පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Showing posts with label රසකතා. Show all posts
Showing posts with label රසකතා. Show all posts

Thursday, January 04, 2024

මැණිකෙ දැන් ඔය මදෑ



 

මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව

තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව

රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව

ඒ තමයි අපි අදත් අදහන ජීවිතේ ලොකු මුලාව.....

 

අහල අහලම ඇති වෙලා ඇති නුඹේ ඔය කන්නලවුව

දන්නවා ඔය හිතේ ඇවිලෙන ගින්න දරුවන් මෙළෙව්ව

අපේ නැති බැරි කම් වසා ගෙන දුක දරා සිටි සොරොව්ව

ඕං දැන්වත් කරමු අමතක මැණික ඔය හත් ඉලව්ව.....

 

දෝවණය කළ පැන් කලත් ඇති ඉහේ කෙස් ගාණට වඩා

බෝධි මලුවට දැනෙන්න්ට ඇති නුඹේ පා තරමට විඩා

තුමුල මහ කඳු ශිඛර මැද්දේ අපි වුණෙන් ගල් කැට කුඩා

සේරමත් බර අරන් ආවට නුඹත් දැන් හොඳටම ලෙඩා.....

 

ඔප්පු කරනට බැරි තරම් වෙයි එදා හිට ගැට ගහපු පඬුරූ

කලු ගලක් හරි නුඹේ දුක දැක උණු නොවේවිද ලෙසින් වෙඬරූ

කමක් නෑ මේ ඉන්න ඩිංගට උන්ට අපි නම් තිත්ත කදුරූ

යං ඉතිං අපි හිටපු තැනටම පිහ ගනින් ඔය ඇහේ කඳුලූ.....

 

- රුවන් ජයරත්න -

Harsha Sulovhana

Monday, January 01, 2024

ගුරු මහත්ම මහත්මීන් වෙතටයි.



බ්ලුබෙරි..🍇
ගොඩක් කාලෙකට ඉස්සර ඇමරිකාවේ තිබුණා ප්රසිද්ධ අයිස්ක්රීම් හදන සමාගමක්.
ඒ අය හදන අයිස්ක්රීම් ඇමරිකාව පුරාම හරිම ප්රසිද්ධයි.
ඒ අයිස්ක්රීම් ඉතා මිල අධික උනත් ඒ රටේ හැම පලාතකම ජීවත් උන මිනිස්සු ඒ අයිස්ක්රීම් වල රස බලන්න පුරුදු වෙලා හිටියේ.
හේතුව තමයි ගුණාත්මක භාවය සහ රසය අතින් ඒ අයිස්ක්රීම් ගොඩක් ඉහල මට්ටමක තිබුණ එක.
දවසක් ඒ ආයතනයේ ප්රධාන විධායක නිලධාරී මහතාට ඇරයුමක් ලැබෙනවා ඒ පලාතේ පාසැලක තිබුණ උත්සවයක ප්රධාන අමුත්තා හැටියට ඇවිල්ලා පාසැලේ දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වන්න.
ඔහු ඒක සතුටින් භාරගෙන එදාට ඒ උත්සවයට සහභාගි වෙලා දරුවන් වෙනුවෙන් කතාවක් පවත්වනවා.
ඒ කතාව ඔහුගේ ජීවිත අත්දැකීම් හා ව්යාපාර මූලධර්ම මත පදනම් වූ ඉතාමත් ආදර්ශමත් හා සාරවත් කතාවක්.
හැබැයි ඔහු ඔහුගේ දේශනය අවසන් කරේ ටිකක් වෙනස් විදියකට.
ඔහු මෙහෙම කිව්වා.
"මම මේ රටේ තියන අධ්යාපන ක්රමයටනං කොහෙත්ම කැමති නෑ"
"විශේෂයෙන්ම ආණ්ඩුවේ පාසල් වලට සිසුන් ඇතුලත් කිරීමේ පටන් ඔවුන්ට පාසල් තුල දැණුම ලබාදෙන පිලිවෙල දක්වා වෙන ක්රියාදාමයම සම්පූර්ණයෙන්ම වැරදියි.. "
"ඒ ක්රමවේදය දැනුම මූලික සමාජයකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ"
"රජයේ පාසල් වල තියෙන අනෙක් ලොකුම ගැටලුව තමයි ගුරුවරු"
"මේ ගුරුවරු වෙනස් වෙන්න කැමතිම නෑ. හිතන්නෙම පරණ විදියට "
" එයාල හිතන්නෙ එයාලගෙ කාලෙ තමයි හොදම කාලෙ කියලා. "
" ඒ වගේම මේ ගුරුවරු හරිම සාම්ප්රදායිකයි"
" වේවැලක් නැතුව තාම මේ ගුරුවරුන්ට උගන්වන්න බෑ"
මේ කතාව අහගෙන හිටපු ගුරුවරුන්ගේ හිත් හරියට රිදුනා.
ඒත් හැමෝම බිම බලාගෙන හිටිය මිසක් කව්රුවත් කතා කලේ නෑ.
ඒත් මේ ප්රධාන පෙලේ ව්යාපාරිකයගේ දේශනය අවසන් වෙනකොටම එක ගුරුවරියක් විතරක් අත ඉස්සුවා.
ඇය පාසලේ හිටපු ඉංග්රීසි ගුරුවරිය.
ඇය ව්යාපාරිකයගෙන් මෙහෙම අහනවා,
"සමාවන්න මහත්මයා.."
"මට පුළුවනිද ඔබ තුමාගෙන් එක ප්රශ්ණයක් අහන්න?"
ඔහු තරමක් පුදුමයට පත් උනත් ඇයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න කැමති උනා.
ගුරුවරිය මෙහෙම ඇහුව,
" සර්.. ඔබතුමා ඇමරිකාවෙ තියන ප්රසිද්ධම හා විශාලතම අයිස්ක්රීම් නිශ්පාදන සමාගමක ප්රධාන විධායක නිලධාරියා"
