ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-08-29

Devil"s Pool - Zambia

Photos of Devil's Pool, Livingstone
Livingstone- Southern Province - ZAMBIA

Photos of Devil's Pool, Livingstone


 Photos of Devil's Pool, Livingstone
 Photos of Devil's Pool, Livingstone

Photos of Devil's Pool, Livingstone







notes of imaginary

2013-08-26

කප්රුකවු පොල් .

 

පලාත් සභා මැතිවරණය නිසා පොල් කලාපයේ මේ දිනවල මරයුද්ධයකි .අපි දේශපාලනඥයින්ගේ අමන ක්‍රියාකාරකම් සදහා පිළිතුරු සොයන්නේ කෝච්චිය ගිය පසු ගිය කෝච්චිය ගැන සිතමිනි. කමේ කතාව පලාත් සභා මැතිවරණය ගැන නොවේ. එලොව පොල් පෙනෙන පොල් වල මිළ ගනන් ගැනද නොවේ.පොල් ත්‍රිකෝණයේ උපත ලබා රට පුරා යන ‍පොල් ගෙඩිය ගැන අද මීදුම දෑස් යොමුවේ.
පසුගිය දිනක මීදුම දිවයින පුවත් පතේ පොල් වතුර ගැන පලවු ලිපියක් කියවමින් සිටියේය . 
 එම ලිපිය ත් කියවමින් ඉතිරිවු මතක සිතේ තබා කරන මෙම වියමන මෙතැන් සිට කියවන්න.

දිනකට අපේ මුළුතැන් ගෙවල් වලින් පොල් වතුර ලීටර් 50000ක් කාණුවට හලන බව එම ලිපියේ කියවිනි. මේ කතාව කියන්නේ පොල් සංවර්ධණ මණ්ඩලයයි.පොල්වතුරෙ පල ප්‍රයෝජන ගැන කියවන්න
පොල් ගසේ මුල් උපත ශාන්තිකර දුපත් වල බව මෑතදී කළ ඩී එන් ඒ පරීක්‍ෂණ වලින් පැහැදිලි වෙයි. ආසියාතිකරයට පැතුරුන පොල් වගාව අද වානිජ වගාවක් බවට පත්වී තිබේ. ඉන්දියාව,බුරුමය,තායිලන්තය,ඕස්ට්‍රේලියාව,කාම්බෝජය,මැඩගස්කරය,ජැමෙයිකා,ටැන්සානියා මලයාව පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන රටවල වානිජ වශයෙන් පොල් වවන රටවල් වේ.
බටහිර ජාතීන් මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද දැන නොසිටි බව අපට සිතිය හැක. එසේත් නැති නම් . අනෙක්‌ අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග වැනි නිෂ්පාදන සදහා අපේ රටේ වෙළද පොලක් ඇති කර ගැණිමට පොල් වගාව පිළිබදව ප්‍රවර්ධණයක් නොකලා විය හැක. අපද පිට රට දේ මහත් ගෞරවයෙන් වැළද ගන්නා හෙයින් පොල් වලට වඩා ආනයණික නිෂ්පාදන වලට ඇළුම් කලාද විය හැක.





කප්රුක.


අප විසින් පොල් ගසින් කිසිදු කොටසක් ප්‍රයෝජනයට නොගෙන විසිකරදමන්නේ නැත . ඒ නිසාදෝ පොල් ගස කප්රුකක් ලෙස හැදින්වීමට අපේ ඇත්තෝ හුරුවී ඇත. පොල් ගසේ විවිධ කොටස් අප විවිධ අන්දමින් ප්‍රයෝජනයට ගනිමු .පොල් ගෙඩියක් ගතහොත් මදය කොප්පරා ,පුන්නක්කු,පිසීමට ගන්නා පොල්කිරි, පිසීමට ගන්නා තෙල් , හිස ගැල්විමට ගන්නා සුවද කරන ලද තෙල් ,සුවඳ සබන්,ෂැම්පු, බිස්කට්, සහ කේක් නිෂ්පාදනයට ගන්නේය. ලෙල්ල පොල් කෙඳි ආශ්‍රීතකොහු කර්මාන්තයයේ ලණු,කඹ,බුරුසු .වර්ග,කොහු ලණු පැදුරු, සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේ යොදවා ගනු ලැබේ.පොල් කද දැවමය අවශ්‍යතා උදෙසා ද පොල් අතු පොල් අතු වියා සකස් කර නිවාස වහල ආවරණය සදහාද යොද ගනු ලැබෙන්නේය. පොල් ඉරටු ඉදල් නිෂ්පාදනය සඳහා සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලැබේ. පොල් මල විනාකිරි ,.පැණි,හකුරු, සහ මධයාසාර ආග්‍රීත නිෂ්පාදන සදහා යොදා ගනු ලැබේ. පොල් කටුව හැදි,බොත්තම්, සක්‍රීය කාබන් සහ මදුරු දඟර නිෂ්පාදනයේ යොදා ගනු ලැබේ.



ශ්‍රී ලංකාවේ පොල්.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පොල් සම්බන්ධයෙන් මුල්වරට කියවෙන්නේ වාර්තා ක්‍රි.පු. 03 වැනි සියවසේදී ඉන්දීය රජු වු චන්‍ද්‍රගුප්ත වෙත ගිය රාජ දූතයෙකුගෙනි. ක්‍රි. ව. 5 වන සියවසේ සිට පොල් ගස් ශ්‍රී ලංකාවේ තිබු බව ඓතිහාසික මුලාශ්‍රයන්හී සදහන්ය. 1658 වර්ෂයේ පොල් වගාවක් වශයෙන් පවත්වා ගෙන ගිය බව පළමු වරට සඳහන් වේ. 1670 වර්ෂයේ ලංදේසීහු මාතර සිට හලාවත දක්වා වෙරළබඩ ප්‍රදේශයේ පොල් වගාව ව්‍යාප්ත කළහ. ලංදේසීන්ගෙන් පසු බලයට පත් ලබා බ්‍රිතාන්‍යයෝ වෙරළබඩ ප්‍රදේශයේ මෙන්ම රට අභ්‍යන්තරයේ බස්නාහිර සහ වයඹ පළාත්වල පොල් වැවීම ආරර්‍මභ කළහ.1860 දී පොල් අක්කර 25,0000 පමණ වගාවක් අප රට සතුව තිබී 1902 වන විට අක්කර 85,0000 පමණ දක්වා වගාව ව්‍යාප්ත විය. ඉංග්‍රීසින්ගේ සහ ලන්දේසින්ගේ සමයේ පොල් ගෙඩි, කොප්පරා , පොල්තෙල් ,වියලන ලද පොල්, කොහු සහ අරක්කුද ඒ කාල වල ප්‍රධාන අපනයන වෙළඳ ද්‍රව්‍යයන් විය.
පොල් වගාව නිසා නිෂ්පාදනය සැකසුම් කිරීම හා අලෙවිය යන අංශ වලින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් දහස් ගණනකට රැකියා සැළසේ. හෙක්ටයාර් මිලියන0.44ක ප්‍රදේශයක් තුළ වසරකට පොල්ගෙඩි බිලියන 2-3ක දක්වා නිපදවෙන අතර ඒ භුමි ප්‍රමාණයෙන්74%ක් අක්කර 20ට අඩු කුඩා ඉඩමිය ව්‍යාප්තිය පොල් ඉඩම් වලින් 65%-70% දක්වා ප්‍රමාණයක් කුරැණෑගල පුත්තලම ගම්පහ සහ කොළඹයන දිස්ත්‍රික්ක වල පොල් ත්‍රිකෝණයට සීමා වී තිබේ

