ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-12-30

පෙම් සුවද දැනේවා !




අවුරුද්ද ගෙවී ගෙන යනවා. තව දවසකින් ( හෙට ) ගෙවිලා යද්දී නැගණහිර අහසින් ඉර පායන්නේ අළුත් අවුරුද්දකට.
අපිට අළුත් අවුරුදු උත්සව දෙකක් තිබුනත් බිත්තියට අළුත් කැලැන්ඩරයක් එක්වෙන්නේ ජනවාරි පලවෙනිදාට. නිල අළුත් අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි පලවෙනිදායින්. කාගේදෝ පිස්සු උපදේශයකින් ජනවාරිදා රජයේ නිවාඩු දවසක් වෙලා තිබුනා කාලයක්. නිවාඩු දිනය නම් කරලා තිබුනේ ජාතික වීර දිනය කියලා. සැප්තැම්බර් 26 වෙනිදාට තිබුන රජයේ නිවාඩු දිනය මැකිලා ජනවාරි පලවෙනිදාට නිවාඩු දිනයක් ඇදුන කියලයි කඩුල්ලට මතක.
කොහොමත් අළුත්ම අවුරුද්දක් ලෙස සම්මත කරගත්ත ජනවාරි පලවෙනිදා ගෙදරට ගුලි වෙලා කම්මැලියෙන් ඉන්නවට වඩා තම තමන්ගේ රාජකාරි ස්ථාන වල ඕපාදූප කිය කියා හරි අළුත් අවුරුද්දක් පටන් ගන්න එක සුභ ලක්‍ෂනයක් !.
ජනවාරි පලවෙනිද දවස අවුරුද්දේ පලවෙනි දවස ලෙස නම් කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්වයේ රෝමයේ රජකල හුමා පොට්පිල්යූස් රජතුමා. මේ වන විට රෝම කැලැන්ඩරය මාර්තු මාසයෙන් පටන් අරන් දෙැසැම්බර් මාසයෙන් අවසන් වෙලා තිබුනා. හුමා පොට්පිල්යූස් රජතුමා මේ කැලැන්ඩරයේ මුලට තව මාස දෙකක් එකතු කලා ජනවාරි පෙබරවාරි කියලා. දැන් මාස දොලහයි. ජනවාරි මාසේ තමයි අවුරුද්දේ පලවන මාසය.
පොට්පිල්යූස්ගේ ජනවාරි මාසෙට තිබුනේ දින තිහයි. ජුලියස් සීසර් තමයි ජනවාරි මාසෙට දින තිස් එක කරලා කැලැන්ඩරය අද තත්වයට යාවත්කාලීන කලේ .රෝම අධිපති දෙවිවරයෙක් වන “ ජානුස් “ මුල් කරගෙන ජනවාරි මාසය නම්වෙලා තියෙන්නේ . ලොව සිදුවන සියළු කටයුතු වලට ආරම්භය ලබා දෙන්නෙ ජානුස් දෙවියන් කියලයි රෝම වරුන්ගේ මතය. ඒ නිසා ජානුස් දෙවියන්ට අවුරුද්දේ මුල් මාසය වෙන්වුනා !.
1522 දී ඒ වර්ෂයේ සිට ජනවාරි පලවෙනිදා වසරේ මුල් දිනය ලෙස පිලිගත් පලමු ජනරජය වැනිස් ජනරජය ලෙස සදහන් වෙනවා. පසුකාලීනව රෝමන් අධිරාජ්‍යයත්, ස්පාඤ්ඤය ,පෘතුගාලය, ස්විඩීනය ,හා ප්‍රංශය වැනි රටවල් සිට ලෝකයම අද වන විට ජනවාරි පලවෙනිදා වසරේ මුල් දිනය ලෙස සලකනවා. අපේ රටත් පෟතුගීසී ආගමනයත් සමග වෙනස් වුන සස්කෘතික ලක්‍ෂනත් ජාත්‍යාන්තරයට ඇති නැදෑකම නිසාත් අවුරුද්දේ මුල් දවස ජනවාරි වෙලා.
අපේ සිත් තුල අපි මොහොතින් මොහොත මැරි මැරී උපදිනවා. දවසත් ඒ වගෙයි කියලා කඩුල්ලට හිතෙනවා. අපේ මැරෙන සිත යලිත් උපදින්නේ අළුත් බලාපොරොත්තු ඇතිව අළුත් හැගීම් ඇතිව. දවසත් මියගිහින් හෙට නැගණහිරින් ඉර පායන්නේ නැවුම් අළුත් දවසකට නැවුම් බලාපෙරොත්තු පුරවාගෙන. එසේ නොවනවා නම් අපි මැරෙන්නේ එකවරයි. එහෙම වෙනවා නම් හොදයි කියලා සිත් තුල ප්‍රකාශවුනත් ඒ ව්‍යාජයක්. අපේ සිත් බලාපොරොත්තුවන්නේ මැරි මැරී ජීවත්වන්නමයි. මනුෂ්‍ය ස්වභාවයේ ලක්‍ෂණය එහෙමයි.
කලාවැව තේමා කරගෙන විශාරද අමරසිරි පීරිස් ගයන මේ ගීතය අහන්න. අපේ හිත් කලා වැව වගෙයි. විටක පිරෙනවා. විටක හිදෙනවා. ආයෙත් පිරෙනවා. පිරුන වැව් පතුල අපිට පේන්නේ නැහැ. කලාවැවේ පිරුන සරන සුදු නෙළුම් විතරයි චමත්කාරයෙන් දිලෙන නිල්දියවරත් සමග පෙනෙන්නේ. වැව හිදෙනවිට වැව් පතුලේ තැන්පත් වුන කටු කොහොල් නැවත පෙනෙනවා.අපේ හිත් කඩා වැටුනම හිතේ තැන්පත්වුන කටු කොහොලින් වේදනා දෙනවා. මේ ගීතයේ අවසාන පද මෙහෙම ලියවෙනවා.
“...............පිරුන වැව් ජලයේ - සුදුනෙළුම් සරනවා
හැදුන හිත් මඩලේ - පෙම් සුවද දැනෙනවා.........” පෙම් සුවද ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ලෙසම කඩුල්ලට දැනෙන්නේ නෑ. මේ පෙම් සුවද ඉන් එහා පැතිර ගිය මානුෂිකවු ප්‍රෙමයයි.


“කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

හිදුන වැව් පතුලේ - කටු කොහොල් පෙනෙනවා
රිදුන හිත් මඩලේ - සෝසුම් දැවෙනවා

කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

පිරුන වැව් ජලයේ - සුදුනෙළුම් සරනවා
හැදුන හිත් මඩලේ - පෙම් සුවද දැනෙනවා

කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.
කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා..................................”


කලාවැව හිදෙනවා................
අපේ ජීවිතය ගෙවී යන්නේ එසේමයි මට හිතනවා.
2014 වසරේ ජනවාරි පලවෙනිදා සිටම ඔබේ සිහින සැබෑ වේවා!
සියළු බලාපොරොත්තු සැබෑවේවා !!
බිදෙන හිත් මඩලේ - පෙම් සුවද දැනේවා !!!




notes of imaginary

2013-12-24

MERRY CHRISTMAS !.



මා කිතුනුවෙකු නොවේ. කිතුනුවෙකු නොවන මගේ ඇසින් නත්තල මම දකින විට යම් යම් අඩුපාඩු සිදුවිය හැකියි. එබැවින් කියවන්නෝ මා කෙරෙහි කමා විය යුතුය. වරද පෙන්වා දිය යුතුය.
තරවටු නොකල යුතුය.

කිතු සමිදාණන් මෙලොව බිහිවීම සමරන නත්තල ලොව පුරා කිතුනුවෝ ඉතා උත්කෘෂ්ඨ අන්දමින් සමරමින් පවත්වන උත්සවයකි. නත්තල ආගමික උත්සවයකට වඩා සැණකෙළියක ස්‌වරූපය දරන බව මීදුමට ට සිතෙයි.”නත්තල” යනුවෙන් සමරනු ලබන ආගමික උත්සවය ශාන්ත ලූකස්‌තුමාගේ සුවිශේෂයේ සඳහන්ව ඇති අන්දමට ලයාන්විත සිත් සසල කරන පුවතකි.
 
ජන සංගණනයක්‌ සඳහා තම උත්පත්ති ප්‍රදේශයට පැමිණිය යුතු යෑයි එකල රෝම අධිරාජ්‍යයා වූ ඔගස්‌ටස්‌ සීසර් සියලුම යටත් වැසියනට නියෝග කළේය. මේ අනුව දාවිත්ගේ රාජ්‍යයෙන් ( තම උපන් දේශයට) පැවත ආ ශාන්ත ජුසේතුමා ගැබ්බර මරියතුමිය සමඟ බෙත්ලෙහෙම් නගරය කරා පැමිණියේය. එදින බෙත්ලෙහෙම් නුවර නවාතැන් පලවල් සියල්ල පිරී ඉතිරී පැවැති හෙයින් ජුසේතුමාට සහ මරියතුමිය ලැගුම් ගැනීමට සිදුවූයේ බෙත්ලෙහෙම් නුවර කොනක පාළු ගව ලෙනකයි.
මෙම ගවහලේදී විළිරුදාව ලත් මරියතුමියට ගව ඔරුවක දිව්‍ය බිළිදුන් මෙලොවට බිහි කළාය.

ලෝකය පවින් ගලවා ගැනීම සඳහා මෙලොව එලිය දුටු ඒ දෙව් මහෝත්තමයාණන් වූ ඒ දිව්‍ය බිළිදුන් මෙලොවට බිහිවූ ශුභාරංචිය සුර දූතයන් විසින් බෙත්ලෙහෙම් නුවර අසල තැනිතලාවක තම බැටළුවන් රැක බලා ගනිමින් සිටි අහිංසක එඩේරුන්ට පලමුව ප්‍රකාශ කරන විට බෙත්ලෙහෙම් නුවර බොජුන්හල්වල හා තානායම්වල කමින් බොමින් හා නටමින් ප්‍රීති වූ වරප්‍රසාද ලත් උසස්‌ පංතියට එම සුභ ආරංචිය නොඇසුනි.

