ඔක්කොම හොරු.
මීරිය බැද්දේ නාය ගියා. වැස්සා වැස්සා......... තාමත් වහිනවා.
notes of imaginary
මගේ කොළු ගැටයාට හොද පාසලක් .........
notes of imaginary
මීරියබැද්දේ ශෝකාන්තය
කොස්ලන්දේ මීරියබැද්ද වතුයායේ කොටසක් නායයාමෙන් පසුවත් තවමත් පටන් ගත් වැස්ස කාලසටහනකින් තොරව ඇද හැලේ. සති ගනනාවක් කදුකරයට ඇද හැළුන වැස්ස නිර්මාණය කල ජීවිත අවදානම දැන් වැස්සේ නැති සෙයකි. එහෙත් තවමත් වැසි ඇද වැටෙන්නේය.
ස්වභාව ධර්මයාට එරෙහිව අපට උඩුගම් බලා පිහිනා යා නොහැක. ඒ බවක් මායිම් නොකරන අපේ ඇත්තෝ වානිජ මෙන්ම සුළු පරිමානයේ වගා සදහා මහ පොලොව නිරුවත් කරති. ජලාශ ඉදිකරති. ගිණි තියති. මේ අකටයුතු කම්වලට එරෙහිවන ස්වභාව ධර්මය අපට අකාරුණිකව කටයුතු කරයි.
සුද්දන් මීරියබැද්ද තේ වගාව සදහා නිරුවත් කල නිසාදෝ මිහිකත ට ඉවසා දරා ගත නොහී ගිය කෝපය පුපුරා ගියේ පරම්පරා පහ හයකට පසු ජීවත්වු පරම්පරාවක් ඉලක්ක කර ගනිමින් එම පරම්පරාව විනාශකරමින් සහ අනාථයින් බවට පත් කරවමිනි.
මේ කැළඹීම හිතේ හොල්මන් කරමින් සිටියදී මතුවු අනාථයින්ට සනාථවීමේ අරගලය සහ උනන්දුව ඉන් මතුවන ගසා කෑම, මඩිතරකරගැණීමේ අපේක්‍ෂාව දකිමින් ඇසට කදුලක් මතු නොවුනා නම් ඔහු පෘතග්ජනයෙක් නොවේ.
දේශපාලකයාට කාගේ ව්‍යාසනය තුලද පෑදෙන්නේ රිදී ඉරකි. දැන් දැන් නොයෙක් මාධ්‍ය ජාලයන්ද තම ව්‍යාපාරික ප්‍රවර්ධණයන්ද ගජ රාමයට කරගන යාමට මේ ව්‍යාසනය මීරිය - බැද්ද ක් වී තිබේ. තවත් ඇත්තෝ මීරියබැද්ද විකුනා ආධාර රැස්කර යටි මඩි ගසා ගනිති.
තවත් සමහරුන්ට මීරියබැද්ද සංචාරක පරාදීසියකි. අවතැන්වුත් අසරනවූත් මේ ජනතාවට අවශ්‍ය වන්නේ නැවත විකුණා ලන්න තරම් හාල් මිරිස් තුනපහ රෙදි පිලි ටිකක් නොවේ. ඒවා තාවකාලික විසදුම්වේ. උන්හිටි තැන් අහිමිව හිසට වහලක් නොමැතිව සිටිනා මේ අසරනයින්ට පදිංචියට ඉඩම් අවශ්‍යවේ. ගේ දොරක් අවශ්‍යවේ. දෙමව්පියන් අහිමිවු දූ දරුවන්ට ඔවුන්ගේ අනාගතයම අවශ්‍ය වේ.
ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට මැදිහත් විය යුත්තේ දීර්ඝ කාලීනව විසදුම් දිය හැකි ආයතනයන්ට මිසක වැහි බිරම පහවී යන විට පාවී එන පාට පාට සරුංගල් කරුවන්ට නොවේ.
දීර්ඝ කාලීන විසදුම් දිය හැකි පලාත් සභාවකුත් මධ්‍යම රජයකුත් ඇතත් කතාවක් මිසක වැඩට බහින්න කාලය ගෙන ප්‍රදර්ශනය වෙන බව නම් දකින්නට තිබේ. එයයි මීරියබැද්දේ ශෝකාන්තය .
notes of imaginary
පිවිතුරු හෙටක් ?.
notes of imaginary
මතින් කල කතාවක්.
notes of imaginary
අසල්වාසියාගේ සටන
අසල්වාසියාගේ සටහන.
බුදුරුවගල - වැල්ලවාය.
නැගණහිරෙන් ආ වැස්ස බුත්තලට නියගය හමාර කර ඇත. දැඩි නියගයෙන් හෙම්බත්ව සිටි ගහ කොල කොළපාටින් බැබලෙන්න දැඩි උත්සහායක් දරමින් සිටි සැප්තැම්බරයේ අවසන් සතියේ මම බුදුරුවගලට යාමට වාසනා ලද්දේය.
