පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Thursday, January 04, 2024

මැණිකෙ දැන් ඔය මදෑ



 

මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව

තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව

රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව

ඒ තමයි අපි අදත් අදහන ජීවිතේ ලොකු මුලාව.....

 

අහල අහලම ඇති වෙලා ඇති නුඹේ ඔය කන්නලවුව

දන්නවා ඔය හිතේ ඇවිලෙන ගින්න දරුවන් මෙළෙව්ව

අපේ නැති බැරි කම් වසා ගෙන දුක දරා සිටි සොරොව්ව

ඕං දැන්වත් කරමු අමතක මැණික ඔය හත් ඉලව්ව.....

 

දෝවණය කළ පැන් කලත් ඇති ඉහේ කෙස් ගාණට වඩා

බෝධි මලුවට දැනෙන්න්ට ඇති නුඹේ පා තරමට විඩා

තුමුල මහ කඳු ශිඛර මැද්දේ අපි වුණෙන් ගල් කැට කුඩා

සේරමත් බර අරන් ආවට නුඹත් දැන් හොඳටම ලෙඩා.....

 

ඔප්පු කරනට බැරි තරම් වෙයි එදා හිට ගැට ගහපු පඬුරූ

කලු ගලක් හරි නුඹේ දුක දැක උණු නොවේවිද ලෙසින් වෙඬරූ

කමක් නෑ මේ ඉන්න ඩිංගට උන්ට අපි නම් තිත්ත කදුරූ

යං ඉතිං අපි හිටපු තැනටම පිහ ගනින් ඔය ඇහේ කඳුලූ.....

 

- රුවන් ජයරත්න -

Harsha Sulovhana

Wednesday, January 03, 2024

ඇය,මගේ බිරිඳ යි......














ලලිත කොමළ බස හසුරා ශිල්ප දෙවන්නී
වතළ කුලුණු ගුණ සිප් හල තුළ වපුරන්නී
උදුල විපුල ළහිරු කිරණ සේ බැබැළෙන්නී
සිසිල පවන ලෙසින් මහද සනසාලන්නී.
පාන් කලුව එක්ක ඇවිත් ගෙට ගොඩවෙන්නී
යාන්තමට කන්ද උඩින් සඳ හිනැහෙන්නී
හීන් සිනාවට ගෙපැලේ කලුව මකන්නී
මාන්සියට ඔසරි පොටෙන් පවන් සලන්නී.
වෑ කන්දට ගොඩවී වැව් දියට බසින්නී
රෑට බතට දෙල් මාලුව රසට උයන්නී
කුල සිරිතට මා කනතුරු ළඟ දැවටෙන්නී
හමාරකොට වැඩ ඔක්කොම පිරිත් කියන්නී.
රනේ රුවට නිදි යහනට සඳ ගෙන එන්නී
මලේ සුවඳ සේපාලික හුස්ම පොවන්නී
සිතේ පිරුණු ලෙන්ගතු කම මවෙත පුදන්නී
මෙතේ බුදුන් හමුවෙන තුරු අත්වැල දෙන්නී.
රෝ.සි.
2024.01.02.

notes of imaginary

Wednesday, December 06, 2023

ලිංගිකත්වයට වඩා වැඩි දෙයක්









මගේ දෙමාපියන් විවාහ වෙලා අවුරුදු 55ක් වෙනවා.
 
 දවසක් උදේ, මගේ අම්මා තාත්තාට උදේ කෑම හදන්න පහළට යමින් සිටියදී, ඇය හෘදයාබාධයක් වැළඳී වැටුණා. මගේ පියා ඇයට හැකි උපරිමයෙන් ඇයව ඔසවා ලොරියට ඇදගෙන ගියේය. උපරිම වේගයෙන්, මාර්ග සංඥාවලට ගරු නොකර, ඔහු ඇයව රෝහලට ගෙන ගියේය.
 
ඔහු පැමිණෙන විට, අවාසනාවන්ත ලෙස ඇය අප අතර සිටියේ නැත.
 
අවමංගල්‍යයේදී තාත්තා කතා කළේ නැහැ. ඔහුගේ බැල්ම නැති විය. ඔහු ඇඬුවේ නැති තරම්ය.
 
එදින රාත්‍රියේ ඔහුගේ දරුවන් ඔහු හා එක් විය. වේදනාවෙන් හා නොස්ටැල්ජියාවෙන් පිරුණු වාතාවරණයක් තුළ, අපි ලස්සන කථා සිහිපත් කළ අතර, ඔහු දේවධර්මාචාර්යවරයෙකු වූ මගේ සහෝදරයාගෙන් ඉල්ලා සිටියේ අම්මා ඒ මොහොතේ සිටින්නේ කොහේදැයි ඔහුට පවසන ලෙසයි. මගේ සහෝදරයා මරණයෙන් පසු ජීවිතය ගැන කතා කිරීමට පටන් ගත් අතර ඇය සිටින්නේ කෙසේද සහ කොහේදැයි අනුමාන කළේය.
 
තාත්තා හොඳට අහගෙන හිටියා. හදිසියේම ඔහු අපෙන් ඉල්ලා සිටියේ ඔහුව කනත්තට ගෙන යන ලෙසයි.
"තාත්තා!" අපි පිළිතුරු දුන්නා, "දැන් රෑ 11 යි, අපිට දැන් කනත්තට යන්න බැහැ!"
ඔහු සිය හඬ අවදි කළ අතර, දිලිසෙන බැල්මකින් ඔහු මෙසේ පැවසීය: "මා සමඟ වාද නොකරන්න, කරුණාකර අවුරුදු 55 ක බිරිඳක් අහිමි වූ පුද්ගලයා සමඟ වාද නොකරන්න."
 
ගෞරවනීය නිශ්ශබ්දතාවයක් ඇති විය, අපි තවදුරටත් තර්ක නොකළෙමු. අපි කනත්තට ගියා. විදුලි පන්දමකින් අපි ඇගේ සොහොන වෙත ළඟා විය.
මගේ පියා වාඩි වී, යාච්ඤා කර, ඔහුගේ දරුවන්ට පැවසුවේ: "එය අවුරුදු 55 ක් ... ඔබ දන්නවාද? පුද්ගලයෙකු සමඟ ජීවිතය නොකළේ නම් කිසිවෙකුට සැබෑ ආදරය ගැන කතා කළ නොහැක."
 