"ඔව් ඔබතුමිය නිවැරදියි"
" ඇමරිකාවේ හොදම අයිස්ක්රීම් හදන්නෙ අපි"
ඔහු ඉතා ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.
ගුරුවරිය මෙහෙම කියනවා,
"එක කොච්චර හොඳද"
"ඒ අයිස්ක්රීම් කොච්චර රසද.. ඒවා සුදු හිම වගේ හරිම මෘදුයි"
ගුරුවරිය ව්යාපාරිකයගෙන් තවත් ප්රශ්ණයක් අහනවා,
" ඔබතුමා මොහොතකට හිතන්න ඔබ මේ දැන් ඇවිල්ල තියෙන්නේ ඔබගේ ඔය රසම රස අයිස්ක්රීම් හදන්න පාවිච්චි කරන අමුද්රව්ය මිලදී ගන්න යන තැනකට කියලා"
" හිතන්න… මෙතන තියනව කියලා ඒ අයිස්ක්රීම් වලට දාන්න ගන්න ඕන බ්ලූබෙරි ලොරියක්.."
"ඒත් සර්…"
"ඒ බ්ලූබෙරි ලොරියේ තියන බොහොමයක් බ්ලූබෙරි නරක් වෙලා.. "
" දැන් ඔබතුමා මොකද කරන්නෙ..? "
ව්යාපාරිකය ටිකක් කල්පනා කරල කලබල නැතිව ඇත්තම කිව්වා.
" නරක් වෙච්ච බ්ලූබෙරි අපි කවදාවත් බාරගන්නේ නෑ.. "
" ඒව දාල අයිස්ක්රීම් හදලා අපේ නිෂ්පාදන වලට තියන හොද නම කැත කරගන්න අපිට ඕන නෑ"
" අපි ඒ බ්ලූබෙරි ලොරියම ප්රතික්ෂේප කරනවා "
ගුරුතුමිය හිනාවෙලා මෙහෙම කියනවා,
" හැබැයි සර්… අපිට එහෙම කරන්න බෑ "
"අපිට හම්බවෙන සමහර බ්ලූබෙරි ලොකු පවුල් වල… සමහර බ්ලූබෙරි හරිම දුප්පත් පවුල් වල.. "
" සමහර බ්ලූබෙරි හොර මත්පැන් පෙරන පවුල් වල.. "
" සමහර වෙලාවට අපිට ඒ බ්ලූබෙරි එන්නෙ අම්මයි තාත්තයි දෙන්නම නැති පවුල් වලින්."
"සමහර වෙලාවට.. අම්මයි තාත්තයි හැමදාම රණ්ඩු කරන පවුල් වලින් "
" සර් දන්නවද… "
" සමහර බ්ලූබෙරි අපිට එනකොටම පුංචි කාලෙම අතවරවලට ලක්වෙලා හිත් හොදටම නරක් වෙලා.. හරියට අර ඔබතුමාට හම්බ උන ලොරියේ තිබුණ නරක් වෙච්ච බ්ලූබෙරි වගේ.. "
" හැබැයි සර්…අපිට ඒ කිසි එකක් භාරනොගෙන ආපහු යවන්න බෑ.. "
" අපි ඒ හැම බ්ලූබෙරි ගෙඩියක්ම භාරගන්නවා.. "
" භාරගන්නව විතරක් නෙවෙයි.."
" අපි ඒ බ්ලූබෙරි වලින් අයිස්ක්රීම් හදනවා.. "
" ඔබලා හදන අයිස්ක්රීම් ඇමරිකාව පුරාම බෙදාහරිනවා.. "
" ඒක නොදන්න කෙනෙක් නෑ.. ඒක ඇත්ත.. "
" ඒත් සර්.. අපි අපිට හම්බවෙන ඒ බ්ලූබෙරි දාල හදන අයිස්ක්රීම් ඇමරිකාවේ විතරක් නෙවෙයි.. ලෝකේ ගොඩක් තැන් රසවත් කරන්න බෙදාහරිනවා… "
මෙච්වර වෙලා නිශ්ශබ්දව තිබුණ ශාලාව විනාඩි කිහිපයක් යනකල් අත්පොලසන් හඩින් ගිගුම් දෙන්න ගත්තා.
තමුන්ට වැරදුනු බව විධායක නිලධාරී මහතා තේරුම් ගත්තා.

