පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-09-04

වස විෂ කන අපි.















Anusha Rathnayake මුහුණු පොතේ පල කල ලිපියකි.r
අපේ ගෙදර බල්ලෙක් ඇත. ඌට මගේ බිරිඳ බීමට දෙන්නේ නිවා ගත් උණු වතුරය. ඌ ඒවා ටිකක් බී මිදුලේ මඩ වලකින් බඩ පුරා වතුර බොයි. මා කුමක් හෝ දෙයක් ඌට කෑමට දුනහොත් "ඕකට බඩේ අමාරුවක් හැදෙයි දෙන්න එපා" කියා බිරිඳ කියයි. මා එය නැවැත්වූ විට ඌ මිදුලට ගොස් ගලක් ගිලියි .
අපේ බල්ලා සහ අපේ රටේ මිනිස්සු (මා ඇතුළු ) එක සමානය .
මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.
නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.
කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .
එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.
පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .
මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .
මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .
මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .
පළා වර්ග වල සම්මත ප්රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .
කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .
බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .
ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .
පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .
ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔෆ් පැරිස් දමති .



කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .
සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය. .
සුප් කැටය යනු වස කුට්ටියකි.
සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .
අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .
මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්ර කරයි . එහි නියමිත මාත්රාවක් ඇතත් එයද වසය.
පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .
මේවායේ ප්රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
අපේ රටේ සවුඛ්ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
.
අපේ රටේ නීතියට අනුව මේවා ගැන සොයා බලන්නේ කවුද ?
පාරිභෝගික කටයුතු අධිකාරියද ?
ශ්රී ලංකා ප්රමිති ආයතනයද ?
මහජන උපයෝගිතා කොමිසමද ?
මහජන සවුඛ්ය පරික්ක්ෂක වරුද ?
සම්මතවී ඇති පනත් හරහා වූ නීතියද ?
මා නම් නොදනී .ඔබ දන්නවද ?
අපේ රටේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට සම්මත වූ අණ පනත් සහ ආයතන ඕන තරම් තිබුනත් ඒවාට වගකිවයුතු කිසිදු අයකු නැත. මෙතරම් වූ අනතුරක් ඇතත් ඒ ගැන කතා කරන සංවිධානයක් දේශපාලකයෙක් පෙනෙන්නට නැත.
අප ප්රමුඛතාවය දී හඬ නැඟිය යුත්තේ යුත්තේ 13න වන සංශෝධනයට විරුද්ධවද ? නැත්නම් මේ ව්යසනයට හේතුවූ වස විසට විරුද්ධවද ?
කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කල යුතුද ?



notes of imaginary

2023-09-03

මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා



සිරිපාල කහවත්තයන් මුහුණු පොතට එක් කල මේ නිර්මානය මා ලග නතරවිනි.මේ අපේ ජීවිතයයි. පිරුවටයන් පොරවා ගෙන බාහිර ලෝකයට පෙන්වන සර්වපිත්තල ලෝකයි. ආපසු බලන්නට අකමැති ජීවිතයයි.
ආපසු බලන්නෙකුට නම් සුන්දරවු ජීවිතයයි.

👋👋👋👋👋👋👋👋👋



ගොම ගෑ පොළොවෙ,පන් පැදුරේ නිදපු මට
තුන්වේලටම අල දෙල් කොස් කාපු මට
සරමක් කමිසයක් විතරක් තිබුනු මට
දුක ගැන කියන්නට අටුවා ටීක මොට
ඉස්කෝලෙන් දීපු ටී බනිසය කාලා
ඉස්කෝලෙන් දීපු ඇදිහැස කිරිබීලා
ලන්දේ කැළේ තිබු හැම කොල ගෙඩි කාලා
මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා
දුක බඩගින්න නැති බැරිකම තුරුළු කරන්
සෙනෙහස ආදරය වින්දෙත් කඳුළු පෙරන්
අග හිගකම් නොසැලකිළි කම් ඕනැතරන්
දුක ගැන දනිමි මම "මහභාරතය" තරන්
පොත පත පෑන පැන්සල නැති හින්දාම
ගුරුවරු තැලුව දොස්කීවා හැමදාම
පොත් නෑ කියල ඇඬුවත් මම හැම රෑම
රුපියල් පහක් නෑ මුළු ගේ සන්තකෙම
අයියල අක්කලා පාසල් ගමන නොයා
වත්තේ දළු නෙළන්නට,පතලෙකට ගියා
අත දුන් නිසා ඒ අය අඩුවක් නොතියා
සරසවි වරම් ලැබ මම ඉහළටම ගියා
අතු ඉති රළු වෙලා,නටු අග කටු සදලා
නුඹෙ කඳුළිනුයි මම පිපුනේ මලක් වෙලා
කළ යුතු යුතුකමක් ඇත මට පැවරීලා
මම මියැදෙන්නෙ ඒ යුතුකම ඉටුකරලා
මේ රට දමා පිට රටකට නොයන්නෙමී
දුටු හැම තැනම වරදට එරෙහි වන්නෙමී
හෙට උපදින උන්ට ලස්සන රටක් හිමී
කරදී මිසක මම නම් මිය නොයන්නෙමී
All reac

notes of imaginary