ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග හුදෙක්ම ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත.ඒවාට තදින් ඇලී සිටීමෙන් පීඩා විදින්නේය.මින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2014-03-30

දිණුම් කනුව පහුවුනා!.
















notes of imaginary

2014-03-24

දිනුම් කනුව !




notes of imaginary

2014-03-23

බෙලි ඖෂධයක්.




පෙරදාක නතරවු වියමනේ ඉතිරි කොටස අද ලියන්නේ බෙලි අපට ප්‍රයෝජනවත් වෙන අන්දමත් ප්‍රයෝජනයට ගන්නා අන්දමත් පිලිබදව පුංචි චිචරනයක් කරන්න. මේ වැඩේට මට උදව් වුනේ අපේ නිවස ලගම ඉන්න ආයුර්වේද වෛද්‍යාචාර්ය තුමන් . කතා බහ සමාලෝචනය කරපුවම බෙලි අමාශය ආශ්‍රිත රෝග සදහා කදිම ඔසුවක් කියලා මට හිතුනා. බෙලි ගහේ මුල්
,පොතු , කොල,  මල් සහ පල කියන සියළු අංග අපිට ප්‍රයෝජනවත් වන අන්දම එතුමාගේ අදහස් වලින් පැහැදිලිවේවි.

කොයිතරම් බඩගින්න දැනුණත් කෑම කන්න අප්‍රියයි.දැක්කම එපා වෙනවා. ඒ බව ප්‍රකාශ කලොත් මුළුතැන්ගේ පැත්තෙන් ගෝරනාඩු. ගෝරනාඩුවට බියේ අමාරුවෙන් හරි ගිලදැම්මොත් වමනයට ඔක්කාරෙට එනවා.  එවන් අපහසුකමක් ඇතිවුනොත් වලං පිගන් ඇගට එන්න ඉස්සෙල්ලා ඉදුණු බෙලි මද ග්‍රැම් 60, සීනි ග්‍රැම් 20ක්, ලුණු ස්වල්පයක් වතුර මි.ලී. 240 මිශ්‍ර කරලා පෙරළා දින 5ක් පමණ උදෑසන හිස් බඩට බොන්න. සිරුරේ ඇති බර ගතිය නිදහස් වෙලා කෑම අරුචිය නැති වෙලා යනවා. අනෙක් අපල උපද්‍රව වලිනිනුත් ආරක්‍ෂා වෙනවා.
ඉදුණු බෙලි මද ටිකක් අරගෙන පොල් කිරි සමඟ මිශ්‍ර කර ගන්න. සීනි සහ ලුණු පදමට එන පරිදි දමා දිවුල් කිරි වගේම හොඳින් ඒ ද්‍රාවණය මිශ්‍ර කරගන්න. ආහාර හොඳින් දිරවීමටත්, අර්ශස් වගේ රුධිරය පිටවන රෝග නැතිකර පහසුවෙන් බහිස්‍රාවීය කටයුතු සිදුවීමටත් මේ පානය ඉතාමත්ම ප්‍රයෝජනවත් . ආමාශ තුවාල, අධික අම්ල පිත්ත, ගැස්ට්‍රයිටීස් වගේ ආසාදනවලට බෙලි කිරි හොඳයි.
අතුරුපසක් විදියටත් අගේ ඇති බීමක්. 

අපේ බඩ නොයෙක් විදියේ පෙරලි කරනවා. බුරුල් වෙනවා වගේම තද වෙනවා.ඉදුනු බෙලි මද බඩ බුරුල් කරලා පහසුකරනවා වගේම ඕනවට වගේ බුරුල් වෙලා එක දිගට දුවන්න උනොත් ( අතීසාරය වැනි රෝගවලදී) බෙලි ගැට මද වලින් පුළුවන්  මල වියළී යාමට සලස්වන්න.  බෙලි ගැට මද කොටස් තුනක් උක් හකුරු කොටස් දෙකක් සමඟ මිශ්‍ර කරලා වරකට ග්‍රැම් අටක් වගේ දිනකට දෙවරක් ආහාරයට ගන්න. අතීසාරය ගතිය දුරුවී සාමාන්‍ය තත්වයට හැරෙනවා.  
මොකක්ද වදේ මේ කාලා අත හොදා ගන්නේ දොර ඇරගෙන ?. අහල තියෙනවද මේ ප්‍රශ්නය.  ඒකටත් උත්තරය බෙලි ගැට වල තියෙනවා. ඒ වගේ අයට බෙලි ගැට මද හොඳින් අව්වේ වියළා අරගෙන ඒ වියළි බෙලි ගැට මද ප්‍රමාණයට සමානව වියළි ඉඟුරු මිශ්‍රකර හොඳින් කුඩු කර මෝරු සමඟ දිනකට වරක් වෙන්න වගේ පානය කරන්න. ප්‍රශ්නය සමනය වනවා.
ඇතැම් විට අතුල් පතුල් දැවිල්ල ඇත්නම් බෙලි ගැට මද තල තෙල්වල සතියක් දාලා තියලා පෙරළා අරගෙන ඒ දැවිල්ල වේදනාව ඇති තැන්වල ආලේප කරන්න. අතුල් පතුල් දැවිල්ල සුවපත් වෙනවා.
අපි  දැකලා තියෙනවා කිතුල් හකුරු සමග බෙලිමල් බොමු කියලා දැන්වීම් පුවරු අගේ ඇති බීමක්. 
උෂ්ණ කාලවලදී බෙලි මල් තම්බලා කිතුල් හකුරු හා සීනි සමඟ බොන්න ගන්නව නම් ඇඟට සිසිල් ගුණයත් ලැබෙනවා. පුළුවන් නම් තේ වලින් බෙලි මල් තම්බලා බොන්න නොමිලයේ රෝග රැසක් වලක්වා ගන්න පුළුවන්.

බෙලි මුල් ආයුර්වේදයේ සඳහන් වන දශ මුල්වලින් එකක්. වාත රෝගවලට, ඉදිමුම්, හන්දිපත් වේදනාවලට වගේම සිරුරේ අභ්‍යන්තරව සහ බාහිරව ඇති විවිධ වේදනාවලට බෙලි මුල් සහ සුදුලූනු තම්බලා බොන්න. වේදනා නාශක ඔෟෂධීය ගුණය ඇති පානයක්.

පුංචි ළමයින්ගේ  අජීර්ණය නිසා වමනය අතීසාරයට බෙලි මුල් පොතු 60 ග්‍රැම් ක් වතුර 960 මිලිලිටර් දමා ඒකට වී පොරි කුඩු සහ සූකිරි ස්වල්පයක් මිශ්‍ර කරලා 240 මිලිටර් එකකට සිඳුවා උදේ කෝප්ප භාගයයි සවස කෝප්ප භාගයයි බොන්න දින තුනක්, හතරක් දෙන්න පුළුවන් නම් රෝගී තත්වය බැහැර වෙනවා. 

අමු බෙලි කොළ කොටලා යුෂ අරගෙන ඒ යුෂ සමඟ ගම්මිරිස් කුඩු ටිකක් මිශ්‍ර කරලා දිනපතා උදෑසන බොන්න. ශරීරයේ සීනී පාලනය වී දියවැඩියාවට ප්‍රතිකර්මයක් වෙනවා.  ඉදිමුම් වේදනා ඇති වන අවස්ථා වලදී බෙලි කොළ කොටලා රෝගී ස්ථානයේ ආලේප කිරීමෙන් සුවය අත්වෙනවා.

රූපලාවන්‍ය කටයුතු සඳහාද බෙලි යොදා ගත හැකියි. කාන්තාවන්ගේ  මුහුණේ ලප කැළැල් සහ කුරුලෑ දුරලීමට බෙලි ඉතාමත්ම සුදුසුයි.
සිරුරේ  ඇතිවන දහදිය බිබිළි , සිරුරෙන් අසාමාන්‍ය ලෙස දහදිය ගඳ හමනවා නම් . බෙලි කොළ අඹරලා සිරුරේ ආලේප කරගෙන පැයකට පමණ පසුව නාන්න. දහදිය ගඳ යෑමටත් බිබිළි නැති වෙලා යන්නත් ඒක හොඳ ප්‍රතිකර්මයක්.
ඉදුණු බෙලි, කහ, දෙහි එකට මිශ්‍ර කරලා ලප කැළැල්, කුරුළෑ සහිත මුහුණේ ආලේප කරලා පැය දෙකකට පමණ පසුව මුහුණු සෝදන්න. සති දෙකක පමණ කාලයක් මෙම ප්‍රතිකර්මය කිරීමෙන් සම පැහැපත් වෙනවා. මුහුනේ හම පැළෙනවා නම් හැකිළෙනවා නම් . ඉදුණු බෙලි, වට්ටක්කා මද සමඟ හොඳින් මිශ්‍ර කරලා එළකිරි සමඟ කලවම් කරලා ගාන්න. හමේ තෙතමනය රදා පවතින්න හොද  ප්‍රතිකාරයක්. 

බෙලි මුල්

අධික රුධිර පීඩනය ඇති අයට බෙලි මුල්, බැබිල මුල්, අමු ඉඟුරු, සමව අරගෙන හොඳින් තම්බලා ඒ තැම්බුම් යුෂ සීනි ස්වල්පය බැගින් මිශ්‍ර කර වරින් වර බොන්න. අධික රුධිර පීඩනයට එය ගුණදායකයි.




notes of imaginary

2014-03-22

බෙලි .



