පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2011-10-11

අරුගම්බේ

අරුගම්බේ සර්ෆින් ක්‍රීඩාවට සුදුසු රල පෙල

මුහුදු මහා විහාරයෙන් පිටත්වු මීදුම මින් වසර කිහිපයකට පෙර සටන් විරාම කාලයේ පැමිනෙන්නට අදිටන් කර සිටියත් එකල පැමිනෙන්ට නොහැකිවු  අරුගම්බේ වෙරලට පැමිණියෙමු .
සැඩ හිරු රැස් හකුලා ගනිමින් හිරු බටහිර වෙරළට ආසන්න කොට සිටිනා සෙයකි. කරුණාලාගේ පිල්ලෙයාන් ප්‍රභාකරන් සමාගමේ තිස්වසරක සාපයෙන් මිදී අරුගම්බේ වෙරළත් අවට පරිසරයත් කරුණාලාගේ පිල්ලෙයාන්ගේත් පියවි දෑස ඉදිරි පිට  යලිත් නැවුම් පිබීදීමකට පත්ව ඇති බවකි. පැරණි හෝටල් පිලිසකර වෙමින් පවතී. අළුතින් හෝටල් ඉදිවේ. සංවර්ධන කටයුතු ශීඝ්‍රයෙන් සිදු කිරීම හේතුවෙන් වර්තමානය වන විට ඒ ප්‍රදේශවලට අවශ්‍ය මහා මාර්ග, ජල විදුලිය, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය ඇතුළු යටිතල පහසුකම්  බැංකු, මූල්‍ය සේවා, රෝහල්, පාසල් ඇතුළු පොදු පහසුකම් සේවාවන්ද වැඩිදියුණු වී තිබේ.

කිලෝමීටර් 3ක් හතරක් එක දිගට අඩි ගණනාවක් උසට නැගෙන රැළි හත අටක් මුහුදු වෙරළට රැගෙන එන අරුගම්බේ වෙරළ තීරය ලෝකයේ සර්ෆිං ක්‍රීඩාව සඳහා යෝග්‍යතම මුහුදු තීර දහය අතරින් ප්‍රථම ස්ථානයට හදුනා ගැණිමත් සමඟම අරුගම්බේ ප්‍රදේශය විදේශිකයන්ගේ අවධානයට පාත්‍ර  වන්නට පටන් ගෙන තිබේ.
මේ සංචාරයේ කාල සටහන විසින් මඟුල් මහා විහාරය, ඔකඳ දේවාලය, පානම් පත්තුව, කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය, පොතුවිල් කලපුව, සහ කුමන අභය භූමිය මීදුමට යා ගත නොහැකිවු ස්ථානයන් අතරට එක්වෙයි. 

සේරුවාවිල රජ මහා විහාරයට යාමට සංවිධායක වරුන්ගේ මීලග  සැලසුම නිසා  මීදුමට යලිත් බසය තුල හිරවෙන්නට සිදුවිනි.



අපේ කට්ටිය හා මිතුරුවු සර්ෆිං ක්‍රීඩාව සදහා වෙරළට පැමිණි  විදේශික කණ්ඩායමක් 

2011-10-09

පොතුවිල් මුහුදු මහා විහාරය.




 

නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ . පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ.
අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.




පසු කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත. මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක් මෙන්ම බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත. මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි. මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින් අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.