notes of imaginary

Tuesday, November 21, 2023

සීයා බලන්න යන්න ඕනී


Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා...

එයා තාත්තට කිව්වා..

"මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ" කියලා...

තාත්තා කැමති උනා. ඉතිං පුංචි Martino ඇදගෙන බෑග් එකත් අරගෙන දුම්රිය පොලේ සිටියා කෝච්චිය එනතුරු...

"ඕනේ කමක් වුනොත් බලන්න.."

කියලා කොලයක් තාත්තා Martino ගෙ පොකට් එකට දැම්මා...

ඉතිං දුම්රියේ ටික දුරක් යද්දී මිනිස්සු හයියෙන් කෑගහන ගතිය චූටි Martinoට දරන්න බැරි වුනා....

මිනිස්සු අමුතු විදියට ඔහු දිහා බලනවා....

තනියෙන් යන්නේ ඇයි කියලා අහනවා....

ඉතිං පැටියට හරි දුකයි. ඇගට ලෙඩ ගතියක් දැනුනා....

කදුළු බිංදු වැටෙන්නට ඔන්න මෙන්න....

කලබල ගතියක් දැනුනා...

පුංචි Martinoට තාත්තා දාපු කොලේ මතක් වුණා...

Martino කලබලයෙන් වගේ සාක්කුවෙන් තාත්තා දාපු කොලේ අරන් කියෙව්වා...

ඒකේ තිබුනේ.....

"පුතේ මම අන්තිම පෙට්ටියේ ඉන්නවා"

කියලා...

අපි අපේ දරුවන් විශ්වාස කරන්න ඕනේ...

දරුවන්ට විශ්වාසයක් ඇති කරන්න ඕනි....

දරුවන්ට අවශ්යදේ කරන්න දෙන්න ඕනේ...

දෙමාපියෝ සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ...

ඔවුන්ට හමුවන බාධා, ඔවුන් මොනවා කරන්නද කියලා නොතේරෙන වෙලාවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ...

දෙමාපියන් ජීවත් වෙනකම් දරුවන්ට ලංව සිටිය යුතුයි...

මතක තබා ගන්න...

" දෙමව්පියන් සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ..."

 

මෙම සටහන මුණුපොතෙහි හුවමාරුවු බොහෝ ප්‍රසාදයට පත්වු සටහනක්. අපි දරුවන්ගේ පෞරුෂත්වය සංවර්ධණය කිරීම දරුවන්ට ඇති ආදරය නිසා නැති කරනවා.

උදේට පාසල් යන දරුවන්ගේ පොත් බෑගය කර තියාගෙන යන්නේ අම්මා . දරුවත් සමග පාසල් ගේට්ටුව දක්වා යන අම්මලා පාසල අවසන්වන තු  රු ගේටට්ටටුව ලග.

පාසල තුලට යන දරුවාට පංති කාමරය පිරිසිදු කර ගන්න ඕන නැහැ. එය පවිත්‍ර කරන්නේ සේවිකාවක හෝ සේවකයෙකු විසින්..

එතනින් ඉගන ගන්න ඕන ක්‍රියාකාරකම දරුවට ලැබෙන්නේ නැහැ.

ටීචර් දෙන පත පොතේ ගෙදර වැඩ ගෙදරදී සම්පුර්න කරලා දෙන්නේ අම්මලා.

මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම්  දරුවට ආදරේට අම්මලා කරලා දෙනවා.

සීයලගේ කාලෙට වඩා මුණුපුරු මිණිපිරියන්ගේ කාලය වෙනස්

සීයලාටට ආත්තම්මලාට අභියෝග වලට මුහුණ දෙන්න පෞරුෂත්වයක් ගොඩ නැගුවේ පුංචි  කාලේ ඉදන්..







notes of imaginary

Sunday, November 19, 2023

ඛෙදවාචකයක්.











පාපියුම්..මග හැරුණේ ඇයි ....??


 

ලතා මඬුලු තුරු සෙවණැළි අතරින්
සන්සුන් ගමනින් හිමි වඩිනා සඳ
මාවත රලු තැන් මොළොක් වුණාවද
සිරි පතුලට වෙහෙසක් දැනුණාවද ?
පා ගමනින් වඩිනා සඳ හිමියනි
නො දුටුවේ ද දුක දෝත දරා ආ
සැඩොල් කුලේ ඉපදී සිටි මා රුව
හිස ඔසොවන්නට අවසර නැති වූ...
මාගන්දිය බමුණා දුටු අරුමැසි
පතුල් සටහනක් දුටුවා නම් මම
ගැබක් තුළ ට රිංගන්නේ නෑ යළි
හිමි පා පියුමේ සුවය ලබනු මිස.
සල්මල් සුවඳින් පරසතු කුසුමින්
සිරි පා පියුමේ රොන් සුණු තැවරී
මහ කරුණාවෙන් හිමි නෙත වැසුණේ
හිමියනි ඔබ ....මා නොදුටු නිසයි.
රෝ.සි

notes of imaginary

Saturday, November 18, 2023

නානත්ථ සංඥා








 

