විත්ති වාචකයක් නොවේ !


මට බනින්නට කලින්

අසාපන් නංගියේ

මගේ මේ කතාවත් …


මීට කලකට කලින්

මුදුන් යටලීය හොඳ නිවසකට

මාව කැන්දන් ගියා

දෙමව්පියො කැට තියල කිව් නිසා

බය නැතුව මං ගියා


පිටින් පෙනුනට එහෙම

ගුල්ලො ගහලයි තිබුනෙ

දිරූ ලී කුඩු හොරෙන් හංගන්න

එයාගේ අම්මලා වෙහෙසුනත්

උන්දැලට බැරිවුණා


බෙරේ පලුවක් ගියත් බැඳගත්ත

ගහන්නම සිදුවුණා

නිදන්ගත විතරක්ම නෙවෙයි බං

වසංගත මහ ගොඩක් වැළඳිලා

එයා නිතරම ඇඳේ සැතපුනා’


දුර්වලම බිජුවලින් වැඩේවිද සරු ගහක්

පුතාගෙත් සනීපය පිරිහුණා

වැටෙන්නට ආසන්න

වියළි පොල් අතු වගේ

නැන්දම්ම සහ මාම

මගේ උරහිස මතට ඇළවුනා.


හැමෝගෙම ලෙඩ රෝග බලබලා

කාසි ටික දියවුනා

මං බොහෝ වෙහෙසිලා වැඩකළත්

ගොඩ එන්න බැරිවුණා


 පිදුරු ගහ හමුවුනේ ඔය අතරෙ

ඈ එක්ක නගරයට පිවිසුනා


හෝටලේ කිව්වාට ඒක බං

හැම වෙලෙම ලාබ බඩු විකිනුනා

මූණවත් නොබලාම හරියටම

ගනුදෙනුව පියවුනා


උඹේ කෝවලන් කුමරු ඌ කියල

මං දැනං හිටියෙ නෑ

දන්නවා වුණත් මට

වෙන දෙයක් කරන්නත් තිබුනෙ නෑ  





- පී. ජී. ආරියපාල


A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 ප්‍රතිචාර: