පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2014-08-25

සිත් පාලනය කරගත නොහැකිද ?


හිරු නැගෙන පැය ගෙවී පෑ දෙක තුනක  සිට  අදුර තුල ගිලි  ඝණ අදුර ගලා එන පැය තෙක් ප්‍රශ්න හා ගැටළු වලින් පිරී ඇති  පරිසරයක මා කල් ගෙවන බව මට සිතෙන්නට විය.  
මට  දිනපතා හමුවන මේ මිනිසුන් කෙනෙක් බේබද්දන් යයි හැදුන්වුවත් , සියල්ලෝම බේබද්දන් යයි මට එකගවිය නොහැකිවේ.

 Bed tea එකද  නොගෙන දිව ගෙන එන නිමල් රුපියල් හැටක අති විශේෂ මිලි 50කින් පටන් ගන්නා  Game  එක පැය භාගයෙන් පැය භාගයට හිරු අවරට ගිය හත අට වන විට  මිලි ලීටර් 600කට වඩා ගිල දමමින් අවසන් කරන්නේය.

මෝටර් කාර්මිකයෙකුවු නිමල් ගේ ආදායම අති විශේෂ සමාගමේ බැරට යොමු වී දරුවන් හාමතේ නිදන්නේය.බිරිද මැද පෙරදිගය. දරු දෙදෙනා ට පාසලේ නිතරම පැමිණිලිය. ගම්මුන් මේ දරු දෙදෙනාට අනුකම්පා කිරීමට නොහැකිව කම්පා වෙන්නේය.

තවත් කෙනෙක්  දිනපතා මිලි ලිටර් 475ක් ගනිමින් අහස පොලොව ගැටලමින් සිට  අදුර ගලන්නට ඔන්න මෙන්න කියා තිබියදී නිවස මතක් වී දෝ දඩි බිඩියේ දුවන්නේය. දිනපතාම සිදුවන මේ සිදුවීම නිරීක්‍ෂණය කරමින් සිට විවේකයක් ලද සෙනසුරාදාවක මිලි ලිටර් 475 හේ මේසයයේ පුටුවක් ඇද  ගනිමින් මමද වාඩිවී කතාවක ගිලෙන්න උත්සහා කලේය. ඔහුට ගැටළුවක් ඇතිවී ඇත.නිවසේ හුදකලාවී හිතන්නට ගියොත් ආතතිය ඉහල ගොස් නිවස අවුල් වී යන නිසා කාලය මුදල් සමග ගෙවා කා නිදන්නට නිවසට ගොඩ වෙන්න ඔහු කැමතිය. ඔහුගේ ආතතියේ මාසික වටිනාකම රුපියල් 620 * 30 ක් විට රුපියල් 18600/= කි.

තවත් කෙනෙක් සිටී හිටගෙනම මිලි ලීටර් දෙසීයක් ගිල දා ගනී.  ඔහු මට විශේෂ වුයේ වීදුරුව එක අතකින් අල්ලා ගත නොහී වෙවුලන දෑතින් බදා ගෙන එක හුස්මට වීදුරුව හිස් කරන නිසාවෙනි. පුංචි සිරුරුක් ඇති ඔහු මට සමාන කරන විට බෝතලයක උසවත් නැත්තෙකි. ඔහු මසකට වරක් ගෙදර යන  අනේවාසික රාජ්‍ය සේවකයෙකි. නේවාසිකයේ සිට ට්‍රයිසෝවකට එකසිය පනහක් ගෙවමින්  දිනකට රුපියල් 260/= බැගින් වියදම් කරන මේ වීර පුරුෂයාට දිනක ගානක් හදන්න දුනිමි. 

410/+ තිහෙන් වැඩි කර  12300/= * 12 වු විට වාර්ෂික වියදම රුපියල් ලක්‍ෂ 1. 5ට ආසන්න බව පෙන්වා දුනිමි. එදින මට සිනහවකින් සංග්‍රහ කර ආ ට්‍රයිෂෝවේම නැගී ඔහු අතුරුදහන් වුනි. 
නැවතත් පසුදා පස්වරුවේ ඔහුට නියමිත පැයේදී සිරිත් පරිදි  මට හමුවුනි.


මිනිස්සුන්ගේ හිත් පාලනය කර ගත නොහැකිද ?. 

notes of imaginary

2014-08-16

රැකගන්න ජීවිතය.


ලස්සනට ඉන්න කවුරුත් කැමතියි.මේ දවස් වල ලස්සන ගැන ගොඩක් කතාවෙන්නේ තම සුරූපිත්වය රැක ගන්න රූපලාවණ්‍යාගාරයකට ගිය වෛද්‍යවරියක් මල්ශාලාවකින් හැඩවැඩවී මිණී පෙට්ටියකින් ගෙදර යන්න සිද්ධවීමක් වාර්තා වීමෙන් මැවෙන ප්‍රවෘත්ති තුලින්.

