පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-09-10

පැරණි හෙළ ගොවියා.





හේන් ගොවිතැන.


ඉපැරණි ශිෂ්ටාචාර විමසීමෙදි ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ කෘෂිකර්මාන්තයයි. හේන් ගොවිතැන මූලිකම අංශයයි. මිනිසා දියුණු තාක්ෂණික ලොවකට පියමං කර සිටින මේ මොහොත වන විට පවා ගැමි ආර්ථිකයේ හේන් ගොවිතැනට ප්‍රධාන තැනක් හිමි වේ. ස්වයංපෝෂිත අර්ථික ක්‍රමය වෙනස් වීමත් සමගම පැරණි හේන් ගොවිතැනේ තිබු ඇතැම් අංග ක්‍ෂය වී යාමක් දැකිය හැකිය. එම නිසා අතීතයේ මේ හා බැඳුනු අංගෝපාංග විමසීම වටී.

ශ්‍රී ලංකාවේ පැරණි සිංහල ජනාවාස වැව් හෝ ජලාශ ආශ්‍රිතව ස්ථානගත විය. ගොවිතැන් කටයුතු සඳහා වැසි වැටෙන කාලය අනුව
• යල කන්නය
• මහ කන්නය
යනුවෙන් ප්‍රධාන කන්න දෙකකි. ඔවුන් ඉදිරි කන්න සඳහා ලැබෙන වැසි ප්‍රමාණය දැන ගත්තේ පාරිසරික වෙනස්කම් අනුවයි.
* සුළං වේගය
* හමන දිශාව
* වළාකුලළු වල වර්ණය
* විදුලි කෙටීම
* වාතයේ තෙත්බව
* ශාකයන්හි පත්‍ර වර්ධනය
* පොතුවල ඝනකම
* ඒවායේ මල් පිපෙන ගෙඩි හටගන්නා කාලය හා ප්‍රමාණය අනුවයි.

පලු හා වීර ගස්වල යහමින් මල් හා ගෙඩි හට ගැනිම අඩු වර්ෂාපතනයක ලක්ෂණය.
අවිච්චියා, කුඹුරු හා දියකඩිති අසල හඬ තලයි නම් එයද නියඟයක ලක්ෂණයකි.
ගෙවත්තක තල මලක් පිපිම ආපදාවක පෙර නිමිතිය.
දිවුල්, කටු කෑලිය, එරමිණිය, දඹ හා මොර අධික ලෙස ඵල ගැනිම දුර්වල මෝසම් වැස්සක ලක්ෂණය.

උකුස්සා, වැහිලිහිණියා හඬ නඟමින් අහසේ පියාසර කිරිම වැසි ලැබෙන ලකුණකි.
වියළි ඉරිතලා ගිය වැව් පොළොව මත කක්කුට්ටන් වලවල් හෑරිම වැසි ලැබෙන ලකුණකි.
කුහුඹින් ගුල් වලින් එලියට පොකුරු වශයෙන් පැමිණ සිටීම වැසි ලැබීමේ ලක්ෂණයකි.
ගොවියන් මෙවැනි පාරිසරික වෙනස්කම් වලින් ලබා ගන්නා වැසි ලකුණු මත තම වගාව කුමක්දැයි තීරණය කරයි. වී වගාවට ප්‍රමාණවත් වැසි නොලැබේ නම් එහි වී වෙනුවට අඩු වර්ෂාපතනයට ඔරොත්තු දෙන වෙනත් බෝග මුං, කවුපි, බඩඉරිගු වැනි බෝග වගා කරයි. මෙවැනි මිශ්‍රබෝග වගාවකට යොමු වන්නේ යම් කිසි උවදුරකින් බෝගයකට හානි වුවහොත් වෙනත් බෝග හේනේ ඉතුරුවන නිසාය.

~හේන යනු.