පොල් තෙල් ආහාරයට එක් කිරීමෙන් අපට වැදගත් වනරෝගාබාධ වලක්වා ගත හැකි අන්දම පහත දක්වන වගුවේ සරලව දක්වමි. මෙකල ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග අලවි කර ගැණිමට කරනු ලබන වානිජ ප්‍රචාරණයන් නිසා ජනතාව කොතෙක් දුරට නොමග ගොස් ඇත්දැයි සිතීමට එය අත්වැළකි.
1. ප්‍රතික්ෂා රෝග, එඩ්ස්,චර්ම රෝග, සෙංගමාලය, සරම්ප වැනි රෝග මර්දනය කරයි
2. බැක්ටීරිය විනාශ කරන අතර එමගින් පිළිකා, උගුරේ අසාදන, මුත්‍රාශ ප්‍රදේශයේ ඇති වන ආසාදන,දත්වල කුහර, නියුමෝනියාව හා උපදංෂය වැනි රෝග වලක්වයි.
3. පටි පණුවන්, උකුණන් සහ අනෙක් පරපෝෂිත සත්වයන් එලවා දමයි.
4. බාහිර හා ශක්තිය ලබාදෙන ආහරයක් වේ.
5. ආහාර දිරවීම හා පෝෂන ද්‍රව්‍ය උරා ගැනීම පහසු කරයි.
6. ඉන්සියුලින් වැඩි කර ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
7. අග්න්‍යාශයේ හා පිත්තාශයේ ආසාදන අවම කරයි.
8. දියවැඩියාවෙන් ඇති සෞඛ්‍යමය අසාදන අවම කර ආසාදනයන් මුදා හැරීමට උදව් කරයි.
9. කැල්සියම් හා මැග්නීසියම් උරා ගැනීමෙන් දත් හා අස්ථි ශක්තිමත් කිරීමට හා වර්ධනය කීරීමට උපකාරී වේ.
10. ඔස්ටියෝපොරෝසිස් යන රෝගයෙන් අරාක්ෂා කරයි.
11. මහා බඩ වැලෙහි ඉදිමීම්, බඩේ අමාරු වැනි ආසාදන වලක්වයි.
12. පටක වල උපශමනය හා නැවත සකස් කීරිමට උපකාරී වේ.
13. ප්‍රතිශක්ති පද්ධතිය සදහා උපකාර හා අධාර ලබාදේ.
14. මහාබඩවැල සහ පපුව ඇතුලු ශරීරය පිළිකා වලින් අරක්ෂා කරයි.
15. කොලොස්ටරොල් ප්‍රතිශතය වැඩි කර හදවත් රෝග වලින් ඇතිවන අවදානම අඩු කරයි.

notes of imaginary

2013-08-25

අපි ගමනක අවසානයේ ?.



පසුගිය කාලයේම අපට තොග ගණනින් අසන්නට ලැබුනේ දේශපාලකයින්ගේ සහ ඔවුන්ගේ අතකොළු විසින් කරන මැරකම් මිණීමැරුම් සහ ස්ත්‍රී දූෂණ සහ බාලපරාධ පිලිබද ප්‍රවෘත්තීන්ය. . රටේ සමාජ සහ දේශපාලන ක‍්‍රමය කුණුවී තිබෙන තරම ඉන් හොඳින් පෙන්නුම් කරයි. සමාජය ද දේශපාලකයින් අනුගමනය කරන්නාක් මෙන් සිල්ලරට නොව තොග ගනනේ මැරකම් කරන්නට පටන් ගෙන ඇති බව නිතර නිතර අසන්නට ලැබෙන්නකි. අප කුඩා අවධියේ එනම් මීට දශක පහකට හයකට පෙර මිණිමැරුමක් යන්න දැඩි අවධාණය හිමි කරගන්නා සංවේදී ප්‍රවෘත්තියකි. වර්තමානය වනවිට මිණිමැරුමක් යන්න සිත් කම්පා නොවන ප්‍රවෘත්තියක් බවට පත්ව ඇත.

රටේ හැමතැනකම ඇතිවන මේ ක්‍රියාවන් පොදු තත්ත්වයක් ලෙස සැලකිය නොහැකි වුවත් මෙම බිහිසුණු පිළිකාව පැතිරීම වළකා මුළුමනින් ඉවත් කරන තැනකට යන්නට රට අසමත් වෙතොත් කවදා හෝ අප අපම විනාශයට පත්වන දිනක් උදාවිය හැක.කොළඹින් පටන් ගත් කුඩ්ඩන්ගේ රාජධාණිය හද්දා පිටිසර කහවත්තේද ශාඛාවන් පිහිටුවාගෙන ඇත. දැරණියගල නූරිය වෙනම පාලන ක්‍රමයක් ස්ථාපනය කරගත් භූමි ප්‍රදේශයක් බවට පත්වී ඇත. මේ සියලු ක්‍රියාදාමයන් පිටිපසින් සිට මෙහෙවන නැත්නම් මෙම පාපකාරීන් ආරක්‍ෂාකරන දේශපාලකයෝ පිරිසක්ද සිටින බවටද අනාවරනය වී ඇත.



මේ නව ප්‍රවනතාවය වික්ටර් අයිවන් විසින් අගෝස්තු 04 දා රාවයට ලියන ලද ලිපියක විග්‍රහ වන්නේ මෙසේය.

“ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනඥයින්ගේ රැකවරණය යටතේ සිටින ප‍්‍රාදේශීය දේශපාලන නායකයන් මහජනයා බියගන්වා මැර බලයෙන් ඒ ප‍්‍රදේශවල කටයුතු පාලනය කරන කොල්ලකාරී ප‍්‍රාදේශීය අධිපතීන්ගේ තත්ත්වයක් හිමිකරගෙන සිටින්නේයැ’යි කිව හැකිය. ප‍්‍රදේශයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය බෙදීමේ ඒකාධිකාරී බලය තිබෙන්නේ ඔවුන් අතය. දැව තිබෙන ප‍්‍රදේශයක් නම් හොර දැව ජාවාරම තිබෙන්නේද ඔවුන්ගේ ආධිපත්‍යය යටතේය. ලොකු විකිණීම්වලදී හා මිලදී ගැනීම්වලදී ඔවුන්ට කප්පම් ගෙවිය යුතුය. ප‍්‍රදේශයේ ඕනෑම කාන්තාවක තනිව හෝ තමන්ගේ කල්ලියේ සගයන් සමග හෝ දූෂණය කිරීමේ බලය ඔවුහු භුක්ති විඳිති. තමන්ට අවනත නොවන අයට හිංසා පීඩා කිරීම් පමණක් නොව තමන් අකමැති අය මරාදැමීමේ අයිතියද ඔවුහු භුක්ති විඳිති. ප‍්‍රදේශයේ දේශපාලන මහා බලවතාගේ රැකවරණය ඔවුන්ට ලැබෙන්නේය.
එම දේශපාලන බලවතාට මැතිවරණවලට අවශ්‍ය ධනයද, මැර බලය පමණක් නොව ඔහු අපේක්ෂා කරන ඡන්ද සංඛ්‍යාවද ඔවුහු ලබාදෙති. ප‍්‍රාදේශීය පොලිස් බලවතුන්ද ඔවුන්ට පක්ෂපාතය. ඔවුන් ප‍්‍රධාන කොට යැපෙන්නේද ඔහුගෙනි. ඒ නිසා නීතිය කෙරෙහි ඇතිකර ගන්නා බියකින් තොරව සිය නීති විරෝධී සාහසික කටයුතු කරගෙනයෑමේ බලය ඔවුන්ට ලැබී තිබේ.


මේ දෙපිරිස අතර සමීප සම්බන්ධයක් ඇතිවීම ආරම්භවන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇතිවීමත් සමගය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේ ආරම්භයේදී වෘත්තීය සමිති සටන් හා ශිෂ්‍ය සටන් මර්දනය කිරීම සඳහා මැරවරයන් යොදාගත්තේය. ස්ත‍්‍රී දූෂණ චෝදනාවලට අධිකරණය විසින් දඬුවම් කරනු ලැබූ ගෝනවල සුනිල්ට සමාව දුන්නේය. ඉන්පසු සාමදාන විනිශ්චයකාරකමක්ද ලබා දුන්නේය.

දේශපාලනඥයන් හා අපරාධකාරයන් එකට කල්ලිගැසී ක‍්‍රියාකරන තත්ත්වයක් ඇතිවීම ආරම්භවන්නේ ජවිපේ දෙවැනි කැරැල්ල ආරම්භවීමත් සමගය. එම කැරැල්ල දේශපාලනඥයන්ට සැබෑ ජීවිත තර්ජනයක් ඇතිකර තිබුණේය. දේශපාලනඥයන්ට ප‍්‍රමාණ වත් තරමින් හමුදාවේ හෝ පොලිසියේ ආරක්ෂාව ලබාදීමට පුළුවන්කමක් නොතිබීම හේතු කොටගෙන තමන්ගේම ආරක්ෂක කණ්ඩායම් ඇතිකර ගැනීමේ බලය ආණ්ඩුව විසින් දේශපාලනඥයන් වෙත ලබාදෙන ලදී. ඒ සමග ප‍්‍රාදේශීය මට්ටමෙන් සිටින අපරාධකරුවන් දේශ පාලනඥයන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරම්භ කරන ලද අතුරු හමුදාවලට එකතුවන තත්ත්වයක් ඇතිවිය.
ඔවුන්ට ආරක්ෂක හමුදා විසින් නවීන ආයුධ පරිහරණය පිළිබඳ පුහුණුවක් ලබාදෙන ලද අතර අතුරු හමුදාවලට අවශ්‍ය අවි ආයුධද ලබාදෙන ලදි. පළාත් සභා ක‍්‍රමයක් ඇති කිරීමෙන් පසු පළාත් සභාවලට තරගකරන අපේක්ෂකයන්ට හා තේරීපත්වූ මන්ත‍්‍රීවරුන්ටද ජීවිත තර්ජනය එල්ල වීම නිසා ඔවුන්ටද තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය අතුරු හමුදා පවත්වාගෙන යෑමට ඉඩ දෙන ලදි. ඒ නිසා අතුරු හමුදා පවත්වාගෙන යන දේශපාලනඥයන්ගේ ගණන දහස් ගණනක් බවට පත්විය. මෙසේ දේශපාල නඥයන්ගේ අතුරු හමුදාවට එකතු වූ අපරාධකරුවන් ඒ නිසා තමන්ට හුරුපුරුදු අපරාධකාරී ජීවන රටාව අත්හැරියේ නැත. ඒ වෙනුවට සිදුවූයේ දේශපාලන බලවතා මුවාවක් කරගනිමින් තමන්ගේ කටයුතු වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයෑමට ඔවුන්ට අවස්ථාවක් ලැබීමය. මෙම අපරාධකරුවන් තවදුරටත් අපරාධකරුවන් ලෙස නොව දේශපාලන බලවතුන්ට සමීප දේශපාලනඥයන්ගේ ආරක්ෂකයන් ලෙස සලකා ඔවුන් සමග සහයෝගයෙන් ක‍්‍රියාකරන්නට පොලිසියටද සිදුවූයේය. ඒ නිසා ඔවුන් විසින් කරන අපරාධ ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පොලිසියට සිදුවිය.

ඉන්පසු දේශ පාලනඥයන්ගේ ජීවිත රැකීමේ ප‍්‍රධාන වගකීම පැවරී තිබුණේ අපරාධකරුවන්ටය. අපරාධකරුවන් තමන් වෙනුවෙන් කරන සේවය සලකා පෙරළා මේ අපරාධකරුවන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමට දේශපාලකයන්ටද සිදුවිය. අපරාධකරුවෝ තමන්ට ලැබී තිබුණු මෙම වාසිදායක වටාපිටාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තෝය.
දේශපාලනඥයන් දැන හෝ නොදැන මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයට දේශ පාලනඥයන්ගේ නිල වාහන යොදා ගත්තෝය. නැත්නම් ඒ සඳහා පොලිසියේ වාහන යොදා ගත්තෝය. වෙනත් අපරාධ කටයුතු සඳහාද දේශපාලනඥයාගේ හෝ පොලිසියේ නිල වාහන යොදා ගත්තෝය. සමහරවිට මෙම අපරාධකරුවන් නීති විරෝධී මාර්ගවලින් උපයන ආදායමකින් කිසියම් පංගුවක් සමහර දේශපාලකයන්ටද ලැබුණා විය හැකිය.
දේශපාලනඥයෝද සිය ආරක්ෂාව සඳහා පමණක් නොව සිය විරුද්ධවාදීන් බියගැන්වීම හා මර්දනය කිරීම සඳහාද අපරාධකරුවන් ප‍්‍රයෝජනයට ගත්තෝය. දේශ පාලනඥයන්ගේ හොර ඡන්ද ව්‍යාපාර මෙහෙයවන ලද්දේ එම අපරාධකරුවන්ය. ඒ සමග දේශපාලනඥයා පොලිස් නිලධාරියා හා අපරාධකාරයා යන වර්ග තුනට අයත් මිනිස්සු එකට එකතු වී සහයෝගයෙන් වැඩකරන තත්ත්වයක් ඇතිවිය. අපරාධකාරයන්ට ලබාදෙන රැකවරණය වෙනුවෙන් දේශ පාලනඥයාට සේ ම පොලිස් නිලධාරියාටද ප‍්‍රතිලාභ ලැබුණේය. අනෙක් අතට දේශපාලකයා වෙනුවෙන් කරනු ලබන කාර්යභාරයට අපරාධ කාරයාටද පෙරලා ප‍්‍රතිලාභ ලැබුණේය. ඒ නිසා මේ දෙපිරිස එකිනෙකා මත රඳා පවතින මනා සහයෝගයෙන් වැඩ කරන දෙපිරිසක් බවට පත්වූහ.

ජේවීපී කැරැුල්ල පරාජය කිරීමෙන් පසු දේශපාලනඥයන්ට එල්ටීටීඊ යෙන් එල්ල වී තිබුණු තර්ජන නිසා දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා ඇතිකරන ලද එම ක‍්‍රමය කඩාබිඳ දැමීමකින් තොරව ඉදිරියට ගලා යන දෙයක් බවට පත්විය.