මේ මරණය නොයෙක් රූපලාවන්‍ය පිලිබදව මතවාදයන් ගොඩනැගෙන්න පරිසරයක් ඇතිවී ඇත. කෙනෙක් රෑපලාවන්‍ය කිරීම හොදයි කියති. තවත් කෙනෙකුට නම් නොකටයුත්තකි.

බුදුන් වහන්සේට අනුව සියළු සංස්කාරයෝ අනිත්‍යයය.

උන්වහන්සේට අනුව “ මේ ශරීරය ජරාවත් මරණයත් මානයත් ගුණමකු බවත් ඔබ්බා (තුන්සියයක් ඇටකටු පිහිටුවා නවසීයයක් නහර මැදින් වෙළා) මස් හා ලේ ගල්වා කරන ලද නගරයකි“.

අට්ඨිනං නගරං කතං - මංසලෝහිත ලෙපනං
යත්ථ ජරා ච මච්චු ච - මානො මක්ඛො ච ඔහිතො
ධම්ම පදය ජරා වග්ගය.

සදාකාලික නොවු පංචස්කන්ධය දිරා යන විට මළකඩ කනවිට රූපලාවන්‍යාගාර වලට දිව යන අපේ ඇත්තෝ රසායණිකයන් උලා ගෙන එන්නත් කරගෙන දිරාපත් වෙන කොටස් මළ කෑ කොටස් පිලියම් කරන්නට වෙර දරති.
තරුණකලට දිලිසී දිලිසී ඇති පිටත ස්වරූපය මහළු වන්නට වන්නට හැකිලෙන්නටත් වියකෙන්නටත් පටන්ගනී. එය ස්‌වභාවධර්මයයි.

සිදුහත් කුමරා සතර පෙර නිමිති දැක ස්වභාව ධර්මය අවබෝධ කර ගැණීමෙන් ජීවිතය ජය ගත්තේ ය. එහෙත් එමග අවබෝධකර නොගැනිමෙන් අපි තවමත් සංසාරෙ අතරමංව සැරිසරමින් තවමත් දුක් විදින්නෝය.

අපි ස්වභාවධර්මයා ජය ගන්නට උත්සහා දරමින් සිටිමු . අපි අපේ මනස රවටා ගනිමින් සිටිමු. අප මේ කරන්නේ විගඩමයක් යයි අවබෝධ කරගැන්මට අකමැත්තෙන් සිටිමු. ජීවිතයේ දශක හතර පහ වන විට කොණ්ඩය සුදුවේ. එයට එරෙහිව කොණ්‌ඩය ඩයි කරන්නට පටන් ගනී. පොඩ්ඩ බැරිවුවහොත් අසාත්මිකතා ඇති වී මරණයට පත්වීමට සිදු වෙයි. දීර්ඝකාලීන ව පිලිකාකාරක හිසේ ගලවා ගනිමින් සිටි.

හමේ රැලි හැකිලෙන්නට රැලි වැටෙන්නට පටන් ගනී දිරන්නට පටන් ගනී එවිට, විවිධාකාර ආලේපන යොදයි. ප්ලාස්ටික් සැත්කම්වලට යොමුවෙයි. ඩිංග එහාමෙහා වන විට 'ඇන්ටිබයිටික්‌' විස වී මිය යන්නට සිදු වෙයි. බඩ මහත්වී නෙරා එනවිට උදරය වටා තිබෙන තෙල් තට්‌ටුව ඉවත් කරන Lipo Suction වැනි සැත්කම් කර ගැණිමට යොමුවෙයි.තම පරම්පරාවේ පසුබිමේ මෙවැනි ස්වරූපයේ අය සිටියේදැයි නොවිමසයි. එවැනි සැත්කමක් කරනවිට දරන්නට සිදුවන වේදනාව කොයිතරම් අමිහිරිදැයි දන්නේ කරගත්තෝ පමනි.
ජීවිතයත් වානිජ කරණය වී තිබේ. මරණයද තීරණය කරනුයේ වෙළදපලින් ගලා එන ප්‍රචාරණයෙනි. ප්‍රචාරණය අපේ ජීවණරටාවම ගිලගෙන ඇත්තේ මකරෙකු පරිද්දෙනි. අප ගිල ගෙන ගිණිදැල් පිට කරමින් මකරා ඉදිරියට ඇදේ.



ඉඩ දෙන්න ස්‌වභාව ධර්මයට - රැකගන්න ජීවිතය.




notes of imaginary