බෙලි
ගැන කතා කිරීමත් බෙල්ල ගහලා යන වැඩක්. බෙලි කැපීම අපේ රටේ සුලභව අහන්න ලැබෙන කතාන්දරයක් .බෙල්ල කපලා ගියත් කමක් නැහැ කියන උදවියත් අපි අතර ඉන්නවා. ඒ කවුරු උනත් බෙලි බේර ගෙන තමයි කවුරුත් වැඩට බහින්නේ. මේ දවස් වල බස්නාහිරත් දකුනෙත් පලාත් සභා මැතිවරණ ඉතින් බෙලි පරිස්සම් කරගෙන තමයි ලියන්නත් කියවන්නත් වෙන්නේ.
කාලෙකට පස්සේ කරන මේ වියමන් වෙන් වෙන්නේ බෙලි ගැන. අද වියමන එසේ මෙසේ බෙලි ගැන නෙමෙයි. Aeqie marmelos විද්‍යාත්මක නාමයෙන් හදුන්වන බෙලි ගැනයි. මේ “බෙලි”  - තමුන්ගේ බෙල්ල  විතරක් නෙමෙයි මුළු ශරීරයම ආරක්‍ෂා කරන නිසා කලබලයක් නැතිව කියවන එක ඇගට නම් ‍හුගක් ගුණයි.
කොයි දේටත් ඉතිහාසයක් තියෙනවානේ. ඒ වගේම හදාපු කයි කතන්දරත් ( ජනප්‍රවාද ) තියෙනවා නේ . අපි ඒවත් ටිකක් අහලා බලමුකෝ.
බෙලි කැපිල්ල නම් 'වහ්නි පුරාණය' යේ සදහන් වන්නේ ප්‍රදේශයටම තුන්බිය ගෙන්වන විනාශයක් විදියටයි. මොකද බෙලි ගස් වලට අරක් ගත්ත දෙවි දේවතාවුන් රැසක් ඉන්නා බවයි 'වහ්නි පුරාණය' සදහන් කරන්නේ . ඔවුන්  කෝපවී ප්‍රදේශයම විනාශ කරනවා කියන මතය 'වහ්නි පුරාණය' පල කරන්නේ බෙලි ගස් ආරක්‍ෂා කරගන්න වෙන්න ඕනී. බෙලි වල තියෙන ඖෂධීය ගුණ තැන හිතන කොට ඇත්තෙන්ම බෙලි ගස් විනාශ කිරීම තුන් බිය ඇතිවීමට එක් හේතුවක්.
දැන් කාලේ ඉන්න local දෙවිවරුන්ට නම් ගහක් ගලක් පෙන්නන්න බැහැ. ඒත් එයාලට ඇති තුන්බියකුක් නැහැ.
අපේ සංස්කෘතියේ අපට  උරුම කරලා දුන්න ජනප්‍රවාද තියෙනවා නේ. එක් ජනප්‍රවාදයක් තමයි බෙලිගල රජමහා විහාරයේ පැවැති දැවැන්ත බෙලි ගසක ඵලයක්  මහා හඬක් නඟමින් දෙකඩ වී පුපුරා “හෙණකඳ බිසෝ බණ්ඩාර දේවි”  උපත සිදුවූ බව.
බෙලි ශාකය ආයුර්වේදයේ  සෞභාග්‍යයේ සංකේතයක් කියන අදහසින් “ශ්‍රී ඵල “ කියලත් සශ්‍රීකවත් ශාකයක් යන අදහසින් “ සදා ඵල “ කියලත් ලක්ෂ්මි දේවිය අරක්ගත් ශාකයක් යන අදහසින් “ශ්‍රීයා ඵල”  කියලත් හඳුන්වනවා. එපමණක් නොවෙයි බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන දෙවියන් තුන්දෙනා සංකේතවත් වන ආකාරයට පත්‍ර තුනක් වන පරිදි බෙලි ශාකයේ පත්‍ර පිහිටා තිබෙනවා කියන අදහසකුත් තියෙනවා.

බෙලි හොද පලතුරක් .
ඉදුනාම  ස්වභාවික තත්වයෙනුත් , හොදට පැහුණ බෙලි තම්බලා පානයක් වගේත් කන්නත් පිලිවෙල කරගන්න පුළුවන්. බෙලි මල් රසවත් පානයක්. මදය කෑමට ගත් පසු බෙලි කට්ට වියලා තම්බා පානයක් ලෙස පිලිවෙල කර ගන්නත් පුළුවන්.
බෙලි දේශීය ආයුර්වේදයේ රෝග රාශියකට ගුණය ලබාදීම සඳහා යොදා ගන්නා අගනා විස්මිත ඖෂධයක්. අර්ශස් රෝගය , අන්තරය ආශ්‍රිත රෝග , ශරිර සෞඛ්‍ය වර්ධණය කරගැණිමට සුදුසු ගුණාත්මක බවක් බෙලි වල තියෙනවා. බෙලි පොදුවේ ගත්තොත් අන්ත්‍රයේ රෝගවලට ඉතාමත්ම ගුණයි. ඒ වගේම බෙලි කියන්නේ වා, පිත්, සෙම් තුනටම හොඳ අගනා ඖෂධයක්.  වගේම හෘදය ආශ්‍රිත දුබලතාවලට, ඉදිමුම් වේදනාවලට, විවිධ අතීසාර රෝගවලට, කෑම අරුචියට ආදී රෝග රැසකට හොඳ ඖෂධයක්.
බෙලි මදවල කාබෝහයිඩ්‍රෙට්, ප්‍රෝටීන්, සීනි, කැල්සියම්, පොස්පරස්, යකඩ,  ගුණයන් සහ  බෙලි මදය මත තියෙන වාෂ්පශීලී තෙල් ගතිය සහ ගම් වැනි අලේපය සිරුරේ මාංස පේශි වර්ධනයට උපකාරී වෙනවා. ආයුර්වේදියේදී බෙලි කොල ,මල් පොතු, ගෙඩි මුල් ප්‍රතිකාර සදහා යොදා ගන්නවා.
බෙලි  ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, බුරුමය, තායිලන්තය යනාදී රටවල වැවෙනවා.

