Friday, July 15, 2022

මාර්ක් සකර්බර්ග්.



එඩ්වඩ් සැවරින් සමඟ මාර්ක් සකර්බර්ග් කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ නිර්මානයක් අද ජාත්‍යන්තර ව්‍යාප්ත වු මහා ව්‍යාපාරයක්.2004 පෙබරවාරි මාසයේ සිට පේස්බුක් ආපු ගමන ලෝක සමාජයම විප්ලවයකට පත් කරලා .

අපේ රටේ අදහස් විකාශණය කර ගන්නා ජනප්‍රිය මාධ්‍යය මුණු පොත. එය නිවරදි විදියට භාවිතයට ගත්තොත් විශාල මෙහෙවරක් කරගන්න හැකි මාධ්‍යයයක්. අපි  අරගලයේ දී බොහෝ අදහස් හුවමාරු කර ගත්තේ මූණු පොතෙන්. මේ අදහස් විවේචනයට ලක්වු අවස්ථා වගේම තර්ජනයට ලක්වු අවස්ථා බොහෝමයි.

මම සීයා කෙනෙක්. 71 කැරැල්ල පටන් ගන්න කොට මට 23යි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්‍ධ වුනේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන අදහස් වලිනුත් ඔළුව පුරෝගන. අපේ පවුලම තනි අලියට වෙලා ඉන්න කොට අපේ  තාත්තා කිව්වේ “ඔය වයසේ වැරද්ද “කියලා.ඒත් කැරැල්ල ඇති වෙනකොට අඩියක් පස්සට අරන් රැදෙන්න තරම් දෙවරක් හිතන තරුන මදයක් මට වගේම මා වටා සිටි අපේ වයසේ අයට තිබුනා. දැන් අපි ගෙවන්නේ අපෙන් පස්සේ මේ  තුන්වන තරුන පරම්පරාවේ උදවියත් එක්ක.

දෙවෙනි පරම්පාරවටත් වඩා ඔවුන් ආවේගශීලියි.ඔවුන් අඩියක් පස්සට ගන්නේ ඔක්කොම හරිගියාම. නැත්නම් විනාශ වෙලාම ගියාට පස්සේ.

ඉතින් මම මගේ මූණු පොතේ පලකරන අදහස් බොහෝම පරිස්සමෙන් කරන්නේ. මගේ කාලය වැයකරන්නේ සතුටෙන් ඉන්න. ඉතින් මොකටද  මේ තර්ජන ගර්ජන වලින් මගේ හිත පාරා ගන්නේ ?.මම පේස්බුක් පිටු අතරින් දෑක්ක දෙයක් තමයි අන් මත ඉවසීමට නොහැකි කම. අන් මත විවේචනය කිරීම අදහස් දැක්වීම හොද ලක්‍ෂණයක්.ඒත් කරන්නේ වැකියකින් දෙකකින් මූණටම දමා ගැසීමෙන්. පැහැදිලි කිරීම් නැහැ. පැහැදිලි කලත් එම පැහැදිලි කිරීම්  තුල පවත්වා ගෙන යන ස්වරූපය තර්ජනාත්මකයි. සමහර විට අවිනීතයි. ඒවා පලකිරීම් කරන්නෙත් short and sweet ක්‍රමයට.

අද මාධ්‍ය මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍ය පාඨක ශ්‍රාවක සහභාගිත්‍වයකින් තොරවයි පවත්වා ගෙන යන්නේ. සති අන්ත පත්‍ර බලන්න හැමදාමත් එකම ලේඛක පිරිසක් ලියන්නේ.එයාලගේ අදහස්. අපි බලන්නන් පිරිසක් වෙලා. සංවාදයක් කරන්න ඊලග පිටපතෙන් වත් ඉඩක් නැහැ. සුනිල් මාධව වගේ මාධ්‍යවේදීන් තුල මීට වඩා වෙනස් පිලිවෙතක් තිබුනා. මට මතක් වෙනවා දිවයින පත්‍රයේ අට වෙනි පිටුව.මේ  හිදැස පුරවන්න මූණු පොතට විශාල වපසරියක් තියෙනවා.. මූණු පොතේ කෙටිකතා කොටස් වශයෙන් පලවෙන නවකථා , පද්‍ය නිර්මාන දේශපාලන අර්ථ නිරූපන. අධ්‍යාපන,  වෛද්‍ය වැනි විවිධ ක්‍ෂෙත්‍රවල ලිපි ලේඛණ  දැනටමත් පලවෙනවා.