ඔහු නැවතී මුහුණ පිස දැමීය.
 
"එයා සහ මම, අපි හොඳ සහ නරක තුළ එකට සිටියෙමු." ඔහු තවදුරටත් කියා සිටියේය.මම රස්සාව මාරු කළාම ගේ විකුණලා පදිංචියට යනකොට අපි බඩු පොදි බැඳගත්තා. අපේ දරුවෝ දෙමව්පියෝ වෙනවා දැකලා සතුට බෙදාගත්තා, හිතවත් අය සමුගන්නවා කියලා අපි එකට වැළපුණා, සමහර ඉස්පිරිතාලවල පොරොත්තු කාමරේ එකට යාච්ඤා කළා, සහයෝගය දුන්නා. එකිනෙකා වේදනාවෙන්, අපි සෑම දිනකම එකිනෙකා වැළඳ ගත්තෙමු,
අපි වැරදිවලට ​​සමාව දුන්නෙමු."
ඉන්පසු ඔහු මදක් නැවතී, "ළමයෝ, අද රෑට ඒ හැමදේම නැතිවෙලා මම සතුටින් ඉන්නවා. ඔයා දන්නවද මම සතුටින් ඉන්නේ ඇයි කියලා? මොකද ඇය මට කලින් ගියා. ඇය මාව වළලා දැමීමේ වේදනාව සහ ඒ වේදනාව විඳදරාගැනීමට අවශ්ය නැහැ. , මගේ නික්ම යාමෙන් පසු තනිව සිටීම, මම ඒ හරහා යන්නෙමි, ඒ සඳහා මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙමි, මම ඇයට බොහෝ සේ ආදරය කරමි, ඇය දුක් විඳිනවාට මා කැමති නොවනු ඇත ... "
 
තාත්තා කතා කරලා ඉවර වුණාම මටයි අයියලාටයි කඳුළු ආවා. අපි ඔහුව බදාගත් අතර ඔහු අපව සනසමින්, "කමක් නෑ. අපිට ගෙදර යන්න පුළුවන්. හොඳ දවසක්" කියලා.
 
එදා රෑ මට තේරුණා සැබෑ ආදරය මොකක්ද කියලා. එය හුදෙක් රොමෑන්ටිකවාදය සහ ලිංගිකත්වයට වඩා වැඩි දෙයක්, එය එකිනෙකා අසල සිටගෙන සිටින, එකිනෙකාට කැපවී සිටින දෙදෙනෙක් ... ජීවිතය ඔබ වෙත විසි කරන සියලු හොඳ නරක හරහා ය.
 
ඔබේ හදවත් තුළ සාමය.

 

කර්තෘ නොදන්නා

 

 

notes of imaginary

Wednesday, November 08, 2023

නොමැති කෙළවර ඉමක් සසර සරනා බවේ


















සිතුවිලි සසළ යි.......
*********************
හැඩැති සුවඳැති මලුත් පිපෙයි පරවෙයි ලොවේ
උසැ'ති කඳු නාය ගොස් විවර සෙලුවත මැවේ
නොමැති කෙළවර ඉමක් සසර සරනා බවේ
පිනැති උපතක් ලදුත් මංමුළා වී තැවේ.
දෙතෙර යාකරන් ඉඳු දුන්න ක්ෂිතිජයෙ මැවේ
එතෙර යාගත නොහී මෙතෙර මා හද තැවේ
සුනෙර .සැලෙනා තරම් සසළ හදවත දැවේ
කතර වාලුකාවකි මිරිඟුව කි මට ලොවේ.
සලපතළ මලුවක් අතුළ සුදු වැලි දමා
සඳ වතළ කල දිසෙයි දෙව් ලොවට මං යොමා
වත කමළ සිහිවත්ම සෙනේ දිය නොව නිමා
හද මඬල උතුරාවි මව්පියෙනි බැති පෙමා.
රුදුරු රළ රැළි වැදී සැලෙන නෞකා බඳේ
නපුරු දැති මෝරු දත් විළිස්සා එන සඳේ
නුදුරු ගොඩ බිම ක් නැත ගිජු ලිහිණි නෙත් ඇදේ
සොඳුරු ලොව සිහිනයකි රුවල ඉරුණොත් හදේ .
රෝ.සි.
notes of imaginary

Friday, October 13, 2023

සිතන්නට යොමු කරමු.