වී ගොවිතැන හැරුනු විට උස්බිමෙහි කරනු ලබන සියලු වගාවන් හේන් ගොවිතැන යන නාමයෙන් ආවරණය විය.එබැවින් එයට ගොඩ ගොවිතැන යයි නමක් ද විය.
පැහැදිලි ඒකීය හේන් ගොවිතැනක් හදුනා ගත හැක්කේ වියළි කළාපයේය.තෙත් කලාපයේ තිබුනු හේන් වල විවිධත්වය වැඩි නිසා ඒකීය රටාවක් එහි හදුනා ගත නොහැක. එමේන්ම වියළි කලාපිය හේන අනීවාර්යෙන්ම බහු බෝග වු අතර තෙත් කළාපිය හේන ඒක බෝග හෝ බෝග දෙක තුනකට සීමා විය. වර්ෂා කාලය හා ඉන් අනතුරුව එන වියළි කාලය ඇති නිසා බහු බෝග හේන වැව් බැදි රාජ්ය යට ගැළපුනි. ඉංග්‍රීසින් විසින් වියළි කලාපය ලෙස හදුනා ගත් වැව් බැදි රට 19 වැනි සියවස ට පෙර වියළි කලාපයක් ද නොවිය.

~හේන් ක්‍රියාවලිය.

හේන් බිම ඇත්තේ ගම තුලය. ගම ඇත්තේ දිය බෙත්ම නොහොත් ජලය දෙපසට බෙදි යන පොලෙන් රැලි සීමා කර ගනිමිනි. දිය බෙත්මෙන් දෙපස එකම ගමක් පැවතීම මෙරට ජනාවාස ගොඩනැංවිමේ සම්ප්‍රදාය නොවීය. ගම තුළ ඇති වනාන්තරය එළි කර ගොවිතැනට යොදා ගත් බිම ‘’ලදු කැළෑව ‘’ නම් ‍වෙයි. වරක් හේනක් කොටා අස්වැන්න ලබා ගෙන එය පුරන් වීම සදහා අත්හැර දැමු පසු නැවත කෙටිමට නිර්දේශ කරන්නේ හය අවුරුද්දකට පසුවය. ලදු කැළෑව වැවෙන්නේ මෙම කාළය තුලදීය.

හය අවුරුද්දක් නිර්දේශ කලද අවුරුදු 3-4 ට නැවතත් පළමු තිබු සාරය පොළොවට ලැබේ. මෙසේ පුරන්වීමට හැරීමේ හේතුව නම් අක්කරයක හේනක් තුල බෝග 08ක් වගා කළොත් අවස්ථා 08 ක දි ලැබෙන අස්වැන්න අක්කර අටක අස්වැන්නට සමානය. මෙහි දි පොළවේ සම්පුර්ණ සාරය බහු-බෝග හේන විසින් උරා ගනු ලැබේ. එබැවින් නැවතත් ඊට සාරවත් බව ඇති කර ගැනීම සදහා විරාම කාළයක් මෙසේ අවශ්ය ය. මෙසේ සෑම ගමකම ඇති ලදු කැළෑ ප්‍රමාණය අවුරුද්දකට වගා වන බිම් ප්‍රමාණය මෙන් 5-6 ගුණයක් විශාලය. මෙම විශාල බිම් ප්‍රමාණය ගමේ පොදු තණ බිම විය.

තණකොල හැරුණු විට නොයෙක් ආකාරයේ පැළෑටි හා පදුරු වර්ග ද ඒ තුල තිබුණි. ගැමියන් ට අවශ්ය ය බෙහෙත් සදහා අමුද්‍රව්‍ය ද මෙම ලඳු කැළෑව තුලින් ලබා ගත හැකි විය. ඖෂධ සදහා මහ වනාන්තරයට යාමට අවශ්‍ය වුනේ අඩුවෙනි. මෙසේ ස්වභාවික සරුවීම සිදුවුයේ සුර්යාලෝකය හා වර්ෂාව ලැබීමෙන් හා ශාඛයන්හි දිරා ගිය කොටස් පොළවට එකතු වීමෙනි. මෙවිට බෝවන ක්ෂුද්රස ජීවින් විසින් ද පස තුලට වාතය ගෙන යාමෙන් හා යටි පස උඩට මතු කිරිමෙන් ද අප්‍රමාණ ‍සේවයක් කළේය.