කිතුනු උපත සැමරීම සෑම වසරකම දෙසැම්බර් මස 25 දින නත්තල් උත්සවය පවත්වනු ලබන නමුත් බයිබලයේ කොතැනකවත් ක්‍රිස්‌තුන් වහන්සේගේ උපන් දිනය නොමැති බව සදහන්ය. 3 වැනි ශතවර්ෂය වන තෙක්‌ම නත්තල කිතුනු මංගල්‍යයක්‌ ලෙස සමරා නොමැති බව සදහන්වේ. ප්‍රධානතම කිතුනු මංගල්‍යය ලෙස ක්‍රිස්‌තුන් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම සමරන පාස්‌කු මංගල්‍යය බව සදහන් වේ . 

බෙත්ලෙහෙම් නුවරට වැසි හා කුණාටු සහිත ශීත සෘතුව වූ දෙසැම්බර් මස එඩේරුන් තම බැටළුවන් රැකබලා ගැනීම සඳහා තැනිතලාවක නිරත වූයේ යෑයි සිතිය නොහැකි අතර නියත වශයෙන් කිතුනු උපත සිදුවූයේ අගෝස්‌තු මස දිනයකදී යෑයිද කියනු ලැබේ.
කිතුනු උපතටත් පෙර රෝමන්වරුන් විසින් දෙසැම්බර් මස 25 වැනි දින හිරු පිදීමේ උත්සවයක්‌ පවත්වා ඇත . 3 වැනි ශතවර්ෂයේදී රෝම අධිරාජ්‍යය කිතු දහම වැළඳගත් පසු නරපති කොන්ස්‌ටන්ටයින් අධිරාජ්‍යයා රෝමන්වරුන්ගේ හිරු පිදීමේ උත්සවය වෙනුවට එදින කිතුනු උපත සැමරීමට යොදාගත යුතු යෑයි නියෝග කළේය. ක්‍රි. ව. 325 දී පාප් පදවිය දැරූ රෝමයේ අගරදගුරු ලිබෝරියස්‌ තුමා දෙසැම්බර් මස 25 දින කිතුනු උපත සැමරීම සඳහා නත්තල් උත්සවය පැවැත්වීම අනුමත කළේය.

මෙසේ කිතුනු උපත හෙවත් නත්තල දෙසැම්බර් 25 දින පැවැත්වීමට සම්මුතියක්‌ ඇතිවූ පසු කලින් පැවැති රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය, ග්‍රීක්‌වරුන්ගේ සැටරනිලා උත්සවය හා යුරෝපයේ අනෙකුත් කාලීන උත්සවයන්ගේ අංගෝපාංග හා සම්ප්‍රදායන්ද නත්තල් උත්සවය හා එක්වීමෙන් ආගමික උත්සවයකට වඩා විනෝදකාමී සැණකෙළියක්‌ බවට නත්තල් උත්සවය විකාශණයවේ.

මෙරටද පෘතුගීසි යුගයේ පටන් නත්තල මහත් උත්සවශ්‍රීයෙන් පවත්වා ඇත. කිතුණු බැතිමතුන් නත්තල මහා පරිමාණයෙන් හා සැණකෙලි ස්‌වරූපයෙන් පවත්වනු ලබන ආගමික උත්සවයකි.

මෙකල නත්තලද වෙලෙන්දන්ගේ ග්‍රහණයට පත්ව ඇත.ඔක්තෝම්බර අවසාන සතියේ පටන් මාධ්‍ය නත්තල දඩයම් බිමක් බවට පත් කරගනී. ගුවන් විදුලියේ රූපවාහිණියේ පුවත්පත්වල නත්තල් වෙළෙඳ භාණ්ඩ අලවි කරගැණිමේ මෙහෙයුම් දියත්වේ. වෙළෙඳසල් නොයෙක්‌ මාදිලියේ ඇඳුම් - පැළඳුම්, ආහාරපාන හා විසිතුරු භාණ්‌ඩ ආදියෙන් පිරී ඉතිරී යයි. නත්තල ආසන්න වෙත්ම සාප්පු සවාරි යන්නන් නිසා නගර මහත් තදබදයකි. අපිට සිතිය නොහැකි තරම් මිල ගනන් වටිනා නත්තල් හැම්පර වෙළෙඳසල්වලින් තෑගි දීම සඳහා අලෙවි වේ.ලංකාවේ සෑම නගරයකම පාහේ ප්‍රධාන හෝටල් වල නත්තල් සඳහා නොයෙකුත් සාදයන් හා බාල් නැටුම්ද සංවිධානය කරනු ලැබේ.

මධ්‍යහන යුගයේදී නත්තල් සම්ප්‍රදායයන්ගෙන් මුල් තැන හිමිවනුයේ ශාන්ත ප්‍රැන්සිස්‌ අසිසිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ ගවලෙනටය. නත්තල් සමයේදී සෑම දෙව්මැඳුරක මෙන්ම කිතුනු නිවසක ද ගව හලක කිතුනු සමිදාණන්ගේ උපත ද දක්‌වන ගවලෙනට විශේෂ තැනක්‌ හිමිවේ.