එක දවසක් ගුරුවරියක් තමන්ගෙ පන්තියේ ශිෂ්යන්ට කිව්වා කොළයක් අරන් පන්තියේ ඉන්න අනිත් යාළුවන්ගෙ නම් ඒ කොළේ ලියන්න කියලා. ලියන හැම නමක් අතරෙම එක රූලක් ඉඩ තියන්න කියලා ඇය දිගටම එයාලට මතක් කරා. ඊටපස්සෙ ඇය කිව්වා ඒ එක එක නමට යටින්, ඒ කෙනාගෙ දැකලා තියෙන ලස්සනම ගතිගුණය ලියන්න කියලා. පීරියඩ් එකේ ඉතුරු වෙලාව ගත වුණා හැමෝටම ගතිගුණ ටික ලියන්න. පීරියඩ් එක අවසානයේ ඇය ඒ කොළ ටිකත් එකතු කරන් පන්තියෙන් පිටත්වෙලා ගියා.
ඒ සතියේ අග එළැඹුණු සෙනසුරාදාවේ මේ ගුරුතුමිය හැම ශිෂ්යයෙක්ගෙම නමින් එක කොළයක් බැගින් වෙන් කරලා, ඒ හැම කොළයකම, මුළු පන්තියෙම දරුවො ඒ කෙනා ගැන ලියලා තිබ්බ ලස්සන ගතිගුණ ලැයිස්තුව ලිව්වා. පන්තියේ හැම ළමයෙක්ගෙම නමින් කොළයක් නිර්මාණය වෙලා අවසන් වුණා සති අන්තය අවසන් වෙද්දි. සඳුදා පන්තියට ගිහින් ඇය එක එක දරුවට, එයාට අදාළ වුණු කොළේ අතට දුන්නා. වැඩි වෙලා යන්න කළින් මුළු පන්තියමෙ, හැම ළමයෙක්ගෙම මූණුවල හිනාවක් ඇඳෙන්න පටන් ගත්තා. ගුරුතුමීට ඇහුණා එක්කෙනෙක් මුමුණනවා,
"ඇහ්..ඇත්තටම? මම දැනන් හිටියෙ නැහැ මගෙන් කාටවත් වැඩක් තියෙනවා කියලා"
ආයෙත් ඇයට ඇහුණා තව කෙනෙක් කියනවා " මම හිතුවෙ මටනම් කවුරුත් කැමති නැහැ කියලයි"
පන්තිය පුරාම තිබ්බේ ඒ වගේ පොඩි පොඩි අදහස්. කෙඳිරීම්...
ඉන්පස්සෙ කිසිම දවසක්, කිසි කෙනෙක් ඒ කොළේ ගැන කවදාවත් කතා කරේ නැහැ. අඩුමගාණේ පන්තියෙන් පස්සෙ හෝ දෙමාපියො එක්ක හෝ කිසිම විශේෂ දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒත් ඒ කොළය විසින් කලයුතුව තිබූ කාර්යය සිද්ධ වෙලා තිබ්බා. හැම ශිෂ්යයෙක්ම තමන් එක්කත්, අන් අය ගැනත් සතුටට පත්වෙලයි හිටියෙ. ඒ ශිෂ්යයො කණ්ඩායම ඒ පන්තියෙන් ඉවත් වෙලා ඊළඟ පන්තියට ගියා. කිසිම අමුතු යමක් වුණේ නැහැ.
අවුරුදු කිහිපයකට පස්සෙ වියට්නාමයේදී ඒ ශිෂ්යන් අතරින් කෙනෙක්ව හිටපු, පසුකාලීනව සොල්දාදුවෙක් වුණු මාර්ක් මිය ගියා. මේ ගුරුතුමියත් ඒ අවමංගල්ය උත්සවයට සහභාගී වුණා. ඇය ඇගේ මේ විශාල ජීවිතයේ කිසිදාක එතරම් ලස්සන මෘත දේහයක් දැකලා තිබ්බෙ නැහැ. මාර්ක් ඉතාම කඩවසම්ව, පරිණත පෙනුමක් සහිතව ශාන්තව වැතිරිලා හිටියා. පල්ලිය පිරෙන්න මාර්ක්ගෙ මිතුරො පිරිලා හිටියා. හැම කෙනෙක්ම නිසල සිරුරු ළඟට ඇවිත් තමන්ගේ අවසන් ගෞරවයත්, ආශිර්වාදයත් ලබා දෙමින් හිටියා. අවසාන කෙනා වුණේ මේ ගුරුතුමිය. ඇය මාර්ක්ගෙ ළඟ හිටගෙන ඔහු දිහා බලාගෙන ඉද්දි, මාර්ක්ගේ අවමංගල්ය උත්සවයට සහභාගී වුණු හමුදා නිළධාරීන් අතර ප්රධානියා ඇයගෙ සමීපයට ඇවිත් "ඔයාද මාර්ක්ගෙ ගණිත ගුරුතුමිය?" කියලා ඇහුවා.
"ඔව්" ඇය උත්තර දුන්නා.
"ඕහ්! මාර්ක් ඔයා ගැන නිතරම කතා කරා" ඔහු ප්රශ්නයක් හෝ උත්තරයක් නොවන විදිහට කියලා යන්න ගියා.
පල්ලියේ චාරිත්රවලින් පස්සෙ හැමෝම කුඩා ආපනශාලාවකට එකතු වුණා මාර්ක්ගෙ දෙමාපියන් එක්කම. මාර්ක්ගෙ දෙමාපියන් බලාගෙන හිටියා ගුරුතුමිය එක්ක කතා කරන්න.
"අපිට ඔයාට යමක් පෙන්නන්න ඕනේ" තමන්ගෙ සාක්කුවෙන් පසුම්බියක් එළියට ගන්න ගමන් මාර්ක්ගෙ තාත්තා කිව්වා.
"මාර්ක් මියගියාට පස්සෙ එයාලා මාර්ක්ගෙ ළඟ තිබිලා මේක හොයාගත්තා. අපි හිතුවා ඔයා මේක අඳුරගනී කියලා"
ඔහු කිව්වෙ අතටම දියවුණු පෙණුමක් තියෙන කොළ දෙකක් පෙන්නමින්. ඒ කොළ දෙක ඉතා විශාල වාර ගණනක් නවපු සහ දිග ඇරපු බව පේන්න තිබුණා. ඒ කොළ දැකපු ගමන් ගුරුතුමිය දැනගත්තා ඒ තිබ්බේ මාර්ක් ගැන එයාගෙ පන්තියේ අනිත් අය කිව්ව සේරම හොඳ ඇතුළත් කරලා එයා ලිව්ව කොළ දෙක තමයි ඒ කියලා.
"ඔයා ඒක කරාට ගොඩාක් ස්තූතියි. මාර්ක් හුඟාක් අගය කරා ඒක. එයා හුඟාක් පරිස්සම් කරා මේ කොළ දෙක" මාර්ක්ගෙ අම්මා හෙමින් කිව්වා.
මාර්ක්ගෙ පන්තියේ හිටපු පරණ යාළුවෝ හැමෝම මේ වෙද්දි ගුරුතුමිය සහ මාර්ක්ගෙ දෙමාපියන් වටේ වටවෙන්න පටන් අරන් තිබුණා. ඒ අතරෙ චාර්ලි ලැජ්ජාවෙන් හිනාවෙවී කිව්වා
"මගේ ළඟත් මේ කොළේ තාම තියෙනවා. ඒක මගේ කබඩ් එකේ උඩ ලාච්චුවේ තියෙනවා" කියලා.
චක්ගෙ බිරිඳ කිව්වා " චක් මට කිව්වා එයාගෙ කොළේ අපේ වෙඩින් ඇල්බම් එකට දාමු කියලා. ඉතින් එයාගෙ කොළේ අපේ වෙඩින් ඇල්බම් එකේ තියෙන්නෙ" කියලා.
මැර්ලීන් අනිත් අය දිහා බලමින් කිව්වා "මගේ කොළෙත් තියෙනවා. ඒක මම මගේ ඩයරි එක ඇතුළෙ තියලා තියෙන්නෙ" කියලා.
ඒ පන්තියේම කෙනෙක් වෙච්ච විකී එයාගෙ සාක්කුවේ තිබ්බ පොඩි නෝට්බුක් එක අතට අරන් ඒකෙන් කුණු ගෑවුණු, ඉරුණු කොළයක් එළියට ගන්න ගමන් කිව්වා "මම යන ඕනෑම තැනක මම මේක අරන් යනවා" කියලා. ඒ කියලා ඇහිපිල්ලමක් ගහන්නවත් ප්රමාද නොවී ඇය කිව්වා "මං හිතන්නෙ අපි හැමෝම අපේ ලිස්ට් එක පරිස්සම් කරගත්තා" කියලා.
හරියටම අන්න ඒ මොහොතේ තමයි එයාලගෙ ගුරුතුමිය ඒ ළඟ තිබුණු පුටුවක ඉඳගෙන අඬන්න පටන් ගත්තෙ. ඇය මාර්ක් වෙනුවෙන් වගේම ආයේ කිසිම දවසක මාර්ක්ව දකින්න නොලැබෙන ඔහුගෙ යාළුවො වෙනුවෙන් ඇඬුවා.
-----
සමාජයක් විදිහට අපි කොච්චර ඝන කටු සහිත මිනිස්සු බවට පත්වෙලාද කියනවනම්, අපිට සමහර වෙලාවට අමතක වෙනවා අපේ ජීවිත යම් මොහොතක නැති වෙන්න පුළුවන් කියලා. අපි අඩුගාණේ ඒ දවස මොකක්ද කියලවත් දන්නෙ නැහැ.
ඒ නිසා මතක ඇතුව, ඔයා ආදරේ කරන අයට ඒ බව කියන්න. ඔයාට විශේෂ අයට ඒ ගැන කියන්න. ඔයාට වැදගත් අයට ඒ බව කියන්න. ඔයාට වැළඳගන්න පුළුවන් අයව වැළඳගන්න. සිපගන්න පුළුවන් අයව සිපගන්න. පරක්කු වැඩි වෙන්න කළින් ඒක කරන්න. කිසිම දාක, තව කෙනෙක්ගෙන් ආදරේ වචනයක් නොඅහපු, ප්රශංසාවක් නොලබපු, තමන් වැදගත්බව හෝ වටිනබව අහන්න නොලැබුණු ජීවිත දහස් ගාණක් අපි වටේ ඉන්නවා. ඇස් ඇරලා බලලා කියන්න.
එහෙම කිව්වට පස්සෙ ප්රාතිහාර්යක් වෙලා, එකපාරටම සියල්ල යහපත් වෙන එකක් නැහැ. ඒත්,
පසු වදන...
ඔව් ඒත්, අවුරුදු ගාණකට පස්සෙත් නෝට්බුක් එකක් ඇතුළෙන් මතුවෙන දියවුණු පොඩි කොළයක් වගේ බලාපොරොත්තුවක් විදිහට ඒක මතුවේවී!! මතුවිය හැකි යමක් නිර්මාණය කරන්න
අද දිනට යෙදෙන සියදිවි හානිකර ගැනිමේ දිනයට සමගාමි
දරුවන්ට සතුටින් සිටින්නට හිතන්නට
අපි වෙනස් වෙමු...වැඩ සටහනේ තේමාව
උපුටාගැනීම: බෙටී බයිරම්
අනුවාදය: ෂෙනූ පෙරේරා