 බෙලි ගැන තව කතාවක් ආයෙත් වියමන් කරන්නම්. 


notes of imaginary

2014-03-20

මමයි මහ ඇමති !.




notes of imaginary

2014-03-13

දෙවියන්ගේ පිහිටයි !



notes of imaginary

2014-03-12

“විනයො නාම ශාසනස්ස ආයු ! “





“විනයො නාම ශාසනස්ස ආයු ! “ශාසනය පවත්වා ගැනීමේ ප්‍රධාන සාධකය විනයයි.  සාසනයේ ආයුකාලය පවතින්නේ විනය මතයයි .බුදුරජානන් වහන්සේ අනු දැන වදාලේ එහෙයිනි. විනය නැති තැන ශාසනය බිඳ වැටෙයි. ශාසනය බිඳ වැටුණු කල රටත් - ජාතියත් දෙක ම බිඳ වැටෙයි.
වර්තමානයේ සිදුව ඇත්තේ එවැන්නක්ද යන්න මට සිතේ. 
බහු ආගමික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ  උරුමය රැඳී ඇත්තේ ‍බුද්ධ ශාසනය මත යි. අතීතයේ සිට  මෙතෙක් රාජ්‍යත්වය රැදී සිටියේ බුද්ධශාසනය මත යි.  ශාසනය යනු භික්ෂු සංඝයාය.   ශාසනයයි  අප  හදුන්වන ආයාතනයේ  ජීවමාන සාධකය වන්නේත් භික්ෂු සංඝයායි. භික්ෂුව දේශපාලනයට මැදිහත් නො වී; අර්ථයෙන් ධර්මයෙන් උපදේශන සැපයු බව  අප ඉතිහාසයේ සදහන්වී ඇත. 

එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ භික්ෂුව දේශපාලනයට මැදිහත්වී අවමානයට ලක්වීමයි. අපේ හාමුදුරුවන් ගෞරාන්විතව වැඩ වාසය කරමින් අර්ථයෙන් ධර්මයෙන් උපදේශනය කරනවා වෙනුවට දේශපාලනයට මැදිහත්ව  කරන විකාරය දැන් දැන් අපට අප්‍රසන්න බව සදහන් කල යුතුයි.  

ශ්‍රී ලංකාවේ අපේ හාමුදුරුවරුන් විනය ගරුක ද? ශික්ෂාකාමී ද? උන්වහන්සේලා පොලිස් නිලධාරීන් හා  ගුටි - බැට හුවමාරුවලට යති.  ඇතැම් හාමුදුරුවරුන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කොට ඒ මත්තේ දිවි නසාගැනීමට යති. සිරුරට ගිනි තබා ගැනීමට යති. මහ පාරවල් මැද උද්ඝෝෂණ කරති. දේශපාලකයනට තර්ජනය කරති. තවත් සමහර හාමුදුරුවරුන් ඉල්ලීම් ඉදිරිපත් කොට ප්‍රසිද්ධ ස්ථානවල උපවාස කරති. ඇතැම් හාමුදුරුවරුන් හැසිරීම සමාජයට හිසරදයකි. 

සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාණ සච්චි කරණත්වා මම  සියලු දුක් කරදර නිමාකොට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මහණකමට පිවිසියෙමි.  යන්න පිලිගෙන මහනකමට පත්වන හාමුදුරුවරුන් ලෞකික ජීවිතයේ දිනාගත යුතු දේ කුමක් ද? යාන වාහන ද? ප්‍රසිද්ධිය ද? ජනප්‍රිය වීම ද? වීරයකු වීම ද? මේවා නිවන් මඟ සමඟ ගැළපෙන්නේ කෙසේ ද?
බාල දේශපාලනය සමග හාමුදුරුවරුන් සම්බන්ධ වුවහොත් එතැන ඇතිවන්නේ බලවත් පටලැවිල්ලකි. එබඳු දේශපාලනයකට සම්බන්ධ වුවහොත් හාමුදුරුවරුන්ගේ  විනය මුළුමනින් ම පිරිහී යයි. ශ්‍රාවක ප්‍රජාවගන් ලැබෙන  ගෞරවය ද කෙළෙසී යයි. 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා රාජකීය නායකත්වයට වඩා ආගමික නායකත්වය පිළිගනිති. එහි අදහස වන්නේ ආගමික නායකයනට කන්දීමට බෞද්ධ ජනයා වැඩි උනන්දුවක් දක්වන බවයි. අදටත් තමන්ගේ පාඩුවේ ගමේ බෞද්ධයාට අර්ථයෙන් - ධර්මයෙන් උපදේශන සපයමින් විමුක්තියක් අපේක්ෂා කරන භික්ෂුහු අනන්තවත් සිටිති. උන්වහන්සේලා සියළු දුක්දොම්නස් දරා ගනිමින් සමාජ සුබසිද්ධිය සඳහා ද, අධ්‍යාත්මික විමුක්තිය සඳහා ද සිය ජීවිතය කැප කර සිටිති. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවෙති.