සහජීවනයේ ප‍්‍රතිවිපාක

දේශපාලනඥයන් හා අපරාධකාරයන් අතර ඇතිවූ මෙම සහජීවනය ආර්ථිකය කෙරෙහිත්, නීතිය කෙරෙහිත් දේශපාලනය කෙරෙහිත් බලපෑවේය. ව්‍යාපාරික අංශවල නීති විරෝධී ක‍්‍රියාකාරකම්වල ශීඝ‍්‍ර වර්ධනයක් ඇතිවී ආර්ථිකය තුළ කළු ආර්ථිකයේ ප‍්‍රමාණය ශීඝ‍්‍ර ලෙස ඉහළ ගියේය. විදේශ සමීක්ෂකයන් කණ්ඩායමක් කර තිබෙන ගණන් බැලීමකට අනුව එය ආර්ථිකයේ හිමි කරගෙන තිබෙන පංගුව සියයට 50ක් තරම් විශාලය. එම තත්ත්වය විසින් කළු සල්ලිකාරයන් ධනවතුන් අතර සිටින බලවත්ම පිරිස බවට පත් කළේය. ලූම්පන් පසුබිමක් ඇති අය රටේ ලොකුම සල්ලිකාරයන් බවට පත්වූහ.

අපරාධකාරයන්ට දේශ පාලකයන්ගෙන් ලැබෙන රැකවරණය හා අනුග‍්‍රහය නිසා අපරාධවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මකවීම අඩපණ වී රටේ සිදුවන අපරාධවල ප‍්‍රමාණයද ශීඝ‍්‍ර ලෙස ඉහළ ගියේය. අපරාධ නඩුවලදී වැරදිකරුවන් වන අයගේ අනුපාතිකය ලංකාව සඳහා පවතින්නේ 3%ක් තරම් පහත් මට්ටමකය. ඉන්දියාවේ සිට 65%ක් වන අතර යුරෝපය සඳහා වන එම අනුපාතිකය 80%කි. ආදායම් බදුවලින් ආණ්ඩුව උපයන 20%ක් තරම් වන මට්ටමකට පහත වැටී ආදායම් බදුවලින් උපයන රජයේ ආදායම 80%ක් තරම් ඉහළ නැග තිබේ. කොටස් වෙළෙඳපොළට පත් කරන ලද ප‍්‍රධාන විධායක නිලධාරීන් තිදෙනකුම එක් අයකුට පසු තවත් අයකු වශයෙන් එම තනතුරෙන් ඉවත්ව ගියේ ස්වාධීනව ක‍්‍රියාකිරීමට පුළුවන්කමක් නැති බව ප‍්‍රකාශ කරමිනි. ආර්ථිකයේ වැදගත් මර්මස්ථානයක් ලෙස සැලකිය හැකි කොටස් වෙළෙඳපොළ කෙරෙහි පවතින කළු සල්ලි කාරයන්ගේ ආධිපත්‍යයේ තරම ඉන් මනා ලෙස පෙන්නුම් කරයි.

රටේ ප‍්‍රධාන හැම දේශපාලන පක්ෂයකම පාහේ කළු සල්ලි මත යැපෙන තත්ත්වයකට පත්වන්නට සිදුවී තිබේ. මැතිවරණ වියදම් සඳහා පාලනයක් නැතිකම නිසා මැතිවරණ කටයුතු සඳහා යන වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ නැග තිබෙන අතර කළු සල්ලිකාරයන්ගේ ආධාර නැතිව දේශපාලන පක්ෂවල මැතිවරණවලට තරග කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙම විශේෂ තත්ත්වය දේශපාලන පක්ෂ මහජනයා මත යැපෙන තත්ත්වයෙන් ඉවත් කොට කළු සල්ලිකාරයන්ගෙන් යැපෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. එම තත්ත්වය බලයට පත්වන ආණ්ඩුවල ස්වභාවයද වෙනස් කිරීමට හේතුවී තිබේ. බලයට පත්වන ආණ්ඩු මහජනයා කෙරෙහි වෙනුවට කළු සල්ලිකාරයන් කෙරෙහි විශ්වාසය තබා ක‍්‍රියාකරන තත්ත්වයකට තල්ලූ කිරීමට හේතුවී තිබේ. ඒ මගින් බලයට පත්වන හැම ආණ්ඩුවක්මත් අනියම් ලෙස පාලනය කිරීමේ හැකියාව කළු සල්ලිකාරයන්ට ලැබී තිබෙන්නේය. දැන් කලක සිට දේශපාලනයේ තිබිය යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම්වල ඇතිවී තිබෙන මහා ගරාහැලීම කෙරෙහි සමාජ-දේශපාලනයේ ඇතිවී තිබෙන එම වෙනස්කම්ද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ.

ප‍්‍රතිසංවිධාන අවශ්‍යතාව

රට තිබෙන්නේ සමාජ-දේශපාලන ක‍්‍රමයේ හැම අස්සක් මුල්ලක් නෑරම කෙරෙහි විහිදෙන මහා ප‍්‍රතිසංවිධානයකින් තොරව ඉදිරියට යා නොහැකි තත්ත්වයකය. එහෙත් ඒ සඳහා වන ගැඹුරු විශ්ලේෂණයක් හෝ දර්ශනයක් මොනම දේශපාලන පක්ෂයකටවත් තිබෙන බවක් පෙනෙන්නට නැත. සමාජ දේශපාලන ක‍්‍රමයේ ඇතිවී තිබෙන මහා කුණුවීම ගැන මේ කිසිදු දේශපාලන පක්ෂයක් තුළ බලවත් කම්පනයක් ඇති බවක්ද පෙනෙන්නට නැත. එවැනි කම්පනයක් සමාජය තුළ පවා තිබෙන බවක් පෙනෙන්නට නැත.

මෙම තත්ත්වයෙන් ගොඩඒම සඳහා ශක්තිමත් ඉදිරි දර්ශනයක් අවශ්‍ය වන අතර එවැනි දර්ශනයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇත්තේ ඇතිවී තිබෙන මෙම තත්ත්වය හා ඒ කෙරෙහි බලපා තිබෙන හේතූන් පිළිබඳව ශක්තිමත් විශ්ලේෂණයක් ඇති නම් පමණය. විශ්ලේෂණයක අවශ්‍යතාව ඇතිවනු ඇත්තේද තිබෙන යථා තත්ත්වය පිළිබඳව ඇති කරගත් බලවත් කම්පනයක් ඇති නම් පමණය. එහෙත් තාමත් අප ඉන්නේ දේවල් සරල ලෙස දකින තත්ත්වයකය. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සමග ඇතිකර ගන්නා සරල ආණ්ඩු පෙරළියකින් මේ තත්ත්වය ජයගත හැකිවනු ඇතැ’යි තාමත් බොහෝ අයගේ කල්පනාව වී තිබෙන බවද පෙනේ.

රට ඇද වැටී තිබෙන මෙම කාලකණ්ණි තත්ත්වය නවීන චින්තනයක් ඇති කරගැනීමෙන් තොරව නවීන රටක් බවට පත්වීමේ පරස්පරයද වැදගත් හේතුවක් ලෙස බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අප නිදහස දිනාගත්තේද නිදහස දිනාගැනීමෙන් පසු ඉදිරියට යන්නට උත්සාහ කළේද ගොඩනැගී තිබුණු ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ එක්සත් ජාතියක්වත් ලැබී තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයේ ඵලදායී ක‍්‍රියාකාරීත්වයක් සඳහා අත්‍යවශ්‍ය වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක්වත් ඇතිකර ගැනීමෙන් තොරවය. එක්සත් ජාතියක් නැතිව ගිය ගමන ජාතික රාජ්‍ය විකෘති කළේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් නැතිව ගිය ගමන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයද විකෘති කළේය. ඒ දෙකේ ඇතිවූ මහා විකෘතීන් රට කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත් කළේය. ලේ හලන එම ප‍්‍රචණ්ඩ වටාපිටාව එක දිගට අවුරුදු 30කට ආසන්න කාලයක් රටේ පැවතියේය. රටේ ජනගහනයේ තරමට නොගැළපෙන තරම් විශාල පිරිසක් අකාලයේ මරණයට පත්වූ අතර නොමැරී ඉතිරි වූ මිනිසුන් ද සිය සංවේදී අංග අහිමි කරගත් පිරිසක් බවට පත්කළේය. එම විශේෂ වටාපිටාව සමාජ-දේශපාලන ක‍්‍රමයේ ඇතිවී තිබුණු කුණුවීම උපරිම කිරීමට හේතුවිය.


















