Friday, July 15, 2022

අවනඩුවක් .


විදුලිය කපනවා. ජවිතේ අවුල්. ගෙදර  දොරේ කඩපිලේ කතාව මේ කැපිල්ල ගැන. මහජන උපයෝගීතා කොමිසම කියලා එකක් තියෙනවා . ඒකේ ලොක්කා රූපවාහිනියට ඇවිල්ලා රස කර කර කැපිල්ල ගැන කියනවා .A to Z කලාප ටිකක් එක්ක.

මේක අවනඩුවක් .එහෙම හිතලා අපේ එකෙක් මානව හිමිකම් කඩකරලා කියලා අපේ ගමේ කොල්ලන්ගේ අධිකරණයේ නඩුවක් ගොනු කලා කියමුකෝ...

නඩුව විභාග කරන්න දිනයක් ස්ථානයක් නියම වුනා.

පැමිණිලි කාරයෝ විත්තිකාරයෝ තම තමන්ගේ හරක්  දිගේලි කරලා කමතේ අධිකරණයරැස්වුනා අපේ ගමේ නඩුකාරයා තමයි හරමානිස්. මිනිහා මාසෙකට දෙකකට වරක් උසාවි යනවමයි. එක්කෝ කා එක්ක හෝ දඹරයකට ගිහිල්ලා නැත්නම් ඔය කසිප්පු ටිකක් පෙරලා වගේ දේවල් වලට. හරමානිස් කියන්නේ “ඇස්පීරියන්ස්” ගන්න යනවා කියලා.

කමතේ නඩුකාරයා වුනාට පස්සේ පොරගේ නම මාරුවුනා. හරමානිස් දැන් “හර්මන්” හර්මන්ගේ වැඩ කිඩ දැක්කම මතක් වුනේ හුණුවටයේ අසඩක්. හර්මන් හොදට බීලා වෙරි මරගාතේ  කෝට් බෑය ගසා බසා දාලා වී හුලං කරන අට්ටාලෙට නැගලා.

පිරිසේ හිටපු බබානිස් තමයි මුඩ්ලියර්. මුඩ්ලියර් උනාට පස්සේ පොරගේ නම” බබ් ඹ් නිස්” වෙලා.මුඩ්ලියර් බබ් ඹ් නිස් කල් දාන නඩු මුලින්ම කැදවලා කල්දාලා අධිකරණයේ තදබදය අඩුකරගත්තා. පයෝරිටි ලිස්ට් එකෙන් අද විභාගෙට තියෙන නඩුවක් කැදෙව්වා. බොහෝම සැරට නඩු අංක 20220410 ........විත්තිය ඊ .ලෙක්ට්‍රි සිටි ..............පැමිණිල්ල  ජහමනගේ බඩිගිනිස්.

පිට කොන්ද බඩට ඇළුනු  ජහමනගේ  බඩගිනිස් පන්මල්ලකුත් කිහිල්ලේ ගන්න ගෙන පැමිණිල්ල පැත්තේ හිට ගන්නවා.

අධිකරණයට ගරු කටයුතු ලෙස නොහැසිරීම ගැන. මුඩ්ලියර්  බබ් -ඕ- නිස්ට මල පැනලා. මොකක්ද ? මේ මල්ල -තියෙනවා ඕක එලියෙන් තියලා  - එනවා. හ්ම් . මේක ඉරිදාපොල නෙමෙයි - මේක අධිකරනය. ගෙරවිලි වැලයි.

 ජහමනගේ  බඩගිනිස්  බයාදුව  දෙකට තුනට නැමිලා විධානය ඉටු කරලා හාන්දුරුවනේ කියලා මුමුන ගමන් විනිශ්චාශනයට බයාදු බැල්මක් හෙලනවා.

විත්තිය - ඊ .ලෙක්ට්‍රි සිටි ගරු ගාම්බීරව “ ස්වාමීනී  පෙනීසිටිනවා ස්වාමිනී”  . කියලා බැබලි බැබලි විත්තිය පැත්තෙන්  හිටගන්නවා .  විත්තිය දැකලා මුඩ්ලියර්  බබ් -ඕ- නිස් ගල් ගැහිලා . පැමිණිල්ල කියවන්නත් බැරිව ගොත ගහනවා.