තෙත් කලාපයෙහි පස සරුවිම වේගවත් වුවත් වැසි කාල හා වියළි කාල මාරුවෙන් මාරුවට ඒමක් වැව් බැදි රටේ මෙන් මෙහි නැති නිසා හේන් වලින් ලැබෙන අස්වැන්නේ අඩුවක් පවති. ධාන්‍ය එළවළු හා පළතුරු පැසීමට වියළ බව අවශ්‍ය ය. එබදු වියළි කාළයක් මෙම වැහි කළාපය තුල නොවීම අස්වැන්න අඩුවීමට හේතු වේ. වර්ෂාව අවශ්‍ය වන්නේ ශාඛයේ වැඩීමටය. ඵල හට ගැනිමට වර්ෂාව රහිත උණුසුම් කාළය අවශ්‍ය ය. හේන ලංකාවට ආවේණික වීමට හේතුව නම් මෝසම් සුළං දෙකකින් වර්ෂාව ලබන ලොව එකම රට ලංකාව වීමය. 
දකුනු හා අග්නිදිග ආසියාව මෝසම් රටවල් වන්නේ ඒවාට බලපාන නිරිත දිග මෝසම් නොහොත් ‘’යල් වැස්ස ‘’මගිනි. නමුත් ලංකාවේ හේන් ගොවිතැන යනු මුළික වශයෙන් ම වප් මාසයේ සිට බක් මාසය දක්වා (ඔක්තෝම්බර්-අප්‍රේල් ) ක්‍රියාත්මක වන ගොඩ ගොවිතැන් ක්‍රමයයි. මීට පාදක වන්නේ ආසියාවේ සෙසු රට වලට බල නොපාන ඊසාන දිග මෝසම නොහොත් මහ වැස්සයි.

~හේන් වර්ග.

භුමීය යොදා ගැනීමේ රටාවන්ට අනුව හේන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට අයත් වේ.
01. මුල්කැටා හේන
02. ඉරවලි හේන
මුල් කැටා හේන යනු එක් කේන්ද්‍රයක සිට පිටට විහිදි යන වෘත්තයක කොටසක් කොටස් වලට බෙදා ගැනීමෙන් සැදුනු හේන් යායකි.
ඉරවලි හේන යනු චතුරශ්‍රාකාර භුමිභාගයක් කුඩා චතුරශ්‍රාකාර බිම්වලට බෙදි යන ආකාරයේ හේන් යායකි.

~හේනක ව්‍යුහය.

ස්වභාවික පරිසරය ඇසුරින් සියලු අවශ්‍යතා සපුරාගත් අතීත මිනිසා තම අවශ්‍යතාවලට ප්‍රමාණවත් ලෙස පමණක් අවට පරිසරය යොදා ගත්තහ. පැරණි වැව්ගම්මානවල ජීවත් වූවන් තම වගාවන් සඳහා මහ කැලෑ එළි කර විනාශ නොකළහ. තම අවශ්‍යතා සපුරා ගැනිමට වනයට ඇතුල්වීමට පෙර වනාන්තරය දෙවියන් ලෙස සලකා, ගසක කොළ අත්තක් කඩා එල්ලීම සාම්ප්‍රධායික සිරිතකි.මහ වනයට ඇතුල් වී සම්පූර්ණ වනයම එළි නොකර වනය කොටස්වලට බෙදා ගත්තහ.
*පිල්ලෑව
*අත්තඬු හේන
*මූකලාන යනුවෙනි.

හේන් ගොවියා මුලින්ම පිවිසෙන්නේ පිල්ලෑව නම් වන ප්‍රදේශයටයි.අත්දඬු හේන යනු මිනිස් අතක් තරමට ගස් වැවුනු හේනයි. මූකලාන මහවනයයි. හේන් ගොවියා තම හේනේ එදිනදා ප්‍රයෝජනයට අවශ්‍යවන එළවළු,ධාන්‍ය,පලතුරු වගා කරයි.කුරක්කන්, මෙනේරි, තල, මුං, කවුපි ආදි ධාන්‍ය ද කැකිරි, පුහුල්, කරිවිල, මෑ, වට්ටක්කා වැනි එළවලළු ද කොමඬු, පැපොල්, දොඩම්, පේර, අන්නාසි වැනි පලතුරු ද ඒ අතරවේ. ගමේ සියලු වගාවන්ට පොහොර වනුයේ දිරාපත් වන කොළ රොඩු සත්ව අපද්‍රව්‍ය ආදියයි. ඒනිසා හේන් වගාවේදි කෘමි උවදුරු අවම විය.