මෙම තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ වර්ග භේදවාදී, ආගම් භේදවාදී හා කුලභේදවාදී ආකල්පවලට තිබෙන පිළිගැනීම නැති කොට එකිනෙකා කෙරෙහි සමාන ගෞරවයෙන් ක‍්‍රියාකරන එක්සත් ශ‍්‍රී ලාංකික ජාතියක්ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් කෙරෙහි සංවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක්ද ඇතිකර ගැනීමට හේතුවන ආකාරයට මජර ගලන තරමට කුණුවී තිබෙන සමාජ-දේශපාලන ක‍්‍රමය වෙනස් කරමින් අභිනව ශ‍්‍රී ලංකා රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කිරීමට හේතුවන මහා ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළකට රට යොමු කිරීමෙනි.

එසේ නොවෙතොත් මේ ගමන නතරවනු ඇත්තේ මහා අරාජිකත්වයකිනි. එයද සැලකිය යුතුව තිබෙන්නේ සමාජය විසින් දැනුවත්ව ප‍්‍රඥාවෙන් හා මහත් ඉවසීමෙන් යුතුව සම්පූර්ණ කළ යුතුව තිබුණු ඓතිහාසික කාර්යයක් ඉටු නොකිරීම නිසා ඉතිහාසය විසින් ඉතාමත් රළුපරුෂ ලෙස හා විකාරරූපී ආකාරයකින් කරන විනාශකාරී කාර්යයක් ලෙසය





notes of imaginary

2013-08-16

Wheels on the Bus Playlist


notes of imaginary

ගහමුකෝ අමුඩයක් !.




මීදුමට පැරණි කතා බහක් සිහිපත්විය.

රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ දෙවර්ෂ පාර්ලිමේන්තුවේ උතුරු මැද පලාතේ මන්ත්‍රී උත්තමයෙකුගේ ඉලක්කයට ලක්වු මීදුමට නෑකම් කියන විදුහල්පති වරයෙකු මේ කතාබහේ පාත්‍ර වර්ගයා අතර එක් ප්‍රධාන චරිතයකි.
අනෙක් ප්‍රධාන චරිතය එකී මන්ත්‍රී උත්තමයාම වන්නේය.

ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කිරීම අසීරු කටයුත්තක් බව දෙමව්පියන් නොදන්නා කරුණක් විය හැක. පන්තියක සිටිය යුතු උපරීම ශිෂය සංඛ්‍යාවද ඉක්මවි ගිය පසුත් සිසුන් ඇතුලත් කර ගැණිම අසීරු කටයුත්තක් වන අතර සිසුන් සංඛ්‍යාව වැඩිවු විට ගුරුවරුන් හට තම සිසුන්ගේ ක්‍රීයාකාරකම් අගයමින් ඉගැන්වීමේ කටයුතු අසීරු බව දෙමව්පියන් අදහන්නේ නැත.
තම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් මුල්තැන ලා සලකන දඩබ්බර පන්නයේ අයෙකුවු විදුහල්පතිතුමා යකාටවත් තම අදහස් වෙනස් කරන්නට කැමතිවුයේ නැත.

මේ කියන වකවානුවේ මන්ත්‍රීතුමාගේ ගෝල බාලයෙකුට තම දරුවා මේ විදුහලට ඇතුලත් කර ගැණිමට අවශ්‍ය විය. තමන්ද පසුව මංත්‍රී උත්තමයා මගින්ද කොතරම් ඉල්ලීම් කලත් පන්ති කාමරයේ සිසුන් සීමාව ඉක්මවා ගොස් ඇති නිසා විදුහල්පතිවරයා එම සිසුවා තම පාසලට බදවා ගැණිම ප්‍රතික්‍ෂෙප කලේය.
තම පැජරෝවට මංත්‍රී ගෝලයාද නන්වා ගත් මන්ත්‍රී උත්තමයා පාසලට පැමිණ විදුහල්පතිවරයා සොයා කාර්යාලයට කඩා වැදුනේය.

එතැන් සිට විදුහල්පතිවරයා විසින් අදත් සිනහවෙමින් සිහිපත් කරන එදා සිදුවු කතා බහ මේලෙස විය.

කෝ මේකේ විදුහල්පති ?.
ආයුබොවන් ! වාඩිවෙන්න මංත්‍රීතුමා.
වාඩිවෙන්න නෙමෙයි මොනවද තමුසේ කරන මේ වැඩ? 
මෙයාගේ ළමයා අදම පාසලට ඇතුලත් කර ගන්න ඕනි .
මංත්‍රීතුමා , පන්ති කාමරවල ඉඩ නැහැ පන්තියේ ලමයි හතලිහකට වැඩියි. ඒ නිසා තවත් බරක් වෙන්න ලමයි බාරගන්න බැහැ.
තමුසේගේ කතා වලින් වැඩක් නැහැ මේ ලමයා ගන්න ඔනී.
මට නම් ඒ වැඩේ කරන්න බැහැ.

මන්ත්‍රී උත්තමයාට අන්තිමේදී මල පැන්නේය.

තමුසේ අමුඩයක් ගස්සලා මේ ස්කොලෙන් පන්නන්නේ තේරුනාද ? තමුසේ කතා කරන්නේ කා එක්කද ?
මෙච්චර වෙලානම් මංත්‍රීතුමාත් එක්ක.

මංත්‍රීතුමා , මම මෙහේට ආවේ දකුණු පලාතේ ඉදන් . මගේ අප්පච්චි ගොවියෙක්. කුඹුරු පිටි වගේම හරකා බාන අප්පච්චිගේ උරුමේ. අප්පච්චි වැඩපලට ඇන්දේ අමුඩේ.මාත් මෙහේට ( උතුරුමැද පලාතට ) එන්න ඉස්සෙල්ලා අප්පච්චීගේ වැඩපලට උදව් උනේ අමුඩේ ගහගෙන.

ඉතින් ඔබතුමාට අරුමයක් උන මේ අමුඩේ මට නම් අරුමයක් නැහැ. 
ගම්මුකෝ රෙදිකෑල්ලක් දැන් අමුඩයක් ගහන්න !.

මේ වනවිට මංත්‍රීතුමාගේ ගෝරණාඩුවට වටාපිටාවේ ගුරුවරුන්ද කාර්යාලයට රොක්වෙලාය. විදුහල්පතිවරයාගේ දේශණාවට මන්ත්‍රී උත්තමයාට කට උත්තර තිබුනේ නැත. පිරිස මැද මංත්‍රීතුමා කරකවලා අතහැරියාක් මෙන් විය.
ඔහු ගෝලයාත් නන්වා ගෙන මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නම් යයි සිතා පලාත් අධ්‍යාපන කාර්යාලය දක්වා පසුබැස්සේය.