notes of imaginary

Wednesday, September 20, 2023

වැහි දළු හා ගිනිදළු !!




මහ විසාලෙට දුරට ඇදි ඇදි
ගියත් අහසක් දුක දරාගෙන
වළාකුළු ගැබ්බර උණේ නම්
අපේ කඳුළුත් එයා අරගෙන

සිලි කවරෙකට අඩුවැඩිය ටික
පුරෝගන්නට විඳපු දුක ගැන
නාට්ටාමියෙකුමයි දන්නේ
අල්ල කරගැට වලින් හැඩවුණ.

සේදවත්තේ සේද රෙදි කොයි
දිරපු ටකරන් වහළ හිල්වුණ
මඩකඩිති බොර පාට විසිවෙයි
දෝරෙ ගලනා කොළඹ වැස්සට

“සයිඩ්” ඉල්ලං බර කරෙන් ගෙන
මැනිං මාර්කට් එකේ දිවුවට
“කෑල්ලක්” බා ගත්තෙ නැත්තං
ජේසු පිහිටයි පැටවු දෙන්නට .

කඩා වැටෙනා අහස් කළුවට
තෙමුනොතින් බඩු කාගෙ පිහිටද
ආය කටුවෙන් බාට ජෝඩුව
රඳවගන්නට ඇහැක් වේවිද

අර්ථ සාධක ,බටා ඉල්ලා
නාට්ටාමිල ඇඬුවෙ කවදද
අපේ හිත්වල කැකෑරෙන දුක
පැටවු ගැහුවත් උන් දකීවිද .


ඉරුණු කඩමළු ගවුම අස්සෙන්
ඇහැල මල් පාටින් දිස්නෙ දෙන
කාන්ති ගෙ කුස ආයෙ පාරක්
නෙරා එනවා බලා ඉද්දිම

දවස තිස්සෙම ගෙදර නැති මං
රාත්තිරියේ ගොර අදිනකොට
බමරු කැරකෙනවාද මන්දා
රෝද තුන මඩපාරෙ තදටම.

රෝ.සි.