 ඇතැම් මුණු පොතේ  පිටු ජාති ආගම් අතර මතභේද ඇති කිරීමට, දේශපාලන මතවාද අතර ගැටුම් ඇති කිරීමට යොදා ගෙන තියෙනවා.  මෙය රටක්  වශයෙන් ගත් කල තරමක් මතභේදකාරී තත්ත්වයක්. මිනිසුන්ගේ හැගීම්වලට පහර ගැසීමටද තර්ජන හෝ හිරිහැර “Cyber bullying” කිරීමටද මෙම පිටු හසුරුවන්නන් කටයුතු කරනවා .

සමාජවාදී රාමුවට සිදුවිය හැකි දේශපාලනික, ආර්ථික බලපෑම් මත චීනයද , ආගමික මතවාදයට හානියක් වේ යැයි උපකල්පනය කරමින් ඉරානය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය වැනි රටවලද   මුණු පොත තහනම් කිරීම හෝ සීමා කිරීම  දක්නට ලැබෙනවා .  

අන්තර්ජාලය නිදහස් මාධ්‍යයක් .  ස්වයං අවබෝධය, ස්වයං විනය, අවංක බව භාවිතයේදී අත්‍යවශ්‍යමවෙනවා..  මුනු පොත භාවිතා කරන අය   තම පලකිරීම් වල  හොඳ නරක නැවත නැවතත් හිතා බලන්නේනම් බොහෝ ගැටළු ඇතිවෙන්නේ නැහැ.     

එහෙම වුනහම  මිතුරු පිටු වාරණය කිරීමකුත්  අවශ්‍ය වන්නේ නැහැ.

     

 

 

 

notes of imaginary

9 comments:

Anonymous said...

ඔබතුමා ඉතාම වැදගත් අදහස් ටිකක් සටහන් කර ඇත්තේ ලයනල් මහත්මයා.

මා සිතන්නේ අප මේ මුහුණ දී ඇත්තේ සංක්‍රාන්ති සමයකට බවයි. අතිධාවනකාරී, උත්වේගකර මෙවැනි කාලයන් හිදී නිහඩව සිටීම වඩාත් හොද බැව් මා මාගේ මෙම අලස විශ්‍රාමික ජීවිතය වෙන විට ඉගෙන ගත්තා.

එනමුදු යම් ආකාරයට අපට මැදිහත් වීමක් කරන්නට පුළුවන් නම් ඒ සදහා ස්වකීය ශක්තිය මෙහෙය වීමට අප මැලි විය යුතු නැහැ මහත්මා. දැන් පැමිණ ඇත්තේ එවැනි කාලයක්.

තමාගේ අදහස පමණක් නිවැරදියි, එය සියලු දෙනාම පිළිගත යුතුයි යන ෆැසිස්ට්වාදයට අප එකග විය යුතු නැති බව මාගේ පෞද්ගලික අදහසයි.

අපගේ මව් පිය උතුමන් වගේම නෑසියනුත් එක්සත් ජාතික පාක්ෂිකයන්. එනමුත් එකල සිදුවූ තරුණ නැගිටීම් අපටද යම්කිසි ආශ්වාදයක් වූ බව සටහන් කල යුතුයි.

එනමුදු එම නැගිට්ම් වලින් සිදුවුයේ මහ විශාල ලේ වැගිරීමක්.

මාගේ මේ මහලු ජිවිතයට බියක් දැනෙනවා ලයනල් මහත්මයා අප නැවතත් මුහුණ දී ඇත්තේ එවැනි බිහිසුණු ලේ වැගිරීමක් අබියසද කියලා.

-විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය කුරුප්පු මයා,
වේයන්ගොඩ.

miduma said...


අපි බලා ෙගන ඉදිමු.

Anonymous said...

'අපි බලා ෙගන ඉදිමු. '

එපමණද ඔබතුමාගේ අදහස ලයනල් මහත්මා? කණගාටුයි.

-විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය කුරුප්පු මයා,
වේයන්ගොඩ.

Anonymous said...

රනිල් තමයි මිනිහා

දේශපාලන අනාගතයක් ගැන අපේක්ෂා තියෙන ජනාධිපති කෙනෙක් නෙමෙයි දැන් ඕනැ. ජනප්‍රිය නොවන තීරණ අරන් ආර්ථිකය නිසිමගට ගන්න කෙනෙක්.

සජිත්, ඩලස්, අනුර, චම්පික වගේ අය 2024 වෙනකල් ඉවසන්න.

සරත්ට ආසාව තිබුණට කරන්න පුළුවන් දෙයක් නැහැ.

රනිල් අර්බුදයකදී පාලනය ප්‍රතිස්ථාපනය කරන හැටි පැය 24න් කරල පෙන්නුවා. ඒ නිසා රනිල් තමයි මිනිහා. ඔහුට විරුද්ධව කියන අවලාදත් ඔහුට අදාළ නැහැ. ඔහු කළයුතු වැඩක් තියෙනවා. ඒක කරලා ඔහු යා යුතුයි. කොහොමත් ඔහු විශ්‍රාම යායුතුයි.

අනෙක් අය 2024 වෙනකල් අනාගත නායකත්වයට සූදානම් වෙන්න. පුළුල් පෙරමුණු හදාගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරගන්න. වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන විචාරාත්මකව හිතන්න.

පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඔය අරගලයේ සම්මුතිය/ නීතිය අමතක කරදාන්න. බලය වෙනුවෙන් ඕනැ පුපක් ප්‍රීති වෙසක් කියන අවස්ථාවාදීන් ඒක මරු කිව්වට කිසිම පාලකයෙකුට ඒක ක්‍රියාත්මක කරන්න බැහැ.

එක්කො අඩියක් පස්සට ගන්න. නැතිනම් අඩි දෙකක් ඉස්සරහට ගන්න. හැබැයි, රනිල් හිටියොත් ඔයගොල්ලන් පන්නපු ගෝඨාභය වගේ නිවට නොවෙන්න පුළුවන්.

-රසික සූරියආරච්චි-

Anonymous said...

ඔන්න ලයනල්ලාගේ රනිල් හාමු වැඩ පටන් අරන්. මර්ධනය ආරම්භකරයි.

අරගලයේ සිටි නායකයිනි. ජීවිතය බේරා ගන්න රටින් පලා යන්න.

..
අද දින ප්‍රධාන පුවත්.

1) රනිල් වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයි

2) කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන අතර කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

3) හමුදා නිලධාරින් දෙදෙනෙක් ගෙදර යවා රනිල් වැඩ අල්ලයි
ජුලි 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් අත්කර ගැනීමේදී එම ස්ථානයේ හමුදා ප්‍රධානියා වශයෙන් කටයුතු කළ කොළඹ 112 බළසේනාධ්පති ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරව අද (15) සිට සියලුම රාජකාරිවලින් ඉවත් කර තිබෙනවා.

ඒ සදහා හේතුවී ඇත්තේ අගමැති කාර්යාලය අත්පත් කරගැනීමේ අවස්ථාවේදී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට හා රාජ්‍ය දේපලවලට හානි නොකරන ලෙස ඔහු කරන ලද දැනුම්දීමයි.

මීට අමතරව බ්‍රිගේඩියර් සෝමවීර අසල සිටි සිංහ රෙජිමේන්තුවේ 12 වන බළාඇණියේ අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් පී.එච්.ජී.පී ගුණවර්ධනවද රාජකාරියෙන් ඉවත් කර තිබෙනවා.

මෙම නිලධාරීන් දෙදෙනා අරගලකරුවන්ට හානි නොකරන බවට දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ දැඩිව සංසරණය වුණා.

එම නිලධාරීන් දෙදෙනාගේ ක්‍රියාකලාපය සාමාන්‍ය ජනයාගේ ප්‍රශංසාවට හේතුවුවද වැඩබලන ජනාධිපතිවරයාගේ කෝපයට හේතුවී තිබෙනවා.