පළමුවන ධර්ම සංගායනාව ඇතිවූයේ විනය විරෝධී වචනයක් නිසා ය. එය සුභද්‍රගේ අභද්‍ර වචන ලෙස ඉතිහාසයට එක් වී තිබේ.
දෙවන ධර්ම සංගායනාව ඇති වූයේ ද විනය විරෝධී කටයුතු දහයක් මුල් කරගෙන ය. එයින් හතරක් ම ශාරීරික අවශ්‍යතාවලට සම්බන්ධය. එකල ඇතැම් භික්ෂූන් මී - රා පානය කොට රන් කහවනු අල්ලස් ලෙස ලබාගත් බව ද ඉතිහාසයේ සඳහන් ය.
කුමක් වුව අපේ ශාසනය රැකීමට කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය. පළමුවන්න භික්ෂූන්ගේ සංවරය ය. දෙවැන්න භික්ෂූන් කෙරෙහි ගිහි බෞද්ධයන් දක්වන ගෞරවය ය.
භික්‍ෂුව සංවර නොවු කල ගිහියන්ගේ ගෞරවය නොලැබීයයි. එවිට  ශාසනයේ පැවත්ම විනාශවේ.  සංඝරත්නය දේශපාලනය පසෙක තබා ශාසනය ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තුවුවත් එය සිතිවිල්ලකව  බොදවන්නේ කනගාටුවට පත්කරවමිනි. 

අමරපුර සිරි සද්ධම්මවංශික මහා නිකායේ  කාරක සංඝ සභාව ස්වකීය නිකායට අයත් කිසිදු හිමි නමකට උද්ඝෝෂණ, පෙළපාලි තහනම් බවට සහ  සෘජු ලෙස දේශපාලනයට සම්බන්ධ වීම තහනම් බවට තීන්දුවක් ගෙන තිබේ.  භික්ෂු සංඝයාගේ විනය කටයුතු පිළිබඳ සලකා බලා මේ තීන්දුව ගත් බව ද කාරක සංඝ සභාව තවදුරටත් පැහැදිලි කරයි.

මේ තීරණය රටේ අනෙකුත් බෞද්ධ නිකායවලට ආදර්ශයෙකි.  ක්‍රියාත්මක වන්නේ නම් රටට ජාතියට හා අපේ රටේ අනාගතයට වැදගත් වන තීන්දුවකි.


notes of imaginary

2014-03-11

කොහෙත් එකයි ?.






notes of imaginary

2014-03-10

Human rights








notes of imaginary

2014-03-08

බඩට ගහන්නේ නෑ...........!




notes of imaginary

හීනෙන් බයවෙලා !


 කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබේ . මාධ්‍ය මහ ඉහලින් ප්‍රවෘත්ති පල කරයි.

සංශෝධනයක් !. කැබිනට් මණ්ඩලය විසුරුවා හරී.
, නව කැබිනට් මණ්ඩලය දහසයයි නියෝජ්‍ය ඇමතිවරුත් දහසයයි !
ව්‍යාපෘති කණ්කානි තනතුරු නැහැ.
ජ්‍යොෂ්ඨ ඇමතිවරු ගෙදර
ප්‍රවෘත්ති වැහි වැහලාය. මේ අතර අතුරු කතා ඇසෙන්නට පටන් ගනි. ඇමතිවරු නිල වාහනය වශයෙන් බයිසිකල් තෝරා ගෙන කියන කතාව සුලගක් මෙන් පැතිරෙයි. මට සැකයක් ඇතිවු බැවින් මේ ප්‍රවෘත්ති පැතිරෙන්නේ ශ්‍රී ලංකාවේද යන්න විමසීමට
බයිසිකලයක් පැදයමින් මා ඉදිරිපසින් එන බඩ තඩි සුදු ඇදුමක් ( බාච්ඡුවක් ) ඇදගත් පුද්ගලයෙකුට අත දිග් කලෙමි.  බයිසිකලය නතර කල ගරු ගාම්භිර බවක් පෙන්වූ වත් කාරුණික ඒ මහතා ඔව් ඔව් ශ්‍රී ලංකාවේ යයි උත්තර දී  බයිසිලය හැසුරු වේගයට  පාරේ අයිනේ තිබු රැහැන් ආවරනයකට මගේ දෙපා ගැටුණා.