Siripala Kahawatte
"අතීත යොබ්බනෝ පෝසෝ ආනෙති තිම්බරුත්තනිං....."ඒ කර්කශක ජීවිත තුළත්
ආදරය තියෙනවා.හැමදාම සැකයත් ඒ ආදරය ළඟම ඉන්නවා.ඔයා ඒ ජීවිත දිහා අධ්යාත්මිකව සංවේදීව බලලා තියෙනවා.අරුත ඉස්මතුවෙන හොඳ පදගැලපුමක්.
අගෙයි රෝසි.

notes of imaginary

Sunday, September 03, 2023

මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා



සිරිපාල කහවත්තයන් මුහුණු පොතට එක් කල මේ නිර්මානය මා ලග නතරවිනි.මේ අපේ ජීවිතයයි. පිරුවටයන් පොරවා ගෙන බාහිර ලෝකයට පෙන්වන සර්වපිත්තල ලෝකයි. ආපසු බලන්නට අකමැති ජීවිතයයි.
ආපසු බලන්නෙකුට නම් සුන්දරවු ජීවිතයයි.

👋👋👋👋👋👋👋👋👋



ගොම ගෑ පොළොවෙ,පන් පැදුරේ නිදපු මට
තුන්වේලටම අල දෙල් කොස් කාපු මට
සරමක් කමිසයක් විතරක් තිබුනු මට
දුක ගැන කියන්නට අටුවා ටීක මොට
ඉස්කෝලෙන් දීපු ටී බනිසය කාලා
ඉස්කෝලෙන් දීපු ඇදිහැස කිරිබීලා
ලන්දේ කැළේ තිබු හැම කොල ගෙඩි කාලා
මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා
දුක බඩගින්න නැති බැරිකම තුරුළු කරන්
සෙනෙහස ආදරය වින්දෙත් කඳුළු පෙරන්
අග හිගකම් නොසැලකිළි කම් ඕනැතරන්
දුක ගැන දනිමි මම "මහභාරතය" තරන්
පොත පත පෑන පැන්සල නැති හින්දාම
ගුරුවරු තැලුව දොස්කීවා හැමදාම
පොත් නෑ කියල ඇඬුවත් මම හැම රෑම
රුපියල් පහක් නෑ මුළු ගේ සන්තකෙම
අයියල අක්කලා පාසල් ගමන නොයා
වත්තේ දළු නෙළන්නට,පතලෙකට ගියා
අත දුන් නිසා ඒ අය අඩුවක් නොතියා
සරසවි වරම් ලැබ මම ඉහළටම ගියා
අතු ඉති රළු වෙලා,නටු අග කටු සදලා
නුඹෙ කඳුළිනුයි මම පිපුනේ මලක් වෙලා
කළ යුතු යුතුකමක් ඇත මට පැවරීලා
මම මියැදෙන්නෙ ඒ යුතුකම ඉටුකරලා
මේ රට දමා පිට රටකට නොයන්නෙමී
දුටු හැම තැනම වරදට එරෙහි වන්නෙමී
හෙට උපදින උන්ට ලස්සන රටක් හිමී
කරදී මිසක මම නම් මිය නොයන්නෙමී
All reac

notes of imaginary

Monday, August 21, 2023

භීෂණය සමග මාස පහක්.

 


 1971  විමුක්ති සටනට සිරිමාවෝ මැතිණිය ප්‍රතිචාර දැක්වුයේ සානුකම්පිතවය. විමුක්තිකාමීන් ප්‍රචන්ඩවුවත් මැතිනියගේ හමුදාවන් ප්‍රචණ්ඩවුයේ බැරිම අවස්ථාවන්හිදී පමනක්යයි මට සිතෙයි. එතුමියගේ රජය  පුනරුත්තාපනය කෙරෙහි වැඩි බරක් තැබුයේය.

එහෙත්  88 -89 කැරළි සමය වඩාත් ප්‍රචණ්ඩකාරී විය.දෙපාර්ශවයම අකාරුණිකව කටයුතු කලේය. රජයක් තම ජනතාව හිතුවක්කාරයයි සැලකෙන්නේ නම් වදයට වේදනාවට පත් කර මරා දමන්න සැළසුම් කරයි නම් එය ම්ලේච්ඡ කටයුත්තක් ලෙස හැදින්වීම හැර වෙන හැදින්වීමක් නැත.

 ප්‍රේමදාස රජය හිතා මතා ඒ කටයුත්ත සිදුකලේය. මහ මගදී ඔහුත් වෙනත් ආකාරයකට හෝ වන්දි ගෙවීය.

ජනතා විමුක්ති පෙරමුනේ අවදිවීමත් - ප්‍රභාකරන්ගේ අවදිවීමත් එක සමාන කර දැක්විය නොහැක.

88- 89 සමයේ කිසිදු  විචාරයක් නොමැතිව තරුණයින් අත් අඩංගුවට ගත්තේය. වද හිංසා පැමිණවීය ම්ලේච්ඡ අන්දමින් මරණයට පත් කලේය.

මේ කතාව හිංසනයට පත්වු මීදුමගේ සහෝදර මිත්‍රයකුගේ කතාවයි. දේශපාලනය කොයිතරම් අමිහිරිද යන්න පසක් කර ගන්න  ඔහු දින තුනකදී පලකල වියමන් තුනක් මූණු පොතෙන් උපුටා ගෙන  සම්පුර්න කතාවක් ලෙස  මම  පලකලෙමි.

ඔහු මට සමාවනු ඇත.

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

මේ වගේ සිදුවීම් හුඟ දෙනෙකුට අත්විඳින්න නොලැබෙන නිසාත් නොකියා නොලියා හිටියොත් මාත් එක්කම ඒවා වැළලිලා යන නිසාත් ...ඔන්න අහගන්නකෝ

එතකොට මම බදුල්ලෙ උඩවෙල ම.ම. විදුහලේ ගුරුවරයෙක්.හිටියෙ විනීතගම. මූණ පුරා රැවුල වවාගෙන,කොණ්ඩෙත් වවාගෙන ටිකක් අමුතුයි තමා.කොහොම වුනත් එක්තරා දවසක හවස දූට පාටපෙට්ටියක් ගේන්න දෙකේ කනුවට යන්න පාරෙ ඉන්නකොට ආමි එකෙන් අල්ලන් ගියා.

