පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2022-07-17

ඉස්කෝලේ


ඩෙල්ෆ් දූපතේ පාසලක්




එකමත් එක කාලෙක මේ
රටේ හිටපු පුංචි එවුවො
සුදු සපත්තු ,මේස් දාල
ජැන්ඩි පහට සුදු ඇඳගෙන
පොත් බෑග් එකත් අරගෙන
ගියාලු ඉස්කෝලේ ..

යාළු මාළු එකතු කරන්
ස්කූල් බස් එකේ නැගල
හිනා කවට උතුර උතුර
සීත සුළං ඇඟ දවටන්
ගියාලු ඉස්කෝලේ ...

අරලිය ගස් සුවඳ දිදී
මල් පාත්ති හිනාවෙවී
සුදු වැලි උඩ සිත්තම් ඇඳ
බුදු ගෙට වැඳලා හෙමිහිට
ගියාලු ඉස්කෝලේ .

එසෙම්බ්ලියෙ දි කවි කියන්න
කතා කියල ,රඟපාන්න
තාලෙට බෙර; උඩ පැන පැන
හනුමා වන්නම නටන්න
පන්තියෙ හොඳ ළමය වෙලා
අප්පුඩි මැද තෑගී ගන්න
ගියාලු ඉස්කෝලේ .

මල් ,මල් සාරිය පටලා
මුතු දෙපොටක් කරේ දමා
සාරිපොටෙන් දරුවො ඔතපු
ගුරු අම්මල ලඟ ඉඳගෙන
වටවී කවි ගී අහන්න...
අඩුකරන්න;බෙදාගන්න ...
ගුණ දහමින් ලොවදිනන්න
කොට තාප්පයෙන් පැනලා
ග්‍රවුන්ඩ් එකේ බැට් ගහන්න ,,,
හයේ පාරවල් දීලා
ලැබ් එකෙ වීදුරු බිඳින්න
ගියාලු ඉස්කෝලේ .

වෙරළු ,පේර ,ජම්බු පොකුරු
අතින් අතට මාරුකරන් ...
ඉටි ගෝනුස්සන් දවටා
ගෑණු ළමයි මැදට දාල ...
ටීචර් ගෙන් තැළුම් කන්න
ගියාලු ඉස්කෝලේ.

අන්තිම සීනුව ආවම
පුංචි උපාසකයො වගේ
“යෝ වද ,තං පව රො” ...කියල
කවට මූණු ඉඟි බිඟි මැද
“ආයුබොවන් ටීචර්” කියල
ආදරයෙන් ,ඉගෙනගන්න
ගියාලු ඉස්කෝලේ .

ඉස්සර එහෙමයි කියලා
අප්පච්චී මට කිව්වට
මවා ගන්නෙ කොහොමද මං
ගියෙ නෑනේ ....ඉස්කෝලේ !.

- රෝහිණි සිසිප්‍රිය ගේ මුණු පොතේ පලවු ගී පදවැල මීදුම සිත් ගත්තා.


මටත් හිතුනා මෙහෙම අදහසක්.

- අද අපි තනිවෙමින් ඉන්නවා.ඉස්කෝලේ අවුරුදු තුනකටත් වැඩි කාලයක් වහලා.දරුවන්ට ඉස්කෝලේ මතක නැතිවෙමින් යනවා. අපිව තාක්‍ෂණය විසින් දවසින් දවස සමාජයේ තනි කරමින් ඉදිරියට යනවා.අපේ දරුවන්ටත් ඒ ආනිශංශ වඩාත් වේගයෙන් ලැබෙමින් පවතිනවා. පුංචි පරපුර තාක්‍ෂණය වහාම ග්‍රහණය කර ගන්නවා.
- සෞන්දර්යාත්මක ඇසකින් ඈ දුටුවේ ඒ අභාග්‍යසම්පන්න අනාගතයි.
- මේ සීග්‍රයෙන් වෙනස් වෙන කාලයේ ඉස්කෝලය පෞරාණික ගොඩනැගිල්ලක් බවට පත්වේවි.

- "" ඉස්සර එහෙමයි කියලා
- අප්පච්චී මට කිව්වට
- මවා ගන්නෙ කොහොමද මං
- ගියෙ නෑනේ ....ඉස්කෝලේ !."



notes of imaginary

2022-07-16

අපි බලා ගෙන ඉමු.





මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි.

මේ පැය ඔරලෝසුවේ තප්පර කට්ට වගෙයි තප්පරයෙන් තප්පරය ගලා එන ලාංකීය දේශපාලනයේ චලනය විවිධාකාර රට මවනවා..

අපි ප්‍රේක්‍ෂකයෝ .

අපි ප්‍රේක්ෂකත්‍වයට පත්වුනේ අපේක්‍ෂකයාගේ ලකුණත් අංකයත් ඉදිරියෙන් ඡන්දයත්, මනාපයත්  පළකල මොහොතේ.ඉන් පසු අපේ අයිතිවාසිකම් අහිමි කරගෙන එකෙකුට ඒ අයිතිවාසිකම් බාර දුන්නා.එහෙම  225ක් හැදෙන්න මග පෑදුනා.ජනාධිපතිවරණයේදී වුනෙත් ඒ ටිකමයි.දාම් බෝර්ඩ් එකට දාමෙක් පත්තරගෙන ඌත් එක්ක තිබුන ඇයි හොදයිය දාමා උනාට පස්සේ අහිමි කර ගත්තා

අපි නරඹන්නෝ බවට පත්වුනා. ඉන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව .තුල මේ කන්ඩායම අතර අපි නරඹන්නෝ පමනයි.

උන්ට උන්ගේ ඕනෑ එපාකම් මත පිස්සු නටන්නත් , මගුල් නටන්නත් පුළුවන් මේ ක්‍රමය හදුන්වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා.

මේ හින්දා මම මගේ දේශපාලන කියවීම කරන්නේ බොහෝම පරිස්සමෙන්.

'අපි බලා ගෙන ඉදිමු. '

කියලා “මාර්ක් සකර්බර්ග්” වියමනට ප්‍රතිචාර දැක්වු වේයන්ගොඩ , -විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය කුරුප්පු මයාට මීදුම ප්‍රතිචාර දැක්වුවා. එතුමා ඒ ප්‍රතිචාරයට අසතුට පල කලේ මෙහෙමයි.
“එපමණද ඔබතුමාගේ අදහස ලයනල් මහත්මා? කණගාටුයි.”

 කියලා.

ඇත්තෙන්ම අපි හදිස්සි වෙන්න ඕන නැහැ. 20 වෙනිදායින් පසු උදා වෙන දවස ගැන අපිට කියන්න බැහැ. මේ අවපාතය ගැන කියවීම නිසා විසිවී ගිය මැති ඇමතිවරු ගොඨා ගේ ආණ්ඩුවේ ඉන්නවා. ඔවුන්ගෙන් සමහරු කොරෝනා රැල්ල අවසාන වුනදා සිට අදහස් පල කරමින් සිටියා. අර්බූදය  ඔඩු දුවන්න පටන් ගත්තා. ආර්ථික ඝාතකයා ලෙස හදුන්වා දුන් පී.බීත් මහ බැංකුවේ ආටිගල වැනි රාජ්‍ය සේවකයෝ බොහෝමයක් මාර්තු වෙන කොට විසිවුනා.නැත්නම් ඉවත් වුනා.  එතකොට ගොඩ එන්න බැරි තරමකට අපි තල්ලු වෙලා.

අරගලය හොදින් නිරීක්‍ෂණය කරන්න. පාලකයින් අපි පාලනය කරගන්න අරගලය උර දෙනවා. ඒක නියමෙන් නොවෙන්න පුළුවන් . අනියමින්.

අපිට තෙල් නැහැ , ගෑස් නැහැ. ආහාර ,ඖෂධ නැහැ නැත්නම් මිළ අහස උසට ගිහින්  කවුරුවත් හාං කවිස්සියක් නැහැ දරා ගෙන ඉන්නවා.

අපේ මනස එතනට ගෙනල්ලා.

Anonymous said…

“ඔන්න ලයනල්ලාගේ රනිල් හාමු වැඩ පටන් අරන්. මර්ධනය ආරම්භකරයි.
අරගලයේ සිටි නායකයිනි. ජීවිතය බේරා ගන්න රටින් පලා යන්න.”

මේ මීදුමට ලැබුන තවත් ප්‍රතිචාරයක්. කෙටිම පිළිතුර නම් මීදුම  ජේ. ආර් ගේ නායකත්‍වයෙන් පසු එම පිළ අත් හැරි බවයි.

අපි කතා කරමු අපි ඉවසා ගෙන බලා ඉදිමු . අරගලයට බලපෑමක් කරන්න හැකිවුනාට අපිට එහෙම බල පෑමක් කරන්න බැහැ. අපේ විශ්වාශය රැදිලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට කොටු වෙලා.


notes of imaginary