ඒ තිගැස්මට මට ඇහැරුනා . මා සිටියේ ඇද උඩ . කියවමින් හිටපු ලිපිය තාමත් කොට්ටේ ලග
ඒ ලිපිය ලියවී තිබුනේ ඉතාලි අගමැති මත්තේයෝ රෙන්සි මහතා ගැන.   එතුමාගේ ඇමති මණ්ඩලය 16 යි. එතුමා ගමන් බිමන් සදහා යොදා ගන්නේ බයිසිකලයක් . ඉතාලියේ ජනගහණය කෝටි හයක්.  
 ඉතාලියේ අගමැති ධුරයට පත්වෙන්න පෙර  මත්තේයෝ රෙන්සි මහතා ෆ්ලොරෙන්ස් හී නගරාධිපති හැටියට  කටයුතු කලා. එතුමා නගරාධිපති හැටියට මනා කලමනාකරණයෙන් කරන ලද වියදම් (ටොයිලට් පේපර්ස්වල වියදම දක්වා ) අන්තර්ජාලය තුලින් ජනතාවට දැනගන්නට සැලැස්වීමෙන් පෙන්වනලද විනිවිදභාවය සහ පරිපාළනය තුල දැනෙන ජනතාවාදී ප්‍රතිසංවිධාන ක්‍රියාත්මකකිරීමෙහිලා දක්වන අධිශ්ඨානශීලීත්වය නිසාම ජනතාව විසින් තමන් ගේ අගමැති ලෙස පත් කරගන්න ජනතාව උනන්දු වෙලා ! .
වයස අවුරුදු 39 දී හය කෝටියක ජනතාවගේ අගමැති බවට පත්වුනා.
ඒ ඉතාලියේ - ශ්‍රී ලංකාව ගැන මම ලියන්න ඕනී නැහැනේ.
ඡන්දයට  නාමයෝජනා ලබන්න සුදුසුකම් ලබන්නේ අධිකරණයේ ලබා තියන පෙර වැරදි ප්‍රමාණය මත. නැත්නමි පරපුරෙන් පරපුරට කරලා තියෙන ගසා කෑම් ප්‍රමාණය මත. සාධාරණ විදියට දේශපාලකයෙක් හැටියට විතරක් හිටිය මනුස්සයෙක් ඉන්නවානම් එයාගේ පරපුරට නාමයෝජනා ලබා ගැණීම නම් බොරු .  පැත්තකින් මත්ද්‍රව්‍ය ,රාජ්‍ය දේපල අනිසි ලෙස පරිහරණය, කොමිස් ,ගසාකෑම් වගේ ක්‍රියා පිලිබදව වැඩියෙන් කියවෙන පරපුරට නාමයෝජනා ෂුවර්.
ඉතින් උඩින් නාමයෝජනා අරන් එන එකාට ඡන්දය දීමනේ අපේ පරමාධිපත්‍ය.
ප්‍රජාතන්ත්‍රවාදී ස්කෝලේ පරමාධිපත්‍ය පේපර් එකට ලියලා වැඩියෙන් ලකුණු ගත්ත එකා පාස්. ඌ ( සමාවෙන්න ! මට මේ ශිෂයයන්ට කියන්න වෙන ගරු කටයුතු වචනයක් නැහැ ) .
පේල් වුන එකා ආණ්ඩුපක්‍ෂයේ නම් සංස්ථාවක සභාපති කෙනෙක් , නැත්නම් උපදේශක කෙනෙක් .
විපක්‍ෂයේ නම් මැරයෙක් නැත්නම් කප්පම් කාරයෙක්, නැත්නම් හොරෙක්. මේ දෙයාකාරයෙන්ම කියවෙන වෘත්තීයක්ම විශ්ලේෂණය කලොත් එකයි. 
දෙගොල්ලෝම නම්බුකාර කමින් සහ අනතුරුදායක අන්දමින් මැතිවරණ වියදම් පියවා ගන්න කටයුතු කරනවානේ.
පසුගිය සතියෙ මාධ්‍ය පල කල පුවත් එකතු කරපුවහම බස්‌නාහිර සහ දකුණු පළාත් සභා ඡන්දයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් රජයේ වාහන 13 ක්‌ පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන. ඒ අතර මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි , 'ඡන්ද ත්‍රස්‌තවාදීන්' අත්අඩංගුවට ගැණිම් , විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා.  ලස්සනම ප්‍රවෘත්තිය   බස්‌නාහිර සහ දකුණේ ඡන්ද ඩියුටි සඳහා මැර කණ්‌ඩායම් 15 කට අයත් නමගිය 181 දෙනෙක්‌ ඩියුටි පටන් ගත් බව දැක්වෙන ප්‍රවෘත්තියයි. 
මේ ගොල්ල නැතිව ඡන්ද කරන්න බැහැනේ. පොලිසිය හැම දේටම මැදිහත් වෙන්නේත් බැහැනේ.

මේ හැමදේටම ජේ. ආර් මහත්තයා සිහිපත් කරනවා. ඒත් මෙච්චර හයිය තියනවා කියන ආණ්ඩුවක් ජේ. ආර් මහත්තයාගෙන් උනා කියන වැරැද්ද තාමත් නිවරදි කරන්න උත්සහායක් අරගෙන නැහැ.




notes of imaginary

2014-03-02

ශිව රාත්‍රිය



 

මහා ශිව රාත්‍රිය ගෙවිලා ගිහින්  දවස් කිහිපයක් වෙනවා. නවම් පෝයට පසු එන අමාවක පෝයදා යෙදෙන්නේ මහා ශිව රාත්‍රිය. මේ අවුරුද්දේ මහා ශිව රාත්‍රිය යෙදිලා තිබුනේ බ්‍රහස්පතින්දා දවසක. එදා  අපිට ප්‍රසිද්ධ සහ බැංකු නිවාඩු දිනයක්. පාසල්වලටත් නිවාඩුයි. පාසල් යන දරුවන්ට මේ නිසා නිවාඩු දිනය ඇගට දැනෙනවා. ටියුෂන් මාස්ටර්ලා ගේ දවසක් නොවෙන නිසා. ඒත් කැලන්ඩරය බලලා අවුරුද්දම  program  කරන ටියුෂන් මාස්ටර්ලා මේ දවසත් ව්‍යාපාරික දිනයක් ලෙස සලකලා තිබුනා.

සමහර කම්මැලි ගුරුවරු තමුන් දැනුවත් වෙන්නෙත් දරුවන්ගෙන් . එන අවුරුද්දේ සාමාන්‍ය පෙල ලියන  පන්තියට පුරවැසි අධ්‍යාපනය උගන්වන ගුරුතුමිය මගේ ඥාති දියණියට හෙට එනකොට මහා ශිව රාත්‍රිය ගැන කරුනු හොයා ගෙන එන්න කියලා. නරක නැහැනේ ඒ ක්‍රමයත්. ‍ටියුෂන්වලදිවත් පාසලේදීවත් මහා ශිව රාත්‍රිය මේ දරුවට ග්‍රහණය වෙලා තිබුනේ නෑ. මේ නිසා ඇයට  මහා ශිව රාත්‍රිය කියන්නේ මොනවගේ දිනයක්ද කියන එක ප්‍රශ්නයක්.

මොකක්ද ලොකු තාත්තේ ශිව රාත්‍රිය කියන්නේ ?.
දරුවා මට ප්‍රශ්ණයක් දැම්මා  මට මතක්වුනේ වතුකරයේ ජනතාව ශිව දෙවියන් උදෙසා පවත්වන  කාමන් - කූත්තු කියන ආගමික උත්සවය.  එදින කෝවිල්වල සිව රාත්‍රිය සැමරීමට බැතිමත්හු නොයෙක් නැටුම් ගැයුම් වැයුම් සහ සිව පුරාණයේ එන කතා පුවත් රඟ දක්වනවා.
වතුකරයේ ජනතාව දීර්ඝකාලයක් ආශ්‍රය කරපු මට ඒ කාලේ ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික බැදියාව හදාරන්න ඕනකමක්  තිබුනේ නෑ. 

මම දෙමළ භාෂාව කතාකරන්න ඉගන ගත්තේ ඔවුන් හා ඇසුරෙන්. ඒ කාලේ එයාලත් මාත් අතර තිබුනේ එක්තරා විදියක මුදල් ගණුදෙනුවක් .
මම දරුවාගේ අවශ්‍යතාවය පිරිමහන්නත් එක්ක කතා කලා මගේ පරණ හිතවතෙකුට. එයා කෝවිලක පූසාරි කෙනෙක්.

මේ එයාගේ වාර්තාව. දෙමලෙන් මා විසින් සිංහලට පත්කරලා දියණියට කියවපු ආකාරයෙන්ම.
අපිට වෙසක් දිනය වැදගත් . ඒ වගේ හින්දූන්ට මහා සිවරාත්‍රි දිනය වැදගත් ආගමික දිනයක්.  ශිව දෙවියෝ නවම් පොහොයට පසු එන මේ අමාවක දිනය ප්‍රිය කරනවා. ඒ අනුව ශිව දෙවියන් ප්‍රිය කරන මෙ රාත්‍රිය  ශිව රාත්‍රිය ලෙස පත්වෙලා හින්දූන් ආගමික වතාවත් කරනවා.  මෙම ආගමික වතාවත් බොහෝ සෙයින් උපවාස කිරීමේ ස්වරූපයක් ගන්නවා. මෙ දිනයේදී සිව බැතිමත්හු තම ආත්ම භාවය සකස් කර ගැනීමට රැය පුරාම නිදිවර්ජිතව නොයෙක් පුණ්‍ය කර්මවල යෙදෙනවා  මෙසේ පුණ්‍ය කර්මවල යෙදෙන්නේ උපවාසයේ හිඳිමින්. බොහෝ බැතිමත්හු එදින මධ්‍යම රාත්‍රියේදී සිව දෙවි පූජාව කර අවසානයේදී ආහාර අනුභව කිරීමෙන් උපවාසය අවසන් කිරීම සිරිතක් කර ගෙන තියෙනවා.

සිව රාත්‍රිය බිහිවූ ආකාරය හින්දු පුරාණයේ මෙන්ම ඍග් වේදයේද සඳහන්වනවා. ඍග් වේදය වර්ෂ තුන්දාස් පන්සියකට පමණ පෙර ලියවුන ඉතාමත්  පැරණි කෘතියක්.  ඍග් වේදය සදහන් වෙන විදියට  හින්දුන්ගේ විශ්වාසය වන්නේ සිව දෙවියා සියලුම ජීවරාශීවල උත්පත්තියේ පියා බවයි. සිව දෙවියන්ට හැඩයක් නොමැති අතර වරෙක හිරුගේ කිරණයක් හෝ ලපයක් ලෙස ද සලකනු ලබති.
සිව දෙවි පවුලේ ප්‍රධාන වශයෙන් සිව දෙවියන් ද උමයංගනාව නොහොත් පාර්වතී දේවියද, වැඩිමහල් පුතු හැටියට ඝනපති නොහොත් පුල්ලයාර දෙවියන් සහ  බාල පුත්කුමරා හැටියට මුරුගන් දෙවියා නොහොත් කතරගම දෙවියන්ද සලකති.

ශිව පුරාණය පවසන අයුරින් මහාබ්‍රහ්ම ගේ අවසාන කාලයේදී සියලුම ජීවීන් ශිව දෙවියන් ළඟට ගොස් ඇත . එයට හේතුව වශයෙන් ඍග් වේදය කියන්නේ  සියලුම ජීවීන් මවන මහාබ්‍රහ්මට අවසාන කාලයේදී මැවීමේ ශක්තිය නැතිවී ගියේය .ඉන්පසු  මහා බ්‍රහ්මට මෙම බලය ලබා දුන් ශිව දෙවියන් ළඟට සියලුම ජීවීන් ගිය බවයි සිව පුරාණයේ තියන්නේ. එම බලය නැවත ඇති වූයේද නැත. මේ නිසා ලෝකයේ කිසිදු ජීවියෙකු උපත ලැබුවේ නැත. එමනිසා සිව දෙවියන්ගේ බිරිය හිවදෙවියන්ට පූජා පැවැත්වූවාය. 
 
