පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-12-29

“මැද්ද සූරිය – මුනිඳු වැඩසිටි – වේළුවන ජය මංගලම්






සත්කාර සේවාව මහත් ආනාශංස උපදින රැකියාවකි.

මමත් වැඩි කාලයක් වෘත්තිකයෙකු වසයෙන් මේ ක්‍ෂෙත්‍ර යේ අත්දැකීම් ලබාගත්තෙක්. 

අර්ධ නාගරිකයක උත්සව  ශාලාවක් සහිත සංචාරක නිකේතනයක මතකයක්.

 

මැද්ද සූරිය මුනිඳු වැඩසිටි  –

වේළුවන ජය මංගලම්
සුද්ද සුන් නරනිඳුන් සහ

සෙස්‌ රජුන් නම් කළ මංගලම්
ඇද්ද මෙකුමරු-  

පාපු විස්‌මය –  

සියලු සත හට මංගලම්
බුද්ද රත්නේ බෙලෙන් –  

ඔබහට වේය ජයසිරි මංගලම්

පෝරුවෙන් ඇසෙන්නනේ අෂ්ඨක කියනා ගුරුන්නාසේගේ හඩයි.

පෙරදා හවස  පැමිනී මනාලියගේ පාර්ශවයේ උදවිය පෝරුවත් , සෙටිබෑක් එකත් ස්ථාන ගත කිරීමට සැරසිලි කරුවන් හා කටයුතු කල අයුරු මගේ සිහියට ඒ.

මේස සැරසිලි අධීක්‍ෂණ කරන මට පෙරදා  උත්සවය සංවිධානය සදහා පැමිණි එක් තලතුනා මහතෙකු “  ජාතික කොඩි ටික මග දෙපස දානවා නේද ? ” යයි විමසුවා මතකය.

 ඔව් .. ඔව් ඒත්  මම අදි මදි  කරන විට ඇයි මහත්තයා කොඩි නැද්ද ?.

“මම තියනවා“ . යයි උත්තර බැන්දෙමි

මගේ මතකය ආපසු යමින් ජාතික කොඩිය භාවිතා කළ යුතු අන්දම පිළිබද උපදෙස් මටම  සිහිපත් කරමි.

විවාහ මංගල්‍ය උත්සවය ජාතික උත්සවයක්ද ?. යන්න නිරාකරනය කර ගැණිමට මගේ මනස තුල මහත් සාකච්ඡාවකි. අනුග්‍රාහක භවතාට ඒ සාකච්ඡාවෙන් පලක් නැත. ඔහුට අවශ්‍ය ජාතික කොඩිය සැරසිල්ලක් ලෙ භාවිතා කිරීමය.
මම ජාතික ධජයන් ගෙන්  උත්සව ශාලාවේ මිදුලත් මග දෙපසත් සරසා දීමට එකග වෙමි.

ජාතික ධජ විවාහ මගුල් උත්සව සදහා සැරසිල්ලක් ලෙස භාවිතය සුදුසු නැත. මගුල් උත්සවයක් යනු ජාතික උත්සවයක් නොවේ. මේ බව උත්සවකරුවන්ට  පැවසුවත් එය පිලිගන්නා කෙනෙක්  නැත. බොහෝ දෙනා උත්සව සැරසිලි පිළිබදව අවධානය යොමු කරන එක් අංගයක් වන්නේ  ජාතික කොඩි පාර දිගේ දැමීමයි. සිංහයන් පේලියක්  ලනුවක එල්ලී මග හරහාට කඩු අමෝරා සිටී. ඉන්පසු සිංහයා උත්සව ශාලාවට යන මග දෙපස ගැල්වනයිස් කණුවල පේලි ගැසී බලාසිටී.

සමහර විටක සිංහයා කකුල් හතර උඩ දමා ගෙන උඩුබැල්මෙන් එල්ලී සිටි.

නිම්ම නැති සංසාර දුක  

සිදුහත් කුමරු දැක සිතු පෙමින්
දැම්ම යමු  

අපි මහණවීමට  

අසුන් පනවැයි කී තොසින්
මංම පනිමිය

පහුරු මත්තෙන්

තුරඟ සිතු ජය මංගලම්
ධම්ම රත්නේ බෙලෙන් –  

ඔබ හට වේය –  

ජයසිරි මංගලම්

අමුත්තන් සම්භාෂණ ශාලාවේ  අසුන්ගෙන සිටී. තවත් අමුත්තන් උත්සවශාලාවට එමින් අසුන් ගන්නට සුදුසු තැන් සොයයි. අමුත්තන් පිරිසක් වටකර ගෙන  මනාල යුවල පෝරුමස්‌තකව සිටී.සුදෝ සුදු ජාතික බැනියමෙන් සැරසී සුදු පැහැති වේට්ටියකින් සැරසුන  අෂ්ටක ගුරුන්නාන්සේ කෙනෙක් ජයමංගල ගාථා  ගායනය කරනවා මගේ සිතේ ඇදේ.