මට වැල්ලවාය නගරයේ සිට තිස්සමහාරාම පාරේ තිස්සමහාරාමය දෙසට කිලෝමීටර් හතරක් පමන පැමිණ වමට හැරී අතුරු පාරක තවත් කි.මි. 4 ක් පමණ ගිය තැන හමුවු වන ගහණය තුළ ගල් තලාවේ නෙලා ඇති බුද්ධ ප්‍රතිමාවක් ප්‍රධාන කොට තවත් බෝසත් ප්‍රතිමා කිහිපයක් දැක ගැනීමට ලැබිනි. මෑත කාලයක් වනතුරුම මෙම ප්‍රදේශයේ අලි ඇතුන්ගෙන් ගහණ හුදකලා ප්‍රදේශයක් වශයෙන් පැවැතුන බව මට හමුවු සාමනේර ස්වාමීන් වහන්සේ පැවසීය.
නව ගොඩනැගිලි කිහිපයක් ඉදිවෙමින් ඇත. සංචාරක මණ්ඩලය විසින් ඉදිකල ගිමන් හලක් දක්නට තිබිනි. මේ හැරෙන්නට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවට තනි රකින්න කවුරුවත් නැති බවක් මගේ හිතේ සටහන් විය.
හිටි ඉරියව්වෙන නිරූපිත බුද්ධ ප්‍රතිමාව උස මීටර 13 ක් පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය. ගල් තලාවක් මත නෙළා ඇති දැවන්ත බුදුරුව නිසා බුදුරුවගල වශයෙන් ප්‍රසිද්ධියට පත්වන්නට ඇත.
කවුරුන් විසින් කවර දා කරන ලද්දැක්දැයි නිශ්චිතව තහවුරු කර ගෙන නොමැති මෙම කලා නිර්මාණයන්ගේ ස්වභාවය අනුව මෙය ක්‍රි.ව. 8 – 9 සියවස් වලට අයත් මහායානිකයන් විසින් කළ නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වෙයි.
ගල් පව්වේ බිත්තිය මධ්‍යයේ දැවැන්ත ප්‍රතිමා නෙලා ඇත්තේ අර්ධ උන්නතව ය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා තුන බැගින් දර්ශනය වෙයි.
බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුරදුන්ගේ පිළිබිඹුවක් බව අනුමාන කෙරේ.
ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස ඇති ප්‍රතිමා ත්‍රිත්වයේ මැද නෙළා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.16 කි. එම ප්‍රතිමාවේ වම් පසින් නෙළා ඇති ත්‍රිභංග ඉරියව්ව පිළිබිඹු කරන තාරා දේවී ප්‍රතිමාවේ උස මීටර් 5.98 ක් පමණ වෙයි. මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවය. අවලෝකිතේශ්වර බෝධි සත්ව රූපයයේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාවයි. මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමාරා ද බෝධිසත්වවරයෙකි. එහි උස මීටර් 6.53 ක් පමණ වෙයි.
ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන රූප ත්‍රිත්වයේ මැද නෙලා ඇති ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවය. මෙහි උස මීටර් 7.3 කි. එම බෝධිසත්ව රූපයේ වම් අත පැත්තේ නෙලා ඇති ප්‍රතිමාව වජ්‍රපානී බෝසත් ප්‍රතිමාවය. මෙහි උස මීටර් 6.4 කි. මෛත්‍රී බෝසත් රුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි.
මේ අනුව බුදුරුවගල ඇති ප්‍රතිමා හත වම් අත සිට දකුණට පිළිවෙලින් නම් කළහොත් මෙසේ හඳුනාගත හැකිය. සුධනකුමාර, යෝගී අවලෝකීතේශ්වර, තාරා, දීපංකර බුද්ධ, මංජු ශ්‍රී, මෛත්‍රී හා වජ්‍රපානී වශයෙනි.
notes of imaginary
අසුබ නිමිත්තක්.
මාස ගණනාවක් පීඩා කරන ලද නියගය අවසන් කරන මහ වැස්සක පෙරනිමිති අහස පුරා පැතිර ඇත. වැස්සට පෙර පැවත්වෙන විවාහ මංගල්‍ය සාදය අවසන් වුවහොත් යහපත් යයි මගේ සිතිවිලි අතරට ගොනු වෙමින් තිබිනි. දැහන බිද වැටුනේ “ සර් බිල් එක “ යයි වසන්ත කියු හඩෙනි.
සාදයේ අවසන් අදියරට පැමිණ සිටියත් සහභාගීවු පිරිසත් ඇනවුම් කරන ලද මධුවිතෙහි මිලි ලීටර් ගණනත් හා සසදන විට මේක නම් එවර නොවන සාදයකයයි සිතිවිල්ලක් ඇතිවී තිබිනි. පස්වරු හතර පමණ වී ඇත. සංගීතයද එකවර නතරවිනි.ඒ පිරිසට විසිර යන්නට දුන් සංඥාවක් යයි මම සිතුවෙමි.







.jpg)
.jpg)
.jpg)

.jpg)














