මේ දවස් ටිකේම මුහුණු පොත ට එන්න බැරි උණා .
ඔයාල අහල තිබුණ “ සනීපෙන්ද ?” කියල .පොඩ්ඩක් මුහුණු පොත ට එන්න බැරි උණේ .ජීවිතේ කවදාවත් මුණ ගැහිල නැති කට්ටියක්එක්ක ට්‍රිප් එකක් යන කොට සැක සංකා ගොඩක්මතුවෙනව තමයි. බුම්මගෙන ඔහේ පාඩුවෙ ගිහිංඑන්න බැරියැ ...කියල තමයි මටත් හිතුණෙ . “හැබැයිසුමී මාත් එක්ක ඉන්නවනෙ , ඒ මදෑ .” කියල හිතාගෙනතමයි මාතලේ චාරිකාවට Infinity Travelers එක්කඑකතු උණේ .චලිත් ,ගයාන් වගේම අපේ සුව පහසු යානයේ මාතලීරියැදුරු පුතා ත් ඔයාල ගෙ වචන වලින් කිව්වොත්“ පට්ට” තමයි. අපිට කිසිම අඩුවක් තිබ්බෙ නෑ .අපි අතරෙ ගුරුවරු, විදෙස් රටවල ඉඳල නිවාඩුවට ආපුතරුණ දරුවො , ඩොක්ටර්ස්ල , ව්‍යාපාරිකයො ,ඉංජිනේරුවරු ස්ටෙනෝ ල ,සරසවි සිසුන් වගේ නොයෙක්තරාතිරමේ කට්ටිය හිටිය . ගමනාන්තය වෙනකොටමුළු නඩේම හිටියෙ එක පොකුරක් වෙලා .ඒතරම් හිනාවෙලා සතුටින් හිටපු දවසක් මතක නෑ වගේ .මේ චාරිකාවෙ තැන් දෙකක් මට අමතක වෙන්නෙ නෑ .එකක් ; නාලන්දා ගෙඩි ගේ .අනික ඇළහැර ගල් අමුණ ..නාලන්දා ගෙඩිගේ ගැන අද ලියන්න හිතුණා .අඩුගානෙ තුන් හතර දෙනෙක් වත් කියවාවිනෙ .
මාතලේ ඉඳල නාලන්දා ගෙඩිගේ බලන්න කිලෝ මීටර් 35 ක්විතර දුර ගියා මං හිතන්නෙ .වාහනේ නවත්තල ,ගුරු පාර දිගේමීටර් තිහක් විතර ඇවිදගෙන යන්න ඕනෙ . දෙපැත්තෙපුරා විද්‍යා නටබුන් ගල් කණු විදිහට අපි දිහා බලා හිටිය .සිරස්තිරස් දෙයාකාරයෙම නටබුන්. දෙපැත්තෙ නිල් පාට තුරු ලියආවරණයක්. හරිම ලස්සණයි . ඈත පේන තෙක් මානයෙදුම්බර කඳුවැටිය . නිල්පාට ට බබළන බෝවතැන්න ජලාශයමනහර දර්ශනයක්.!නාලන්දා ගෙඩිගෙය හරියටම ලංකාවෙ මධ්‍ය කේන්ද්රයේපිහිටලා තියෙන බවට මතයක් තියෙනවා .ඒ නිසාම ජන ප්රවාදපුරා වෘත්ත ගොඩයි.අපිට පුරා විද්‍යා නිලධාරි මහත්මයා කියපු විදිහට මේ ස්ථානයකැලයෙන් වටවී තිබූ අතර ලංකාවෙ හිටපු ආර් .එල් .බ්රෝහියර්මහතා ගෙ සටහන් වල තමයි මුලින්ම මේ ගැන සඳහන් වෙන්නෙ.පස්සෙ 1893 ඉංග්‍රීසි ආණ්ඩුවේ වාර්තාවල ගෙඩිගේ ගැන ලියවිලාතියෙනවා . විශේෂයෙන් එච්.සී .පී බෙල් මහතාත් මේ ගැනහුඟක් උනන්දු වෙලා . 1970 මහවැළි සංවර්ධන කටයුතු වලදි ,බෝවතැන්න ජලාශයට යටවෙන්න පුළුවන් නිසා ,කුඹුරුයායක් අසල තිබුණු මේ වටිනා ගොඩනැගිල්ල ගලෙන් ගලටඅංකනය කරල ,බොහොම සීරුවට ගලවල තියෙනව .අඩි 27 ක් ඒ භූමිය පස් පුරවල උස් කරල ආවෙත් ප්‍රති නිර්මාණයකරල තියෙනව. ඒ එක්කම අද ආඩම්බරෙන් හිස ඔසවගෙන ඉන්න ,විසිතුරු ගහ කොළ ආරක්ෂක පවුර ,බෝධිය හා ගඩොලින් කළචෛත්යය අපූරුවට ප්‍රති නිර්මාණය කරපු බවයි අපට කියල දුන්නෙ.. 1985 තමයි නැවත විවෘත කරල තියෙන්නෙ .ඔයාල අහල ඇති නෙ ,ඊජිප්තුවෙ අස්වාන් වේල්ල හදන්න ගිය වෙලාවෙත්අබුසිම්බල් කියන ප්‍රසිද්ධ දේවස්ථානය ගලවල ප්‍රති නිර්මාණයකරපු බව.