ශිව දෙවියන්ට පුදු පුජා  පැවත්වීමේ බලයෙන් නැවතත් මහා බ්‍රහ්මට මැවීමේ බලය ලැබිණි. එම අවස්ථාවේදී දේවිය මෙසේ කීවාය. මාගේ දෙවියිනි මා හදවතින් ම ඔබට වන්දනා මාන කළ බැවින් මෙම රාත්‍රිය සිවරාත්‍රිය යනුවෙන් නම් කරම්  යැයි යන්නය. මෙම රාත්‍රියේදී උපවාසයේ හිද ශිව දෙවියන්ට පුද පූජා පවත්වන අයට මෙලොවදීත් පරලොවදීත් නොයෙක් සැප සම්පත් ලබා දෙන්නට සිව දෙවියන්ට ඉල්ලීමක් කළාය.
තවත් හින්දු දේවකතාවක ශිව රාත්‍රියේ උපත සදහන් වෙන්නේ මේ විදියට.  මේ නිර්මාණ කටින් කට පැවතෙන විත් වෙනස් කම් වලට පත්වෙලා ඇති.
වරෙක ලෝකයේ මහා බලවතා කවුරුද යන්න පිළිබඳව  මහා විශ්ණු හා මහා බ්‍රහ්ම අතර තරගයක් ඇතිවුනා. මම මේ ලෝකයේ සියලුම ජීවරාශින් මවනවා. මමයි බලවතා යැයි බ්‍රහ්ම කියන විට  විශ්ණු කීවේ මේ ලෝකයට එළිය දෙන්නේ මමයි. එළිය නැතිනම් කිසිවක් කරන්න බැහැ. එමනිසා මමයි බලවතා  කියලා. 
 
දෙදෙනාගේ තරගය පිළිබඳ දැනගත් සිව දෙවියෝ  ඔවුන්ගේ අඥාණය දුරු කර සමථයකට පත්කිරීම  සඳහා තමාව මුණ ගැසෙන ලෙස ඔවුනට සූර්ය කඳම්බයක් මඟින් දන්වා නියම කළා
ඒ අනුව ඔවුන් දෙදෙනාම සිව දෙවියන් ඉදිරියෙහි පෙනී සිටියා.
ශිව දෙවියෝ  මේ සූර්ය කදම්බයේ අගමුල සොයන එන කෙනා සියල්ලටම වඩා බලවතා බව ඔවුනට කීවා.
 එම මොහොතේම මහා බ්‍රහ්ම හංස වේෂයක් ගෙන සහ  විශ්ණු ඌරෙකුගේ වේශයක් ගෙන සුර්ය කදම්බයේ අගමුල සෙවීම සඳහා පිටත්වුනා මෙහෙම . වර්ෂ දාහක් ගතවුනා.එහෙත් ඔවුනට සුර්ය කදම්බයේ අගමුල සොයා ගැනීමට හැකි වුනේ නැහැ ඊට පසු ඔවුන් දෙදෙනාම සිව දෙවියන්  හමුවීමට ආවා. 


ඇවිත් අපේ දේවයිනි! අපි ඔබතුමාගේ කිරණයෙහි අග මුල නොදුටුවෙමු. සියලුම ජීවීන්ට මෑණියන් වන්නේ ඔබ වහන්සේය. පියාණෝද ඔබ වහන්සේය. මවන්නේද ඔබමය. සියලු දෙය දකින්නේද ඔබමය. සියලුම දෙයට සවන් දෙන්නේ ඔබමය. සියලුම කාරණා කරවන්නේද ඔබමය. සියලුම දෙනාට වැඩිමහළු වූයේද නුඹමය. සියලුම දෙයට උසස් වන්නේ නුඹය. මෙය කවුරු දැනගන්නේද ඔහු සිවසායුච්චිය (මෝක්ෂය) නමැති පදවිය ලබා ගන්නේ යැ යි විෂ්නු හා බ්‍රහ්ම කීහ.
එසේ යාච්ඤා කළ ඔවුන් ඉදිරියේ සිව දෙවියෝ ලිංග ස්වරූපයෙන් පෙනී සිටියහ. මෙම ආලෝක කදම්බය ලිංගයක් බවට පත්වීම නිසා එය ලිංග කෝවය බවට පත්විය.. 
මෙයට ප්‍රතිචාර දැක්වු විෂ්ණු සහ බ්‍රහ්ම
ඔබ වහන්සේ අපට දෘෂ්‍යමාන වූ මෙම රාත්‍රිය සිව රාත්‍රිය යැ යි නම් කරම්හ. යයි ප්‍රතිඥා දුන්නේය.
මෙම දිනයේදී උපවාසයේ සිට හිව දෙවියන්ට පූජා පැවැත්වීම තුළින් වරම් ලබාදිය යුතු බව විෂ්ණු හා බ්‍රහ්ම සිව දෙවියන් ගිවිස් ගත්හ.

ශිව රාත්‍රිය ගතකල යුතු ආකාරය ගැනත්  මගේ මිත්‍රයා මට පැහැදිලි කලා. 
මම එතුමාට සවන් දී සංස්කරණය කල මේ කොටස දරුවාට කියලා දුන්නා.


notes of imaginary