින් පූජකතුමා ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා. ඝාතනය කෙරුණා
පෙබරවාරි 14 වැලන්ටයින් පූජකතුමාගේ දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි.

මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණා. මරණයෙන් පසු එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා.
එතුමා බන්ධනාගතකර සිටි අවදියේ මුණ ගැසුන බන්ධනාගාර පාලකයාගේ දියණියට තමා ඝාතනය කිරීමට පෙර ලියු ලිපිය අවසන් කලේ ”Love from your Valentine” කියායි. තවමත් ලෝකවාසී තරුන තරුණියන් එතුමාට ආදරේ කරනවා.

මමත් අද වැලන්ටයින් දිනය සමරනවා. පෙබරවාරි 14 දා මගේ පියබද 73 වෙන උපන් දිනය සමරනවා !.

ඉතින් මාත් විවාහයට වසර දෙකකට පමණ පෙර සිට ආදරවන්තයින්ගේ දිනය සමරන්නෙක් බවට පත්වු 👧👧👧නා.





A day in the life

2025-02-13

කසකසා ඇට


ඔබත් කසකසා ඇට දාපු සරුවත් බීලා තියනව ද..?
ඔබ දන්න කස කසා ඇට මේස හැන්දක් දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ සිදුවන වෙනස..
සුපිරි ආහාරයක් ලෙස බොහෝ විට හඳුන්වන චියා බීජ හෙවත් කස කසා ඇට, සැල්වියා හිස්පැනිකා ශාකයෙන් ලබාගත් කුඩා කළු හෝ සුදු බීජ වේ.
මෙම කුඩා බීජ ප්‍රමාණයෙන් කුඩා විය හැකි නමුත්, ඒවා ප්‍රබල පෝෂණ ගුණයක් සහිතයි. දිනකට මෙම ගන්නා කස කසා ඇට මේස හැන්දක් පමණක් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අපට ලබා දෙයි.
මෙම පෝෂ්‍ය පදාර්ථ බහුල බීජ ඔබේ ආහාර වේලට එකතු කිරීමෙන් ඔබේ ශරීරයට කළ හැකි කැපී පෙනෙන දේවල් දහයක් තමයි මේ:
1. ඔබේ ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි.
කස කසා බීජ ආහාරමය තන්තු වලින් පොහොසත් වන අතර, එක් මේස හැන්දක තන්තු ග්‍රෑම් 5 ක් පමණ අඩංගු වේ. මෙම තන්තු අන්තර්ගතය බඩවැල් චලනයන් නියාමනය කිරීමට සහ බඩවැල් සෞඛ්‍යයට සහාය වේ. මෙම බීජ වල ද්‍රාව්‍ය තන්තු ජලය සමඟ මිශ්‍ර කළ විට ජෙල් වැනි ද්‍රව්‍යයක් සැදෙයි, එය ආහාර දිරවීම මන්දගාමී කිරීමට සහ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
ඔබ මලබද්ධය හෝ අක්‍රමවත් ආහාර ජීර්ණය සමඟ අරගල කරන්නේ නම්, මෙම බීජ මෘදු, ස්වාභාවික පිළියමක් ලෙස යොදා ගත හැකිය.
2. ඔබේ බර කළමනාකරණයට සහාය වේ.
ඒවායේ ඉහළ තන්තු සහ ප්‍රෝටීන් අන්තර්ගතය නිසා, කස කසා බීජ ඕනෑම බර කළමනාකරණ සැලැස්මකට අපූරු එකතු කිරීමට හැකිය. මෙම බීජ වල ඇති තන්තු ඔබට දිගු කාලයක් පූර්ණ බවක් දැනීමට, කුසගින්න අඩු කිරීමට සහ අධික ලෙස ආහාර ගැනීම වැළැක්වීමට උපකාරී වේ. මේ අතර, ප්‍රෝටීන් මාංශ පේශි අලුත්වැඩියාවට දායක වන අතර රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට උපකාරී වන අතර එමඟින් ආහාර රුචිය අඩු කළ හැකිය.
3. ඔමේගා-3 මේද අම්ලවලින් පොහොසත් ප්‍රභවයක් සපයනවා.
මෙම බීජ යනු ඔමේගා-3 මේද අම්ල, විශේෂයෙන් ඇල්ෆා-ලිනොලනික් අම්ලය (ALA) සඳහා හොඳම ශාක පදනම් කරගත් ප්‍රභවයකි. මොළයේ සෞඛ්‍යයට, දැවිල්ල අඩු කිරීමට සහ හෘද සෞඛ්‍යයට සහාය වීමට ඔමේගා-3 අත්‍යවශ්‍ය වේ. නිර්මාංශිකයින්ට හෝ මාළු වලින් වැළකී සිටින ඕනෑම කෙනෙකුට, මෙම බීජ ඔබේ ඔමේගා-3 අවශ්‍යතා සපුරාලීම සඳහා විශිෂ්ට විකල්පයක් ලබා දෙනු ඇත.
4. අස්ථි ශක්තිය වැඩි දියුණු කරයි.
චියා බීජ හෙවත් කස කසා බීජ යනු කැල්සියම්, මැග්නීසියම් සහ පොස්පරස් වල විශිෂ්ට ප්‍රභවයකි - ශක්තිමත් අස්ථි සහ දත් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඛනිජ මෙම බීජ මේස හැන්දක පමණක් කැල්සියම් මිලිග්‍රෑම් 76 ක් පමණ අඩංගු වේ. එය දෛනික නිර්දේශිත පරිභෝජනයෙන් දළ වශයෙන් 6% කි.
කිරි නිෂ්පාදන වලින් වැළකී සිටින හෝ අමතර අස්ථි සහාය අවශ්‍ය පුද්ගලයින් සඳහා, චියා බීජ ඔබේ ආහාර වේලට පහසු සහ ඵලදායී එකතු කිරීමකි.
5. හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරයි.
චියා බීජ වල ඇති ඔමේගා-3 මේද අම්ල, තන්තු සහ ප්‍රතිඔක්සිකාරක වඩා හොඳ හෘද සෞඛ්‍යයකට දායක වේ. තවද, චියා බීජ වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් හෘද වාහිනී රෝගවලට සම්බන්ධ ඔක්සිකාරක ආතතියට එරෙහිව සටන් කරයි.
6. රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කරයි.
කස කසා බීජ රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට උපකාරී විය හැකි අතර, ඒවා දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ට හෝ එය වර්ධනය වීමේ අවදානමක් ඇති අයට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. මෙම බීජ වල ඇති තන්තු සහ සෞඛ්‍ය සම්පන්න මේද සංයෝජනය කාබෝහයිඩ්‍රේට් ජීර්ණය සහ අවශෝෂණය මන්දගාමී කරයි, රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම වළක්වයි.
7. සමේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි.
ක්ලෝරොජනික් අම්ලය සහ කැෆේක් අම්ලය ඇතුළුව චියා බීජ වල ඇති ප්‍රතිඔක්සිකාරක, සමේ සෛල වලට හානි කළ හැකි නිදහස් විෂබීජ සමඟ සටන් කිරීමට උපකාරී වේ. ඔක්සිකාරක ආතතිය අඩු කිරීමෙන්, චියා බීජ වඩාත් තරුණ හා දීප්තිමත් සමක් ලබා ගැනීමට සහාය විය හැකිය.
8. ශක්තිය සහ විඳදරාගැනීම වැඩි කරයි.
මෙම බීජ සියවස් ගණනාවක් තිස්සේ ස්වභාවික ශක්ති උත්පාදකයක් ලෙස භාවිතා කර ඇත. ඇත්ත වශයෙන්ම, පුරාණ ඇස්ටෙක් සහ මායා රණශූරයන් විඳදරාගැනීම සහ ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා ඒවා පරිභෝජනය කළ බවයි සදහන් වෙන්නෙ. මෙම බීජ වල ඇති ප්‍රෝටීන්, සෞඛ්‍ය සම්පන්න මේද සහ කාබෝහයිඩ්‍රේට් සංයෝජනය ස්ථාවර ශක්තියක් මුදා හැරීමක් සපයන අතර ඒවා විශිෂ්ට පූර්ව-ව්‍යායාම කෙටි ආහාරයක් බවට පත් කර ගත හැක.
9. මානසික සෞඛ්‍ය සහ සංජානන ක්‍රියාකාරිත්වයට සහාය වේ.
චියා බීජ වල ඇති ඔමේගා-3 මේද අම්ල මොළයේ සෞඛ්‍යයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි, සංජානන ක්‍රියාකාරිත්වය, මතකය සහ අවධානය වැඩි දියුණු කරනවා.
ඊට අමතරව, මෙම සෞඛ්‍ය සම්පන්න මේද වලින් කාංසාව සහ මානසික අවපීඩනයේ ඇති රෝග ලක්ෂණ අඩු කරන බව පෙන්වා දී ඇත. ඔබේ ආහාර වේලට චියා බීජ එකතු කිරීම සමස්ත මානසික යහපැවැත්මට සහාය විය හැකි අතර මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකිය.
10. ශරීරය සජලනය කරයි.
කස කසා බීජ වලට ජලය අවශෝෂණය කර ගැනීමට ඇදහිය නොහැකි හැකියාවක් ඇත - ඒවායේ බර මෙන් 10 ගුණයක් දක්වා. පොඟවා ගත් විට, ඒවා ජෙල් වැනි වයනයක් සාදයි, එය ඔබේ ශරීරයේ සජලනය මට්ටම් පවත්වා ගැනීමට උපකාරී වේ. මෙම බීජ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ, මන්ද ඒවා දැඩි ව්‍යායාම වලදී අහිමි වන තරල නැවත පිරවීමට උපකාරී වේ.
මෙම බීජ ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගන්නේ කෙසේද?
ඔබේ දෛනික චර්යාවට කස කසා බීජ ඇතුළත් කිරීම ඇදහිය නොහැකි තරම් සරලයි. ඔබට ඒවා යෝගට් හෝ සලාද මත ඉසිය හැක, ඒවා බීම වලට මිශ්‍ර කළ හැකිය, ප්‍රබෝධමත් පානයක් සඳහා, බීජ ජලයේ හෝ යුෂ වල පොඟවා කස කසා ජලය සෑදීමට හැකියි.
නිගමනය
ඔබේ දෛනික ආහාර වේලට චියා බීජ මේස හැන්දක් පමණක් එකතු කිරීම ඔබේ සමස්ත සෞඛ්‍යයට සැලකිය යුතු ලෙස බලපෑ හැකිය. ආහාර ජීර්ණය සහ හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමේ සිට බර කළමනාකරණය සහ සමේ ජීව ශක්තිය ප්‍රවර්ධනය කිරීම දක්වා, මෙම කුඩා බීජ පෝෂණයේ බලාගාරයකි. ඔබ සෞඛ්‍ය උද්යෝගිමත් අයෙකු, ක්‍රීඩකයෙකු හෝ ඔවුන්ගේ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන අයෙකු වුවද, කස කසා හෙවත් චියා බීජ ඔබේ ශරීරයේ අවශ්‍යතා සපුරාලීමට පහසු සහ බහුකාර්ය ක්‍රමයකි.
- සකුපෙරේරා
A day in the life