පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2015-01-10

මහින්දයන් වෙනුවෙනි.



හිතට සුසුමක් සහ නෙතට කදුලක් එක් කරමින් මහින්ද රාජපක්‍ෂයන් ජනාධිපති පදවියට සමු දී ගියා. එය සැබවින්ම මට අනුවේදනීය දැක්මක් .

මින් පෙර එවන් අවස්ථාවකින් මා හිත පෙළුවේ ඩඩ්ලි සේනානායකයනන් පදවි අත්හැර තම වුඩ්ලන්ඩ්ස් නිවසට යන ලද පුවත් එකල මාධ්‍ය වෙතින් කියවීමෙන්. ඔහු ජනමතයේ තීන්දුව දුටු විට හිරු දකින පිණිබිදුවක් බවට පත්වුනා. . එදා ඔහු වෙනුවෙන් හැගීම් බර වෙන්නට මගේ ලපටි සිත මෝරා තිබුනේ නැහැ. එහෙත් මෝරා වියපත් වු මගේ සිත මහින්දයන් වෙනුවෙන් වැලපුන බව සදහන් කල යුතුයි.
මෛත්‍රීපාලයන්ටත් එසේ අප හදවත් තුල පැලපදියම් වන්නට කාලය ඉතිරිව තියෙනවා.
මගේ කදුල මහින්දයන් වෙනුවෙන් නැගුනත් , එතුමන්ගේ දෙවන පාලන සමයේ අවසන් වසර වන විට මීදුමේ පහලින්ම මෙසේ සදහන් කරන්නට සිදුවන තරමට කළකිරීමක් එකතුවී තිබුන බවත් සදහන් කලයුතුයි.

දැන් දැන් දේශපාලනය නම් ලියන්න මම අකැමති මාතෘකාවක් බවට පත්වෙමින් යන්නේ මොකද කියලා හිතා ගන්න බැහැ. කලක් මගේ ප්‍රියතම විෂයයක්.

මහින්දයන් ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනගා ගන්න අනුගමනය කල ක්‍රමවේදය විසින් නාස්තිය ඉපදුනා.මෛත්‍රී පාලනයේ දී ස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැණිමෙදී නැවතත් ඒ නාස්තිය තහවුරු උනොත් පලමු වටයේදීම යහපාලනයේ හැඩරුව විකෘති වෙලා යනවා. ශ්‍රී ලංකා මොඩලයේ දේශපාලන - ඥයන්ට කිසිදා සාක්කුව පිරෙන්නේ නැත්නම් අත ඉස්සෙන්න නැති රෝගයක් තියෙනවා. මේ රෝගය නිසා ව්‍යවස්ථා සංශෝධණයක් වගේ දේකට 2/3 වැනි බහුතරයක් ලබා ගන්න බැරි වෙනවා.

දින සීයයයේ ව්‍යාපෘතියේ සදහන් එක් අභියෝගයක් විධායක ජනාධිපති ධූරය අහෝසිකර, සමානුපාතික සහ කේවල ඡන්ද ක්‍රමයෙන් සම්මිශ්‍රිත නව පරිපාලන රාමුවක් ඇති කිරීම.මේ සදහා 2/3 ඡණ්ද බලය ලැබෙන්න කියලා මීදුම ප්‍රාර්ථනා කරනවා'

අද මගේ සටහන මහින්දයන් වෙනුවෙන්වෙන්වුවක් .
මහින්දයන්ට ඡණ්දය නුදුන් - මහින්දයන් බරපතල ලෙස විවේචණය කල මගේ මිතුරන් බොහෝ දෙනා මහින්දයන් නික්ම ගිය පසු මා සමග නෙතේ උපන් කදුලින්මහින්දට අප කලේ වැරද්දක් කියන තැනට පත්ව සිටියා.
අපට මහින්දයන් නැති කලේ කවුද ? ඔවුන්ට සාප වන බව මගේ හිත කියනවා .මට ඇහෙනවා.

ප්‍රති විරුද්ධ දේශපාලනය විසින් මහින්ද පරාජය කලා කියලා මගේ හිතට එන්නේම නැහැ. මහින්දයන් වටේ සිටි පිරිස මහින්දයන් විනාශ කලා කියලයි මගේ හිත කියන්නේ.
යහ පාලනය කියන වචනය අපේ දේශපාලන වදන් මාලාවට එකතු කර දුන්නේ මහින්දයන් වටේ සිටි අමනයන්.

