යදමින් බැද විලංගු ලා මගේ පුතා
රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.
කාකා බිබි නටන අතර නරුම
යහළු හෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල
පාසල් වල අමනයන්
රට ගිණිගෙන ඇති වග දුටු
මගේ එකම පුතනුවන්
එ ගිණි නිවන මග නිවන මග සෙවීම
වරදක් දැයි මට කියන්
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.
ගිණි ගන්නා රටක කෙළින
මී හරකුන් වැනි පුතුන්
කුමකටද මට මහ විරුවෙකි
සිරගෙයි මල මගේ පුතුන්
කෝටි ගනන් බිහිවේවා
මගේ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලග උතුම්
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.
යදමින් බැද - විශාරද නන්දා මාලණී
11/04/2011 10:10:00 pm |
Labels:
Music
Read User's Comments(0)
රට කරවන්න නම් ........ විශාරද නන්දා මාලණී
11/04/2011 10:01:00 pm |
Labels:
Music
රට කරවන්නට නම් - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය
යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
දළදා මැදුර
අධිකව
මිළ කල හැකිය
සිරිමා බෝධියේ
ලන්සුව පැහැදිලිය
කළු ගල්වලට
විකුණාගෙන සීගිරිය
සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්නට නම් - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය
යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
හෝරටන් තැන්න
දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය
ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා
ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු
හෝටලයකට
රට කරවන්නට නම් - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය
යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
Subscribe to:
Posts (Atom)





