පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2015-04-14

සුබ නවවසරක් වේවා !.




මීදුම, මීදුම අමතක කර ගිහින්.වෙනදා සතියකට වරක් වත් මොනවා හෝ අදහසක් පල කරන මීදුම දැන් දැන් උදාසීන වෙලා. අපි කාලෙකින් හමුවුනාම අහනවා , කොහොමද ? වාසේ දේසේ කියලා. “ඔන්න ඔහේ ඉන්නවා “ කාගෙනුත් ලැබෙන උත්තරය.
මීදුමටත් දෙන්න තියෙන උත්තරය “ඔන්න ඔහේ ඉන්නවා “ කියලා.

හෙට අළුත් අවුරුද්ද ලබනවා. සූර්යා මේෂ රාශියේ ඉදන් රාශියෙන් රාශියට ගමන් කරලා මීන රාශයට ඇවිත් යලිත් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම මුල් කර ගෙන ඇති කරගත් නැකැත් අනුව අළුත් අවුරුද්දකට මුල පුරනවා.රටේ සිංහල බෞද්ධ කියන කොටස එකම වෙලාවකට වැඩ නතර කරලා එකම වෙලාවකට ලිප ගිණි මොළවලා ආහාර අනුභව කරලා නැවත එකම වෙලාවකට වැඩ පටන් අරන් ගණු දෙනු කරලා අවුරුද්ද සැමරීමත් අපුරු සංකල්පයක්.

මේ සිරිත් විරිත් දැන් ටිකින් ටික අභාවයට යනවා. නොයෙක් අදහස් උදහස් ඔළුවලට කාන්දු වෙන කොට අපේ පැරැන්නේ සිට පැවත ගෙන එන සම්ප්‍රධායන් අභියෝගයට ලක්වෙනවා. විහිළුවට පත්වෙනවා.
කාලෙන් කාලෙට හැදින්වීමත් වෙනස් වෙනවා. සිංහල අවුරුද්ද - සිංහල දෙමළ අවුරුද්ද - සිංහල හිණ්දු අවුරුද්ද ඔය වගේ වෙලා අද වෙන කොට මේ හැදින්වීමත් වර්ගවාදී හැදින්වීමක් කියලා වියතුන් සහ එවැනිම දේශපාලකයෝ ප්‍රකාශ කරනවා. අපිත් ඒවට අවධානය යොමු කරන්න එපාය.එයාලා දන්න කියන මිනිස්සු නේ. අවධානය යොමු කරලා මේ නාස්තිකාර අවුරුදු සැමරීම අත්හිටවන්න එපාය. මොකද?. 
 කෘෂිකාර්මික ආර්ථික ජීවිතයෙන් අපි දැන් මාරුවෙලා ඉන්නේ. දැන් පවතින ආර්ථික රටාව තුල සිංහල අළුත් අවුරුද්දක් තියෙන්න බැහැනේ. මාසේ පඩි දවසට විතරක්නේ අවුරුදු දවස වගේ වෙන්නේ .
පහුවෙනිදා ඉදන් ආයෙත් කොඩේ ගහන ආර්ථිකයක උත්සව කියන දේවල් කරදර හිරිහැර වෙනවා. බක පණ්ඩිත මතවාදීන් මේවට ගැලපෙන මතවාදත් දියකරපුවම අතීතයේ සිට පැවත එන සිරිත් විරිත් සංස්කෘතික ගුණාංග නටබුන් බවට පත්වෙනවා.
සිංහල අවුරුද්ද සමරන අපි සිංහල සංස්‌කෘතියේ හරය තම අධ්‍යාත්මය තුළ ඇති බව රටට පෙන්න සලස්වනවා. අපේ රට අද වන විට සංස්‌කෘතිය යන සංකල්ප නිසා දෙපැත්තට වෙලා. මෝඩ දේශපාලන - ඥයෝත් ඊට ගැලපෙන එන්.ජී.ඕ නඩත් මේ බෙදීම තර කරනවා . ඒ උන්ගේ වාසියට. කවර ජාතියකට වුවද අනන්‍ය වූ සංස්‌කෘතියක්‌ තිබෙනව. ඒ අනන්‍යවු සංස්කෘතිය රැකගෙන අපි එකම ජාතියක් හැටියට සහජීවනයෙන් ඉන්න ඕනි කියන මතවාදය තහවුරුකරන්න බඩ පමනක් හිතන පිරිස උනන්දු වෙන්නේ නැහැ.