දහසක් දෙන නිති යන එන
මාවත අයිනෙහි වැජඹුන
වනස්පතියකිය දුටු දන
පිනවන විශ්මය දනවන
සිප් හල වෙත යනෙන අතර
සිසුවන් පැතු පලෙහි මිහිර
කුහක අයෙකු මුවින් මැතිර
පලැති රුකකි ගසමි මුගුර
වඩුවෙක් ගස ළඟ නැවතී
වට අඩි මනසින් මනිතී
දොර උලුවහු ජනෙල් ඇතී
නිවෙස් හත අටක් හැදෙතී
පරිසරවේදියෙක් මෙදැක
සිතුවේ මෙය හරි පුදුමෙක
විදුලි කියත් නොදුටුව එක
දිවි හිමියෙන් ගමි ගස රැක
මෝලේ හිමිකරු දෑහේ
රුපියල් මල් වැහි වෑහේ
හැම අතු අඟලක් පාහේ
ලොරි දෙක තුනකට සෑහේ
තම විමනින් බැස වඩිනා
රුක් දෙවියකු ඇස ගැටුනා
කදිමයි විසුමට මෙතැනා
සිතුවිල්ලකි පැන නැඟෙනා
තරුණ ලියක් මල් වයසේ
පසුකර ගියෙමුත් බොහොසේ
හැගුමක් නොදැනුනි වෙසෙසේ
සිතිවිලි විය දුර අහසේ
පී. ජී. ආරියපාල

notes of imaginary

Tuesday, October 17, 2023

ආච්චිගෙ සාක්ෂි 😀


----මූනු පොතෙන්
විත්තිකරු ලබා දෙන පිළිතුරට පෙර සූදානම් නොවී ප්රශ්න කිරීම හේතුවෙන්, නීතිඥවරු වුවත් අමාරුවේ වැටුණු අවස්ථා එමට ඇත.
විදේශ රටක එක්තරා ප්රාදේශීය නගරයක උසාවියකි. පළමු සාක්කිකරු ලෙසින් සිටියේ වයස අවුරුදු 75ක් පමණ වූ කාන්තාවකි . ඇය වෙත ළං වූ පැමිණිල්ලේ නීතිඥවරයා මෙසේ ඇසුවේය.
" මිසිස් ජෙනිෆර් ... ඔබ මාව හඳුනනවද..? "
" අපොයි ඔව්... ඇයි විළියම් මහත්තයා, මම මොකද ඔහේ නොදන්නේ...! මම ඔහේව දන්නේ ඔහේ පුංචි කාලේ ඉඳලම. ඇත්තම කියනවනං.. ඔයා මහ පච මෝලක්...ඔයා ඔයාගේ බිරිඳව රැවැට්ටුවා. ගොඩාක් මිනිස්සු ඔයා නොමග යැව්වා... විතරක් නෙමෙයි... එයාලගේ පිටිපස්සෙන් ගිහින් පිහියෙන් අනින ජාතියේ මිනිහෙක් ඔයා. ඒ උනාට ඔයා හිතාගෙන ඉන්නේ, ඔයා තද පොරක් කියලා ..! ගමේම මිනිස්සු දන්නවා ඔයා කවුද කියලා . ඔව් මම ඔයාව හඳුනනවා හොඳට..! "
මේ අපහාසය හේතුවෙන් පැමිනිල්ලේ නීතිඥයාට කර කියා ගන්නට දෙයක් නැති විය.
කුමක් කරන්නදැයි සිතා ගත නොහැකි වූ ඔහු විත්තියේ නීතිඥ දෙසට ඇඟිල්ල දිගු කර,
" හොඳයි ජෙනිෆර් මහත්මිය. දැන් මට කියන්න ඔබතුමී.. මේ විත්ති පාර්ශවයේ නීතිඥතුමා ව හඳුනනවා දැයි..? " ඇසුවේය.
ජෙනිෆර් මහත්මිය නැවත පිළිතුරු දෙන්නට පටන් ගත්තේය.
" ඔව් ඇයි මොකද මම නොදන්නෙ..! ඔය ජොන්සන් මහත්තයත් , මම පුංචි කාලේ ඉඳලම දන්නවා. මහා කම්මැලියා . ආත්මාර්ථකාමී මහා කුහක මිනිහෙක්. අරක්කු පෙරේතයා. එයාට බෑ.. කා එක්කවත් සාමාන්ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. මේ පළාතේම ඉන්න ජරාම නීතිඥයා තමා එයා. මම ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එයා එයාගේ නෝනා රැවැට්ටුවා. හොර ගෑණු තුන්දෙනෙක් ඉන්නවා එයාට. එක්කෙනෙක් ඔහේගේ නෝනා. "
පැමිනිල්ලේ නීතිඥයාට උන්හිටි තැන් අමතක විය.
මේ දෙස බලාසිටි විනිශ්චකාරතුමා, විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥවරුන් දෙදෙනාම තමන් අසලට කැඳවූයේය.
අනතුරුව පහත් හඬින් ඔවුන් දෙදෙනාට මෙසේ කීවේය.
" මදැයි කෙරුවා. තොපි දෙන්න ගෙන් කවුරුහරි එකෙක්, ඔය නාකි ගෑනිගෙන් ඇහුවොත් එහෙම, මාව අදුරනවද..? කියලා ආයෙ දෙකක් නෑ , මම තොපි දෙන්නම එල්ලනවා.