මෙකල කොන්ද පණ නැති විදුහල්පතිවරු , නියෝජ්‍ය විදුහල්පතිවරු තමන් දුන් සාක්‍ෂි කට උත්තර දිවුරුම් පෙත්සම් මගින් අස්කර ගන්නා රටක මේ විදුහල්පතිවරයාට තිබුනේ නොනැමෙන කෂේරුවක් වීම නිසා උතුරු මැද පලාතේ සිට මධ්‍යම පලාතට ක්‍ෂණික මාරුවක් ලැබ කොට්ට මෙට්ට අකුලාගෙන යාමට එදා සිදුවිය.

රනිල්ගේ දෙවර්ෂ පුර්ණය අවසානයේ මන්ත්‍රී උත්තමයාට පාර්ලිමේන්තුව අත්හැර ගෙදර නතරවන්න සිදුවිය. 
විදුහල්පතිවරයා මධ්‍යම පලාතේ සිට නැවත එම පාසලටම විදුහල්පතිවරයා ලෙස පත්ව පසු කාලයේ අධ්‍යාපන නිලධාරියෙක්ව විශ්‍රාම ගියේය.


notes of imaginary

2013-08-14

සංචාරකයා දකින ස්වභාවික පොකුණු


Eco arquelogical park - exico

enchanted Philippines river

Devils pool    -VICTORIA FALLS       ZAMBIA 

Havasu  falls  - Arizona

Kuang si falls  -  Laos 

Las Grietas   -  Ecuador 

Litchfield         National park - 

Pamukkale thermal pool

To sua Ocean trench  --  Samoa

SRI LANKA - HIREGADU OYA (BELIHULOYA )

Sri lanka - Pahanthudawa. (  Belihuloya  )









notes of imaginary

2013-08-04

හිට්ලර් සහ සාමාන්‍ය පෙල.






එන අවුරුද්දේ සාමාන්‍ය පෙල විභාගයට සැරසෙන අපේ දියණියකට විවේක නැත. ඈගේ දවස එක පංතියක් කෙළවර වන විට තවත් පංතියක් පටන් ගැණිමෙන් දියවෙන්නේය.
අද උදේ ඈ ඇඩෝල්ෆ් හිට්ලර් යනු කවරකේදැයි මගෙන් විමසුවාය. මෙතරම් ජනප්‍රිය චරිතයක් ඈ නොහදුනන්නේය.
“ඇයි පංතිවලදී දැන ගන්නට ලැබුනේ නැද්ද ?” මම අතුරු ප්‍රශ්ණයකට පැමිණියේය. ඇය “සිලබස්වල නැතිව ඇති !. ” මට උත්තර බැන්දාය.

සතියේ දිනවල ඇ හට විවේක ඇත්තේ පස්වරු හයයි තිහේ සිට හතයි තිහ දක්වා පමනක් යයි මට සිතුනේය. ඒ වෙලාවට ඈ දකින්නට ගියොත් නයෙක් මෙන් පිඹ විරෝධතාවය පල කරන බැවින් ඈ මුණ ගැසීමට යාමට මීදුම උවමනාවෙන්ම මග හැරියේය. මේ වෙලාට මව මිත්තණිය සහ ඈ “අභීත කතා “ නැරඹීමට කාලය වෙන් කර ගෙන තිබුනේය.
අම්මාත් මිත්තණියත් ඈ සමග අබීත කතා බලන නිසාදෝ මේ විවේකය ඈ හට ලැබී - පැය එක හමාරේ විවේකයට තහංචි නොතිබුනා විය හැක.
මීදුම මේ විරාමයට කඩුල්ල දැමීමට අකමැත්තෙන් පස්වරු හයයි තිහේ සිට හතයි තිහ දක්වා ඇ මග හැරිමට පුරුදු විය.

 හිට්ලර් මිය යන විට මීදුම උපත ලබා තිබුනේ නැත. නිදහස ලැබුවායි කියන 1948 පෙබරවාරි 04 වෙනිදා පසුවන තෙක් බලා ඉද මීදුම නිදහස් ශ්‍රී ලංකාවේ උපත ලබන්නට හිමි කම් කිව්වේය.
හිට්ලර් ගැන හිට්ලර්ගේ පීඩනයේ තරම ගැන මීදුම ඇ‍ගට දැණුන අත්දැකීම් නැත. මේ කතාවට පසු කාලයේදී කියවන ලද ලිපි ලේඛණ වලින් මතකයේ අසුරන ලද තොරතුරු මිස හැගීම් එක්ව නැත. දෙවන ලොක යුද්ධය අපේ රටටද දැනුන යුද්ධයක්වු අතර අපේ කාලේ වැඩිහිටියන් ඔවුන් ලැබු පිඩනය එදා පුංචි අපට කියා දුන්නේ නැවත යුද්ධයක් ඇති නොවේ යයි ප්‍රාර්ථණයද එක්කරගෙනය.

ඔස්ට්‍රියාව හා ජර්මනිය අතර පිහිටි කුඩා ගම්මානයක් වූ බ්‍රෝනාව 1889 අප්‍රේල් මස 20 වන දා හිට්ලර්ට මෙලොව එලිය දකින්නට තිඹිරි ගෙය විය. ඔහුගේ පියා ඔස්ට්‍රියානු රේගු නිලධරයකු වූ “ඇලෝයිස් ශිකල්ගෲබර් “ නම් විය මව ගහෘණියකවු ක්ලේරා පෝල්සල් නම් වුවාය. හිට්ලර් උපදින විට මව අවුරුදු විසි පහක පමන කාන්තාවකවු අතර පියා හට අවුරුදු පනස් හතරක් පමණ වී ඇත.
1945 අප්‍රේල් 29 දින ඇඩෝල්ප් හිට්ලර් සියදිවි නසා ගත්තේය.එතනින් ඔහු ගැන කියවීම අවසන් කරගත හැකි නම් කොරම් හොදදැයි හිට්ලර්ගේ කෲරකම් ගැන අසන විට කියවන විට අපට සිතෙන්නේය.
මේ වියමන යොමුවන්නේ ඔහුගේ ජීවිතයේ සියදිවි නසා ගැණිම දක්වා ජීවදත්ත තොරතුරු අද උදේ මීදුම ප්‍රශ්ණ කල දියණිය වෙත උත්තර බැදීමටය.

ඔහුගේ පියා ඇලෝයිස්ගේ පළමු බිරිය වූ ඇනා ග්ලසල් රෝගී ව සිට මිය ගියා ය. ඉන්පසු ඔහු විවාහ වූයේ ඒ වනවිටත් ඔහුට දාව දරුවකු ලබා සිටි ෆ්‍රන්සිස්කා මත්සෙල්බර්ගර් සමඟ ය. ඇය ද ක්ෂය රෝගය වැළඳී මිය ගියා ය. ඉන් පසු සිය නෑනා වූ, ඔහුට වඩා විසිතුන් වසරක් බාල ක්ලේරා පෝල්සල් හා විවාහ විය. ඇඩොල්ෆ් හිට්ලර් ගේ ද මව වූ ඇය ඇලොයිස්ට දාව ගුස්ටාව්, අයිඩා, ඇඩොල්ෆ්, එඩ්මන්ඩ් හා පෝලා නමින් දරුවන් පස් දෙනෙකු ම බිහි කළා ය..ඉන් තිදෙනෙකු ම මිය ගියේය. ඇඩොල්ෆ් හා ඔහුගේ නැඟණිය වූ පෝලා පමණක් ඉතිරිවිය.