4) 'අරගලකරුවන්ගේ' පහරදීමෙන් තුවාලලත් හමුදා සෙබළුන් බලන්න වැඩබලන ජනපති රනිල් හමුදා රෝහලට යයි

5) 'කැරලිකරුවන්' අතට ගිනි අවි යාම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගන්නා ලද ගිනි අවි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට හමුදාපති වරුන්ට සහ පොලිස්පතිට බලය පැවරීමට අද (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්විය.

මීට අමතරව අරගලකරුවන් අල්ලා ගනු ලැබූ අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරයට මාධ්‍ය කැදවා තිබු අතර එහිදී මාධ්‍යට පෙන්වා තිබුනේ එම ස්ථානවලට දැඩි ලෙස හානි සිදුවී ඇති අයුරුයි.


දැන් ඉතින් වැඩේ වෙන විදිය පැහැදිලිනේ. අරගලකරුවන් කැරලිකරුවන් වෙලා ඉවරයි. නිවුස් යන්නෙත් එහෙම. හමුදාවේ රනිල්ට එරෙහි අය ගෙදර.

අතුරුදහන් ගිවි අවි දෙක සොයාගන්න ඕනෑම බලයක් ක්‍රියාත්මක කරන්න හමුදාවට අවසර. අද උදේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් නීතිඥයන් පැවසුවා මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උනත් රාජ්‍යයට එරෙහි තර්ජනයකදී අහිමි වෙන බවත්, එය සාමාන්‍ය දෙයක් බවත්.

දැන් ඉතින් ඔය අතුරුදහන් ගිනි අවි සොයාගන්න ගිහින් අරගලකරුවන් කී දෙනෙක් අතුරුදහන් වෙයිද?

ලයනල් මහතා සිංගල් මෝල්ට් විස්කි බොන ගමන් තව ජිවිත කීයක ලේ බලාපොරොත්තු වෙනවද?

මෙලෙස අදහස් පලකරන මාවත් මරා දමාවි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ යටතට ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසම ගත්තෙත් අපව මර්ධනය කිරීමටයි.

මේ ගත වන්නේ රුධිරු රාක්ෂයාගේ රාත්‍රීයයි.

Anonymous said...

රනිල් තමයි මිනිහා

දේශපාලන අනාගතයක් ගැන අපේක්ෂා තියෙන ජනාධිපති කෙනෙක් නෙමෙයි දැන් ඕනැ. ජනප්‍රිය නොවන තීරණ අරන් ආර්ථිකය නිසිමගට ගන්න කෙනෙක්.

සජිත්, ඩලස්, අනුර, චම්පික වගේ අය 2024 වෙනකල් ඉවසන්න.

සරත්ට ආසාව තිබුණට කරන්න පුළුවන් දෙයක් නැහැ.

රනිල් අර්බුදයකදී පාලනය ප්‍රතිස්ථාපනය කරන හැටි පැය 24න් කරල පෙන්නුවා. ඒ නිසා රනිල් තමයි මිනිහා. ඔහුට විරුද්ධව කියන අවලාදත් ඔහුට අදාළ නැහැ. ඔහු කළයුතු වැඩක් තියෙනවා. ඒක කරලා ඔහු යා යුතුයි. කොහොමත් ඔහු විශ්‍රාම යායුතුයි.

අනෙක් අය 2024 වෙනකල් අනාගත නායකත්වයට සූදානම් වෙන්න. පුළුල් පෙරමුණු හදාගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරගන්න. වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන විචාරාත්මකව හිතන්න.

පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඔය අරගලයේ සම්මුතිය/ නීතිය අමතක කරදාන්න. බලය වෙනුවෙන් ඕනැ පුපක් ප්‍රීති වෙසක් කියන අවස්ථාවාදීන් ඒක මරු කිව්වට කිසිම පාලකයෙකුට ඒක ක්‍රියාත්මක කරන්න බැහැ.

එක්කො අඩියක් පස්සට ගන්න. නැතිනම් අඩි දෙකක් ඉස්සරහට ගන්න. හැබැයි, රනිල් හිටියොත් ඔයගොල්ලන් පන්නපු ගෝඨාභය වගේ නිවට නොවෙන්න පුළුවන්.