ජහමනගේ  බඩගිනිස් ගල් ගැහිලා බලා ඉන්නවා. විත්තිකාර ඊ .ලෙක්ට්‍රි සිටි ගෙන්  නඩුකාර හර්මන් වෙනුවෙන් මුඩ්ලියර් අහනවා තමන් මේ චෝදනාවට වැරදි කරුද නිවරදි කරුද කියල?.

අනේ ස්වාමීණි මම මේ මොනවත් දන්නේ නෑ මගේ පුර්වගාමියා තමයි මේ  සැලසුම් කලේ - මම පත්තු කලා විතරයි ස්වාමිණි

කවුද පුර්ව ගාමියා ඔහු වහාම කැදවනු . අධිකරනයේ මහ කලබලයක් පොලිසියේ මහත්තුරු, පන්සලේ ඉදලා උස මහත්තෙක් ඇදගෙන එනවා මෙන්න මෙයා තමයි පුර්වගාමියා ස්වාමිණි.  තමුන් ද මේ අපරාධය කලේ පුර්වගාමියාගෙනුත්  ප්‍රශ්නේ අහනවා .

මම මුලින්ම කිව්වා මෙහෙම ගියෝත් මේ වැඩේ කරන්න වෙනවා කියලා. ඒත් ඇහුවේ නෑ. කාලා බිලා ජොලි කරනවා. ඉතිරි ටික සනුහරේට බෙදලා දෙනවා විතරයි. ඉතින් කොහොමද ජහමනගේ  බඩගිනිස්ට අපරාධයක් නොවන විදියට වැඩ කරන්නේ ?. ”

ඒත් මම මේ සංගදිය කරන්න කිසිසේත්ම අනුබල දුන්නෙත් නෑ කරන්න කිව්වෙත් නෑ. අන්න අරයාගෙන් තමයි අහන්න ඕන කියලා කමතේ ලියක මානලා තිබුන පින්තූරයක් පෙන්නුවා.

නඩුකාර හර්මන් ආපහු හැරිලා බැළුවා. හොදටම දාඩිය දාන්න පටන් ගත්තා . කුල්ලක් අරන් පවන් ගහන්න සුළු සේවකයෙකුට අණ කලා.

උසාවියේ අවධානය වෙනත් පැත්තකට යොමු කරලා මේ ගැන හොයලා බලන්න  ඉන්න හොදම කෙනා ‍හොයා ගෙන එන්න කියලා අණ කලා. තොරතුරු විමසා සාක්‍ෂියක් ගන්න.පින්තූරේ ඉන්න කෙනා ඔරවා ගෙන ඉන්නවා වගෙයි හර්මන්ට පේන්නේ.

පොලිසියේ මහත්තුරුන්ට මතක් වුනා වැල් ආරච්චි. හර්මන්ගේ නියෝගයට වැල් ආරච්චි කැදවා ගෙන ආවා. උන්නැහේට පැමිනිල්ල ගැන කරුනු පහදලා මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ඇහුවා. නැතිවුනාම වැඩියෙන් අරන් දෙන්න ඕනි. එකත් කරන් අමාරු නිසා කපන්න පටන් ගත්තා. එතුමා උත්තර බැන්දා.

නඩුව යන හැටි හොදනෑ කියලා ජහමනගේ  බඩගිනිස්ට හිතෙනවා. ඒත්  ඉතින්  මෙනවා කරන්නද ?  දැන් ඔහේ අහගෙන ඉන්නවා. නඩුකාර හර්මන්ටත්  කැරකිල්ල වගෙයි .  වැඩිදුර විභාගෙ පැයකට කල්දාලා තව දෙකක් දාගෙන ආයෙත් නඩුව කැදෙව්වා.

