පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2014-01-01

කුමටද සොබනියෙ කදුළු සලන්නේ ?.


කුමටද සොබනියේ කදුළු සලන්නේ ................ විනෝද චාරිකාවක, සහෘද සාදයක  මේ ප්‍රශ්නය  මතු නොවන අවස්ථා නැති තරම්.
නරි බෑනා නාට්‍යයයේ එන ජනප්‍රිය ගීතයක්. එක්ක අළුත් අවුරුද්දට අළුත් සිතිවිල්ලක්.
අද ජනවාරි පලවෙනිදා.
අද උදේ පාන්දරම මට  president ,  ගෙන්   sms  එකක්  ?
මට හෙන ජොලි.

“.......................Oba samata
suba nawa wasarak weva !’
Ungal ellorukum
iniya puththadu vaalthukkl !
Wish you all a
very  Happy new year! ......................

උන්නැහේගේ ප්‍රර්ථනාව ලැබුනම reply එකක් අරින්න බැළුවා.
අළුත් අවුරුද්දේ මගේ නැවුම් ප්‍රාර්ථනාව උඩු හුළගට කැරකිලා ගියා. Message   එකට   Reply  කරන්න බැරිව.
ඔය වගේ හිතවත් අය තමයි අපිට ඉන්නේ .

අපිට වෙන සංගදි  මේ ගීතය වගේ නොවුනත් මේ වගේ පූච්චානම් බස් අහලාම  අපේ  ඹළු පිරිලා. නරක්වෙලා. ඔය දේශපාලක උන්නැහේලා වේදිකාවේ කියන කතා සිහිපත් කරමු. උන්නැහේලා කට ඇරියොත් කියන්නේ මේ සිංදුවනේ ?.

ආශ්චර්ය කරා යන ගමනත්  මේ සිදුවේ තේමාව නේ ...........මට හිතුනා

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම් ........................................

හේතුව  දැන් හිතාගන්න පුළුන්නේ.

හවස් වෙනකම් ඉන්නේ නැතිව යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක සෙට් වුනා ගිණි දවල්ම. ගානට පදම් වුනා විතරයි මතක් වුනා සොබනිව...................................

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ

සද පායන කල ගලබඩ ඉදගෙන
ඔබෙ හිස පීරන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට
ඔබගෙන ඇවිදින්නම්
ඔබ ගෙන ඇවිදින්නම්

සොදුරියෙ ආදරබස් දෙන්නම්
සොදුරියෙ ආදරබස් දෙන්නම්

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ

තණ අග දිලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇග දෝවන්නම්
ඔබෙ ඇග දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන ඔබෙ හිස සරසන්නම්
ඔබෙ හිස සරසන්නම්

කොමලියෙ ආදරබස් දෙන්නම්
කොමලියෙ ආදරබස් දෙන්නම්













නරිබෑනා  -  දයානන්ද ගුණවර්ධන යන්ගේ

මුල් ගායනය: ජය ශ්‍රී චන්ද්‍රජිත්

https://www.youtube.com/watch?v=Jmj_JqxY1hA
කාලයක් යන කොට උතුරේ ඇත්තන්ට එපා කියන ජාතික ගීතයට මේ ගීතය ආදේශ  කරන්නත් දවසක් ඒවී. 

notes of imaginary

2013-12-30

පෙම් සුවද දැනේවා !