අංග පෙරදැරි තුමා –  

සිදුහත් එදා රෑ වැඩි සුබ ගමන්
තුංග ගිරි පව්වට උඩින් පැන  

වසවතුගෙ ඔද බිඳ තොසින්
නැංග අසුපිට ගෙවා –  

තිස්‌ යොදුනක්‌ ගොසින්

ගං තෙරට වන්
සංඝ රත්නේ බෙලෙන්

ඔබ හට වේය

ජයසිරි මංගලම්…”

අෂ්ඨක ගුරුන්නාන්සේගේ පිළිබද චිත්ත රූපය මට සිතිවිල්ලක් පමනක් විනි.දවසකට  රජ වී පෝරු මස්තකයේ සිට  සිර ගතවන මනාල මහතා සහ නුවර විලාසිතාවට සැරසුන මනාලයාට සහ මනාලියට  අෂ්ඨක කියන ගුරුන්නාන්සේ  මැදිවිය අහල මායිමකවත් නැති තරුණයෙකි. ඔහු යුරෝපීය ඇදුමෙන් සැරසී සිටී.

ඔහු මෙම යුවලට ආශිර්වාද පතා ගායනා කරන්නේ  සිදුහත් කුමරු ගිහි ගෙය කළකිරී මාළිගාවෙන් නික්ම ගිය කතා පුවත බව ඔහු නොදනී.

සිදුහත් කුමරු මෙන් මේ මනාළ මහතාද ගිහිගෙය කළකිරී මහණ දම් පුරන්නට ගියහොත්  දහසක් බලාපොරොත්තු ඇතිව සිටින මනාළියගේ දෙමව්පියන්ට කාගේ සරනදෑයි මගේ සිතිවිලි අතරට එක්විනි.

 notes of imaginary

2023-12-28

අනුරාධපුර රාජධානිය


 

විජය රජතුමාගේ  සිට පාලනය කල රජවරු.

