වචන 234ක් ! .







මේ වියමන කරන්නේ මැතිවරණ පැවත්ෙවන කාල හෝරාවේ සිටදීය. ඡණ්ද උණක් නැති මට මා දුටු ඡණ්ද පත්‍රිකාවේ සිටි නාමල් රාජපක්‍ෂ ජනාධිපතිවුවත් ආතතියක් ඇතිවන්නේ නැත.

ඡණ්ද උණ වැලදුන ඇත්තන්ට ඇත්තේ පුදුමාකාර හැසිරීම් රටාය. ඔවුන් ප්‍රතිවිරුද්ධ මතධාරීන් හා  හැසිරෙන්නේ දකින්නේ මී හරක් ලෙසිනි. මීදුම නම් මේ ඇත්තන් දකින්නේ දේශපාලන දෘශ්‍යාබාධියන් ලෙසිනි. මේ අණ්ධ භාවය නිසා තමන් ගේ සමාජය තුලම මොවුන් බොහෝ ගැටුම් ඇත් කර ගන්නේය .තම අසල්වාසියා නෙපෙනෙන්නට පටන් ගෙන(මේ මැතිවරණයේදී නම් දකින්නේ කවදාවත් ලංවීමට වත් නොහැකිවන රාජ්‍යා නායකයාගේ)  බලපරාක්‍රමය තමන්ට ආරුඪ වී තමන් ගමේ හැසිරෙන උජාරු ස්වරූපය ගැනය.

 අන්ධයන් ගේ කර පිටින් තම ඉලක්කය සපුරා ගන්නා දේශපාලන - ඥයන් මැතිවරණයෙන් පසු ඔවුන් බැහැර කරන බව තේරුම් ගන්නා විට අතරමංවී හමාරය. ඡණ්ද වේදිකාව කෑ මොර දෙන තම නායකයේ එක ගොඩේ වැටී විස්කි පානය කරමින් පැදුරු සාජ්ජ දාන  විට අනුන් වෙනු වෙන් කඩේ යන මේ අන්ධයෝ සිටින්නේ රොහල් ගතවය. නැත්නම් බන්ධනාගාර ගතවය.

මේ චිත්‍රය කිසිදා වෙනස් වන්නේ නැත. එහෙත් වෙනස් විය යුතුය.
මා දන්නා ඡණ්ද ඉතිහාසය තුල ප්‍රචණ්‌ඩත්වය මුදා නොහරින ලද  මැතිවරණයක් තිබු බව මතක නැත. හැම මැතිවරණයක්ම අඩු වැඩි වශයෙන් ප්‍රචණ්ඩත්වය මුදා හැර තිබු බව මතක ඇත.  ඡන්දයක්‌ නිමා වූ විට දේශපාලන පළිගැනීම් පටන් ගන්නේය.
1970 බලයට පත්වු  ප්‍රගතිශීලී බණ්‌ඩාරනායක මැතිනිය,  ජනතාවාදී ඩඩ්ලි සේනානායක, ධාර්මිෂ්ඨ ඡේ. ආර්.  මෙය වෙනසක්‌ කලේ නැත.  ඔහු එය වෙනස්‌ කරනු වෙනුවට මේ රටේ දේශපාලන සංස්‌කෘතියේ නිත්‍ය අංගයක්‌ බවට ප්‍රඩන්ඩත්වය පත් කළේ ය. එතැන් සිට  චන්ද්‍රිකා කුමාරණතුංග   සහ මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලයේදී ප්‍රචන්ඩත්වය විවිධ ස්වරූපයෙන් පවත්වා ගෙන යන්නේය.






notes of imaginary

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

FINAL CUT.




ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඉවරයි.
කන් දෙකට ඇස් දෙකට කන් කරච්චලය එවර වුනාම මනසට දැනෙන්නේ අප්‍රමාන විවේකයක්.මීදුම රූපවාහිණී ජාල අත්හැරලා දාලා මාස දෙකක් විතර වුනා. ප්‍රවෘත්ති බලාපු කාලයක් මතක නැහැ. කොයි මාධ්‍ය ජාලත් එක වගෙයි . ජාතික - ජාතක කියලා වෙනසක් නැහැ. සල්ලි වියදම් කර ගෙන විකාර බහුබූත - ටොම් පච , කෙබ්බ  අහන්න වෙලා තිබුනේ අපේ කරුමෙට වගේ.
ඔය චන්දේ ඉල්ලන කොයි කවුරුත් එකයි. යහ පාලනේ ගැන කතා කරන්න පුළුවන් කිසිම කෙනෙක් ඔය අතර නැහැ.
ඉතින් යහ පාලනේ තේමා කරගෙනඡණ්දේ ඉල්ලන  එකෙකුට වත් ඡණ්දේ දෙන්න බැහැ.
ඊට පස්සේ ඉතිරි වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනී කියන පරණ සටන් පාඨය !. ඒක වෙනස් කරන්න ආපු කවුරුවත් ඒක කලේ නෑ.
මේ කියන උන්දෑලත් බලතල අහිමි කරගන්න කැමැත්තක් තියෙන්න විදියක් නැහැ.පෘතග්ජනයෝ නෙව කවුරුත්.
මට මතක් වෙනවා සොවියට් රුසියාවේ ගොර්බචොව් කර ගත්ත වැඩේ. අපි ඒ කාලේ කිව්වේ මනුස්සයා වක්කඩේ යට ඉදලා වක්කඩේ කඩා ගන්නවා කියලා. එයා නැති වුනත් රුසියානු ජනතාව වක්කඩයෙන් නා ගන්නවා   බලා ගෙන අමරිකාව දැන් හිනා වෙනවා.
ව්‍යවස්ථාව වෙනස් කරගෙන අස්ථාවර පාර්ලිමේන්තුවක හකිම්ලටයි , තොන්ඩමන්ලටයි,සම්බන්ධන්ලටයි ඕන විදියට අපිට කේවල් වෙන්න ලැබුනොත් කොච්චර ජොලිද ?
දැන් වෙන කොට කියන්නේ ගොර්බචොව් සීඅයිඒ එකේ රැකියාවක් සෝවියට් සමුහාණ්ඩුවේ කලා කියලා.ශ්‍රී ලංකාවේත් ඔය නෝනලා මහත්තයලා තානාපති කාර්යාල වල රැකියාව කරන උන්දෑලාද කියලා කවුද දන්නේ ?. වැඩේ කෙලවිලා නා ගන්න කොට උනේ මොකක්ද කියලා දැන ගෙන වැඩක් නැහැනේ.
ඔය ව්‍යවස්ථාව වෙනස් කරන්න දින 100 කින් පුළුවන්ද ?.
අපේ ජේ ආර් මහත්තයා වැඩක් කලොත් තිතට කරන මනුස්සයා !. ඕක වෙනස් කරන්න බැරි වැට කඩොළු ව්‍යවස්ථාවෙම තියනවා.
කොයි උන්දැලත් අපිව ගොනාට අන්දන්නේ අන්දරේ කුඹුරේ තියෙන ගල ඉස්සුවා වගෙ! . හීනටි හාලේ බතුයී කුකුල් මසුයි කාලා  කොල පොතත් අරගෙන කුඹුරට ගිහින් උබලා ඔක්කොම එකතු වෙලා ඔය ගල උස්සලා මගේ කර උඩින් තියාපල්ලා කිව්වළු. ඔක්කොමටත් උස්සන්න බැරි ගල අන්දරේ උස්සන්නේ කොහොමද ?.
ඒ හින්දා නොකෙරෙන දීගයක යන්න බැහැ.
තවත් තේමාවක් තියෙනවා.
දූෂිත  රජ පවුල.
මට හොදට මතක තියෙන්නේ සිරිමාවෝ ( මම ගරු කටයුතු ලෙස සලකන කාන්තාවක් ) පාලන කාලේ ඉදන්. එතුමියගේ වටේ හිටියේ මුලින්ම නැදෑයෝ. චන්ද්‍රිකාට  වෙනකම් ඒක පැහැදිලිව පවත්වා ගෙන ගියා. ඒ කාලේ කාටුන් තිබුනා ලොකු  ගහක් ඇදලා මුල් වල ඉදන් අතු පතර  දක්වා විහිදිලා ගිය පවුලේ සාමාජික යන් ගේ නම් සදහන් කරලා.වර්තමාන ජනාධිපතිවරයාත් ඒක වෙනස් කරලා නැහැ. ජේ.ආර් වෙනස් කලෙත් නැහැ. රනිල් වෙනස් කලෙත් නැහැ. පක්‍ෂය තුලවත් වෙනස් කර ගන්න උත්සහායක් තිබුනම් මේ ව කොට සජිත් කියන චරිතෙට ඔයිට වඩා වටිනාකමක් ලැබිලා.
ඔය කියන පොදු අපේක්‍ෂකයා ඕක වෙනස් කරයිද ? . ඇමති කමේ ඉදගෙන සලකලා තියෙන්නේ නෑදෑයින්ට නෙමෙයි ?.
පෘථග්ජන කවුරුත් පවත්වා ගෙන යන ක්‍රමවේදයෙන් මිදෙන්න  , මාදුළුවාවෙත් අතුරලියත් කරන දේශනා වලින් ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතන්නේ නෑ.
ඔන්න ඔය කරුණු කාරනා සලකා බලලා මට ඡණ්දේ දෙන්න කවුරුත් නෑ කියලා මම හිතුවා.ඒත් ගෙදර තියෙන ආණ්ඩුව බලවත්.ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කරන්නනම් ඡණ්දේ පාවිච්චි කරන්නම ඕනී, රටකට නායකයෙක් ඕනී. රට ආයාලේ යන්න ඉඩ දෙන්න බැහැ.කාට හරි ඡණ්දේ දෙන්න ඕනී කියලා බලපෑම් කරන්න පටන් ගත්තා.
කාව බලයට පත් කලත් බලය ලැබුනට පස්සේ දූෂිත වෙනවා කියන එක පොදු මතයක්.ඔය කතාව 1970 ඉදන් (මට මතක කාලේ ) හැමදාම මැතිවරණයකදී සාකච්ඡා වෙනවා.ඒ කියලා අපි නිකම් හිටියේ නැහැ. දූෂිතයි කියාපු කෙනාට නැත්නම් අළුතෙන්  එක්කෙනෙක් දූෂිතයෙක්  කරන්න ඡණ්දේ දුන්නා. මේ පාර මම නිර්දුෂිතයෙක් කියා ගන්නා පුද්ගලයෙක්    - දුෂිතයෙක් කරන පාපෙට හවුල් වෙන්නත් කැමති නැහැ.

ඡණ්ද පොලට ගිහින් ආපහු ගෙදර ආවම මගේ ප්‍රශ්නේ විසද ගන්න පුළුවන් . එහෙම කරන්න තීරණය කරගෙන මේ වියමනට තිත තියනවා.
මම ඡ


notes of imaginary

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS