පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, March 04, 2009

කොටි සංවිධානයේ උපත. 02

1970 දශකය කොටි සංවිධානය බිහිවිමේ වාතාවරණය ඇතිවු යුගය ලෙස සැලකේ.සන්නද්ධ කන්ඩායම් බිහිකල නායකයින් එකල ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ තරුණ සංගමය වටාවු දෙමළ තරූණ ලීගයේ සහ දෙමළ ශිෂ්‍ය ලීගය වටා ගොණුවී සිටියා.1974 වසර දී වඩුකොඩෙහිදී ද්‍රවිඩ එක්සත් පෙරමුණ ගෙනා “තමිල් ඊලාම් යෝජනාව” සම්මත කරගන්නවා. ප්‍රජාතන්ත්‍ර රාමුව තුල ක්‍රියාත්මක ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙල මෙම සම්මුතිය සමග ගියේ හෙමින් ගමනක්. තරුණ කොටස මේ මන්දගාමීත්වවය පසකලා දෙමළ සන්නද්ධ සංවිධාන පිහිටුවා ගන්නවා.
ප්‍රභාකරන්ද සම්බනධවු ප්‍රථම සන්නද්ධ සංවිධාණය වාර්තාවන්නේ ධනබාලසිංහම් හෙවත් චෙට්ටි විසින් මෙහෙයවන පාතාල කණ්ඩායමක් .( මීදුම- ප්‍රභාකරන් සම්බන්ධ කරගන්න) මෙම සංවිධානයට දේශපාලන මුහුණක් ලැබෙන්නේ ‍එවකට කෝපායි පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි අලාල සුන්දරම් මහතා අතින්. ඔහු මෙම සුළු කන්ඩායම “ ද්‍රවිඩ නව කොටි “ නමින් බෞතීස්ම කරනවා.
1972 නව ජනරජ ව්‍යස්ථාව එලිදැක්වීමේදි උතු‍රේ ඇතිවු යම් යම් විරෝධතා ද්‍රවිඩ තරුණ සටන්කාමීත්විය ප්‍රදර්ශනය කල මුල් අවස්ථාවක් .1975 .07.27දින යාපනයේ පුරපති ඇල්ෆුර්ඩ් දුරේඅප්පා වෙඩි තබා ඝාතනය කරනවා.1978.09.07 දින රත්මලාන ගුවන් තොටුපලේදි ඇව්රෝ ගුවන් යානය පුපුරවා හරින්නේ 1978 ආණ්ඩු ක්රමම ව්‍යවස්ථාවට විරෝධය පාමින්. ද්‍රවිඩ සංන්නද්ධ කන්ඩායම් අවධිවු බව දක්වන වෙඩි මුර ලෙස මේවා හදුන්වන්න පුළුවන්.
1976 .05.05 දින උමා මහේෂ්වරම් ගේ සභාපතිත්චයෙන් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය LTTE ය බිහිවෙනවා . වේළුපිල්ලේ ප්‍රභාකරන් එහි අණදෙන නිළධාරියායි. “ ද්‍රවිඩ නව කොටි “- ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය" ලෙස නම් වී කලඑලි බසින්නේ උමා මහේෂ්වරම් අතින්. උමා මහේෂ්වරම් වෘත්තීයෙන් මිණුම්දෝරුවෙක් . ඹහු කොළඹ කේන්ද්‍රකරගෙන අනෙක් ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ හා සම්බන්ධ වෙමින් සංවිධාණයයේ අත්තිවාරම සවිමත් කරනවා.
පසුකාලීනව ඇතිවු මතවාද නිසා උමා මහේෂ්වරම් වෙන්වනවා. එතනට පත්වෙන්නේ රාගවන්. මහුගෙන් පසු ප්‍රභාකරන් නායකත්චනයට පත්වනවා.
1974 වසර දී වඩුකොඩෙහිදී ද්‍රවිඩ එක්සත් පෙරමුණ ගෙනා “තමිල් ඊලාම් යෝජනාව” මතවාදයක් කරගත් ද්‍රවිඩ සංවිධාන අතර “ ටෙලෝ, ප්‍රදියපාදෙයි කුමාර පුරම් ගෲප්, ඊරෝස්,EPRLF,ප්ලොට්, ද්‍රවිඩ ඊළාම් විමුක්ති හමුදාව, EPDP, ENDLF “ වැනි සංවිධාන පසුකාලීනව අක්‍රීය කරමින් නැත්තම් පළවා හරිමින් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ LTTE ය උතුරේ නායකත්වය අත්පත් කරගත්තා.

Tuesday, March 03, 2009

ප්‍රහාකරන් - කොටි සංවිධානයේ උපත. 01.