විත්තිය වෙනුවෙන් කරුණු පැහැදිලි කරගන්න එක එක අය කැදෙව්වා. ආ අය තවත් එක්කෙනෙක් ගැන කියලා ඇග බේරා ගන්නවා.

ඔහොම යන කොට  නඩුකාර හර්මන්ට , ලක්‍ෂපාන පැත්තේ වැදගත් පහේ මහත්තෙක් මතක් වුනා . සාක්ෂියක් ගන්න එතුමාත් කැදෙව්වා. එතුමාගෙන් ඇහුවා කවුද මේ පත්තුවෙන මල ඉලව්ව හැදුවේ ?. කියලා.

. “තෝමස් අල්වා එඩිසන් කියලා මහත්තෙක් තමයි ඕක හැදුවේ”  කියලා ඒ මහත්තයා උත්තර බැන්දා.

අම්මෝ අදට ඇති කියලා   නඩුකාර හර්මන් ට හිතුනා   “ වහාම තෝමස් අල්වා එඩිසන්” ඊලග නඩුවාරෙට කැදවන්න අණ දීලා නඩුව කල්දැම්මා.

ජහමනගේ  බඩගිනිස් මල්ලත් අරගෙන නඩුකාර හර්මන්ගේ උසාවියෙන් යන්න ගියා “ඒකත් එහෙමයි එහෙනම්” කියලා.  හර්මන් තවත් දෙකක් දාගෙන හරක් ටිකත් දක්ක ගෙන ‍වැනී වැනී ගෙදර ගියා.

 


notes of imaginary

8 comments:

නිමල් දිසානායක said...

නඩු කියන්නෙ විසඳෙන එව්වාට නොවේ
අවනඩු දෙවියන්ට කිව්වම පාඩු නොවේ
නඩු බලවන්නො ඇත රජවී ලොකු පුටුවේ
නඩු පිට නඩු වැටිය යුතු අය කොහෙද ගියේ?

Anonymous said...

වරදක් නොකළ යමෙක් ඇත්නම් පළමු ගල ගසන්නැයි ජේසුස් වහන්සේ කීහ.

ආරක්ෂක ල‍ේකම් ගෝටාබය හෝ විධායක ජනාදිපති ගෝටාබය සමග එදිරි වුවද සියලු තනතුරු හැරගිය සරණාගත ගෝටාබය සමග එක බිම් පඩියේ හිඳගනිමි. කරට අතදාගෙන 'අල්ලලා දාපං මචං' කියා කියන්නෙමි. ජයග්‍රහණයේ ගෝෂා මැද පරාජිතයා සමග හුදකලා වන්නට මං කැමතිය.

ගෝටා දැන් ජාතියක නින්දා පරිභව විඳින්නෙකි. ගෞරවය අන්තිම බිංදුවටම සිඳුනෙකි. තමන් කළ හා නොකළ සියලු පාපයන් වෙනුවෙන් කරගසන්නෙකි. එදා ඔහු මහා විරුවෙකුට ඇන්දවූ සුවිසල් ජනතාවක් අද ඔහු සමග නැත. ඔහු මහා ප්‍රාඥයෙකුට ඇන්දවූ වියත් සභාවක් නැත. ඔහුට විනාශකාරී ප්‍රතිපත්ති තනා දුන්, ඒවාට කතා ගොතා දුන්, උගතුන් බුද්ධිමතුන් අද නැත. සියලු වරද ඔහු තනිව සිදු කර ඇත. මහින්දට නාමල්ට රටක් තිබුනත් ගෝටාට ඉන්න රටකුත් නැත.

ගෝටා වීරයෙක් කලේ රටේ මහා ජනතාවගේ මුග්ධභාවයයි. දැන් ගෝටාගෙන් ඒ මුග්ධභාවයේ සළුපිළි උනාගෙන ඔවුන් තව විරුවෙක් නිර්මාණය කරනු ඇති. ඒ විරුවා කර තබාගෙන, ඔහුගේ අධෝවාතයද අහෝ සුවඳැයි ප්‍රශස්ති ලියනු ඇත. අරගලයේ එවන් ජාතික විරුවන් දුසිම් ගණනින් බිහිවනු අපි දුටිමු. පසුව උන්ටද ගෝටාට වූ දේම සිදුවනු ඇත. අපි අපේ මුග්ධ සළුපිලි අන්දවන්නට තව අලුත් විරුවන් සොයනු ඇත.