  1. විජය රජතුමා ක්‍රි.ප්‍ර 544
  2. උපතිස්ස
  3. පණ්ඩුවස්දෙව්
  4. අභය
  5. පණ්ඩුකාභය
  6. මුඨසිව
  7. දේවානම්පියතිස්ස ක්‍රි.පු 250-210
  8. උත්තිය
  9. මහාසිව
  10. සුරතිස්ස සේන සහ ගුත්තික
  11. අසේල
  12. එළාල (එළාර)
  13. දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු) ක්‍රි.පු.161-137
  14. සද්ධාතිස්ස ක්‍රි.පු.137-119
  15. තුලත්ථන ක්‍රි.පු. 119
  16. ලංජතිස්ස(ලැමිණිතිස් ) ක්‍රි.පු. 119 – 109
  17. බල්ලාඨනාග ක්‍රි.පු. 109 – 103
  18. වලගම් අබා (වට්ට ගාමිණි) ක්‍රි.පු. 103
  19. පුලහත්ත
  20. බාගිය
  21. පනයමාර
  22. පිලයමාර
  23. ධාතික ක්‍රි.පු.103 – 89
  24. වලගම් අබා ( වට්ට ගාමිණි) ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.
  25. මහාචුලි මහාතිස්ස ක්‍රි.පු77-63
  26. චොරනාග ක්‍රි.පු 63 – 51
  27. තිස්ස (කුඩා තිස්ස ) ක්‍රි.පු 51 – 48
  28. සිව
  29. වටුක
  30. දාරුභාතික තිස්ස
  31. නිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)
  32. අනුලා රැජින ක්‍රි.පු 48 – 44
  33. කූඨකණ්ණ තිස්ස
  34. භාතික අභය
  35. ( භාතික අභය තිස්ස ,හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ) ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07
  36. මහාදාඨික මහානාග 07-19
  37. ආමන්ද – ගාමිණි අභය 19 – 29
  38. කණිරජාණු තිස්ස 29 -32
  39. චූලාභය 32-33-
  40. ඉලනාග 33-43
  41. චණ්ඩමුඛ ශිව 43-52
  42. යසලාලක තිස්ස 52-60
  43. යසලාලක තිස්ස සහ සුභ 60-67
  44. වසභ 67-111
  45. වංකානාසික තිස්ස 111-114
  46. ගජබාහුක – ගාමිණි ( ගජබාහු I ,ගජබා ) 114 -136
  47. මහල්ලක නාග 136 – 143
  48. භාතික තිස්ස (බාතිය) 143 – 167
  49. කණිට්ඨ තිස්ස 167 -186
  50. බුජ්ජ නාග 186 –
  51. කුංචනාග 187 – 189
  52. සිරිනාග I 189 – 209
  53. වොහාරික තිස්ස (වේර තිස්ස ) 209 – 231
  54. අභය නාග 231 – 240
  55. සිරිනාග II 240 – 242
  56. විජය කුමාර 242 – 243
  57. සංඝතිස්ස II 243 -247
  58. සිරිසංඝබෝධි ( දැහැමි සිරිසගබෝ) 247 -249
  59. ඝොඨාභය හෙවත් මේඝවන්න අභය
  60. ( ගොළු අබා) 249 -262
  61. ජෙට්ඨ තිස්ස I 263 -273
  62. මහාසේන (මහසෙන්) 274 – 301
  63. සිරි මේඝවණ්න ( කිත්සිරිමෙවන් ) 301 -328
  64. ජෙට්ඨතිස්ස II 328-337
  65. බුද්ධදාස 337 -365
  66. උපතිස්ස I 365 – 406
  67. මහානාම 406 – 428
  68. වට්ටගාහක ජන්තු 428
  69. මිත්තසේන ( මිත්සෙන් ) 428 -429
  70. පණ්ඩු 429 – 434
  71. පාරින්ද 434 – 437
  72. බුද්ද පාරින්ද 437 – 452
  73. තිරිතර 452
  74. දාඨිය 452 -455
  75. පීඨිය 455
  76. ධාතුසේන 455 – 473
  77. කස්සප ( සීගිරි කසුබු) 473 – 491
  78. මොග්ගලාන ( මුගලන්) 491 – 508
  79. කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස ) 508 -516
  80. කිත්තිසේන 516 – 517
  81. සිව 517
  82. උපතිස්ස II 517 – 518
  83. සීලකාල ,අම්බසාමනේර 518 -531
  84. දාඨපභූත (දාපලු සෙන්) 531 -
  85. මොග්ගලාන ( දල මුගලන් ) 531 -551
  86. කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් ) 551 -569
  87. මහානාග 569 – 571
  88. අග්බෝධි I ( අක්බෝ ) 571 – 604
  89. අග්බෝධි II ( තුඩා අක්බෝ) 604 – 614
  90. සංඝතිස්ස II 614
  91. මොග්ගලාන III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්) 614 – 619
  92. සීලාඝමේඝවන්න 619 – 628
  93. අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) 628
  94. ජෙට්ඨතිස්ස 628
  95. අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) යලි රජ පැමිනේ 629 – 639
  96. දාඨෝපතිස්ස 629 -650
  97. කස්සප I 650 -659
  98. දප්පුළු I 659
  99. හත්ථදාඨ 659 -667
  100. අග්ගබෝධි IV (සිරිසංඝබෝධි ,සිරිසගබෝ ) 667 – 683
  101. දට්ට 683 -4
  102. හත්ථදාඨ II 684
  103. මානවම්ම 684 – 718
  104. අග්ගබෝධි V ( අක්බෝ ) 718 – 724
  105. කස්සප III (කසුබු,සුළු කසුබු ) 724 -730
  106. මහින්ද I 730 – 733
  107. අග්ගබෝධි VI (සීලාමේඝ) 733 – 772
  108. අග්ගබෝධි VII 772 -777
  109. මහින්ද II (සීලාමේඝ) 777 – 797
  110. උදය I 797 -801
  111. මහින්ද III 801 – 804
  112. අග්ගබෝධි VII 804 – 815
  113. දප්පුල II 815 -831
  114. අග්ගබෝධි IX 831 – 833
  115. සේන I 833 – 853
  116. සේන II 853 – 887
  117. උදය II 887 – 898
  118. කස්සප IV 898 – 914
  119. කස්සප V 914 – 923
  120. දප්පුල III 923 – 924
  121. දප්පුල IV 924 – 935
  122. උදය III 935 – 938
  123. සේන III 938 – 946
  124. උදය IV 946 – 954
  125. සේන IV 954 – 956
  126. මහින්ද I 956 – 972
  127. සේන V 972 – 982
  128. මහින්ද V (මිහිදු ) 982 – 1029
  • මහින්ද V රජතුමා ක්‍රිව 1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන් අදහසක්ද තිබේ.
  • ක්‍රිව 1029 දී අනුරාධපුර රාජධාණිය බිද වැටී ‍පොලන්නරුව අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.
notes of imaginary