අහසිනුත් ගියා.




කයි කතන්දර හැදෙනෙ හින්දා කාටවත් නොකියා හංගා ගෙන ඉන්න කතාත් තියෙනවා. සමහර කතා මතක් වෙන කොටත් මහ මොකක්ද වගෙයි. කවුරුවත් මතක් කරපුවමත් හිතෙනවා කරපු මෝඩ කම් කියලා….ඔය පරන ආදර කතා වගේ.

ඔය කතා කාලෙන් කාලෙට විශ්ලේශනය වෙන්නේ එක එකතාලෙට. එක කාලයක් මහා වේදනාවෙන් සිහිපත් කරපු කතා තව කාලෙක විහිළු කතා වෙනවා.යථා ස්වරූපය අදුනා ගන්න බොහෝ කල් යනවා.

ඒ අතරමැද අත්දැකීම් ලබනවා. සමාන අත්දැකීම් තුලනය කරලා බලනවා.

පෙරලිච්ච පිට හොදයි කියනවා.

අද ඔක්තෝබර් මාසේ විසිවෙනිදා. පරණ කතාවක් නිමාවට පත් කරලා අළුත් කතාවක් ලියන්න පටන් අරන් අවුරුදු හතලිස් අටක්.

සුබවාදි කතාවක්……ඇත්තෙන්ම පෙරළුන පිට හොද කතාවක් ලියවෙලා.

අවුරුදු හතලිස් අටකටත් පෙර කතාවක් කියන්නම්.

සමනල වැව පුරවන්න බෙලිහුල්ඔය ගලා එනවා කියලා කියන්නේ වර්තමානයේ. මේ කියන කතාව වළවේ ගගට එකතු වෙලා බෙලිහුල්ඔය කල්තොට වෙල්යායවල් සරු කරන්න හාදු දිදී දුවිලි ඇල්ල වර්නවත් කරමින් ගලා බසින කාලේ.

සමනල වේල්ල ඉදිකරන්න පිඹුරුපත් හදමින් හිටපු කාලේ.

ඒ කාලේ මෝස්තරයට වගෙත් රැකියාවටත් ජනී ජනයා සමනල ඉවුරේ මැණික් ගල් හොයනවා.

සමහර අයට වාසිත් වෙනවා. සමහර අය සූදු කෙලින්නා වගේ හැමදාමත් ගං ඉවුර පීරනවා.දිනනවා වගේම පරදිනවා.

අපිත් දවසක් මැණික් හොයන්න ගියා.

කොල්ලෝ කුරුට්ටෝ පස් දෙනෙක්ගේ සෙට් එකක්.

දවස් දෙකතුනකට කෑම බීමත් අරගෙන ගග අයිනේ වාඩියකුත් අටවගෙන වැඩේට බැස්සා.

අපි එකෙක්වත් මැණික් ගැන හාංකවිස්සියක් දන්නේ නෑ. ඒ වුනත් වැඩේ ජොලි.

උයනවා පිහනවා .කනවා බොනවා.

ගිණි මැල ගහගෙන වනන්තරේ මදුරුවෝ තලමින් ජොලියේ දවස ගෙවනව‍ෙ

දවල් කාලෙට නොයෙක් නොයෙක් අය ගගට එනවා.

රැල්ලට වගේ කෙල්ලෝ කෙල්ලෝ මැණික් හොයන්න ඇවිත් හවසට යනවා. අපිත් එක්ක යාවජීව මැණික් හොයන සාමාජිකයන්ගේ පැල් කොටත් තිබුනා.

ඒ හින්දා තනියක් නෑ..

ඔහොම දවස් දෙක තුනක් ඉදලා කන බොන දේවලුත් හිග වෙන කොට අපි ගෙවල් වලට එන්න සැළසුම් කලා.

හම්බු වුන මැණිකකුත් නෑහැ. දන්න මැණිකකුත් තිබුනේ නැහැ.

ආපහු එන්න පෙරදා දවල් ගගේ ප්‍රිය සම්භාෂණයක්. ගගට සමු දෙන්න.

ඒ කලේ   නාගසලම් වීදියේ සුප්‍රසිද්ධ වෙද මහත්තෙක් ගුලියක් හදලා වෙළද පලට එක්කරනවා පත්තරවලත් ගුලිය ගැන දැන්වීම් එහෙමත් තියෙනවා. කාලේ හැටියට ප්‍රසිද්ධ ගුලියක්.

අපේ සගයෙක් මේ ගුලිය ඖෂධයක් කියලා භාවිතා කරනවා.එදා දවල් කෑමට පෙර එක එකාට මේ යකා ගුලි පෙව්වා.

මට උනේ හරි අලකලංචියක්. ඉිසේ බර ගතියක් දැනෙනවා. ටිකින් ටික නිදිමතත් එක්ක කරකැවිල්ලක් වගෙයි. 

මම දිග පලල තියෙන ඇදක් වගේ ගලක නිදි. ගල හයියෙන් බදා ගෙන . මට ගල පෙල්ලෙයි කියලත් හිතෙනවා. සම්මජාති පෙරෙලෙන්න තියා හිතන්නවත් බැරි ගලක්.

ඔන්න ටික වෙලාවක් යන කොට ගල පාවෙනවා. මාත් එක්කම..

ඒක ජොලි ආතල් එකක්.

මම වැටෙයි කියලා ගල බදා ගෙන අහසේ පාවෙනවා. වළාකුල් වලටත් උඩින්.

කොච්චර වෙලාවක් පාවුනාද දන්නේ නැහැ. මට ඇහෙරෙන කොට වාඩියේ..

එහෛම ආතලුත් ජීවිතෙට ලැබිලා තියෙනවා .



A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

1 ප්‍රතිචාර:

D.G.M බස්සා said...

මට ඔය ආතල් එක ගන්න ලැබිලම නෑ නෙව? පට්ටිපොලෙ ෆාම් එකකදී, රොකට් එකක් ගහන්න බැලුවා. කොහේද, පට-පට ගාලා ඇට පුපුරනවා. අනිත් එව්වො විකාර කියවන්න ගත්තා.මට මුකුත්ම වෙනසක් දැනුනෙ නෑ.