-රසික සූරියආරච්චි-

miduma said...

ඔන්න ලයනල්ලාගේ රනිල් හාමු වැඩ පටන් අරන්. මර්ධනය ආරම්භකරයි.
ලයනල් මහතා සිංගල් මෝල්ට් විස්කි බොන ගමන් තව ජිවිත කීයක ලේ බලාපොරොත්තු වෙනවද? "මීදුම" ගැන ඔබෙි නිගමනය වැරදියි .අපි එතන නැහැ .

Anonymous said...

හොඳින් හෝ නරකින් ස්ථාවරභාවය ඇතිකරන්නට, ආර්ථිකය ට්‍රැක් එකට දාන්නට සහ දේශපාලනය කරන්නට රටක් ඉතිරි කරන්නට හැක්කේ වෙන්ඩ ජනාධිපතිලා අතරින් රනිල්ට පමණි.

රනිල් හොඳ නැති බව නොදන්නා කිසිවෙකු නැත. එසේම රනිල් විශ්මකර්මයකු ද නොවේ. ආර්ථිකය ගොඩදාන්නට රනිල්ට බැරිය. පුළුවන් ගොඩයන මාර්ගයට දාගන්නට පමණි. ජාත්‍යන්තර හා ජාතික බල දේශපාලන සූදු මැද මියෙම්වා, රැක්ම්වා පන්නයේ ගේමක් ගහන්නට ඉන්න වෙන්ඩ ජනාධිපති රනිල්ය. අනෙක් එවුන්ට පවුල් පන්සල්ය. අහස උසට හීනය. මහජනයාට ගූ බයය. රනිල්ට ඒවා නැත. දැන් නම් ඉන්න ගෙයකුත් නැත.

මේ වෙලාවේ පාලනය සඳහා පතෝලයන්ගෙන්, බල පෙරේතයන්ගෙන්, ෆැන්ටසිකාරයන්ගෙන් හෝ ආධුනිකයන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ නොම්මර එකේ කැරියෙකි. රනිල් අවශ්‍ය යයි අප කියන්නේ ඒ නිසාය.

Anonymous said...

මින් ඉදිරියට ඔය ජනාධිපතිවත්, අගමැතිවත් කරන්න එපා
මෙන්න මේ දෙවර්ගයේ උදවිය

1. හමුදා සේවයේ නිරත වුනු අය -

රටක් ආරක්ෂා කරන්න හමුදා සේවය තියෙන්න ඕන තමයි... ඒක නිවැරදිව කරනවා නම් ගෞරවණීය රැකියාවක් තමයි... නමුත් ජීවිත කාලයක් සමාජයෙන් වෙන් කර තබාගෙන, අධික විනය නීති සහිතව, සාමාන්‍ය වැසියාට නුහුරු චර්යා රටාවක් එක්ක, සාමාන්‍ය වැසියන්ගේ චින්තන්යෙන් ඈත් කර හදන වෙනම බ්‍රීඩ් එකක් මිලිටරි සර්විසස් කියන්නෙ.... ඒකෙ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ඉඳලා, අධ්‍යාපනයත් ඒකෙන්ම ලබලා එන කෙනෙකුට ජනාධිපති හෝ අගමැති කම් දරන්න අවශ්‍ය "පුළුල් සිවිල් චින්තනය" නැහැ....

කඳවුරු ජීවිතය, කඳවුරු පාලනය වගේ දේවල් වලින් බොහොම මිශ්‍ර වාර්ගික, මිශ්‍ර චින්තනයක් සහිත සමාජයක් පාලනය කරන්න බෑ.....

සිරීපාදෙට කුරුවිට පාරෙන් නගින්න ඉස්සර තිබුණේ ගල් වළ ගොඩැලි සහිත පාරක්... ඒකෙ වැස්සට හේදිලා ගිය ගල් ගෙඩි වලට අඩිය තිය තිය තමයි වන්දනාකරුවන් නැගගෙන ගියේ.... වයස් ගත උදවියටත් පහසුවෙන් අඩි තිය තිය නැගගෙන යන්න පුළුවන් උනා....මොකද පස් ගොඩවල්, ගල් ගොඩවල් තිබ්බෙ ළඟින් ළඟින්....