 

(මේටිකත් මාරයි.ලියන්න යනදේට බාධාවක්නෙ.ඒහින්ද කතාවට යන්නම්)

 

මම ගෙනිහින් දැම්මෙ old dhuuthiyan club එකේ stage එකේ යට අඩි3 1/2 ක් විතර උස කලුවර කාමරයක.එක දොරයි ඒකත් වහලා මුරදාල.අපි 30 ක් විතර ඒක අස්සෙ .12×15 විතර කාමරයක්.ඉන්න අය අඩු වැඩි වෙනවා.ගිය අය ආයෙ කවදාවත් ආවෙත් නෑ.

කන්න දෙන්නයි වැසිකිළි එක්ක යන්නයි දෙසැරයක් දොර අරිනවා.ඒවා පෝලිමේ සන්නද්ධ රැකවරන ඇතුව

මාස දෙකක් විතර යන්න ඇති.ගෙදර අය දන්නෙ නෑ මම ජීවතුන් අතරද කියලා වත්.

එක දවසක් උදේ 11 ට විතර දොර ඇරුන කව්ද සිරිපාල.

වරෙන් එළියට.

ගලවපන් කමිසෙ. කතාකළා ඇතුලෙම කෙනෙකුට

බැඳපන් මුගේ ඇස්දෙක.

ගලෝපිය තොගේ කමිසෙත්

බැඳිපිය මුගේ අත්දෙක පිපස්සට කරලා.

අල්ලා ගත්තවැලමිටට උඩින්

වරෙන්

ඕං ඉතින් මම යනවා.කණා වගේ.කකුල් ඇගිලි හැම එකේම ඇනෙනවා ඌයි වත් කියන්නයැ.අව්ව වැටෙනව හෙවන එනවා ඇඟට දැනෙනවා කටහඬවල් ඇහෙනවා .

විනාඩි 6,7කින් හෙවන තැනකට ගෙනාවා.ඇදගෙන ගියා ටිකක් අස්සකට වගේ.

ඉඳගන් ඔතන

කකුලෙන් එහා මෙහා කරල බැලුවා.දෙපැත්තෙ මොනවහරි බඩුවගේ.පොඩි හිස් මැදක්.

ඉඳගන්

ඉඳගන්න බෑ බිම.අත් බැඳලා පේන්නෙත් නෑනෙ .

එහෙමම පාත් උනා. පෙරේතය පොලොවෙ ගැහුව වගේ පස්සබිම ඇනිල උඩුබැල්ලෙන් පෙරලුනා.කෙළින් වෙන්න බෑ.කව්ද අතින් ඇදල කෙළින් කළා.

ටික වේලාවකින් කීප දෙනෙකුගේ බර සපත්තු හඬ.නැවතුනා.

කෝ අරූ.

මගේ ඉස්සරහට යකඩ කෑළි ගොඩක් බරට වැටුනා.

කියපන් ඇත්ත.උඹ ගැන සේරම අපි දන්නවා.

තෝ නේද මලංගම හයිටෙන්ෂන් කණුව කැපුවෙ.

නෑ

මම දන්නෙවත් නෑ එහෙම එකක්.

තෝ දන්නෙ නෑ.එහෙම තමයි තොපි කියන්නෙ.

තෝ නායකයෙක්.

තව ගොඩක් දේවල් ඇහුවා.ඒ එකක්වත් මං දැනනගෙන හිටියෙ නෑ.

මුගෙන් මෙහෙම අහල දැනගන්න බෑ.

එල්ලපන් මූ.

 දිගු නිහැඬියාවක්.පිටත බොහෝ හඬවල්.ජීප්,බයික්,සපත්තු,කුණුහරුප,ඇමතීම්,නියෝග අරවා මේවා ....

දැන් මාව එල්ලනු ඇත.කකුළේ මහපටැගිලි දෙක එකට ගැටගසා ඇඟිලි දෙකෙන් ඔලුව පහලට සිටින සේ උඩ එල්ලා පහර දෙන බවත්,ගෝනියකින් මුහුණ වටට ඔතා යටින් ගිණිකබලක් තබා එයට මිරිස් දමන බව ඒ වදයට ලක් වූ තරුණයෙක් කී අයුරු මට මතක් වේ. මා එයට මුහුණ දීමට හිත හදා ගත යුතුය. බංකුවක මුනින් නිදිකරවා අත්දෙක යටින් ගැට ගසා දෙතුන් දෙනෙකු ඇඟ දිගට වාඩි වී සිලිබෑගයකට පෙට්රල් දමා

එය බෙල්ල ළඟින් සිරකර අල්ලා සිටින බවත් සමහරු එවිට දඟලන වේගෙට ඇග දිගට ඉන්න උනුත් විසිවෙන බවටත් කී කතාවක් හා ඒආදී නොයෙක් වද ගැන මගේ හිතේ එක වැලට මතු විය.

මේ කව්ද?....අර ගුරුතුමා නේද.කව්ද මෙහේට ගෙනාවෙ. නිවුනු කට හඬක්.මම පිළිමයක් වී ඇත.

ඔහු මගේ ඇස් බැඳ තිබූ රෙද්ද පහතට කළේය.අත්දෙකද ලිහුවේය.. තරුණ භටයෙක්.මගේ අම්මත් ගුරුවරියක් ඔහු කීවේය.අතතිබූ ගිණි අවිය ඇඳ ඉහළ කෙලවරේ තැබීය.මා සිටියේ කූඩාරමකය. එය ගබඩාවකි.ඔහු නරසිංහය.ගම මාතලේ බව කීවේය.මට බොන්න වතුර කෝප්පයක්ද ඔහු දුන්නේය.

මං ඉන්න වෙලාවට ඔහොම ඉන්න.මං නැත්නම් අත් දෙක බැන්ද විදිහට පලවාගෙන පස්සට කරගෙන ඇස්දෙකත් වහගෙන ඉන්න. ඔහු උපදේශයක් දුන්නේය.

කෝ ඉස්කෝලෙ මහත්තයා.දවල්ට කෑවෙ නෑ නේද.ඉන්ඩ මං කෑම එකක් ගේන්නම්. ඒ සිල්වාය.කුස්සිය භාරව සිටි නිළදරයයි.කුමන හේතුවක්ද නොදනිමි ඔහුද මට ලෙන්ගතු ව සිටියේය.

