පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2009-01-11

Anonymous - මේ යුද උන්මාදයද ?.




මා චින්තනට කඩේ යන බව ක්ෂනිකව හදුනා ගත්තත් සත්‍ය එසේ නොවන බව සදහන් කරමි.
මම මේ පුංචි රටට ආදරේ කරමි. අපිට එක වහලක් යට එකට බතක් උයාගෙන කන්න තරම් වාසනාවන්ත දවසක් එනතුරු මම බලා සිටිමි.
දශක හයක පමණ කාලයක් මේ පුංචි රට ලබන ලද අත්දැකීම් ඉතාමත් සරලව මම සදහන් කරමි.
ජනවාර්ගීක අර්බූදය තුන්කල් දුටු ජන නායකයා මම හිතනා අයුරින් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිදුන්ය.එතුමන් උතුරත් දකුණත් යාකරන්නට උපක්‍රමශීලීව නැගණහිරත් උතුරේ යම් යම් ප්‍රදේශවලත් ගොවිජනපද ව්‍යාපාර ඇතිකරමින් සිංහල දෙමළ මුස්ළිම් ජාතීන් එකම පදේශවල පදිංචි කරවීය.එතුමන් මේ ජනවර්ගයන් සාමයෙන් සහජීවනයෙන් පරම්පරා කිහිපයක් ජීවත්වනවිට නෑදෑ හිතවතුන් වන බව කල් තියා නිරීක්ෂනය කලේය. අද මේ පදිංචිකරුවන්ගේ හතරවන පරපුර පවා වැඩිහිටියෝය.
ඩොලර් ෆාම් සහ කෙන්ට් ෆාම් වලට එල්ලවු මුල්ම ප්‍රහාරය සිහිපත් කලහැකිද ?. කොටි සමුල ඝාතනය අරඹමින් මරා දැමු එම අසරන ගොවි පවුල් වලින් සංකේත කරනුයේ එම ප්‍රදේශ ද්‍රවිඩීයකරණය කිරීමෙන් ඩී.එස් සේනානායක මැතිදුන් ගේ දුරදත් පිළිවෙත නිෂ්ක්‍රීය කරනු ලැබීමය.
අප ජාතින් තුළ වෛරය පිළිසිදවා වර්ධන‍ කර අවිස්වාශය ඇති කර වෛරක්කාරයින් බවට පත්කිරීමට මග පෙන්නුවේ ජනනායකයන් නොව දේශපාලකයන්ය.ඩඩ්ලි-චෙල්වනායකම් , බණ්ඩාරනායක - චෙල්වනායකම් ගිවිසුම් වල මූලික හරය බලය බෙදාහැරීමය. මෙම අරමුණ එජාපය ඉටුකිරීමට සැරසෙන විට ශ්‍රීලනිපයට විෂ බදුනක්ය. ශ්‍රීලනිපය ඉටුකිරීමට සැරසෙන විට එජාපයට විෂ බදුනක්ය.
මේ දෙගොල්ලෝම බලය උදෙසා අවස්ථාවාදීව බහු ජාතියවූ සිංහල ඡන්දදායකයින්ගේ ඡන්දය පමනක් බලාපොරොත්තුවෙන් කටයුතු කලාය. මේ නිසාම දෙමළ සහෝදරත්වය අවිස්වාශය පදනම් කරගෙන බිදී ගියබව පැහැදිලිය.
වසර පහක හයක පාර්ලිමේන්තු ආයුෂ හැරෙන්නට වෙනත් සම්පතක් මේ උන්නැහේලාට තිබුනේද?. මේ අදත් හිතන්නේ ඊලග ඡන්දය ගැන මිසක රට ගැන යයි අපට සිතීමට සාධක ඇත්ද ?.
1958 භාෂා අරගලයත් 1983 ජූලි කලබලත් අවුළුවා ද්‍රවිඩ ජනතාව ඝාතනය කර මංකොල්ලකන්නට මග පෙන්නූවේ කවුද?. සුදු රෙදි ඇන්ද දේශපාලකයන් නොවෙයිමද?. ප්‍රතිඋත්තර වශයෙන් යාපනය වැනි නගරවල ව්‍යාපාරික කටයුතු කල සිංහල ව්‍යාපාරිකයනට ආපසු ගෙදර එන්න සිදුවුවා මට මතකය.අපි විරසක කර සතුටු කරන්න ගිය උන්නැහේලා ඇන ගත්තේ පිරිබාකරන්ගෙන්ය.
අපේ පුංචි රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවා ගත් ආණ්ඩුවට, ආණ්ඩුවකට එරෙහිව ආයුධ ගත් ජවිපෙයත් කොටි සංවිධානයත් අරමුණු වෙනස් වුවත් කරනු ලබන්නේ එකම වරද බව අමතක නොකල යුතුය. ජවිපෙය මර්ධණය කල අයුරින් කොටි සංවිධානය මර්ධණය කිරීමට නොයෙක් බාධා ඇතිවූයේ වෙනස් ජන වර්ගයක් මෙ‍ම නොකටයුත්තට පාර්ශව වු බැවිනි.ජේ.ආර් වැනි පාලකයින්ගේ පටන් චන්ද්රිකා දක්වා කාලයාට ප්‍රශ්ණය විසදීමට ඉඩ හැර බලා සිටි බවක් නිරික්ෂණයවන්නේ නැත්ද?.
රනිල් ගේ ප්‍රවේශය වැරදි නැත. එහෙත් සත්භාවයෙන් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මකවිනිද ?. නැත. ක්‍රියාත්මක නොවුනු තැන ගත යුතු ක්‍රියාමාර්ගය ගැණීමට රනිල්ට කොන්ද පණ නොතිබිනි. ඔහුත් සිදුවෙන දෙයක් වෙන්න හැර කල්මරන ස්ථාවරයට මාරුවිය.ඒ අතර ජාතියේ ( සිංහල.දෙමළ,අනෙකුත් ජාතීන් සමග ) පිණට ඒ කාර්ය සාටකය වෙතට ජනතාව විසින් මාරු කරන ලද්දේය.
සාටක‍ය විසින් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන්ම තුරන්කර කොළඹට කේන්ද්‍ර කර ගන්නට හැමදාමත් වලිකන බලය රටටම බෙදා හැරියොත් ජන නායක ගොන්නට එකතු විය හැක.