මහින්දයන්ගේ දරුවන් ඥාතීන් දේශපාලනය තුල හැසුරන ආකාරය ගැන සමාජය කතා කලේ දැඩි දෝශ දර්ශනයෙන්. කන තුලට එන එවැනි දෑ නිවරදි කර ගන්න තිබුනත් බලය විසින් ඒ සියල්ල වසා දමනු ලැබුවා.
සමහර දේශපාලන-ඥයින් කල කී නීතී විරෝධී දෑ පාලනය කරනු වෙනුවට ආරක්‍ෂාව සැලසුනා . ඒ නිසා කල කිරුන ජනතා විඥාණය දොරේ ගලා ගියේ මහින්දයන්ගේ ඡණ්ද පදනම විනාශ කරමින්.





මෛත්‍රී පාලනයක් අවසන් වන දවසක මෙවැනි සටහනක් තියන්න ඉඩ නොලැබේවායි කියලා මීදුම ප්‍රාර්ථනා කරනවා. කන්න බොන්න නැති උනත් අපේ මුණුබුරු මුණුබිරියන්ට එකම රටක යහපත් ජීවිතයක් ගත කරන්නට වාසනාව ඉතිරි කරලා තිබුනොත් , එය මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න මෛත්‍රීට හේතුවක් වෙනවා.මේ රට බුදුන් උපන් රට නොවුනත්  බුදුන්ගේ දහම තවමත් නොනැසී තියන රට !.




notes of imaginary

2015-01-08

වචන 234ක් ! .







මේ වියමන කරන්නේ මැතිවරණ පැවත්ෙවන කාල හෝරාවේ සිටදීය. ඡණ්ද උණක් නැති මට මා දුටු ඡණ්ද පත්‍රිකාවේ සිටි නාමල් රාජපක්‍ෂ ජනාධිපතිවුවත් ආතතියක් ඇතිවන්නේ නැත.

ඡණ්ද උණ වැලදුන ඇත්තන්ට ඇත්තේ පුදුමාකාර හැසිරීම් රටාය. ඔවුන් ප්‍රතිවිරුද්ධ මතධාරීන් හා  හැසිරෙන්නේ දකින්නේ මී හරක් ලෙසිනි. මීදුම නම් මේ ඇත්තන් දකින්නේ දේශපාලන දෘශ්‍යාබාධියන් ලෙසිනි. මේ අණ්ධ භාවය නිසා තමන් ගේ සමාජය තුලම මොවුන් බොහෝ ගැටුම් ඇත් කර ගන්නේය .තම අසල්වාසියා නෙපෙනෙන්නට පටන් ගෙන(මේ මැතිවරණයේදී නම් දකින්නේ කවදාවත් ලංවීමට වත් නොහැකිවන රාජ්‍යා නායකයාගේ)  බලපරාක්‍රමය තමන්ට ආරුඪ වී තමන් ගමේ හැසිරෙන උජාරු ස්වරූපය ගැනය.

 අන්ධයන් ගේ කර පිටින් තම ඉලක්කය සපුරා ගන්නා දේශපාලන - ඥයන් මැතිවරණයෙන් පසු ඔවුන් බැහැර කරන බව තේරුම් ගන්නා විට අතරමංවී හමාරය. ඡණ්ද වේදිකාව කෑ මොර දෙන තම නායකයේ එක ගොඩේ වැටී විස්කි පානය කරමින් පැදුරු සාජ්ජ දාන  විට අනුන් වෙනු වෙන් කඩේ යන මේ අන්ධයෝ සිටින්නේ රොහල් ගතවය. නැත්නම් බන්ධනාගාර ගතවය.

මේ චිත්‍රය කිසිදා වෙනස් වන්නේ නැත. එහෙත් වෙනස් විය යුතුය.
මා දන්නා ඡණ්ද ඉතිහාසය තුල ප්‍රචණ්‌ඩත්වය මුදා නොහරින ලද  මැතිවරණයක් තිබු බව මතක නැත. හැම මැතිවරණයක්ම අඩු වැඩි වශයෙන් ප්‍රචණ්ඩත්වය මුදා හැර තිබු බව මතක ඇත.  ඡන්දයක්‌ නිමා වූ විට දේශපාලන පළිගැනීම් පටන් ගන්නේය.
1970 බලයට පත්වු  ප්‍රගතිශීලී බණ්‌ඩාරනායක මැතිනිය,  ජනතාවාදී ඩඩ්ලි සේනානායක, ධාර්මිෂ්ඨ ඡේ. ආර්.  මෙය වෙනසක්‌ කලේ නැත.  ඔහු එය වෙනස්‌ කරනු වෙනුවට මේ රටේ දේශපාලන සංස්‌කෘතියේ නිත්‍ය අංගයක්‌ බවට ප්‍රඩන්ඩත්වය පත් කළේ ය. එතැන් සිට  චන්ද්‍රිකා කුමාරණතුංග   සහ මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලයේදී ප්‍රචන්ඩත්වය විවිධ ස්වරූපයෙන් පවත්වා ගෙන යන්නේය.






notes of imaginary