අපේ කාලයේ අළුත් අවුරුද්ද දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව වැනි බෞද්ධ සංකල්ප වටා ගෙතිලා තිබුනා.පරණ අවුරුද්දත් අළුත් අවුරුද්ද ලබන කාලයත් අතර ඇති සංක්‍රන්ති සමය පුණ්‍ය කාලය ලෙස වෙන් කරල තිබුනා. පුන්‍ය කාලය තුල අපි පන්සලට එක් රොක්වුනා. අලුත් අවුරුදු ඇරඹෙන්නේ ලිප ගිණි මොලවා අහාර පිසීමෙන් අනතුරුව ආහාර අනුබවය සහ ගණුදෙනු සදහා කාලය වෙන් වුනා. තම දෙමව්පිය නෑයින්ට, අසල්වාසී හිතවතුන් අතර ආහාර, වස්‌ත්‍ර, මුදල් හෝ වෙනත් ප්‍රදාන කිරීම සිදුවුනා . මේ සිරිත් විරිත් දානයක් කියලා මීදුම හිතනවා. අවුරුද්දක් පුරා ඇතිවුන විරසකකම් දුරලා පරණ අසල්වාසීන් නෑ හිතමිතුරන් අතර යලිත් සුපුරුදු ජීවිතය ගොඩනගා ගන්න සියල්ල එක්ව සතුටු සිනා ආදර ඇමතුම් හුවමාරු කර ගන්නවා. මෙයින් ප්‍රිය වචනය අර්ථ ගැන්වෙනවා. ගමේ වැඩිහිටියන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගල්වීමේ චාරිත්‍රයට ගමම එක් තැනකට එක්වෙනවා.කිසිු බේදයකින් තොරව එකම පියසකදී හිසතෙල් ගෑවෙනවා. කාටත් සමව සැලකීම සමානත්මතාව මෙහිදී දකින්නට පුළුවන්. මේ සියල්ල ගොනුවීමෙන් යහපත් ලෙස හැසිරීම අර්ථ චර්යාව නිර්මාණය වෙනවා.
අද මේ සිරිත් විරිත් දකින්නට නැහැ. ඒ සිරිත් විරිත් විකෘති වෙලා ගම -ගෙදරට තනිවෙලා.නිලය, බලය, වංශය, කුලය, ජාතිය යන මානයන්ගෙන් උදම්වු සමාජයක් ඇතිවෙලා.ඒ සමාජය තුල උද්දච්චකම රජ වෙලා !.
 

සමාජයක අන්තර් සබඳතා වර්ධනයට ඉවහල් වුන සිංහල අවුරුද්ද සමරන්න වර්තමාන සංස්කෘතික නිරයෙන් ගොඩ වෙන්නට හැකිවේවායි පතන ගමන් ඔබ සැමට ප්‍රීතිමත් නව වසරක් වේවායි මීදුම ප්‍රාර්ථනා කරනවා !.






notes of imaginary

2015-03-05

මොකක්ද ? සීමාව .( මත්පැන් )


මෙවර අයවැයෙන් මධ්‍යසාර  ( අරක්කු බීර ) යන පාන වර්ග මිළ සෘජුවම ඉහල දැමීමක් කලේ නැහැ. එහෙත් මධ්‍යසාර නිෂ්පාදන සමාගම් සහ අළවි සැල් සදහා අතිරේක බදු මුදල් පැටවීමක් සිදුකලා. මේ නිසා නිෂ්පාදන වියදම ඉහල යාමත් සමග මිළ වැඩීවීමක් බලාපොරොත්තු විය හැකි මුත් බදු අදාල ආයාතන විසින් දරා ගත යුතු බැවින් මෙතෙක් වෙනදා මෙන් මෙදා පාරිභොගිකයා ට හිරිහැරයක් වී නොමැති  බවයි දක්නට ලැබෙන්නේ.බීර වැනි නිෂ්පාදන වල කුඩා ඇසුරුම්වල මිල රුපියල් දහයකින් මෑතදී ඉහල ගියා නිෂ්පාදන සමාගගම් බදු මුල් පියවා ගැනීමට පියවර ගන්නවා වගේම රට බීමහල් හැරෙන්නට ඇති රෙස්ටුරන්ට් බලපත්‍රලාභින් තම සේවාදායිකයින්ගේ සාක්කුවට බැස ඇති අවස්ථා දක්නට ලැබෙනවා.
මත්පැන් පරිභෝජනය අධෛර්යමත් කරන අරමුණට වඩා බහුතර නිෂ්පාදකයන්  සහ අළවිකරුවන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල කර ගත්  දේශපාලන ප්‍රාහාරයක් ලෙසයි මේ බදු මුදල් වැඩි කිරීම විග්‍රහ වන්නේ.

1992 වර්ෂයේදී සැර මත්පැන් ( අරක්කු නිෂ්පාදකයෝ හත්දෙනෙක් වු අතර 2015 වන විට මේ පිරිස විසි දෙනෙක් දක්වා ඉහල ගොස් තිබෙනවා . මත්පැන් අලවි බලපත්‍රලාභීන්ගේ ප්‍රමාණය මේ වනවිට 3332 ක් දක්වා වර්ධණය  ඇති බවද සදහන් වෙනවා. අපි කවුරුත් දන්නා පරිදි මෙම සුපිරි බලපත්‍රයන් ලබා ගැණීමට සුපිරි බලවෙතෙකුම  විය යුතුය. 1992- -  2015 කාලයේ ද  වැඩිවු  බලපත්‍රලාභින් දහතුන්දෙනාම මේ  කාලයන් අතර  පැවති රජයන්ගේ සුපිරි හිතවතුන්. මේ පිරිසට රිදවන්න වර්තමාන මුදල් අමාත්‍යවරයාට සුපිරිම අදහසක් ඇතිවුවා විය හැකිය.මේ බිල්ලට අසු පසුගිය රජයේ අමත්‍යවරුනුත් ඉන්නවා.

මත්පැන් පිලිබදව මහාචාර්ය සෙනරත් පරනවිතානයන්ගේ අහසක් වන්නේ  12 වන සියවසේ විසු පරාක්‍රම බාහු රජතුමාගේ පාලන සමයේ “ අරක් “නම් දේශයකින් ලංකාවට මුහුදු මාර්ගයෙන් මධ්‍යසාර ගෙන්වු බවයි. එකලත් මධ්‍යසාර වෙළදාම රජය සතු ව්‍යාපාරයක් බවයි ඉන් හැගෙන්නේ.මාලදිවයින වැනි රටවල මත්පැන් අළවිය සහ පරිභෝජනය තහනම් කර තිබුනත් අපේ රටේ එවැනි තහංචියක් නැහැ.අපේ රටේ මත්පැන් වාර්ෂික අයවැය පරතෙරය විශාල ප්‍රතිශතයකින් පියවා දමන බදු ආදායම් මාර්ගයක්. ඒක පුද්ගල මත්පැන් භාවිතය අතින් අප  සිටින්නේ හතරවෙනි ස්ථානයේය. අපිට ඉහලින්  චෙක් ජනරජයත් , ප්‍රංශය සහ රුසියාව සිටී. අපේ එක් පුද්ගල මධ්‍යසාර භාවිතය ලීටර් 9.39 ක් බව සුරා බදු කොමසාරිස් වාර්තාව පෙන්වා දෙයි. මෙයට බලපත්‍ර නොලත් බදු වැටට උඩින් වෙළද පොළට එන මත්පැන් සහ අසම්මත නිෂ්පාදිත මත්පැන්ද එක් කල විට ඒක පුද්ගල භාවිතය ලීටර් විස්සක් පමණ විය හැකිවේ.

 මත්පැන් නිෂ්පාදනය සහ අලවිය පාලනය කරනු ලබන්නේ සුරා බදු දෙපාර්තමේන්තුව මගිනි. පොලිසියට අනුරුප නිලතලවලින් හෙබි නිලධාරීන් පිරිසක් සහ සුරා බදු ස්ථාන ජාලයක් මෙම දෙපාර්තමේන්තුව සතුවේ. මෙම නිළදාරීන් විසින් බලපත්‍ර ලාභීන් නියමිත නිෂ්පාදන අළවිකරන්නේද , නිෂ්පාදනය කරන්නේද , ඔවුන් නියමිත පරිදි බදු ගෙවීමට කටයුතු කරන්නේදයි විලණණය කිරීමට බලයලත් නිළධාරීන් පිරිසක්වේ. ඔවුන්ට අනවසර නිෂ්පාදනකරුවන් මැඩලීමේ වගකීම සහ බලය තිබේ.මේ දෙපාර්තමේන්තුව පිළිබදව රජයේ අවධානය නොමැතිවීමෙන් බිහිවී ඇති අරාජික ස්වභාවය පිලිකුල් සහගතවේ.

මට නිරීක්‍ෂණය කරගත හැක්කේ පෙරට වඩා ( හැත්තෑවේ දශකයට)  අද තරුණ පරපුර මත්පැන් භාවිතයට යොමුවී ඇති බවයි.ශ්‍රී ලංකාවේ දෙබිඩි මත්පැන් ප්‍රතිපත්තිය මත්පැන් අළවිය ප්‍රචලිත කරන අතරම “මතට තිත“ කියනා ප්‍රතිපත්තියක් ප්‍රචාරය කරයි. පෙරද සදහන් කල පරිදි රජය බිලියන හැත්තෑවක් පමණ් වාර්ෂික ආදායමක් මත්පැන් වලින් උපයා ගනී. මෙය දළ දේශීය නිෂ්පාදන ආදායමෙන් 1% පමණ ආදායමකි. මෙම කුට්ටිය නැති කර ගැණීමට කුමන රජයක් වුවද කැමති වන්නේ නැති බව පසුගිය වසර හැට හතක් තිස්සේ කියවන අයවැය තුලින් නිරීක්‍ෂනයවේ.


ආසියතිකයන් බොහොමයක් කියවන කෞටිල්‍ය සහ චණක්‍ය මත්පැන් බොන්නා සහ මස් කන්නා සලකන ලද්දේ පහත් චර්යා රටා දරන්නන් ලෙසය.ඔවුන්ගේ නිර්දේශයන් තුල මත්පැන් රාජ්‍ය පාලන ව්‍යාපාරයක් වු අතර ප්‍රසිද්ධ ස්ථාන වල මත්පැන් පානය  තහනම් විය. අපේ රාජ්‍ය පාලකයන් මේ නම් ඉහලතැන් ලා ගරු කරන අතර පාසල් සහ ආගමික ස්ථාන වලට මීටර් 500ක් ඈතින් මත්පැන්එලක් ස්ථාපනය කිරීමට සුදුසු බව පමනක් පවසා සැනසී සිටින්නේය.මධ්‍යසාර පිළිබදව විවිධ කතා ඇති අතර ඉන් බිදක් මේ සටහනතුල ඇති බව සිහිපත් කරමින් අදට නතර වන්නේය.

notes of imaginary