ඇඹිලි - පිටිය ගැන කියන කොට නොයෙක් නොයෙක් ගම් මතක් වුනා..
බණ්ඩාර - වෙලට ගියේ උදැල්ලත් අරන් පුංචි එකාගේ මතය.
නිතර කතා කරන බෙලිහුල් ඔය ගැනත් කතා තියෙනවා.
බෙල්ල - වැටුන -ඔය බෙලි - හුල්- ඔය උනා කියලත් කියනවා.
හුණට ගන්න බෙල්ලෝ බහුලව හිටිය නිසා බෙලි - හුල් - ඔය වුනා කියලත් කියනවා.
ඇඹිලිපිටිය ගැන කතා කරමින් හිටපු නිසා ඒ පැත්තේ ගම් නියම් ගම් වල නම් ටිකක් කියන්නම්.
වැඩියත් හමුවුනේ පරිසරය ගස්වැල් දියපාරවල් ආශ්‍රිතව ගොඩ නැන්වුන නම් !.
බෝසිරි ගම , කෝංකටුව ,කිරලවැල් කටුව , මොරකැටිය , කරදකැටිය ,තෝරගල, ජූලංගැටේ,බුරුතකන්ද ,බුලත්වැල්කන්ද,කැකුණවත්ත,හීන්දළුක්කන්ද ,හිගුරආර, වීරගහ හන්දිය, නාවින්න,වදකහවෙල,තල්ගස්වත්ත,පුහුල්යාය ,කරවිලයාය,කරදමණ්ඩිය, තිත්තවැල් පොත,ලියංගස්තොට, ඉගිණිගොඩ,තලකෑල්ල,තිබොල්කැටිය ,කුඹුක්අතුර ,හල්මිල්ලආර,ජූල්කැටිය ,තෝරකොළයාය ,වරායාය, පනාමුර
ගම - නගර නොවු ගම්
කටුව - ගමකින් ගමක් වෙන් කරන කැලෑ බිම
කැටිය - ගොන්න - ( ගොනුවක් )
ගල - ගලක් ඇසුරෙන් නම් කල
ගැටේ - උස් කදු බිම
කන්ද - විශාල කදක් - පස් හෝ ගල්වලින් සැදුන
වින්න - වනයට හුරු බිම
වෙල - වෙල්යායක් ඇති
වත්ත - වගාකල ගොඩ බිම
යාය - එක දිගට එකම වගාව් ඇති පෙදෙස
මණ්ඩිය - ගම්මාන ඇසට පෙනෙන මානයට අයත්
පොත - පෙදෙස
තොට තරණය කරනුයේ ( දියපහරක් තරණය කර )
ගොඩ - සමුහය , ගොඩබිම
කෑල්ල - කැලෑ බිම් කොටස
අතුර - බිම්කඩ ( බෝගහ අතුර = රංචාමඩම , කුඹුක් අතුර = පනාමුරය )
ආර - තැණිබිම මත එකතුවෙන වැහි ජලය ගලායන දිය පාරක් ඇසුරෙ පිහිටි ගම.
මුර - මුර බිම ( පනාමුරේ )
වැඩි වැඩියෙන් තොරතුරු පලකරන්න ගියොත් කියවන ඔබ බෝරිං වෙනවා.
ඇඹිලිපිටිය ආශ්‍රිතව වෙනමම සංස්කෘතියක් තියෙනවා කියලා මට හිතෙනවා.
ගම්වල , ජනාවාසවල,දියපහරවල් වලට යොදා ගෙන තියෙන නම් කියවන විට වෙනත් ප්‍රෙද්ශ එක්ක සංසන්දනය කරන කොට දැක්කේ වෙනසක්.
තවත් වියමනක් මේ සදහා යොමු කරන්නම්
ටිකක් ඇවිද ගෙන යන්න ඕන කියලා මම හිතුවා තොරතුරු එකතු කරන්න.
ජීවිතයෙන් දවසක් .







1 comment:
+++++++++++++++++🙏👌💐
Post a Comment