ටික වේලාවකින් ලොකූ බත් පිඟානක්ද ගෙන ඔහු පැමිණියේය.ඔහු මගේ අත් ඇස් බැඳ තිබූ රෙදි අහකටම දැම්මේය

ඇයි මූ ලිහුවෙ.බොම්බඩි මහීපාල.ගබඩාවෙ ලොක්කා.

ඒව බැඳගෙන කන්න පුලුවනෑ.උදේටත් මේ මනුස්සයට කෑම නෑ.සිල්වා උත්තර දුන්නේය.

කන්න ගත්තද කෙසේවත් කෑ නොහැක.ගිලෙන්නේද නැත. මම පිගාන ආපසු දුනිමි.ඇයි කන්න බැරිද...මේ මස් කෑලි ටිකවත් කන්න.මම ඉතා අමාරුවෙන් ඒටික ගිල දැම්මෙමි.නරසිහ මහතා යළි ආවේය.

සිල්වා මගේ අත් ඇස් බැඳීමට සූදානම් විය.

ඔහොම තිබුනාවෙ.මං ඉන්නවා. නරසිංන්හ කීවේය..

පැයකට පමණ පසු අත් බැඳ ගන්න.මම එළියට යනවා. ඔහු ගියේය.මම අතරින් පේන ලෙස ඇස් බැඳ ගතිමි.අත් පටලවා ගතිමි.තල්ලු වී ගොස් ගොඩගසා ඇති කාකිගෝනි ගොඩට පිට හේත්තු කර ගතිමි.

මේ ගබඩාවට නිතර භටයෝ ආහ.මූ මොකද මෙතන.මූ කව්ද, ඇයි මූ,මම නොසෙල්වී හිඳිමි.

මා සිටි කූඩාරමට ආසන්නයේ නිලධාරී නිවාසයකි.ඇමතුම් වලින් එය පැහැදිලි විය.

වැලිමඩ ප්රදේශයෙන් තරුණයින් පිරිසක් අල්ලා ගෙනවිත් ප්රශ්ණකරන පහරදෙන කෑගහන හඬ මට ඇසේ.

ටික වේලාවකින් භටයින් දෙදෙනෙකු දෙපසින් අල්ලා ගත් තරුණයෙක් මා සිටි කූඩාරමට ඇදගෙන ආවේය.ඔහුගේ ඇඟේ තිබුනේසස්පෙන්ඩරය පමණි

ඔහුට ඉතා බරපතල ලෙස පහර දී තිබුනි.කන්නාඩියක් මුහුණට අල්ලා බලපිය තොගෙ මූණෙ හැටි .කිව්වෙ නැත්නම් මූණ පට්ට ගහනව තොගේ.වේගවත් පහරක් ඔහුගේ මුහුණට එල්ල කරමින් නිළධාරියා ගෙරවීය.ඔහුගේ මුහුණේ තැනින් තැන හම ගැලවී ගොස්

කියපිය

මං දන්....නෙ ...න්.... නෑ...සර්.ඔහු ඉතා වේදනාවෙන් බැගෑපත් හඬින් කෙඳිරි ගෑවේය.තවත් පාරවල් තොගයක් ඇඟපුරා පතිත විය.පහර දෙද්දී ඔහු මහා හයියෙන් කෑගෑවේය. කෑගහද්දී උදලු මිටක් වැනි ලීයක් ඔහුගේ කටේ එබුවේය.එවිට ඔහුගේ හඬ දියේ ගිලුනු එකෙකුගේ මෙන් විය.

මගේ ගැලවුම්කරු යළි ආවේය.කීමටත් පෙර ඇස්වැස්ම උඩට කර ගතිමි.මට දැන් ඔහු හොඳින් පෙනේ.ඔහු අවුරුදු 28ක තරමේ තරුණයෙකි..කොණ්ඩයපොකුටුය අවුල්වී මුහුණටද බේරී ඇත.කඩවසම්ය. වැදගත් පෙනුමක් ඇත.

මූ බලා ගන්නවා.සිවිල් ඇඳුමෙන් සිටි අයෙකුට පවරා අර දෙදෙනා අනෙක් තරුණන් සිටි දෙසට ගියේය.

ටික වේලාවකින් ඒ පැත්තෙන් ලොකු ජයග්රාහී හිනාවල් ගොඩක් ඇසුනි.

අඳුර ගලමින් තිබුනි.ඒයි ලයිට් එක දාපන්.

නරසිංහ මුරට සිටි අයට කීය.

බෑ බං CO ගෙ කාමරේ ස්වීච් තියෙන්නෙ. නරසිංන්හ නැගිට ගියේය.යළි අර සිනාහඬ වඩා උත්කර්ශවත්ව ඇසුනි.මුරට සිටිඅයද එළියට ගියේ සිනාව කුමක් දැයි බලන්නට විය හැක.

විදුලියකටත් වඩා වේගයෙන් සෙවනැල්ලක් මා සිටි ඇඳ ලඟට පැන යළි ආපසු පැන්නේය. හෙළිකොප්ටරයක් මගේ ඔලුව උඩින් යන්නා වැනි ගිගුම් හඬකින් කන් දෙක පුපුරා ගියේය.මම මැරුනා සේ බිම දිගාවීමි.

 වෙනදා වෙලාවට දොර ඇරුනේ නැත.පැය දාහතරක් පහලොවක් සියල්ල දරා ගත යුතුය.ශරීර කෘත්යය,තිබහ,බඩගිණි,සියල්ලේ තීරකයා ඔවුන්ය.ඒවා එහෙම ඉවසා සිටියේද යන්න අද මටත් ප්රශ්ණකි.

දොර ඇරුනි.වරෙව් දහයක්

දරා ගැනීම අපහසුම දහ දෙනා පළමුව. එය අපේ තීරණයකි.මූණ සේදීම වැසිකිළියාම, නෑම, මේ කාලය තුළ කරගත යුතුය.කාලය විනාඩි10ට අඩුයි.