ප්‍රභාකරන් මීදුම තුල සටහනකට පාදක නොවුනේ මන්ද යයි මම ‍බොහෝ විට සිතමි. භූමියේ අයිතියත් මිනීමැරීමේ අයිතියත් පැහැර ගැණීමේ අයිතියත් නොමැතිව සර්ව සාධාරණ පාලන ක්‍රමයක් නියෝජනය කරන මත වාදයක සිටින ප්‍රභාකරන් කෙනෙක් සිටියා නම් ඔහු මගේද වීරයෙකු වනවා නියතයි.එහෙත් කෙටි කලක් ද්‍රවිඩ සහෝදර වරුන්ගේද වීරවරයෙකුවු ඔහු වර්තමානයේ නම් සියළු අන්ත ජරා වැඩ වල නිරත යක්ෂයෙක්.

1954.නොවැම්බර් මස 26 දා යාපනය රෝහලේදී උපත ලද වේළුපිල්ලේ ප්‍රභාකරන් අදට අවුරුදු 54 මාස 03 දවස් 05ක් ජීවත්ව තිබෙනවා. ඔහුගේ පියා වල්ලීපූරම් පාර්වතීගේ තිරුවෙන්කනම් වේළුපිල්ලේ මහතායි. වෟත්තියෙන් දිස්ත්‍රික් ඉඩම් නිලධාරියෙක්.මව ගැන මීදුම දැනුවත් නෑ. බිරිද මදිමාදනී යාපනය විශ්ව විද්යාබලයේ වෛද්‍යපීඨ ශිෂ්‍යාවක්.
ප්‍රභාකරන්ගේ මූලික අධ්‍යාපනය මඩකලපුවේ පාසලකින් ඇරඹි පසුව වැල්වෙටිතුරේ විදම්බරම් විදුහලේ හත්වෙනි ශ්‍රේණියෙන් අවසන් වුනා. වැල්වෙටිතුරේ නගරය එකල හොර ජාවාරම්වල තෝතැන්නක් .ඉන්දියාව වෙරළ තීරය සම්බන්ධ් කර ගෙන බෝහෝ හොර බඩු ලංකාවට ගෙන ආවේ වැල්වෙටිතුරේ හරහායි. ප්‍රභාකරන්ගේ ජීවන වෟත්තිය ඇරඹෙන්නේ මේ හොර ජාවාරම්වල වල නිරත ජාවාරම් කරුවන්ගේ සේවකයෙකු ලෙසයි.

උතුරුකරය ඉතාමත් ප්‍රබල ලෙස කුල ගෝත්‍රයේ වටිනාකම් සොයන සමාජයක්. ප්‍රභාකරන් මුහුදු ධීවරයන්ගේ පීඩිත කුළයක්වු කාර්රියාර් කුළය නියෝජනය කරන්නෙක්.ඉතාමත් අඩු ජනගහණ අනුපාතයක් නියෝජනය කල මෙම කුළය (10%) අධිපති ප්‍රභූන් අයත්වු වෙල්ලාල කුළයේ ජනතාවගේ අවමානයට සහ පීඩනයට ලක් වූවෝ පිරිසක්. ප්‍රභාකරන්ට සමාජ ගතවීමට මෙම කුළ පීඩනය.අඩු අධ්‍යායපනය, සමාජ ස්ථරය, විශාල බලපෑමක් වුනා.හොර ජාවාරම් වලින් මිළ මුදල් උපයා ගත්තත් යාපනයේ සමාජය තුළ හිස ඔසවන්න මෙම කාරනා විශාල බාධාවක් උනා ස්ථීර වශයෙන්ම.
යෞවනයේදී මෙම හේතූන් නිසා ඉච්චා භංගත්වයටත් වැඩි වැඩියෙන් හොර ජාවාරම් වලින් මුදල් උපයා ගැණිමට ආරක්ෂක ආවරනයක් ලබා ගැණීමටත් දෙමළ සටන්කාමී සංවිධාන හා එක්වෙන ප්‍රභාකරන් 70 දශකයේ දෙමළ තරූණ ලීගයේ සහ දෙමළ ශිෂ්‍ය ලීගයේ කටයුතු කරන්න පටන් ගන්නවා.පසුකාලීනව තංගතු‍රෙයි සහ කුට්ටමණීලාගේ දෙමළ සන්නද්ධ ව්‍යාපාරය හා සම්බන්ධරවන ප්‍රභාකරන් 1975 දී යාපනයේ පුරපති ඇල්ෆර්ඩ් දුරේඅප්පා වෙඩි තබා ඝාතනය කරනවා.මේ සිද්ධියත් සමග දෙමළ සන්නද්ධ ව්‍යාපාරය තුළ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවා.අනතුරුව ගතවන කාලය තුල මිතුරු පසමිතුරු සියළු දෙමළ සංවිධාන විනාශකර දෙමළ ඊලාම් කොටි සංවිධානය ගොඩ නගා ගෙන ද්‍රවිඩ ජනතාවගේ එකම නායකයායි කියවා ගන්නවා.