බොහෝ නත්තල් ශුභ පැතුම් පත්වලද ගවලෙන දක්‌වන චිත්‍රයක්‌ දක්‌නට ලැබේ.කැරොල් ගායනයද තවත් විශේෂ නත්තල් සම්ප්‍රදායයකි. කැරොල් ගායනයෙහි ප්‍රධාන තේමාව සුර දූතයන් කිතු උපත එඩේරුන්ට ප්‍රකාශ කිරීම වන අතර නත්තල් සමයේදී කැරොල් ගායනය ලොව පුරාම පවත්වනු ලැබේ. ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොවට බිහිවූයේ අන්ත අසරණ දූගී බිළිඳකු වශයෙන් නිසා නත්තල් සමයේදී දූගී දූ දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ. ඒ අනුව දිළිඳු දරුවන්ට සෙල්ලම් බඩු හා අනෙකුත් තෑගි ගෙනෙන නත්තල් සීයා සෑම රටකම දක්‌නට ලැබෙන නත්තල් විශේෂාංගයකි.

එහෙත් දැන් තත්ත්වය වෙනස්‌ වී ඇත. එදා කිතු උපත පිළිබිඹු කළ නත්තල් සම්ප්‍රදායන් මෙදා වාණිජමය හා වෙළෙඳපොළ ප්‍රයත්නයන් විසින් විනාශ කරමින් යටපත් වෙමින් පවතී. අද නත්තල් ගවලෙන එහි තිබෙන ශුද්ධවත්භාවය හා සරල සුන්දරත්වයට වඩා තම පුරාජේරුව ප්‍රදර්ශනය කරන සංකේතයක් බවට පත්ව ඇත. එදා තිබූ නත්තල් නාට්‍ය , භක්තති ගීත අද සංගීත සංදර්ශන විසින් බිලි ගෙන ඇත.මේ අතර බොහෝ තැන්හි සුරාපානය කොට ගී ගයමින් හා බදාගෙන නැටුම් පවත්වමින් නොයෙකුත් විකාර කරමින්, පවත්වන නත්තල් සාද ක්‍රිස්‌තු උපතට කරන්නේ මහත් අගෞරවයකි. 
වාණිජත්වයට මුල්තැනදී නත්තල නමින් මහත් සැණකෙළි ස්‌වරූපයෙන් පවත්වන සරුවපිත්තල උත්සවය වෙනුවට ක්‍රිස්‌තුන් වහන්සේ ගවලෙනක ඉපදී දැක්‌වූ ආදර්ශයට ගැළපෙන පරිදි කිතු උපත අධ්‍යාත්මයට මුල්තැනදී සරල අන්දමින් පැවැත්වීමට පියවර ගත යුතුවේ.

බෞද්ධවු අපද අපේ ආගමික උත්සව විකෘති කරගෙන සමරමින් නිර්මාතෘන් වහන්සේලාට අගෞරවයක් වන ලෙස කටයුතු කරමින් සිටිමු. ක්‍රිස්‌තුන් වහන්සේ මෙන්ම බුදුරජානන් වහන්සේද මෙලොව ගත කළ සරල දිවිය අනුව යමින් කතෝලික බෞද්ධ සිරිත් විරිත් සම්ප්‍රදායයන් හා සංස්‌ථා හැඩගැස්‌සවීමට අප යොමුවන්නේ නම් නත්තලින් පසු උදාවන නව වසර සුවබර සිතිවිල්ලෙන් පිරි වසරක් වේ යයි මීදුමට සිතෙයි.



notes of imaginary

මඩේ ලඟින තාරාවන්


























මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින..

මදන ඇතුන් නෙලුම් හුයෙන්//
බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද
නෙලූ පලා මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින..

හමන සුළන් මකුලු දැළෙන්//
වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳුන්
මල් නෙළන්නෙ මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං


නා්‍ය-

තාරාවෝගිලෙති - ලූෂන් බුලත්සිංහල
ගා- ර්සිදිරිසිංහ
notes of imaginary

2013-12-19

වසර පහක් මීදුමත් සමග .




මීදුම උපන්දා වියමන් කරන ලද මේ සටහනත් කියවන්න.

2008 ජුලි  29  වියමන් කරපු මේ සටහනත් එක්ක මීදුම පාවෙන්න ඇරියා.  ( 2013  ජුලි 29 දා වන විට මීදුමට අවුරුදු පහයි. )   මෙය draft  කරලා තිබුනත් ප්‍රකාශයට පත් කරලා තිබුනේ නැහැ.   අවුරුදු පහයි මාස හයකට පස්සේ. එදා ලිවිය යුතු සටහනක් අද ලියන්නේ . මීදුම   -  පද පෙරළිකරන අය මිහිදුම ලෙසත් , ගින්නක් නැතිව ඇතිවන දුමක් ලෙසත්  දක්වලා තියෙනවා කියවලා තියෙනවා. . පසුගිය කාලය නොයෙක් දේවල් ගැන කතා කලත් අද මීදුමට වියමන් කරන්න කාලය හොයා ගන්න බැරිව මීදුම වයමන් කරන මම ලතවෙනවා. ඒකට හේතුවක් තියෙන්න එපාය.ඒ හේතුව ගැන මීදුමේ සටහනක් තිබ්බේ  මෙන්න මේ විදියට