කෙසේ වුවත් ගෝටාබය රාජපක්ෂ නැමැති ඒ වයස්ගත මිනිසාට සතුටින් පිරුනු අනාගතයක් පතමි. විරුවකුගේ ඇඳුම් උනාලූ පසු දැනෙන සැහැල්ලුව ඔබ සනසාලනු ඇත. විරුවන් තනන චාරිකාවේ යෙදෙන ජනතාව සදා පසුතැවෙනු ඇත.

Anonymous said...

රාජපක්ෂලා පැන්නීම සඳහා කෘත්‍රිමව නිර්මාණය කරන ලද සමාජ වෛරයෙන් ලාංකික සමාජය මිදිය යුතුය.

මේ පසුපස ක්‍රියාත්මක වූ ඉන්දීය හා ඇමරිකානු දේශපාලනය තේරුම්ගත යුතුය.

කෘත්‍රිමව නිර්මාණය කරන ලද දෙය කොයි තරම් සමාජයේ මුල්බැස තිබේදැයි අධ්‍යයනය කළ යුතුය.
ඒ අනුව දේශපාලනිකව කටයුතු කළ යුතුය

miduma said...


1 කෙසේ වුවත් ගෝටාබය රාජපක්ෂ නැමැති ඒ වයස්ගත මිනිසාට සතුටින් පිරුනු අනාගතයක් පතමි. විරුවකුගේ ඇඳුම් උනාලූ පසු දැනෙන සැහැල්ලුව ඔබ සනසාලනු ඇත. විරුවන් තනන චාරිකාවේ යෙදෙන ජනතාව සදා පසුතැවෙනු ඇත.

2'මේ පසුපස ක්‍රියාත්මක වූ ඉන්දීය හා ඇමරිකානු දේශපාලනය තේරුම්ගත යුතුය.
කෘත්‍රිමව නිර්මාණය කරන ලද දෙය කොයි තරම් සමාජයේ මුල්බැස තිබේදැයි අධ්‍යයනය කළ යුතුය.
ඒ අනුව දේශපාලනිකව කටයුතු කළ යුතුය

මම ඔබ දෙදෙනාටම එකල වෙමි.
88-89 කාලයේ මාතලේ සිටි හමුදා ප්‍රධානියා වෙනත් ගෝඨා කෙනෙකි. ජනාධිපති ගොඨා ඊට වඩා වෙනස් චරිතයකි.අරගලය දෙස බැළු මානුෂික ස්වරූපය අගේ කල යුතුය. අපි ඉක්මන්වුනා වැඩියයි සිතෙන්නේ නැද්ද ?.

Anonymous said...

ලයනල් මහත්මයා, වත්මනයේ අප මුහුණ දෙන දේශපාලන, සමාජීය, ආර්ථික තත්වය ගැන ඔබගේ දෘෂ්ටිකෝණය කෙසේද?

පෙරදිග සහ අපරදිග රටවල් අතර සිදුවන බල කේන්ද්‍රයේ චෙස් ඉත්තෙකු වන ශ්‍රී ලංකාවේ අනාගතය කෙබදු වේද?

ලිපියක් පල කරන්න.

ස්තුතියි.

-විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය කුරුප්පු මයා,
වේයන්ගොඩ.

miduma said...

ආචාර්ය කුරුප්පු මයා,
පොඩ්ඩක් ඉවසන්න. මේක සංක්‍රාන්ති අවස්ථාවක් අඩු තරමින් විසි වෙනිදා පහු වෙනතුරුවත්.මේ දිනවල තරුන කොටස වෙතින් එල්ලවන පීඩනය වැඩියි. අපි සීයලා. " සීයා පැත්තකට වෙලා නිකම් ඉන්න .අපි ඒක කරගන්නම් " කියන අවවාදය මම මුණු පොතේ ඕනවට වඩා අහලා තියෙනවා. අපි ඒ ගොල්ලන්ට ඉඩ දෙමු.