බොහෝ හේන්වල දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයක් වන්නේ කුරුල්ලන් සඳහා වෙන් වු "කුරුලු පාලුව" නම් වන කොටසයි.කුරුල්ලන් සඳහා මෙය වෙන් කර තිබිණ.ඔවුන් හේන්වල කෘමීන් අහුලා කෑම නිසා ගොවීන්ට කුරුල්ලන්ගෙන් ප්‍රයෝජනලබා ගත හැකි විය. 
කෘමිනාශක භාවිතා නොකරන නිසා හේනෙන් ලබා ගන්නා ආහාර වර්ග ඉතා පිරිසිදු ඒවාය.කන්න ආරම්භයේ සිට අස්වනු නෙලා ගන්නා තෙක් ආගම හා සම්බන්ධ වු වත්පිලිවෙත් සිරිත්විරිත් ඉටු කරයි. අලුත්අස්වැන්නෙන් බුදුන්ට දෙවියන්ට බාරහාර ඔප්පු කරයි. පැරණි වැව් ගම්මාන වල සෑම කටයුත්තකදීම සාමුහික ශ්‍රමය යොදාගනී.
හේනේ ඇති පැල හේන් ගොවිතැනේදි අනිවාර්ය අංගයකි.රාත්‍රි කාලයේ හේනට එන වන සතුන් පලවාහැරීමට ගැමියන්ට සිදු වේ. ශක්තිමත් උස් ගසක මුදුනේ පැල තනා ගනි.පැල් රැකීම ලෙහෙසි පහසු කාර්යක් නම් නොව්.

~පසු අස්වනු තාක්ෂණය.
හේනෙන් නෙලා ගන්නා ධාන්‍ය වර්ග සෑහෙන කාලයක් තබා ගනී.නිවෙස් අසල තනා ගත් අටුව හෝ වී බිස්ස මේ සඳහා යොදා ගත්තහ.ලී,මැටි,පිදුරු වැනි සරල ද්‍රව්‍ය වලින් මෙය තනා ගනියි. වී බිස්ස යනු මීටර් 2-3ක් උස ගෙතුල තබා තිබු ,වේවැල් වලින් තනන ලද උපකරණයකි. වී අටුව යනු ගෙමිදුලේ පොළොවට මීටරයක් පමණ ඉහලින් තැනු වී බුසල් 50-60ක් අතර ප්‍රමාණයක් ගබඩා කළ හැකි ස්ථානයකි.

~වර්තමාන ස්වභාවය.
බ්‍රිතාන්‍ය යුගයට පෙර හේන යනු හුදේකලා හේනක් නොව කුඹුරු යාය මෙන්ම පැවති හේන් යායක් බව පැරැන්නන් කළ විස්තර අනුව පෙනේ. ගම් සභාව මගින් මෙම හේන් යාය ක්‍රමය පරිපාලනය කරන ලදි. 1832 දි ගම්සභා තහනම් කිරිම හා පොදු ඉඩම් පරිහරණ කිරීම ද ඒ සමග ම තහනම් වී ඉඩම් ඔප්පු ක්‍රමය ඇති විම නිසා හේන අභාවයට ගියේය. ඉන්පසු තැනින් තැන පුද්ගල මුළික හේන් ඇති වුයේ ඒ ඒ අය බලපත්‍ර ලබා හෝ තම ඔප්පු සහිත ඉඩම් වල හේන් වගා කරන්නට වු නිසාය. ලඳු කැළෑව නැමැති රටාව අතුරුදහන් විය. 
ක්‍රමයෙන් අභාවයට යමින් පවතින සාම්ප්‍රධායික ජීවනමාර්ග කාලානුරූපිව වෙනස් වී ඇත. නාගරීකරණය නිසා ගම නගරය ඇසුරින් වෙනස්වීම් වලට ලක්වනු දැකිය හැකිය. හේන් වගා කිරිමට තරුණ පිරිස් මැලි වේ. එම නිසා දැව කැපිම වැනි දේවලින් පරිසර පද්ධතිය විනාශ වේ. හේන් ගොවිතැන විරැකියාවට මනා පිළියමකි. නමුත් හේන් ගොවියාට සමාජයේ අඩු සැලකිල්ලක් දක්වයි. 
මේ නිසා අද වන විට ගමෙන් නගරයට ඇදෙන ශ්‍රමිකයන් පිරිස වැඩිවෙමින් පවතී.
උපුටාගැනීම
'හෙළ බොදු උරුමයන් රැකගනිමු' වෙතින්
ස්තුතියි මුල් හිමිකරුට