1895 ඇඩොල්ෆ් හය හැවිරිදි ව සිටිය දී, නිසි කාලය එළඹීමටත් කලින් 58 හැවිරිදි පියා රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේ ය. 1903 ජනවාරි 03 දා 65 හැවිරිදි ඇලොයිස් හදිසියේ මිය ගියේය'

චිත්‍ර ශිල්පියකු වීමට ඇඩොල්ෆ් තුළ තිබූ කැමැත්ත මගහරවමින් දැඩි ආගමික භක්තියෙන් යුක්ත වූ ඔහුගේ මව තම පුත්‍රයා ලම්බාක්හි ආගමික පාසලකට යැව්වේ ඇඩොල්ෆ් පූජකයකු වනු දැකීමටය. එහෙත් එවැනි ආකල්පයක් ඇඩොල්ෆ් තුළ නොවී ය.

හිට්ලර් 1914 අගෝස්තු මස යුද්ධය ආරම්භ වූ පසු බැව්රියාවේ රජුට ලිපියක් යවමින් ඔහුට හමුදාවෙහි සේවය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේ ය. බෙහෙවින් ශිෂ්‍ය ස්වේච්ඡා භටයන්ගෙන් සමන්විත වූ 16 වැනි බැවේරියානු පාබල හමුදාවට ඔහු බඳවා ගනු ලැබීය. 1916 වනතුරු හිට්ලර් හමුදා පණිවුඩකරුවකු ලෙස සේවය කළ අතර පසුව පණිවුඩ යවන්නකු ලෙස කටයුතු කළේ ය.
සිව් වසරක් තුළ ඔහු සටන් 47 කට සහභාගි විය.
මේවායින් වැඩි ප්‍රමාණයක් දරුණු සටන් විය. දෙවරක් ම ඔහු තුවාල ලැබී ය. 1914 දී ඔහු තම පළමු වන පදක්කම වන යකඩ කුරුසය (දෙවැනි පන්තිය) දිනා ගත්තේ ය. ඉන්පසු ජර්මන් අධිරාජ්‍යවාදී හමුදාවේ සාමාන්‍ය සෙබළෙකුට ලැබිය හැකි දුලබ සම්මානයක් වූ යකඩ කුරුසය (පළමු පන්තිය) 1918 අගෝස්තු 4 දා ඔහුට හිමි විය.
ලාන්ස් කෝප්රල් නිලයෙන් ඔබ්බට හිට්ලර් කිසි දිනෙක උසස් වීමට නම් නොහැකිවිය.


හිට්ලර් ගේ දේශපාලනය.


පළමුවන ලෝක යුද්ධයෙන් ජර්මනිය අන්ත පරාජයක් ලැබීමෙන් පසු හිට්ලර් යළි මියුනික් බලා ආවේ ය. ජර්මනියේ සිදුවූ ආණ්ඩු පෙරළිය හා වියෙමාර් ජනරජයේ නැඟීමෙන් කුපිත වූ හෙතෙම වර්සේල්ස් ගිවිසුමට හා නව ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමට දේශපාලනයට පිවිසියේ ය.
තම පැරණි රෙජිමේන්තුවේ රාජකාරි ලේඛනයට ඇතුළත්ව සිටි ඔහුට දේශපාලන පක්ෂ ගැන ඔත්තු බැලීමේ කාර්යය පැවරිණි. ජර්මානු කම්කරු පක්ෂයේ ජාතිකවාදී ප්‍රවීණයන්ගෙන් යුත් සුළු කණ්ඩායමක් ගැන සොයා බැලීමට 1919 සැප්තැම්බර් මාසයේ දී ඔහුට අණ ලැබිණි.
ජර්මානු කම්කරු පක්ෂයට කිසිදු වැඩ පිළිවෙළක් හා ක්‍රියාත්මක සැලැස්මක් නොවන බව හිට්ලර් අවබෝධ කරගත්තේය. (එය රජයට එරෙහි වූවක් පක්‍ෂයක් පමණක් විය) පක්ෂ භාණ්ඩාගාරයේ මුළු වත්කම ඩොලර් දෙකක් පමණක් විය.

ඔහුගේ අදහස් හා සමාන වූ බැවින් පක්ෂයේ නිශ්චිත මතවාද කීපයක් බෙහෙවින් ඔහු සිත් ගත්තේ ය. ඔත්තු බැලීම පසෙක තබා ඔහු එම පක්ෂයේ අංක 55 හිමි සාමාජිකයා ලෙස පක්ෂයට එකතු වූයේ ය. පසුව එම පක්ෂයේ විධායක කමිටුවේ හත්වැනියා ලෙස ඔහු පත් විය. දේශපාලන උද්ඝෝෂණ හා සංවිධාන කටයුතු පිළිබඳ ව තමා සතු හැකියාව යෙදවිය හැකි සුදුසු ම ස්ථානය, අවසානයේ දී ඔහුට හමු වී තිබිණි.

දෙවරකදී හිට්ලර් මේ කුඩා පක්ෂයේ නායකත්වය කරා ළඟා වූයේ ය. එහි නම ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය.( National Socialist German Workers' Party ( ජර්මානූ : National sozialistische Deutsche Arbeiterpartei ) ලෙස ඔහු වෙනස් කළේ ය .
නට්සි natze යන වචනය ද ( ජර්මානූ : National sozialistische Deutsche Arbeiterpartei )) යන්නේ මුලකුරුවලින් සැදුනක් විය.

ඒ වනවිට ජර්මණියේ පැවති ආර්ථිකමය වශයෙන් රටේ කලකිරීමේ තත්ත්වය ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂයට වාසිදායක විය. 1920 පෙබරවාරි 24 දා ප්‍රකාශයට පත් කළ කරුණු 25 කින් යුත් ඔහුගේ චින්තනයේ සෙමිටික් විරෝධය, අන්ත ජාති මමත්වය, ආර්යයන් ගේ වාර්ගික ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සංකල්පය, මධ්‍යස්ථ, (ලිබරල්) ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති පිළිකුල හා නායකත්වයේ මූලධර්මය වැනි දෑ අඩංගු විය.වියනාවේ සිටිය දී හිට්ලර් තුළට කා වැඳී තිබූ අදහස් මේ මගින් අවධාරණය කළේ ය.

වර්තමාන දේශපාලන චින්තනයන් පරිද්දෙන්ම හිට්ලර්ගේ බොහෝ අදහස් නව සංකල්ප නොවී ය. අප මැතිවරණ සමයන්හීදි දකින ඉදිරි වැඩ පිලිවෙලවල් ( ඒ ඒ දේශපාලන පක්‍ෂවල චින්තනයන් ) මෙන්ම ඔහු ඒවා අසාමාන්‍ය අලංකාරණයකින් හා ව්‍යක්ත බවින් වර්ණවත් කළේ ය. නට්සි පක්ෂයට ස්වස්තික සංකේතය මෙන් ම ආචාර කිරීමේ නව ක්‍රමය ද ඔහු නිර්මාණය කළේ ය. ඒවාද පැරණි වාර්ගික කණ්ඩායම්වලින් ණයට ගත් ඒවා විය.

ඔහුගේ රැස්වීම්වල ආරක්ෂාව සඳහා ‘කුණාටු බලඇණිය’ නම් දුඹුරු කමිස හමුදාවක් නිර්මාණය කළේ ය. ඔහු තමාගේ පෞද්ගලික ආරක්ෂක හමුදාවක් ලෙස දැඩි විනයකින් යුත් ‘කළු කමිසධාරි’ (ss) ආරක්ෂක බලඇණිය නමින් දෙවන ඒකකයක් ද නිර්මාණය කළේ ය. එම බලඇණිය දිවි හිමියෙන් තම නායකයා රැකීමට ප්‍රතිඥා දී තිබිණි.

