පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2016-05-15

මල්ලී ගැන සටහනක්.








ජීවිතයේ නොයෙක් රටාවෙන් සටහන් ලියවෙනවා. 
ඒත් සටහනක් නොතැබූ, සටහන් තැබිය යුතු සටහනක් 2015 නොවැම්බර් මාසේ 29 දා මගේ ජීවිත සටහන් පොතේ සටහන් වු දවසක්ලෙසයි මම හිතන්නේ. මේ සටහන මීදුමට අද සටහන් තබන්නේ බොහොමයත් පමාවෙලා. මේ පමාව මම හිතාමතාම ගොඩ නගා ගත්තක්. නොඑසේනම් මේ රටාවට සටහන් නොවී වෙනත් ආරක සටහනක් වෙන්න තිබුනා.
නොවැම්බර් 29 දා සිට අද වන විට මාස පහක් ගතවීත් ඊයේ සිදුවුවක් ලෙසයි මල්ලීගේ වියයෝව මට දැනෙන්නේ . ඒ අපි අතර තිබු සුවිශේෂ සම්බන්ධය නිසාද?. මා මතකය නැවත නැවත අළුත් කරමින් සිටින නිසාද?. කියලා මට හිතා ගන්න බැහැ.

මල්ලී අපේ පවුලේ බාල සහෝදරයා. වයස අවුරුදු 48ක වනතුරුත් ඔහු හිටියේ අම්මාගේ ආදරය රැකවරණය ලබමින් .අම්මා මල්ලිට සැලකුවේ පුංචි එකෙකුට සලකන්නා වාගෙයි. කෑවද නෑවද මුණ සේදුවද ආදී පෞද්ගලික කටයුතුත් මල්ලීට කරන්න සිදුවුනේ අපේ අම්මාගේ පූර්ණ අධික්‍ෂණය යටතේ කියලා කිව්වොත් නිවරදියි.

ඉතාමත් අසීමිත ලෙස වාහන ඉඩකඩම් වැනි වත්කම් පිළිබද ආශාවක් දැක්වුවද මල්ලී ඒ කිසිවක් තමන්ගේ ජීවිත කාලය තුලදී අත්පත් කරගැණීමට තරම් සුදුසු මානසික වාතාවරණයක් ඇතිව සිටියේ නැහැ. ඔහු කොන්ඩය පමනක් නොව රුවුල කැපුවෙත් කරනෑවැමියෙක්ගේ සේවය ලබා ගෙන. කකුලේ අතේ නියපොතු කපා පිරිසිදු කර ගැණිමට ලොකු අයියා හෝ ලොකු අයියාගේ දියණියගේ සේවය ලබා ගත්තේ කිසිදු පැකලීමකින් තොරව.අම්මා දෙන රසකැවිල්ලක් විශේෂ ආහාර වේලක් ඉතාමත් කැමැත්තෙන් දියණියගේ පුතාට ගෙන එන මල්ලී , පොඩි එකාට දැක්වුයේ විශේෂ ආදරයක්.

මල්ලී උසස් පෙළ විභාගයට පෙනීසිට වසරක් දෙකක් පමණ පසුවනතුරු සාමාන්‍ය තත්වයෙන් සිටියත් හිටි අඩියේ මානසික වැඩීම අසමාන්‍ය තත්වයක් පෙන්නුම් කලා. ඔහු පාසල් සමයේ ලියු අත් අකුරු පවා පසු කාලයක ලිවුවේ ඉතාමත් අපහැදිලි කුරුමීණි අඩු වගේ. කිසිම අකුරක නිවරදි බවක් හො සම්පූර්ණ බවක් තිබුනේ නැහැ. නොයෙක් ප්‍රතිකාර කලත් අවසාන ඔහුට සිද්ධවුනේ වෛ ද්‍ය ප්‍රතිකාර යටතේ සදාකාලිකවම දවස ගෙවන්න. මේ කෙටි ජවිත ගමනේ අවසානයේ අවුරුදු 48 ක් ඇවෑමෙන් ක්‍ෂණික හෘදාබාධයකින් අප සියල්ලෝම අතහැර මල්ලී ජීවිතයෙන් සමුගත්තා.

ඒ හිස් වීම මල්ලීගෙන් ඇතිවු පාළුව මම තවමත් දරා ගන්නේ අසීරුවෙන් කීවොත් නිවරදියි.

පෙරදාක අළුයම මට මල්ලී “ ලොකු අයියේ “ කියා කතා කලා එතකොට වෙලාව පාන්දර හතරට වෙන්න ඇති.
 මම ඇදේ ඉදන් “ එනවා මල්ලී...... “ කීවා. 
කාමරේ ආලොකවත් කරමින් ප්‍රධාන දොරටුව ලගට ගොස් දොර විවෘත කලා ගේට්ටුව දෙස බලා සිටියත් මල්ලී නැ. 
මම” ඇයි මල්ලී.................... “ කියලා අඩ ගෑවත් , මල්ලී අප අතර නැති බව මට තේරුම් යන්න තවත් විනාඩි පහක් විතර ගෙවී යන්න ඇති.


notes of imaginary

2016-04-13

සුබ නව වසරක් වේවා !.




මීදුම ගලන්නේ නැතිව නතරවෙලා වගේ කියලා මාව කියවන ඇත්තන්ට හිතෙනවා ඇති. මීදුම ගලන්නේ නැතිව ගල් වෙලා වගෙයි. ලියන්න දේවල් දවසින් දවස ගොඩ ගැහුනත් ඒවා රසවත්ව ගලා එන්නේ නැහැ. මොකද කියලා හිතා ගන්නවත් බැහැ.

වෙනසක් පතා ගෙන හිටපු අපිට වෙනසක් දකින්න ලැබුනා. ගලාගෙන ගිය රටත් නතර වෙලා. මම නිතර කියවන පැරාටවත් ( W3) එ වගේ ලියන අනිත් අයටත් ඒ බවක් තේරෙන්නේ නැහැ. පසු ගිය අවුරුදු දහයේ අප්රේල් 1 වෙනිදා ඉදන් 13 වෙනිදා වෙනම් සහ මේ අවුරුද්දේ යි අප්රේල් මාසේ 1 වෙනිදා ඉදන් 13 වෙනිදා වෙනකම් මුදල් බැංකු ගත කරපු ව්‍යාපාරිකයෙක් ගෙන් ඇහුවොත් මේ අවුරුද්දේ ගණු දෙනු ගල් වෙලා කියලා එයා කියාවි . ඔකට දැන් ඩොලර් එකත් රුපියල් 146/= කියලා ඌණ පූරණයකුත් එකතු කරාවි.
නිදහසට කරුණු කාරණා කියන ලියන අයත් ඉන්නවා හිත හදාගන්න. ඔය ඔක්කොටම අපි සුබ නවවසරක් පතමු. සුබ නවවසරක් තියන අයත් ඉන්නවනේ අපි පාර්ලිමේන්තු ඇරපු.ඒ ගොල්ලන්ගේ ආර්ථිකය නම් එකට දහසේ අනුපාතයට වෙනස් වෙලා දියුණු වුනා. ඒවට ඊෂ්‍යා කරන්න එපා.
පින් කරන හැටියට නේ පින් පල දෙන්නේ.

මගේ මිත්‍රයෙක් ඉන්නවා. මනුස්සයාට දේශපාලන චරිත ගැන තියෙන්නේ අපූරු විග්‍රයක්.
ගමේ කොල්ලෝ කුරුට්ටෝ අතර විවිධ චරිත තියෙවා. එකෙක් ගේ ඇතුලටම ගාල් වෙලා පොත පතේ හිර වෙනවා තව එකෙක් කොල්ලෝ රංචුව එකතු කරගෙන ගහ කොලෙයි ඇල දොලෙයි කරක් ගහලා රෑට රෑ වෙන කොට ගෙවල් වලට ගාල් වෙනවා.පොතට හිරවුන එකා උපාධියක් දෙකක් කර ගහගෙන ආණ්ඩුවේ කන්තෝරුවකලියන මහත්තෙක් , ඉස්කොලෙක ගුරුවරයෙක් ඊටත් එහා ගිය එකා පරිපාලන සේවයේ ,වෛද්‍ය වෘත්තියේ . ඉන්ජිනේරු වෘත්තියේ නැත්නම් විශ්ව විද්‍යාලෙක හිර වෙනවා.

රංචු ගහපු එකා අත්සන විතරක් ගහගන්න හුරු වෙලා ඉස්කෝලෙන් විසිවෙනවා. යාන්තම් එලියට බහින්න පුළුවන් උන දවසේ ඉදන් අතට අහුවෙන මොකක් හරි කරන මේකා කාලෙකින් විශාල ධනවතෙක් බවට පත්වෙනවා. සම්ප්‍රදායික වන නොවන ආදායම් මාර්ග ඇති කරගෙන. සල්ලිත් එක්ක මේ මිනිසුන්ට ප්‍රසිද්ධිය, බලය ඕන වෙනවා.මෙ සදහා යන ගමන පටන් ගන්නේ බොහොම විට ග්‍රාමීය මට්ටමේ විවිධ සමිති සමාගම් වලින්. ඔය මරණාධාර සමිති, සුබ සාධක සමිති, සමුපාකාර සමිති වගේ ඒවයින්. ඊලග පියවර තමයි ප්‍රදේශිය සභාව ඒ මට්ටමෙන් පටන් ගන්න ගමන පාර්ලිමේන්තුව දක්වා යනවා.

පොතෙන් පතින් ඔළුව පුරවා ගෙන රට ලොකේ දන්න එකා කන්තෝරවක හිර වෙන කොට මොනවත් දන්න නැති එකා දුර ගමනක් ගිහිල්ලා. මොකවත් දන්නේ නැති මැටි මොලවලින් දැණුමෙන් ඔළුව පුරවා ගත්ත එකාව පාලනය කරනවා. දෙසිය විසිපහෙන් එකෙක් දෙන්නෙකුට අනිත් දෙසිය විසිතුනම ආම්බන් කරන්න ශක්තිය ලැබෙන්නේ මේ විදියටයි.
ඉතින් උන්ට අවුරුදු. මගේ මිත්‍රයා කියනවා.


මේ අවුරුද්දේ රෙදි පිලි, ආහාර ද්‍රව්‍ය වල වෙළද පල අඩුවෙලා. ඒ වගේම මත්පැන් අළවියත් ප්‍රමානාත්මකව අඩුයි කියලා මත්පැන් අළවි කරන අයගේ මතය.ගමෙන් නගරයට ඇදිලා ගිය ශ්‍රම සම්පත නගරයේ ඇති වෙලා තිබුන නව ඉදිකිරීම් වැනි ක්‍ෂෙත්‍රවල බිද වැටීම නිසා ගම තුලම කොටුවුනා. තේ දළු , රබර් වගේ වැවිලි ආර්ථිකයත් මැසි විලි නගනවා. ඒ නිසා ගමට සල්ලි හිග වෙල නිසා අවුරුද්ද කොහා අඩන කොටත් මිනිස්සුන්ට “ මළ පනිනවා” . තොප්පිගලින් , පාමංකඩින් සල්ලි රටට ගලනවළු. අපිට එන අවුරුද්ද සරු වෙන බව නම් ඉන්තේරුවෙන්ම “ ෂුවර් “

එතකම් තියන අවුරුද්ද කවුරුත් එකතු වෙලා කමු.
notes of imaginary