A day in the life

2024-09-09

අක්මාවේ තෙල් Fatty liver







Fatty liver කියන රෝගය අද ඉතා සුලභ රෝගයක් වෙලා .1980 දශකයේ පලමු වතාවට සොයා ගත් මේ රෝගය ඇමරිකාවේ 25%කට තියෙනවා .එංගලන්තයේ 2007 සිට 2013 දක්වා 10 ගුණයකින් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා .දෙගුණයකින් අක්මා බද්ධ කිරීම් වැඩිවෙලා.ලංකාවෙත් හුග දෙනෙක්ට මේ රෝගය තියෙනවා .කොහොමද මේ රෝගය එක පාරටම මේ තරම් ව්‍යාප්ත වන්නේ?
Fatty liver disease කියන්නේ අක්මාවේ අධික ලෙස මේදය තැම්පත් වීම .මෙය grade 1,2,3,4 ලෙස බෙදා තියෙනවා .grade 1 හිදී ඔබගේ බඩ පෙදෙස ඉදිරියට නෙරා ඒම,SGOT /PT අගයන් ඉහළ යාම,ක්ලාන්ත ගතිය,රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම ඉහළ යාම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා.මෙම රෝග ලක්ෂණ ක්‍රමයෙන් වැඩි වී අවසානයේ grade 4 වන විට අක්මාවේ සෛල විනාශ වී සිරෝසිස් හෙවත් අක්මා පිලිකා තත්ත්වය දක්වා වර්ධනය වෙනවා.එවිට ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට්/අක්මාව බද්ධ කිරීම සිදු කල යුතුයි .එය කෝටි ගණනක් වියදම් වන ශල්‍යකර්මයක්.

අක්මාවේ මේදය තැම්පත් වන්නේ කෙසේද?
ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් හැදෙන්නේ මද්‍යසාරය පානය කිරීමෙන්.නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඇතිවන්නෙ අධික ලෙස සීනි හා පිශ්ඨය ආහාරයට ගැනීමෙන් .2019 සිදු කරන ලද ෆැටී ලිවර් ඇති තරුණ පිරිමි ලමයි යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණයකින් මෙය තහවුරු කරගෙන තියෙනවා .ඉන් කොටසකට සාමාන්‍ය ආහාරය සහ ඉතුරු කොටසකට කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ලබා දී තියෙනවා .ඉන් කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ගත් ලමයින්ගේ අක්මාවේ මේදය අඩුවීමක් පෙන්නුම් කල අතර සාමාන්‍ය පරිදි ආහාර ගත් ලමයින්ගේ වෙනසක් සිදුවී නොමැත.

තවත් පරීක්ෂණයක් 2021 සිදුකර ඇති අතර එහිදී කාණ්ඩ තුනක් වෙන්කරගෙන ඉන් පලමු කාණ්ඩයට සාමාන්‍ය ආහාරද,දෙවන කාණ්ඩයට කඩින්කඩ නිරාහාරයද තෙවන කාණ්ඩයට කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ද නිර්දේශ කර තියෙනවා .ඉන් දෙවන හා තෙවන කාණ්ඩ වල ෆැටි ලිවර් තත්ත්වය සීඝ්‍රයෙන් පහවගොස් තියෙනවා.