.................. මම ලියන http://www. miduma. bogspot.com මීදුම කියවන්න. දේශපාලනය සහ සමාජ අත්දෑකීම පල කරන  http://kadulla.wordpress.com  කඩුල්ලත් කියවන්න.‍මාස කිහිපයක සිට පල වෙන ලිපි ප්‍රමානය නම් අඩුයි.
පුංචි මුණුපුරා මගේ කාලය උදුර ගෙන. ................... 2011 දෙසැම්බර් මාසෙ 29 වෙනිදා මීදුමට පුංචි මුණුපුරෙක් ලැබුනා. එයා දවසින් දවස මීදුමගේ විවේකය උදුරා ගත්තා .ලියන්න හිතන්න ඔනී. හිතන්න තියන කාලය අත්පත් කරගත් මුණුපුරා කලින් පැවති ජීවන රටාව එයාට ඕන විදියට වෙනස් කරලා මීදුමට අතට දුන්නා. අද මට  තියෙන්නේ එයාගේ රටාව. මීදුම හිස්ව තබන්නත් බැහැ. . ඔය අතර http://kadulla.wordpress.com   හී පලකරන ලිපි මීදුමෙත් පලකරන්න හිතුවා. අමතර වාසි‍යකුත් තියනවා කියලාඅසමි දකිමි සොයමි ලියන  විචාරක  අදහසක් දීලාත් තිබුනා. මෙ නිසා කඩුල්ලත් මීදුමත් ඒකාබද්ධ වෙනවා.  Wordpress  සහ  Bloggers  එකතුවුනාම අමතර කියවන්නන් ටිකක් එකතුවෙයි කියලත් මීදුම හිතනවා.






notes of imaginary

බලය තාවකාලිකයි !.




අමාත්‍ය මර්වින් සිල්වා විවාදාත්මක දේශපාලන චරිතයක්. නිතරම අපට අහන්න ලැබෙන්නේ අමාත්‍යතුමාගේ දඩබ්බර පටලැවිලි ගැන ප්‍රවෟත්ති. අමාත්‍යවරු සිවිල් පුරවැසියෝ වගේ ඉන්න කාලවල දේශපාලන පෙරහුරු පවත්වන කාලවල බොහෝම සාධු චරිත. ඒත් බලය ලැබුනාම මර්වින් සිල්වා අමාත්‍යවරයාත් එකයි. සිල් රෙදි පොරවාගෙන ඉන්න අනෙක් අයත් ඒ හා සමානයි.
මර්වින් සිල්වා අමාත්‍යතුමා නම් උඩ බිම බලන්නේ නැතිව ප්‍රතිචාර දැක්වීම කරනවා. අනෙක් අය හීන් නූලේ වැඩේ දෙනවා.උඩගුකම ,මවා ගත්ත ආඩම්බරය නැත්නම් අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්ද ? ප්‍රභුවරයෙක් නේ !. නිර්ප්‍රභුන්ට ජාතිය දාගෙන හිටියේ නැත්නම් අගයක් නැහැනේ. කරදරත් වැඩියි..පංතියේ වෙනස පැහැදිලි වෙන්නෙත් නැහැ.
මේ ටීකාව කියවගෙන ආවේ මර්වින් සිල්වා අමාත්‍යතුමාට කිසිදු මන්ත්‍රීකමක්‌වත් නොමැතිව මන්ත්‍රි කෙනෙක් වෙන්න පෙරුම්පුරා ගෙන සිටිය කාලයේ සිදු වූ සිද්ධියක්‌ ගැන කියන්න. මේ කතාව ඉරිදා දේශපාලන වල්පල් ලියන තීරු ලිපියකින් ඇහිද ගත්තේ අර පලාත් සභා අමාත්‍යවරයෙක් ගුරුතුමියක් දණ ගස්සවපු කාලේ .

මේ සිද්ධිය වුන කාලයේ පැවතියේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්. ඒ ආණ්ඩුවේ හිටපු බලවත් ඇමැතිවරු කවුරුවත් එක්‌ක වැඩිය කතාබහට එන්නෙ නෑ. හරි ආඩම්බරයි. පොළවෙ පස්‌ පෑගෙන්න නැති මට්‌ටමෙන් තමයි හිටියෙ.
නිර්ප්‍රභු ජනතාවට මේ මිනිස්සු එපා වෙන්නත් කරුණු කාරන ඇති වෙන්න එපාය.
ඔය කාලයේ දවසක්‌ මර්වින් අමාත්‍යතුමාට අවස්‌ථාවක්‌ ලැබෙනව පිටරට යන්න. ගුවන් යානයට නැගලා තමන්ට හිමිවෙච්ච ආසනයේ වාඩිවෙලා වටපිට බලනකොට යාබද ආසනයේ හිටියේ එකල ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්. මර්වින් අමාත්‍යතුමා ඔහු සමඟ කතා බහ කරන්නට උත්සාහ කලත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.

මර්වින් අමාත්‍යතුමා අර ඇමැතිත් එක්‌ක කිහිප පාරක්‌ම කතා කරන්න උත්සාහ ගත්තා. වැඩිය හිතවත්කමක්‌ ගොඩනැගිල නෑ. පැයක්‌ විතර ගෙවිල ගියා. අන්තිමේ ගුවන් යානය ඉගිල්ලෙන්න පටන් ගත්තා. මර්වින් අමාත්‍යතුමා යානාවේ ගුවන් සේවිකාවකට කතා කරල අහලා තියෙනවා “දැන් අපි ඉන්නෙ ලංකාවෙ ගුවන් සීමාවෙද? නැද්ද? “ කියලා.
එහෙම නම් ලංකාවෙ ගුවන් සීමාව ඉක්‌මවල ජාත්‍යන්තර ගුවන් සීමාවට ගියාට පස්‌සෙ මට මතක් කරන්න කියල මර්වින් අමාත්‍යතුමා ඇයට කියලා.