Anonymous said...

'අරගලය දෙස බැළු මානුෂික ස්වරූපය අගේ කල යුතුය. අපි ඉක්මන්වුනා වැඩියයි සිතෙන්නේ නැද්ද ?.'

ඔබ වැනි වැඩිහිටි උදවිය තරුණ තරුණියන්ට ඕනා දෙයක් කරන්නට ඉඩ දී පස්සට වී සිටීම තමයි මේ අර්බුධයට මුල. තාරුණ්‍ය කොහොමත් ආවේගශීලි. ඔවුනට ඕනා ක්‍ෂණික විසදුම්. ක්ෂණික නුල්ඩ්ස් වගේ. ඒවා ඉක්මනින් සාදාගෙන ආහාරයට ගත හැකියි. හැබැයි ඉන්පසු ශරීරයට අටෝරක් ලෙඩ රෝග සැදෙනවා. පොල් සම්බෝලයක් සමග කැකුළු බත් ටිකක් කැවා නම් කිසිම රෝගයක් නැහැ. ඇගටත් හොදයි. හැබැයි ඒක හදාගන්න ටිකක් වෙලා යනවා. ඉතිං අපේ අම්මලා අපි පැටි වියේ බත් ඉදෙන්නත් කලින් බඩගින්නේ දගලනකොට කරේ ඒ වනවිට ලිපේ ඉදෙනා බතේ ඇති වතුර වලින් ටිකක් නැඹීලියට දමා සිනි ටිකක්, ලුණු ට්කක් දමා මිශ්‍ර කොට බොන්නට දීම. ඉතාම රසවත් මෙම පානයෙන් අපගේ කුස ගිනි බත ඉදෙන තෙක් නිමුනා. අපේ ක්ෂණික කුසගින්න නිමුනා. එය ඉතාම් ගුණවත් ආහාරයක්.

අන්න ඒ වගේ අපේ වැඩිහිටියොත් මේ වෙලේ තරුණයන්ගේ ආවේගය පාලනය කරන්න ඉඩ තිබ්බා. ඒත් හැමෝම පස්සට වී බලන් සිටියා. අප අම්මා මුත්තා කාලේ වත් අසා නැති ආකාරයට ගෙවල් දොරවල් ගිනි තිබ්බා. රජගෙදර අල්ලා ගත්තා.

ලයනල් මහත්මයා වගේ අය නිසි මග පෙන්වූවා නම් එසේ වන්නේ නැති බව විශේෂයෙන් සටහන් කරන්නට ඕනි.

miduma said...


වර්තමාන තරුන පරපුර අපේ තරුන කාලයේ තරුන පිරිස වගේ නෙමෙයි. අපිට යමක් කරන්න ගියාම දෙවරක් හිතන්න ඉවසීමක් තිබුනා. එසේ නොහිතපු තරුන පිරිස් 71 දී පුනරුත්තාපනය වුනා. 88 -89 හිටියේ දෙවෙනි පරපුර. ඔවුන් හිටියේ 71 පිරිසට වඩා ඉදිරියෙන්. ඒ නිසා විශාල ජීවිත හාණියකට මුහුණ දුන්නා. දැන් ඉන්නේ ඊටත් පසු තුන්වෙනි පරපුර. අර දෙගොල්ලටම වඩා ආවේගශීලියි. හොදක් නරකක් කියා දෙන්නම බැහැ. විනාශය තේරුම් ගන්නේ නැහැ. පිටිපසින් සිටින බළලා කවුද කියා දන්නේ නැතිව මෙවර අත පාවිච්චි කලා. දැන් කරන්න දෙයක් නැහැ. අපි බලමු අපිට වෙන්නේ මොකක්ද ? කියලා .