notes of imaginary

Tuesday, October 03, 2023

අඹන්වෙල නිළමේගේ හිටිවන කවි

"ඔහෝයියා!ඔහෝයියා!!අවුල්නාද සපිරිවර්දනේ
දින දින සපිරි වර්දනේ
කළුත්,සපුත්,සවුන්දිරිස්-
ලමිත්,කුමිත්,සුමිත්තරිත්
කිරිත්,ගිරිත්,පවුත්තරිත්-
ඇවිත් කලරොසේ
පසුත්,පෙරත්,දෙයත් වරත්-
රකිත්,සිටිත්,අණිත්,බනිත්
ගලුත්,මුළුත්,ගසත් වසත්,-
මහත් බැණ රොසේ



ඇඹුල්දෙණියෙ කිරාගෙ අඹු-
දිඹුල්මලිට ඇන්න ටොක්ක
බිබිල් නැගුනි ඉස හැමතැන
ඇඹුල් දෙහි ලෙසේ
නැඹුල් යකුට නිති පුදකොට
එකල් දියඟු දිවගෙන ගොස්
දිඹුල් දියට කඩා පැනපි
කිඹුල් මොටෙකු සේ
නල්ලුරැවේ සෙල්ලගෙ අඹු
එතනම සිට ගුගුල් නොවිඳ
ඉන්නක් ගෙන බැල්ලි කියා
ගසනා කල අල්ලගෙන සිඹා
ඉල්ලකකා ආඬින් මෙන
කොල්ල සේම ගොසින් දියඟු
බැල්ල සේම පැනපිය ගොස්
වල්ල කැළයටා
නිත්ත නොහැර ඉන්නා බඹ
බක්ක කියන හකුරගෙ දුව
අක්කෙ නුඹත් යන්නෙද දැන්
නක්ක නෙළුමටා
කෙක්ක ඇරන් ඇන්න කලට
හක්ක දෙපිට දත් එළියට
ටොක්ක නොකා පැන ගති
ලිප් බොක්ක ඇතුළටා
වත්තල කළුවාගෙ අඹුව
තිත්ත කතාවෙන් බැණගෙන
වත්ත මැදෙහි තිබුන කිතුලෙ
පිත්ත අරගෙනා
පැත්ත පිටට දුන්න කලට
පොත්ත ගිලී හඬක් නගා
අත්තන කැළයට පැන ගති
චිත්ත බිය ගෙනා




notes of imaginary