අවුරුද්ද ගෙවී ගෙන යනවා. තව දවසකින් ( හෙට ) ගෙවිලා යද්දී නැගණහිර අහසින් ඉර පායන්නේ අළුත් අවුරුද්දකට.
අපිට අළුත් අවුරුදු උත්සව දෙකක් තිබුනත් බිත්තියට අළුත් කැලැන්ඩරයක් එක්වෙන්නේ ජනවාරි පලවෙනිදාට. නිල අළුත් අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි පලවෙනිදායින්. කාගේදෝ පිස්සු උපදේශයකින් ජනවාරිදා රජයේ නිවාඩු දවසක් වෙලා තිබුනා කාලයක්. නිවාඩු දිනය නම් කරලා තිබුනේ ජාතික වීර දිනය කියලා. සැප්තැම්බර් 26 වෙනිදාට තිබුන රජයේ නිවාඩු දිනය මැකිලා ජනවාරි පලවෙනිදාට නිවාඩු දිනයක් ඇදුන කියලයි කඩුල්ලට මතක.
කොහොමත් අළුත්ම අවුරුද්දක් ලෙස සම්මත කරගත්ත ජනවාරි පලවෙනිදා ගෙදරට ගුලි වෙලා කම්මැලියෙන් ඉන්නවට වඩා තම තමන්ගේ රාජකාරි ස්ථාන වල ඕපාදූප කිය කියා හරි අළුත් අවුරුද්දක් පටන් ගන්න එක සුභ ලක්‍ෂනයක් !.
ජනවාරි පලවෙනිද දවස අවුරුද්දේ පලවෙනි දවස ලෙස නම් කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්වයේ රෝමයේ රජකල හුමා පොට්පිල්යූස් රජතුමා. මේ වන විට රෝම කැලැන්ඩරය මාර්තු මාසයෙන් පටන් අරන් දෙැසැම්බර් මාසයෙන් අවසන් වෙලා තිබුනා. හුමා පොට්පිල්යූස් රජතුමා මේ කැලැන්ඩරයේ මුලට තව මාස දෙකක් එකතු කලා ජනවාරි පෙබරවාරි කියලා. දැන් මාස දොලහයි. ජනවාරි මාසේ තමයි අවුරුද්දේ පලවන මාසය.
පොට්පිල්යූස්ගේ ජනවාරි මාසෙට තිබුනේ දින තිහයි. ජුලියස් සීසර් තමයි ජනවාරි මාසෙට දින තිස් එක කරලා කැලැන්ඩරය අද තත්වයට යාවත්කාලීන කලේ .රෝම අධිපති දෙවිවරයෙක් වන “ ජානුස් “ මුල් කරගෙන ජනවාරි මාසය නම්වෙලා තියෙන්නේ . ලොව සිදුවන සියළු කටයුතු වලට ආරම්භය ලබා දෙන්නෙ ජානුස් දෙවියන් කියලයි රෝම වරුන්ගේ මතය. ඒ නිසා ජානුස් දෙවියන්ට අවුරුද්දේ මුල් මාසය වෙන්වුනා !.
1522 දී ඒ වර්ෂයේ සිට ජනවාරි පලවෙනිදා වසරේ මුල් දිනය ලෙස පිලිගත් පලමු ජනරජය වැනිස් ජනරජය ලෙස සදහන් වෙනවා. පසුකාලීනව රෝමන් අධිරාජ්‍යයත්, ස්පාඤ්ඤය ,පෘතුගාලය, ස්විඩීනය ,හා ප්‍රංශය වැනි රටවල් සිට ලෝකයම අද වන විට ජනවාරි පලවෙනිදා වසරේ මුල් දිනය ලෙස සලකනවා. අපේ රටත් පෟතුගීසී ආගමනයත් සමග වෙනස් වුන සස්කෘතික ලක්‍ෂනත් ජාත්‍යාන්තරයට ඇති නැදෑකම නිසාත් අවුරුද්දේ මුල් දවස ජනවාරි වෙලා.
අපේ සිත් තුල අපි මොහොතින් මොහොත මැරි මැරී උපදිනවා. දවසත් ඒ වගෙයි කියලා කඩුල්ලට හිතෙනවා. අපේ මැරෙන සිත යලිත් උපදින්නේ අළුත් බලාපොරොත්තු ඇතිව අළුත් හැගීම් ඇතිව. දවසත් මියගිහින් හෙට නැගණහිරින් ඉර පායන්නේ නැවුම් අළුත් දවසකට නැවුම් බලාපෙරොත්තු පුරවාගෙන. එසේ නොවනවා නම් අපි මැරෙන්නේ එකවරයි. එහෙම වෙනවා නම් හොදයි කියලා සිත් තුල ප්‍රකාශවුනත් ඒ ව්‍යාජයක්. අපේ සිත් බලාපොරොත්තුවන්නේ මැරි මැරී ජීවත්වන්නමයි. මනුෂ්‍ය ස්වභාවයේ ලක්‍ෂණය එහෙමයි.
කලාවැව තේමා කරගෙන විශාරද අමරසිරි පීරිස් ගයන මේ ගීතය අහන්න. අපේ හිත් කලා වැව වගෙයි. විටක පිරෙනවා. විටක හිදෙනවා. ආයෙත් පිරෙනවා. පිරුන වැව් පතුල අපිට පේන්නේ නැහැ. කලාවැවේ පිරුන සරන සුදු නෙළුම් විතරයි චමත්කාරයෙන් දිලෙන නිල්දියවරත් සමග පෙනෙන්නේ. වැව හිදෙනවිට වැව් පතුලේ තැන්පත් වුන කටු කොහොල් නැවත පෙනෙනවා.අපේ හිත් කඩා වැටුනම හිතේ තැන්පත්වුන කටු කොහොලින් වේදනා දෙනවා. මේ ගීතයේ අවසාන පද මෙහෙම ලියවෙනවා.
“...............පිරුන වැව් ජලයේ - සුදුනෙළුම් සරනවා
හැදුන හිත් මඩලේ - පෙම් සුවද දැනෙනවා.........” පෙම් සුවද ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ලෙසම කඩුල්ලට දැනෙන්නේ නෑ. මේ පෙම් සුවද ඉන් එහා පැතිර ගිය මානුෂිකවු ප්‍රෙමයයි.


“කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

හිදුන වැව් පතුලේ - කටු කොහොල් පෙනෙනවා
රිදුන හිත් මඩලේ - සෝසුම් දැවෙනවා

කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

පිරුන වැව් ජලයේ - සුදුනෙළුම් සරනවා
හැදුන හිත් මඩලේ - පෙම් සුවද දැනෙනවා

කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.
කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා..................................”


කලාවැව හිදෙනවා................
අපේ ජීවිතය ගෙවී යන්නේ එසේමයි මට හිතනවා.
2014 වසරේ ජනවාරි පලවෙනිදා සිටම ඔබේ සිහින සැබෑ වේවා!
සියළු බලාපොරොත්තු සැබෑවේවා !!
බිදෙන හිත් මඩලේ - පෙම් සුවද දැනේවා !!!




notes of imaginary