ටික වෙලාවකට පස්සේ ආපසු පැමිණි ගුවන් සේවිකාව මර්වින් අමාත්‍යතුමා දැනුවත් කරනවා අපි දැන් “ජාත්‍යන්තර ගුවන් ප්‍රදේශයේ “ කියලා. මර්වින් අමාත්‍යතුමා අර ඇමැතිතුමා ලගට ගිහින් ගරුසරුවක්‌ නැතිව කියනවා "මචං දැන් අපි ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. ලංකාවට තමයි උඹ ඇමැති. මම නිකම්ම නිකම් මර්වින්. එතකොට මාත් එක්‌ක කතා නොකර සිටියට කමක්‌ නෑ. හැබැයි දැන් අපි දෙන්නම ඉන්නෙ ලංකාවෙන් පිටවෙලා. උඹට දැන් ගරු කරන්න කෙනෙක්‌ මෙහේ නෑ. මටත් නැහැ. ඒක නිසා අපි දෙන්නම එක බෝට්‌ටුවේ. ඔන්න ඔහේ සීතලේ යන්නත් එක්‌ක ගහමු මචං හොඳ අඩියක්‌." කියලා.
අන්තිමේ එයාටත් සිද්ධවුණා මර්වින් අමාත්‍යතුමත් එක්‌ක හිතවත් වෙලා කතා කරන්න.
දැන් කාලේ අපිට මර්වින් අමත්‍යතුමා හමුවෙලා ඒ වගේ ආරාධනාවක් කලොත් වෙන්නේ මොකක්ද කියලා අපිම හිතා ගමු ! .

බලය කියන දේ තාවකාලිකයි . බලය තියෙනකොට මිනිස්‌සු ඔළුව උදුම්මගන්න හොඳ නෑ. බලයත් එක්ක මිනිස්සු නිහතමානි වෙලා ජීවත් වෙන වනම් ලෝකය සුන්දර තැනක් වේවි. ලෝකය අසුන්දර වෙලා තියෙන්නේ එහෙම නැති නිසයි.
notes of imaginary

2013-12-14

මූදු පතුල යට ඉඳලා




මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//

මූදු පතුල යට ඉඳලා..

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

මූදු පතුල යට ඉඳලා..

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් .හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///
මුදුපත්ල යට ඉදලා

සෝමලතා සුබසිංහ - මුදුපුත්තු
 

notes of imaginary

2013-12-02

ඔබේ ඇස් පරීක්ෂා කරගන්න






ඇස් දෙක වගේ රැකගන්නා කියලයි වඩාත්ම ආදරේ ඇති වස්තූන් ආරක්‍ෂා කරගන්නවට කියන්නේ . ඒත් ඔබේ ඇස් දෙක පණ වගේ රැක ගන්නවාද කියන එක ප්‍රශ්නයක්.
අපිට ඇස් පෙනීම ඉබේම අඩුවුනොත් හිතන්නේ කණ්නාඩියක් ( උපැස් යුවලක් ) ගන්න. ඒ වගේ වෙලාව නගරයේ ඇති ඇස් කණ්නාඩි වෙළද සැලකට ගිහින් ඇස් පරීක්‍ෂා කරගෙන කන්නාඩියක් ගන්නවා. ඒත් ඔබ දන්නේ නැහැ එම කන්නාඩි ඔබට වික්කේ සුදුසු කම් සපුරා නිසි පුහුණුවක් ලත් ඇසි පරීක්‍ෂකයෙක්ද කියලා. සමහරවිට ඔහු දන්නවා ඇත්තේ අකුරු පුවරුව කියවලා පෙනීම පරීක්‍ෂා කිරීම විතරක් වෙන්න ඇති. ඔබ කරගන්නේ අනතුරුදායක වැඩක් !.
ඔබ ඇස් කණ්නාඩියක් ගන්නේ නම් අඩුම තරමින් රජයේ පිලිගත් අක්‍ෂිතාක්‍ෂණවේදියෙක් තෝරගතයුතුමයි. මෙම අක්‍ෂිතාක්‍ෂණවේදින් ඇස් පිළිබදව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් දෑවුරුදු විධිමත් පුහුණුවකට පසු රෝහල්වල සේවයට අනුයුක්ත කරසිටිනවා.
අනෙක් වෛද්‍යවෟත්තිකයන් මෙන් මේ අයත් පෞද්ගලික වෛද්‍ය ව්ත්තියේ යෙදෙමින් අක්‍ෂි වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වා ගෙන යනවා.

ඇස්වල ආබාධයක් ඇති වුණොත් ඇහැට අනතුරක් සිදු වුණොත් නැතිනම් ඉබේම පෙනීම අඩු වුණොත් නම් මුලින්ම කල යුත්තේ අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීමයි. ඔහුගේ /ඇගේ උපදෙස් පැතීම වැදගත්.
වයස අවුරුදු හතළිහ පැන්නාම පෙනීමේ ඇසේ ඇතිවන වෙනස්කම් නිසා බොහෝ දෙනෙක් “හතළිස් ඇඳිරිය” ඇවිත් කියලා ඇස් පරීක්ෂා කරවා ගන්නවා. ඒත් වයස අවුරුදු හතළිහට කලින් වුණත් ඇස්වල නිරෝගී බව ගැන ඔබ උනන්දු වෙන්නට ඕනෑ.

ලෝක ජනගහනයෙන් මිලියන තිස් නවයක්ම අන්ධ භාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා. මොවුන් අතරින් වැඩි දෙනෙක් තුන්වෙනි ලෝකයේ රටවල ජනතාව , එලෙස අන්ධ භාවයට පත්වන්නට හේතු වී ඇත්තේ ඇසේ සුද, දියවැඩියාව හේතුවෙන් ඇතිවන අක්ෂි ආබාධ, ග්ලූකෝමාව, දෘෂ්ටි ආබාධ සහ ළමා වියේ අන්ධ භාවයයි.අන්ධ භාවයට බලපාන ප්‍රධාන හේතු කිහිපයක්ම තිබෙනවා. මෙම හේතු කල් තියා හඳුනා ගතහොත් අන්ධ භාවයෙන් වැළකෙන්නට හැකි වීම සුබවාදී ලක්ෂණයක්.

Ø ඇසේ සුද,
Ø හතළිස් ඇඳිරිය,
Ø ග්ලූකෝමාව,
Ø දියවැඩියාව
Ø මවුපියන් ඇස් රෝගවලින් පෙළෙන විට ඇතිවිය හැකි ජානමය බලපෑම
Ø ඇසට අනතුරු සිදුවීම
Ø වෙනස් ඇස් රෝග,
Ø ඇසට රසායනික ද්‍රව්‍යයක් ඇතුළුවීම,
Ø වපරය,
Ø ලේ නෑයින් අතර විවාහය
Ø මන්ද දෘෂ්ටිකතාව හෙවත් අර්ධ අන්ධ භාවයත්

හතළිස් ඇඳිරිය සහ හැට ඇඳිරිය.

ඇසේ සුද ඇතිවෙන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු හැට පමණ වූ විට. හැට ඇඳිරිය කියලත් ඇතැමුන් එය හඳුන්වනවා. ඇසේ සුද මේරීමෙන් ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩු වෙමින් සදාකාලිකව අන්ධ භාවයට පත් වීම මෙම රෝගයේ ස්වභාවයයි. සරල සැත්කමක් මඟින් ඇසේ සුද ඉවත් කොට කාචයක් ඇසට බද්ධ කිරීමෙන් සාමාන්‍ය පෙනීම ලබා ගන්නට පුළුවන්.
අවුරුදු හතළිහ පැන්නාම හැදෙන්නේ හතළිස් ඇඳිරිය. පොත් පත් කියවීමේ අපහසුතාව, ඉඳිකටුවට නූල දැමීම වැනි සියුම් කාර්යයන් කිරීමේ අපහසුතාව ඇති වෙන විට ඇස් පරීක්ෂා කරගන්න.
හතළිස් ඇඳිරියට ඇස් පරීක්ෂා කරන විට ඔබේ දෑසේ සුද මතුවී ඇත්නම් එයට ද කල් වේලා ඇතිව පිළියම් කරගන්නට ඔබට හැකි වේවි. හතළිස් ඇඳිරියට කන්නාඩි ගන්නට වෛද්‍යවරයා ඔබට උපදෙස් දුන් විට ඉක්මනින්ම අදාළ නිර්දේශ මත කන්නාඩි ලබා ගැනීම වැදගත්. ඒ වගේම මේ කන්නාඩිය ඔබ ලියන කියවන වේලාවට වෛද්‍ය උපදෙස් අනුව පැලඳීමත් වැදගත්.
අවුරුද්දකට වරක් නැත්නම් අවුරුදු දෙකකට වරක්වත් ඇස් පරීක්ෂා කරවා ගෙන කන්නාඩිය වෙනස් කිරීමට අවශ්‍ය නම් එසේ කිරීමත් වැදගත්.

ග්ලූකෝමාව ඇස් අන්ධ වීමට බලපාන ප්‍රබල හේතුවක්.

ඇසේ පීඩනය වැඩි වී අක්ෂි ස්නායුවේ ඇති ස්නායු තන්තු විනාශයට පත් වීමෙන් ග්ලුකෝමාව ඇති වෙනවා. ක්‍රමයෙන් ඇසේ දෘෂ්ටි පරාසය අඩු වී යමින් ඔබ නොදැනුවත්වම දෑස් නොපෙනී යාම මෙහි ඇති භයානක තත්ත්වයයි. කිසියම් වස්තුවක් දෙස ඔබ නෙත් යොමු කරන විට ඇසේ දෙපස පෙනීම අඩු වී යාම මෙහි රෝග ලක්ෂණයයි. ඇසේ දෙපස පෙනීම අඩු වීම එකවර ඔබට නොදැනීම මෙහි ඇති බරපතළ තත්ත්වයයි.