මට අද වෙනදාට වැඩිවෙනස් උවමනාවක් ඇත.ඊයේ සිටියේ කොහිද ඒ සිදුවීම් වූයේ කොතැනද මොනවද එහි සලකුණු,....

තෝ ඕක ඇතුළෙ ලව් කරනවද වර එළියට.

සියල්ල අතරමග නවතා එළියට ආවෙමි.මුහුණ සෝද්ස්න අතරේ අවට පිරික්සා බැලීමි.

කාකි රෙදි ටෙන්ට් එක.ස්තිර කාමර පෙළක්..ඒ අතර අඩි දහයක පමණ ඉඩක්.

උදේ ආහාරයෙන් පසු යලිත් කූඩුවේ දොරගුලු වැටුනි.වොට්ස් දහයක පමණ බල්බයට කළ හැක්කේ

යාන්තම් මුහුණක් හඳුණාගත හැකි එළියක් දීම පමණි.තිබෙන කුඩා ඉඩෙහි දිගස්වීම හැර වෙන කළ හැක්කක් නැත.

පැයක් ගතවෙන්නට ඇත.හදිසියේ දොර ඇරුනි .

මෙසේ ඇරෙන්නේ ගෙනත් දමන්නට හෝ ගෙන යන්නටයි

කොයිකද ඊයෙ අරන් ගිය එකා.මට නැගිට්ටුනි.

වර ඉතින්

බැඳිපිය මුගෙ අත්දෙක. වරෙන්

මම ඔහුගේ අණ අනුව යමි.කාමර පේළියේ ඉස්තෝප්පුව.නිළධාරීන් කීපදෙනෙක් ඇඳිපුටුවල ඈඳිගෙන.

දණ ගහපන් සොල්දාදු උන්නැහේගෙ හඬ.

බලු කුක්කෙක් ගානට දණ ගසා ගෙන.

ඊයෙ තමුසෙද ටෙන්ට් එකේ හිටියෙ

ඔව්

මොනවද එතන වුනේ

මම දැක්කෙ නෑ.මගේ ඇස් බැඳලා තිබුනේ

මොකුත්ම දැක්කෙ නැද්ද

නෑ සර්

ඇහුනෙ මොනවද

එකප්රටම හෙලිකොප්ටර් එකක් ඔලුව උඩින් යනව වගේ ඇහුන. ඊටපස්සෙ කිසි සද්දයක් නෑ.කෑගහනව ඇහුනා.පස්සෙ කට්ටිය එහෙට මෙහෙට දුවනව ඇහුනා.

එච්චරද

ඔව් සර්

හැබැයි උඹ ඔයිට වඩා එක වචනයක් හරි කියලා තිබ්බොත් ඒ උඹේ අවසානෙ.කවුරු ඇහුවත් එච්චරයි හොඳද...

ඔව් සර්.

හ්ම්...අරන් යනව මෙයා.

අප්පේ..... දැක්ක ටික කිව්වනම් එදා මම ආපහු නොඑවන බව පසු කලෙක මට හමුදාභටයෙක්ම කීවේය.

එදින රාත්රියේ සිදුවූ සියල්ල දැන ගත හැකි විය.අතිරේකව පැමිණ සිටි හමුදා භටයින් පනහකට පමණ ආහාර පිසින්නට අර දමිළ තරුණයින් ගෙනගොස් තිබුනි.ඔවුන් සියල්ල අහුලාගෙන විත් තිබුනි..

ප්රශ්ණ කර ඇත්තේ වැලිමඩින් අල්ලා ගෙන ආ තරුණයින් තිදෙනෙකු ගෙනි.මාදුටුවේ ඉන් එක් අයෙකි.එක් අයෙකු වදදීමේදී තොරතුරු හෙළිකර ඇත.ඔවුන් සිනාසී ඇත්තේ ඒ වේලාවලයි.මුරට සිටි අය ඒ සිනාහඬ බලන්නටය එළියට බැස ඇත්තේ.නරසිංහ මහතා ලයිට් එකදාන්න එලියට ගියේ වෙපන් එක ඇඳ අසල හිබියදීය.මේ ක්ෂණයේ ඔහු ක්රියාත්මක විය.ඒ තුවක්කුවගෙන ඔහු හතර වටේ කීපදෙනෙකුම මරා දමා අවියද දමා කටුකම්බි පොටවල් නවයකට උඩින් පැන පැනගොස් ඇත.ඔහු වැලිමඩ සන්නද්ධ අංශයේ නායකයා බවට හඳුනාගෙන ඇත.ඔහු ලැඟටම ගොස් පාවාදුන් තරුණයස්ගේ ඔලුව කුඩුවීයනනම වෙඩිතබා ඇත.ඉහළ නිළදාරීන් ඇතුලු හය දෙනෙක් ඔහු අතින් මැරුම් කා ඇත.පළමු වරට ක්ෂණික විහිදුම් බලකායේ දෙදෙනෙකු එකවර මැරුම් කා ඇත්තේ මෙහිදීය.

එදින රාත්රියේ ඇඳිරි නීතිය දමා බදුල්ල පීරා සෙව්වත් ඔහු සොයා ගත නොහැකි වී ඇත.

එදින දහවල මට සුවිශේසී දහවලක් විය.

මාස දෙක හමාරකට පසු මට දරු තිදෙනා හා බිරිඳ දකින්නට කතා කරන්නට අවස්ථාව ලැබුනි.ගෙදර පිසූ බත් කටක රහ බලන්නට ලැබුනි.

“ඊයෙ මැරුණෙ නැත්නම් ඉස්කෝලෙ මහත්තයා ආයෙ මැරෙන්නෙ නෑ.මට ටෙන්ට් එකේ ඉඳලා කාමරේට යන ටිකවත් ෂුවර් එකක් තිබුනෙ නෑ.“

කඳවුර භාර පර්සි මහතා ලතාට කියා තිබුනි.

මම මෙහි මාස පහක්,පොලීසියේ මාසයක් ප්ලැටූන් එකේ(මස්කඩේ) දින දෙකක් මාස හයක් වධකාගාරගතව සිටියෙමි.

ගතවන හැම දවසම මරුවා සමග වාසේ විය.


notes of imaginary