Ø 1923 නොවැම්බර් 8 දා මියුනිච්හි පැවති බීරහල් කුමන්ත්‍රණයේදී අත්අඩංගුවට පත් හිට්ලර් 1924 පෙබරවාරි 26 දා රාජද්‍රෝහිවීමේ චෝදනාව යටතේ අධිකරණය ඉදිරියට පමුණුවන ලදී. මෙහි දී මෙම නඩු විභාගය තම ප්‍රචාරාත්මක ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමට හිට්ලර් සමත් වූයේ ය.නඩු විභාගයෙන් හිට්ලර් ට පස් අවුරුදු සිර දඬුවමක් නියම විය.
Ø නඩුවේ දී ඔහු ඊට මුහුණ දුන් විලාසය ජර්මන් ජනතාව තුළ දැඩි හැඟීමක් ඇති කිරීමට හේතු වූයෙන් ජනතාව ඔහු ජාතික වීරයකු කොට සලකන්නට පටන් ගත්හ. පසුකලෙක නට්සි ව්‍යාපාරයේ දේශපාලන බයිබලය බවට පත් ‘මගේ සටන’(Mein Kampf) හි පළමු වෙළුම, සිය සගයා වූ රුඩොල්ෆ් හෙස්ට ලිවීම සඳහා කියවන ලද්දේ ලෑන්ඩ්ස්බර්ග් සිරගෙදරදී ය.
Ø 1930 වනවිට නට්සි ව්‍යාපාරයේ අවිවාදාත්මක ව පිළිගත් නායකයා ඔහු විය. 1928 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොමියුනිස්ට්වාදීන් ලබාගත් ආසන 54 කට එරෙහි ව නට්සි පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 12 ක් පමණි.
Ø 1930 මැතිවරණයේදී NSDAP ය ඡන්ද 60 ලක්ෂයක් පමණ දිනා ගනිමින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට (රයිෂ්ටාගයට) ජනතා නියෝජිතයන් 107 ක් යැවීමට සමත් විය. එමඟින් එය රටේ දෙවන ප්‍රධාන පක්ෂය බවට ද පත් විය. මෙහි දී කොමියුනිස්ට්වාදී නියෝජිතයන් 77 දක්වා ඉහළ නැංගේ ය.
Ø 1932 ජූලි මස පැවති මහා මැතිවරණයේදී නට්සි පක්ෂය රයිෂ්ටාගයේ ආසන 230 දිනා ගනිමින් ජර්මනියේ ප්‍රබල ම දේශපාලන පක්ෂය බවට පත් විය.
Ø 1933 ජනවාරි 30 දා ෆොන් හින්ඩර්බර්ග් දැඩි නොකැමැත්තෙන් වුව සභාග යේ ඇමැති මණ්ඩලයක් සහිත ව හිට්ලර් ජර්මන් චාන්සලර් ලෙස නම් කළ අතර ඔහුට අසාමාන්‍ය ලෙස බලතල ලබාදීම ප්‍රතික්ෂේප කළේ ය.


හිට්ලර් තම සහායකයන් ගැන දැඩි සෙවිල්ලෙන් සිටි අතර කිසිදු පෞද්ගලික සංවිධානයකට ඔහුගේ බලයට අභියෝග කිරීමට තරම් වන ශක්තියක් ඇති නො වීමට වග බලා ගත්තේ ය. සමස්ත ජර්මානු රාජ්‍යය ම දැවැන්ත සිරකඳවුරක් බවට පත් විය.
නට්සි රහස් පොලිසිය (Gestapo) මැදියම් රැයේ නිවාසවලට කඩා පැන මිනිසුන් අත්අඩංගුවට ගන්නට වූහ.



මහා පරිමාන වධකාගාරයක්

ලෝකයේ බලවත් නායකයාවීමේ සිහිනය දෙසට.

ත්‍රස්තවාදයෙන් ජර්මනිය තුළ සිය නායකත්වය වර්ධනය කරගත් හිට්ලර් ‘මගේ සටන’ කෘතියෙන් දැක්වුණු ඔහුගේ අරමුණු සපුරා ගනිමින් යුරෝපය පුරා ජර්මන් බලය ව්‍යාප්ත කිරීම ඇරඹුවේ ය. ඔහුගේ මුල් ම අවධානය යොමු වුණේ රට යළි සන්නද්ධ කිරීමට ය.
1937 අවසාන වනවිට හිට්ලර්ගේ ව්‍යාප්තවාදී ප්‍රතිපත්තිය මුළුමනින් ම ක්‍රියාත්මක වෙමින් පැවතිණි. පෝලන්තය, හිටිලර්ගේ මීළඟ ගොදුර බවට පත්වෙමින් තිබුණේ ය. 1939 සැප්තැම්බර් 1 දා ජර්මානු හමුදා පෝලන්තය ආක්‍රමණය කලේය.

වසර පහමාරක් තිස්සේ ඇවිළුණු මිලියන 55 කට අධික ජනතාවකට මරු කැඳවූ, දෙවන ලෝක යුද්ධය ආරම්භ විය.
ඔහු බොහෝ රටවල් තම රාජ්‍යයට ඈදා ගත්තේ ය.
1942 වසර උදාවත් ම සියල්ල ආපසු හැරී නැවත ගමන් කිරීම ඇරඹෙන්නට විය. මිත්‍ර හමුදා විසින් හිට්ලර් පරාජය කිරීමේ දැවැන්ත මෙහෙයුම අරඹා තිබිණි. හිට්ලර්ගේ කීර්තිමත් කාලය කෙමෙන් අවසානය කරා ළඟා වෙමින් තිබුණේ ය.

යුද්ධයෙන් පරාජය වූ හිට්ලර් ඔහුගේ මූලස්ථානය බර්ලිනයට ගෙන ගියේ ය. එහි චාන්සලර් මන්දිර භූමියේ තැනූ භූගත බංකරයට වී සිය අවසන් දින කිහිපය ගත කළේ ය. 1945 අප්‍රේල් වන විට මිත්‍ර හමුදා බර්ලිනය වටකොට ගත්තේය. දවසින් දවස හිට්ලර්ගේ ආයුකාලය කෙටි විය.
මිත්‍ර හමුදාවන්ට අසුවීම බියකරු ප්‍රතිඵලයක් යයි නිගමනයට පත් ‍මේ මහ මිණිමරුවා (හිට්ලර්) 1945 අප්‍රේල් 29 දින උදයේ ඔහුගේ අනියම් බිරිය වී සිටි ඊවා බ්‍රොන් නීත්‍යාණුකූලව විවාහ කර ගත්තේ ය. ඒ සමඟ ම තම අන්තිම කැමැති පත්‍රය හා දේශපාලන අන්තිම කැමැති පත්‍රය ලියා ගැනීම සඳහා කියැවී ය.

පසුදින තම කුටියට වැදුණු හිට්ලර් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගත් අතර ඊවා බ්‍රොන් ද වස පානය කොට දිවියෙන් සමුගත්තා ය. හිට්ලර්ගේ උපදෙස් අනුව මළ සිරුරු දෙක ම චාන්සලර් උයනේ පිහිටි වළකට ඇද දමා ඉන්ධන වත්කොට ගිනි තබන ලද්දේය.





‘මගේ සටන’ (Mein Kampf) නම් සිහිනයෙන් අපේ ලෝකය නිදහස් විය.


notes of imaginary

2013-08-03