ඉන්සුලින් ලබා දී ෆැටි ලිවර් වැඩිවෙන ආකාරය තවත් පරීක්ෂණයක් මගින් සොයාබලා තියෙනවා .ඉන්සුලින් ගන්නා ප්‍රමාණය වැඩි වීමත් සමග අක්මාවේ මේදය තැන්පත්වීම සීඝ්‍රයෙන් වැඩිවෙන බව ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා .non alcoholic fatty liver disease හැදෙන්නේ අප ගන්නා ආහාර වල ඇති glucose හා fructose වලින් .ෆෘක්ටෝස් මගින් ශක්තිය නිපදවීම සිදු කරන්න පුළුවන් එකම අවයවය අක්මාව පමණයි.
අප ආහාරයට ගන්නා fructose අක්මාවේදී trygliceride (මේදය )බවට පත් වී අක්මාවේ තැම්පත් වී අක්මාව ඉදිමී ප්‍රමාණයෙන් විශාල වේ.ග්ලූකෝස් ෆෘක්ටෝස් මෙන් නොව ශරීරයේ විවිධ ස්ථාන වල ශක්තිය නිපදවීමට  යොදාගනී.නමුත් වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීමෙන් ඒවා ඉන්සියුලින් හෝර්මෝනය ආධාරයෙන් මේදය බවට පත්වීම සිදුකොට අක්මාවේ හා අනෙකුත් පටකවල තැම්පත් වීම සිදුවේ.
මෙසේ අක්මාව මගින් සීනි මේදය බවට පත් කිරීම de novo lipogenesis(අලුත් මේදය නිෂ්පාදනය )නම් වේ.රාත්‍රි ආහාරයෙන් 5% මේදය අක්මාවේ තැම්පත් වන අතර රුධිර ගත මේද අම්ල මගින් හා de novo lipogenesis ක්‍රියාවලිය මගින් ඉතුරු මේදය අක්මාවේ තැම්පත් වීම සිදුවෙනවා.

ඔබට ෆැටි ලිවර් තියෙනවා නම් කලයුත්තේ කුමක්දැයි ඔබට දැන් වැටහෙනවා ඇති .පිශ්ඨය සහිත ආහාර ,පලතුරු වර්ග සීමා කිරීම හා intermittent fasting කඩින්කඩ නිරාහාරව සිටීම මගින් ඔබට ඉතා කෙටි කාලයක් තුල මෙම රෝගයෙන් මිදීමට හැකිය .
-----Dr. දනුක දිසානායක

අද කාලේ ක්ෂණික ආහාර සහ ප්‍රෝටීන් බහුල ආහාර නිසා වගේම
නිසි ලෙස ව්‍යායාමයක් නොමැති වීම,නිසා අක්මා රෝග බහුලයි.
මං ඒක අත්දැකීමෙන් දකිනවා.
ප්‍රෝටීන් අඩංගු ආහාර නවත්වන්න
මුන් ඇට පැල කරලා දිනපතා ආහාර යට ගන්න
මොනරකුඩුම්බිය කැද හෝ ඉස්ම කෝප්ප භාගයක් උනුවතුර භාජනයක ඒ කෝප්පය දමා රත් කර හිස් බඩ බීමෙන් සහ
නිසි ව්‍යායාම කිරීමෙන්
එලවලු පලතුරු ආහාරය ට එක් කර ගැනීමෙන් මාස 3කදී සුව කරගන්න පුලුවන් .

තියෙන ප්‍රමානය අනුව වෛද්‍ය උපදෙස් ලබාගන්න, සමහරවිට බෙහෙත් බොන්නත් ඕන වෙනවා

ආයුර්වේද වෛද්‍ය Sujee Liyanaarachchi

මම ඇගෙන් නැවතත් විමසුවා විටමින් ඊ ගැන ඇගේ මතය . ඈ මෙහෙම කියනවා.

ස්තුතියි අන්කල්, 
විටමින් E ගත්ත ට කමක් නෑ හැබැයි හොද නිශ්පාදන ඒවා. අපිට ගොඩක් වෙලාවට ලැබෙන්නේ බාල බෙහෙත්.

හොදට වතුර ටිකක් බීලා පලා ටිකක් කාලා ඉන්නවනම් ලෙඩ නෑ ඒත් කාර්‍ය බහුල ජීවිතේ මිනිස්සුන් ට නිදහසක් නෑ මානසික ආතතිය වැඩියි. නැත්නම් ආයුර්වේද යට අනුව අක්මා රෝග සුව කරන්න පුලුවන්. හැබැයි කියන විදියටම පාලනය වෙන්න ඕනි. මූලික අවස්ථාව තුළම සුව කරගන්න ඕනි.
කායික මානසික විවේකය සහ ආදරය කරුනාව ඕනි.
අද නැත්තේම ඒක.
ඒ වගේම සමහර දුම් බීම සහ මත්පැන් ගැනීම නිසා අද තවත් රෝග වැඩියි.


A day in the life