දියවැඩියාව

දියවැඩියාව ඔබේ සිරුරේ සෑම ඉන්ද්‍රියකම ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන බව ඔබ දන්නවා. දියවැඩියාව පාලනය නොකළහොත් ඉබේම ඇස් අන්ධ භාවයට පත් වෙන්නට පුළුවන්. ඩයබිටික් රෙටොනොපති යනුවෙන් හඳුන්වන්නේ මෙම රෝග තත්ත්වයයි.
දියවැඩියාව ග්ලූකෝමාව සමඟත් සෘජු සම්බන්ධයක් තිබෙනවා.
ලෝකයේ වැඩිහිටි ජනතාවගේ අන්ධ භාවයට හේතු වන ප්‍රධාන හේතුව ග්ලෝකෝමාව. ඩයබිටික් රෙමොනපති රෝගය පාලනය නොකිරීම නිසා ඇසේ දෘෂ්ටි විතානයේ සියුම් නහර පිපිරීමෙන් ඇස තුළ රුධිර පැල්ලම් ඇතිවීමෙන් හා ඇස ඉදිමීමෙන් ඇස් අන්ධ භාවයට පත් වීමයි.
එ‍යින් වැළකීමට ඇති හොඳම ක්‍රමය දියවැඩියා රෝගීන් අනිවාර්යයෙන්ම වසරකට වරක් ඇස් පරීක්ෂා කරගැනීමයි.

මවුපියන් ඇස් රෝගවලින් පෙළෙනවා නම්

මවුපියන් ග්ලුකෝමා, ඩයබිටික් රෙමිනොපති වැනි රෝගවලින් පෙළෙනවා නම් සහ මවුපියන් , ලේ ඥාතීන් නම් ජානමය බලපෑමෙන් දරුවන්ටත් අක්ෂි ආබාධ ඇති වෙන්නට පුළුවන්.
එවැනි අවදානමක් ඇති මවුපියන් කුඩා කාලයේ පටන්ම දරුවන් ගේ ඇස් පිළිබඳ විමසිලිමත් වෙන්නට ඕනෑ. ඇස් ආබාධයක් ඇත්දැයි නිතර පරීක්ෂා කර බැලීම වැදගත්. ආබාධ ඇති දරුවන් උපැස් පලඳිනවා නම් ඒවා නිසි කලට නැවත පරීක්ෂා කර කන්නාඩි මාරු කළ යුතුයි.

ඇහේ වපරය

ඇහේ වපරයට ‘පිං වපරය’ කිව්වේ ඒ කාලේ. දැන් කාලෙ ජනතාව ‘වපරය’ අන්ධ භාවයට හෝ දෘෂ්‍යාබාධවලට හේතු වන බව දන්නවා. උපන් අලුතම බිලිදාගේ දෑසේ වපරයක් හෝ වෙනසක් දුටුවොත් වහාම අක්ෂි වෛද්‍යවරයකු හමු වන්න.

අල්ප දෘෂ්ටිකතාව

අල්ප දෘෂ්ටිකතාව හෙවත් පෙනීම අඩු බව තවත් අක්‍ෂි ආබාධයක්. ඇහේ සුද හෝ හතළිස් ඇඳිරිය නැතත් ඇස්වල පෙනීමේ වෙනස්කම් වේ නම් ඒවා අර්ධ අන්ධ භාවයේ ලකුණු වෙන්නට පුළුවන්.
සුව කළ නොහැකි අක්ෂි රෝගයක් නිසා ඔබ ඉතාම අඩු ඇස් පෙනීමකින් යුක්ත නම් විශේෂ උපකරණ මඟින් ඔබගේ ඇස් පෙනීම වැඩි දියුණු කරගන්නට පුළුවන්.

ඔබගේ ඇස් පෙනීම ගැන සරල පරීක්ෂණයක් ඔබටම කරගන්නට පුළුවන්.
Ø ඔබ උපැස් පැලඳ සිටියත්, යහළුවන් හා හිතවතුන්ගේ මුහුණු හඳුනා ගැනීමට නොහැකි නම්,
Ø කියවීම, ආහාර පිසීම, මැසීම වැනි ළඟ පෙනුම අවශ්‍ය වෙන ක්‍රියාකාරකම් කළ නොහැකිනම්,
Ø ඔබගේ ඇඳුම්වල වර්ණ ගැළපීම හා වර්ණ තෝරා ගැනීම කළ නොහැකි නම්,
Ø ආලෝකය මදක් අඩු අවස්ථාවලදී සාමාන්‍ය ක්‍රියාකාරකම් කළ නොහැකි නම්,
Ø මාර්ග සංඥා, බස් පුවරු හෝ ව්‍යාපාරික ආයතනවල නම් සඳහන් පුවරු කියවීමට නොහැකිනම්
ඔබ අර්ධ අන්ධ භාවයෙන් පෙළෙනවා වෙන්නට පුළුවන්.

ඇස් කණ්නාඩි සහ කාච වෙළද පල නම් මිත්‍යා විශ්වාශයන් මත ගොඩ නැගී මුදලාලිලාගේ සාක්කු පුරවන ව්‍යාපාරයක්. ඔබ දැවන්ත වායුසමීකරණය කරන ලද ගෙඩනැගිල්ලකට ගෙඩවැදී රුපියල් දසදහසක් ගෙවා මිලදී ගන්නා ඇස් කණ්නාඩිය පුංචි ඇස්කන්නාඩි වෙළද සැලකින් රුපියල් තුන්දහසකට පමන ගන්න පුළුවන් වේවී.

මෙහිදී වැදගත් වෙන්නේ ඇස් නිසි ලෙස පරීක්‍ෂා කර නියමිත වට්ටෝරුව ලබාගෙන ඒ අනුව කාච සකස් කරගැණිමට උනන්දු වීමයි.

notes of imaginary