නාලන්දා ගෙඩිගේ ,දකුණු ඉන්දියාවෙ ඒකාලෙ තිබුණු පල්ලව ගෘහනිර්මාණ ශිල්පයට අනුව කළ නිර්මාණයක් කියලයි කියන්නෙ . කැණීම්කරනකොට ලැබුණු සාක්ෂි අනුව ,ක්‍රිස්තු වර්ෂ 8 -10 අතර හදපු එකක් .දකුණු ඉන්දියාවෙ ඒ කාලෙ හිටපු නරසිංහ වර්මන් රජු බොහොමබලවත් කෙනෙක් ලු . අපේ මානවම්ම කියන කුමාරයා ලංකාවෙරජකම ගන්න නරසිංහ වර්මන් ගෙන් ආධාර අරං තියෙනව .කාලයක්ඉන්දියාවට පැනගිහින් ,පල්ලව හමුදාවක් එකතු කරගෙන ආවලු .අන්නඒ සමගම පැමිණි පල්ලව ගෘහ නිර්මාණ ශිල්පීන් නාලන්දා ගෙඩි ගේකියන විහාර සංකීර්ණය හදපු බවටයි කියැවෙන්නෙ.මානවම්ම රජු ගැන චූල වංශයේ සඳහන් වෙන්නෙ විහාර ආරාම බොහෝකොට සාදපු බවයි.වහළේ සිට පාදම දක්වාම කළුගලින් නිර්මාණය කළ නිසා , ගෙඩිගේ නමින්ප්රචලිත උණාලු . . හින්දු හා බෞද්ධ සම්ප්රදායයන් මෙහි දකින්නට පුළුවන්.• ස්ථූප කැටයම්• මිථුන කැටයම්• වාමන කැටයම්• ප්‍රතිමා රූප• නෙළුම් මල්• දේවතා රූප• මුනිවර රූපමේ සියල්ලම කළුගලින් ඉදිකරපුවා .හැබැයි මට හිතුණෙ අපේ ශිල්පීන් ගෙ කැටයම් මීට වඩා සියුමැළි යිකියලයි.රාවණා රජුගේ සූර්ය වන්දනාව සඳහා ,ඉන්ද්‍රජිත් හෙවත් මේඝනාද නම් පුත්කුමරු විසින් මෙම ස්ථානය යොදාගත් බව ,ලංකාවතාර සුත්රයේකියැවෙනව. මෙහි විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතව තිබුණා කියලයි කියන්නෙ.ඉතිහාසය නිවැරදිව තෝරන එක අමාරු වැඩක්.මොන විදිහේමත තිබුණත් ,මෙහි තිබිල සොයා ගත් ටැම් ලිපියකට අනුව ..හාමුදුරුවරුන් ගේ යහ පැවැත්මට අවශ්‍ය කරුණු ලියැවී තිබෙනවා.ධාතුසේන රජතුමා කලා වැව ගාව හදපු අවුකන පිළිමය වගේම පිළිමයක්දකින්න පුළුවනි. හරිම ශාන්තයි. ඒක හිටි පිළිමයක් .ගණ දෙවි රූපයක්සහ බෝධිසත්ව පිළිමය ක නටබුන් ගොඩනැගිල්ලේ මැද කුහරයේ තියෙනවා .ගෙඩිගේ වටේම පල්ලව කැටයම් තියෙනවා .අපේ බෞද්ධ විහාරවල දකින්නට නො ලැබෙන එක්තරා විශේෂ කැටයමක්කණ්ඩායමේ කුතුහලය ඇවිස්සුවා .පුද බිමකට නො ගැළපෙන දෙයක්ලෙස තර්ක කරන්නට පිළිවන් එක්තරා කැටයමක් පිටත කැටයම් අතරකැපී පෙනුණා. ලිංගික ඉරියව් පැහැදිලිව දැක්වෙන කැටයමක් නෙලාතිබෙනවා .ස්ත්‍රියක් පුරුෂයෙක් හා තවත් කාන්තාවක් හැසිරෙන ඉරියව් වක්එහි පෙන්වනවා .පුරාවිද්‍යා නිළධාරී මහතා පැවසුවේ තුන් වැන්නියසිංහ ධේනුවක් විය යුතු බවයි.එය ඒතරම් පිළිගත හැකි නිගමනයක් දැයිසිතුණා .කොහොම උණත් ඉසුරුමුණි පෙම් යුවළ නෙළා ඇති සංවර බවඑහි දකින්නට නැහැ .අපේ කණ්ඩායමට එය නැවත නැවත විහිළු තහළු සඳහා කදිම නිමිත්තක්උණා .නාලන්දා ගෙඩිගෙය ..ජීවිතයේ වරක් හෝ සියැසින් දැකගත යුතු යි.ලංකාවේ පල්ලව අභාෂය ලබා කළ එකම නිර්මාණය එය බව කියනවා .ඉතින් ..ඔබේ දැනුමට එහි මා විසින් සටහන් කරගත් සේයා රූ දෙකක්ඇතුලත් කරන්නම් .(පුළුවන් නම් දවසක යන්න බලන්න.)රෝ.සි .2024.10 .08.
1 comments:
මට මිස් වෙච්ච තැනක් . වෙලාවක යන්න ඕනේ
Post a Comment