නමුත් ඒ පාරෙ යුද හමුදාවෙන් පඩිපෙළක් හැදුවා.... ඒ පඩි අතරෙ සැළකිය යුතු ගැප් එකක් තියෙනවා... පඩි අතරෙ ලොකු පරතරයක් තියෙන, සම දුරක් තියෙන පඩිපෙළක නගින්න ශරීර ශක්තියෙන් උපරිම හමුදා සෙබළුන්ට පුළුවන් උනාට, සාමාන්‍ය ජනතාව අර අසමමිතික පොළවේ පහසුවෙන් ඇවිද්ද ගමන නැතුව, බොහෝම දුකට පත්වුනා... ඔවුන් උකුල් ඇටේ වේදනාවෙන් අඬ අඬ නැග්ගෙ ඒක...වයස්ගත උදවියට ඒක විශාල අපහසුවක් වුනා...

හමුදා චින්තනය ඒ වගෙයි....ඒ අයට සිවිල් සමාජය කියන බොහොම විශාල, නානත්ථ කායා, නානත්ථ සංඥා තියෙන පරිසය හසුරුවන්න තේරෙනවා මදි.... ඒ ගොල්ලන්නට් වෙන ඕනම විෂය පථයක තනතුරු කරන්න පුළුවන් ඇති... ඒත් ජනාධිපති, අගමැති වෙන උදවියට තියෙන්න ඕන සියළු ක්ෂේත්‍ර වල සිවිල් සමාජය ගැන මනා වැටහීමක් සහ පුළුල් චින්තනයක්....

2. "සින්ගල් ස්ටේජ්" හෙවත් තනි වේදිකාවේ පුද්ගලයන්
දේශපාලනයේදී "සින්ගල් ස්ටේජ්" පීපල් කියන්නෙ ලෝක විෂයෙහි අන්තිම අසාර්ථක, අතිශය පටු, දැක්මක් තියෙන, ඒ නිසාම එකම වේදිකා හරයකට කොටුවෙච්ච මිනිස්සු.... වෙනින් වචන වලින් කිව්වොත් "ජාති, ගෝත්‍ර, වර්ග හෝ ආගම්වාදීන්"....

මේ උදවිය මුළු ජීවිත කාලයක් තිස්සේ කරලා තියෙන්නෙ එකම එක ජාතියක්, එක ආගමක්, එක ජන වර්ගයක් නැති දේවල් අතිනුත් දාලා උස්සගෙන ඇවිදපු එක... මේ අයට මේ විසි එක්වෙනි සියවස කියන්නෙ මුළු මිනිස් ප්‍රජාවම වේගයෙන් එකට එකතු වෙමින් පවතින සියවසක් කියන එක තේරෙන්නෙ නෑ....

නූතන පරිභෝජනය සිදුවන්නේ මුළු මහත් ජාත්‍යන්තරයම එකතුවී එකිනෙකා කෙරෙහි කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන නිසා බවත්, ඒ නිසා තවදුරටත් "ජාතික රාජ්‍ය" කියන ඒවා වලංගු නැති බවත්, ඒවා අනාථ වෙන පොටවල් බවත් තේරෙන්නෙ නෑ....

මේ දෙගොල්ලම ඉහළම තනතුරු වලට ගේන්න එපා.... ඔවුන් රටවල් අනාථ කරනවා.....

මින් පස්සෙ ඔය තනතුරු ලැබිය යුත්තේ "කොමන් සෙන්ස්" හෙවත් තැනට සුදුසු දේ කරද්දි සාමාන්‍ය දැනීමෙන්, ප්‍රඥාවෙන් පිළිතුරු සොයන අය... ඒ වගේම පැරණි පොත්පත් වලට වහල් නොවී, රටවල මුදල් හම්බු කරලා සශ්‍රීක වෙන්න භාවිතා කරන ලද ක්‍රමවේදයන් භාවිතා කරන්න, අත්හදා බලන්න තරම් ඔලුව විවෘත අය.... ඒ සේරටම වඩා රටක සමාජය තේරුම් ගත්තු, ඒ සමාජය එක්ක පහසුවෙන් මුහුවෙන්න පුළුවන් උදවිය....