Thursday, February 26, 2009

රට වෙනුවෙන් සාධාරණ වෙන්න රනිල් මහත්තයෝ.

ඉන්දියාවේ “ඒෂියන් ඒජ්”පුවත් පත සමග පෙබරවාරි 19 වෙනිදා සම්මුඛ සාකච්චාවකට එක්වන විපක්‍ෂ නායකතුමාගේ දේශමාමක යහපත් ආකල්පයෙන් යුතු පුකාශ කිහිපයට ප්‍රශංසා කලයුතුයි. (2009.පෙබරවාරි දිවයින ) එතුමාගේ ප්‍රකාශයේ සාරාංශයක් පහතින් වියමන් කරන්නම්.
1.රාජ්‍ය පාලනය තහවුරු කරලීම පිණිස එජාපය යුද මෙහෙයුම් සදහා නිරතුරුම සහය දෙනවා.
2.දශක තුනක් තිස්සේ දික් ගැස්සෙන ශ්‍රී ලංකාවේ ගැටළුව හේතුවෙන් රටේ ආර්ථිකයට ඉතාමත් අහිතකර බලපෑම් එල්ලවී තිබෙනවා.
මේ නිසා ජාතීන් අතර බෙදීම් සමනය කර ගැනීමට නොහැකිව තිබෙනවා.
3.වර්තමාන සාමප්‍රදායික යුද මෙහෙයුම් හමුවේ විජයග්‍රහණය ලබන යුද විරුවන්ගේ කැපකිරීම් සදහා නිසි ගෞරවය හා ආචාරය මවුන් වෙත ලබා දිය යුතුයි.
4.සටනේ දී ජීවිත හාණිවන රනවිරුවන්ගේ ප්‍රමාණය ඉහල නමුත් ආණ්ඩුව එය ප්‍රකාශයට පත්නොකරයි. ( ආණ්ඩුව හමුදාවේ චිත්ත ධෛර්ය බිද වැටෙන නිසා ඒ බව හෙලි නොකරයි.)
5.රනවිරුවන්ගේ සැබෑ කැපවීම ආණ්ඩුව අගේ නොකරයි.
6.LTTE ය මුලතිව් කෑලෑව තුල ගරිල්ලා සටනකට මාරුවිය හැකි බවත් එය කාලයක් දික් ගැස්සෙන බවත් අනතුරු හගවයි.
7.ආණ්ඩුව උතුරේ වැසියන්ගේ සහයෝගය ලබා ගත යුතු දේහපාලන තීරණයකට එලබ විය යුතුයි.
8.2005 ජණාධිපතිවරණයේදී LTTE ය සාමය වෙනුවට ගෞරවණීය සාමය අපේක්ෂා වෙන් එජාපයට චන්දය දීම උතුරේ වැසියන්ට තහනම් කළා.
9.ප්‍රභාකරන් රටෙන් පැන යාමට සූදානම් නැහැ.
10.තවත් යුධ උපකරණ බොහෝමයක් හමුදාව විසින් සොයා ගෙන නැහැ.
11.LTTE ය ලක්ෂ දෙකක් පමන සටන් බිම් වල කොටු කර තබා තිබෙනවා . ඔවුන් මුදවා ගත යුතුයි. එය කල හැකියි.
විපක්ෂ නායකතුමා දේශපාලන වේදිකාවේ මොනවා කීවත් මෙවර රටෙන් බැහැරව සිට කර ඇති ප්‍රකාශය නම් ටිකක් සමබරයි . එතුමා අපේ විපක්ෂ නායකතුමා නිසා ආණ්ඩුවත් සමග සාධාරණ විවේචන තියෙන්න ඕනී. නැත්නම් ආණ්ඩුවේ අඩුපාඩු හදා ගන්නත් බැරිවෙනවා. ආණ්ඩුවත් තිරිංග නැති ගමනකට පිවිසුනොත් ආයෙත් කොච්චර හොද වැඩ කලත් චන්ද්‍රිකා , ප්‍රේමදාස කාලේ වගේ හිතුවක්කාර වැඩ කරයි. එහෙම වුනොත් රට ආයෙත් පරණ තැනමයි.
රනිල් මහත්තයත් මහත්මයෙක් වගේ බ්‍රේස්ලට් චුවිංගම් දෙන්නම් කියලා අපි රවටලා ඔන්න ප්‍රභා මේ ටික-ඔයාට මට මේ ටික , යාළුවනේ වරෙල්ලා. නෑදැයිනේ වරෙල්ලා ඉතිරි ගොඩ අපිට කියන්නේ නැතිව සත් භාවයෙන් යුතුව හැමදාමත් රට වෙනුවෙන් සාධාරණ වෙන වන වනම්
රනිල් මහත්තයෝ. ඔබතුමාටත් ජනාධිපති වෙන්න අපි කඩේ යන්නම්.