http://www.ocholeguas.com/en_360/2011/09/sri_lanka/4/4.html
සිරිලක අසිරිය.
මේකලා ගමගේ - Mekala Gamage
බොපත් ඇල්ල - රත්නපුර.
මා මළපසු සොහොන් කොතේ - පණ්ඩිත් අමරදේව.
ෆෙඩ්‍රික් බලකොටුව - .Fort Fredrick
පෘතුගීසින් විසින් ෆෙඩ්‍රික් බලකොටුව 1623 වසරේ ඉදිකර න ලද බලකොටුවක්. ඒ අතීතය වන විටත් ත්‍රිකුණාමලය ලෙස වර්තමාණයේ හදුන්වන එකල ගෝකණ්‌ණ ලෙස හැදින්වු මෙම වරාය ඇතුලත් ප්‍රදේශය චීන, අරාබි, ග්‍රීක, ඊජිප්තු වැනි වෙළෙඳුන්ගේ වෙළද මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තිබුණා. ක්‍රි.ව 1624 වන විට ත්‍රිකුණාමලයේ බලය අල්ලාගත් පෘතුගීසීන් එහි බලකොටුවක් තැනුවා. ක්‍රි.ව 1639 ත්‍රිකුණාමලයේ බලය ලන්දේසීන් අතට පත් වුණා. ඉන්පසු ලන්දේසීන් විසින් මෙම බලකොටුව තවත් පැතුරුන බිම් භාගයක ශක්‌තිමත්ව ප්‍රතිසංස්කරණය කරනු ලැබ ඇත.
බලකොටුව පාමුලපිහිටි මහ මුහුද ලන්දේසි වරාය ලන්දේසි බොක්‌ක නමින් ද හදුන්වනවා. ලන්දේසිගෙන් පසුව 1782 දී මේ බලකොටුව ඉංග්‍රීසීන්ගේ පාලනයට යටක් වනවා . වරින්වර මෙයට ප්‍රංශ හමුදාව ද ප්‍රහාර එල්ල කළ පව ඉතිහාසයේ සදහන් වන්නක්. 1795 දී පූර්ණ වශයෙන් බලකොටුව ඉංග්‍රීසීන්ගේ පාලනයව අයත් ව එතැන් පටන් දියුණු වූ මේ තුළ නාගරික අවශ්‍යතා ගොඩනැඟුණා.
ෆෙඩ්‍රික් කොටුව තුළ හමුදා කඳවුරු, ඉහළ නිලධාරීන්ගේ නිල නිවාස යනාදිය එකල පිහිටා තිබී ඇත. වර්තමානයේ සංචාරකයින් නිතර ගැවසෙන ස්ථානයක්ව ඇති ගෝකණ්‌ණ විහාරය, කෝනේෂ්වරම් දෙවොල ෆෙඩ්‍රික් කොටුව තුල පිහිටා තිබෙනවා. ගජබා රෙජිමේන්තුවේ කඳවුරක් පිහිටා ඇති අතර නඩත්තු කටයුතු කරනු ලබන්නේ ඔවුන් විසිනි
| වර්තමානයේ පිවිසුම පෙනෙන්නේ මේ විදියට |
සදේ ඔබ දිලෙන විට ...
සිතට කවි පද ගෙනේවි
මීදුමෙන් වැසී සිතිජයක කව
සුළග නිහඩවම මුමුණාවී
අදුරු අහසින් ගලන පිණි බිදු
රැයේ මල් තියාවි
තාරුකා රැදි අහස් මායිම
මිහිදුම් සළුවෙන් වසාවි
නිහඩ ගීයක් තනිව මුමුණා
රෑ පුරා හමා ඇදේවී
ඒ සුළග වගේ නුඹත් හෙමිහිට
සිතට කවි පද ගෙනේවි
විශ්වාස කරනවද ?.
යදමින් බැද - විශාරද නන්දා මාලණී
යදමින් බැද විලංගු ලා මගේ පුතා
රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.
කාකා බිබි නටන අතර නරුම
යහළු හෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල
පාසල් වල අමනයන්
රට ගිණිගෙන ඇති වග දුටු
මගේ එකම පුතනුවන්
එ ගිණි නිවන මග නිවන මග සෙවීම
වරදක් දැයි මට කියන්
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.
ගිණි ගන්නා රටක කෙළින
මී හරකුන් වැනි පුතුන්
කුමකටද මට මහ විරුවෙකි
සිරගෙයි මල මගේ පුතුන්
කෝටි ගනන් බිහිවේවා
මගේ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලග උතුම්
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.