නැත්නම් රනිල් මෙන්ම අවලංගුව මුල්ලකට විසිවනු ඇත.

2009-01-09

සිරසයි ලසන්තයි.



සිරසට ප්‍රහාරයක් එල්ල වූ විට ආණ්ඩුවවට ඇගිල්ල දික්විය. දවස පුරාම ආණ්ඩුවවට එරෙහිව මාධ්‍ය ලොක්කන්ගේ ප්‍රකාශ , තව තවත් අයගේ ප්‍රකාශ ඒක පාර්ශවිකව සිරස සියළු වැඩ සටහන් නතර කර විකාශනය කලේය. මාස ගානකට සුව නොවේයැයි සිතන තරමින් වේදනාවෙන් අදෝනා නැගු සිරස පසුදා වන විට සුවපත්ව යථා තත්වයට පත්වී ක්‍රියාත්මක විය. මේ අතර සීමිත කාලය උද්ඝෝෂණ විරෝධතා සංවිධානය වී ජාත්‍යන්තර මාධ්‍ය ජාලා ඔස්සේ ජාත්‍යතන්තරයද ගිණි තැබුනේය.

සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංගයන් ඊයේ ( ජනවාරි 08 ) ඝාතනය විය. ආණ්ඩුවට සිදුවූයේ සිරසට එල්ලවු ප්‍රහාරයේ දී විදින්නට වු කටුක අත්දැකීමට යලිත් මුහුණ දෙන්නටය.
සිදුව ඇත්තේ ගමේ යම් මැර කටයුත්ත සිදුවු විගසම අපි වගකීමකින් තොරව පුර්ව නිගමනයකට පැමින “ ඕක කලේ හරමානිස්- ඌ චන්ඩියානේ” යැයි ගමේ චන්ඩියාගේ ගිනුමට බැර කරන මැර කටයුත්ත ‘බී’ වාර්තාවක් මත හරමානිස් අධිකරනයට ඉදිරිපත්කර මාස ගානක් රක්ෂිත බන්ධනාගාරයේද තැප ගෙදර එනවිට වැඩේ කලේ ජුවානිස් බව හදුනාගන පශ්චාත්තාප වන පරිද්දෙන් වගකීමකින් තොරව සියළු නොකටයුතු ක්‍ෂණිකව ආණ්ඩුවට බැර කර ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමය .

 හරමානිස්ට සිදුවන්නේ නොකල වරදකට හිරේ තැපීමටය. ආණ්ඩුවට වන්නේ නොකල වරදකට ජාත්‍යන්තරය හමුවේ බාල්දු වන්නටය.තත්වය භයානකවන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුවවයි -ජාතිය යි හදුන්වන්නේ දෙකක් නොව එකක් නිසා ආණ්ඩුවයි ජාතියයි මේ දුක ඉවසා ගත යුතුවීමය. ජාත්‍යන්තරය තුල බාල්දු කර නසන්නට හදන්නේ ආණ්ඩුවයි රටයි දෙකම බව මේ හාදයෝ කවදා තේරුම් ගනීද ?.

‘ධාර්මිෂ්ඨ සමාජයක්’ තුල පිලිසිද ‘නැති බැරි අය ඇති හැකි අය කල’ සමාජයේ උත්පත්තිය ලද භීෂණය හා ඝාතනය වරින් වර විවිධාකාරයෙන් තවමත් හොල්මන් කරන බව අපට දක්නට ලැබෙන්නකි. මේ ක්‍රියාවිධි වඩාත්ම ලාබදායි ලෙස පාවිච්චි කරනු ලබන්නේ කුමන පාර්ශවයන් විසින්ද යන්න නිශ්චිත කිරීම එක් අතකින් වැදගත් කටයුත්තකි. වත්මන් ආණ්ඩුව වුවද ක්‍රම ශිල්ප ක්‍රියාත්මක කරනු ඇතිවුවත් මේ අවස්ථාවේ ජාත්‍යන්තරය හමුවේ අශූචි බාල්දියක් ඔළුවේ වක්කර ගන්න තරම් පිස්සුවක් ආණ්ඩුවට ඇතිවිය නොහැක.

ලසන්ත වික්‍රමතුංගයන්ගේ මාධ්‍යයේ භාවිතය ආකර්‍මනශීලී පිලිවෙතකවු බැවින් විවිධ විරුද්ධවාදීන් ඇතිවී සිටියා විය හැක. ඔහුට වෙනත් විරුද්ධවාදීන්ද සිටියා විය යුතුය. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දාගන්නට අවස්ථාවක් නිර්මානය කර ගත්තාවත්ද ?.
ආණ්ඩුව., ජාතිය මේ මර උගුලෙන් ගැලවන්න අපරාධකරුවන් නොපමාව නීතියේ රැහැනට අසු කර ගත යුතුය.