පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, December 24, 2021

අපි සහ විජය

notes of imaginary                                                        "අප විජයගෙන් පැවතෙන්නමෝ වෙමු" යැයි යන්න ප්‍රකට මතයයි.
මට අනුව නම් එය මහානාම හිමියන් විසින් විරචිත ෆික්ෂනයකි.

එය ඇත්තක් නම් අප ලැජ්ජා විය යුත්තමෝ වෙමු.
මන්දයත් ,
විජය වූ කළී සිංහබාහු සිහ සීවලී සොයුරු සොයුරියන් නොහොත් 
සහ උදරයන්ගේ දරුවන් වන්නෙමු.
එමතු නොව ඔවුහ තිරිසන් මිනිස් සංවාසයක ප්‍රතිඵලයක් වන්නාහුය.
එම මව කුළ කාන්තාවක් වන මුදු
හිතුවක්කාරියක වෙයි.
දෙමාපිය අණ නොතකා අයාලේ ගිය එකියක වෙයි.
තිරිසනෙකු සමඟ සහවාසයේ යෙදුනේද වෙයි.

අනික විජය වනාහී මවු රටෙන් පිටු වාහල් කරන ලද්දෙකි.
මෙරටට සහ පිරිවර සමඟ එන විජය
ස්වදේශික කාන්තාවක් සමඟ පෑහී
ඇගේ ඥාති සමුහයා මරා දමන්නේ 
ඔවුන් නිරායුධව සිටින මොහොතකය!

මෙම කතා පුවත හය වැනි සියවසේ රචිත මහනොම හාමුදුරුවන්ගේ
අතේ රෝලකි.
උන් වහන්සේ මහා වංශය රචනා කරන්නේ
ඉතිහාසය ලියා තැබීමට නොව
දුටු ගැමුණු "පොර"කිරීමටය.

ප්‍රශ්ණය සිංහල ජාතියේ උපත පිළිබඳව
මීට සියවස් හතරකට පමණ පෙර ලියැවී ඇති
තවත් පොතක් ඇතද,
එය මතු නොවීමය.

"දිව්‍ය දානය" එම කෘතියයි.
එහි එන කතා පුවත කෙටියෙන් මෙසේය.
එක් රටක "සිංහල"නම් නරපතියෙක් විය.
ඔහුට එම නමින්ම යුත් පුතෙකු විය.
මෙ පුතාට විදේශ වෙළඳාමේ යෙදෙන්නට  සිතෙයි.
එය පියාට පවසයි.
පියා පවසන්නේ තමා ඉපයූ ධනය
මියෙනතුරු ජීවත් වීමට සෑහෙන බැවින්
වෙළඳාමේ යාම නොකළ යුතු බවයි.
නමුත් තම මතයේම එල්බ ගන්නා සිංහල කුමාරයා
තවත් වෙළඳුන් පිරිසක් සමඟ
මෙරටට පැමිණේ.
මෙරට කුමරියක සමඟ අවාහ වන ඔහු
නව ජෙනරේෂනයක් අරඹයි.
එහි වසන යක්ඛ,නාග,දේව,ආදී ගෝත්‍රිකයන් සමඟ
එකඟතාවයකට පැමිණ "සිංහල රට"නමින් නාමකරණය කරයි.

මෙම කතා පුවත් දෙකෙන් මම විස්වාස කරන්නේ
දිව්‍ය දානයේ එන දෙවන කතා පුවතයි.  *****    කමල් පී අලහකෝන් මහතාගේ අදහසකි   .                 

Wednesday, February 10, 2021

පිලේ පැදුර හේනට අරගෙන යනවා




පිලේ පැදුර හේනට අරගෙන යනවා

එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා

රටා වියපු අත් දෙක මට සිහිවෙනවා

හිතේ දුකට එතකොට කවි කියවෙනවා

 

ඉර පායා ඉර අවරට ගියදෝ

සද පායා සද අවරට ගියාදෝ

හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ

හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ

ළමා ලපටි නෑනා කොයි ගියාදෝ

 

ඔබේ කරට මල් මාලා ගොතන්නට

මදු මල් පිපෙනවා හේනේ වැට දිගට

 ඔබේ කටින් ගී සීපද අහන්නට

ඔබේ කටින් ගී සීපද අහන්නට

තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට

 

පිලේ පැදුර හේනට අරගෙන යනවා

එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා

රටා වියපු අත් දෙක මට සිහිවෙනවා

හිතේ දුකට එතකොට කවි කියවෙනවා

 

-ආචාර්ය අමරදේව




notes of imaginary

Wednesday, July 08, 2020

හන්තාන සිහිනය . ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව



බලා වැලපිලි
නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත් අග ගලා සිත් මග
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ................

 

වැහි පබළු යට
රග මඩල මැද
ඔබේ දෑතේ තුරුළු වන්නට
 

බිසෝ හැර ගිය
ලසෝ රග හල
අමාවක අදුරේ
නොයනු මැන ලදුනේ..............

 

බලා වැලපිලි
නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත් අග ගලා සිත් මග
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ................

 

වඩිනතුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම්
ගී ගයන්නම්
 
සොදුර ඒ සද
දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරනේ...............
හ්ම්...............
හ්ම්...............
හන්තාන සිහිනේ...................



notes of imaginary

Tuesday, June 16, 2020

උදම් රල ඔබ උදම් විය යුතු නැහැ



උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ 
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ

පන අදිද්දී තමන්ගේ උන්
පැළදි කණ කර ඉරාගෙන ගිය
හරන්තිකයන් ඉතිරි කර වෙරළේ
අහින්සකයින් ගෙන ගියා වතුරේ

උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ 
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ

වැළපෙනා බෝසතුන් දන් දුන් 
නිදන පැදුරත් සොරා ගෙන ගිය
අමනයින් රැල තබා අප අතරේ
අහිංසකයින් ගෙන ගියා වතුරේ

උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ 
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ

අමරසිරි පිරීස් ගේ ගායනයක්


notes of imaginary

Monday, May 18, 2020

මුහුදු මහා විහාරය.


මුහුදු මහා විහාරය දේශපාලනික වෙලා.
වපසරිය පිලිබදව වචනෙන් දෙකෙන් පලකරන අදහස් මුණු පොතේ
එහාට මෙහාට යනවා.
පුන්නක්කු සාඩින් වහල්ලු මේ කී නොකී හැම දෙනාම කර්කෂක
වාක්‍ය පොල්ලෙන් ගැහුවා වගේ අත හරිනවා.
මගේ උගත් මිත්‍රයෝ සහෝදරයෝ කීප දෙනෙකුත් මේකට
හවුල් වෙලා ඉන්නවා මම කියෙව්වා.
මට දුක හිතුනා අපේ උරුමය ගැන මේ ඇත්තෝ
ඇයි දේශපාලන පිල් බෙදා ගෙන පිලිකුල් ලෙස මරා ගන්නේ කියලා
මම 2011 ඔක්තෝම්බර් මාසේ කරන ලද සංචාරකයින්
පස්සේ
මේ තියෙන්නේ.

“පොතුවිල් මුහුදු මහා විහාරය. නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ .

පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.

මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ. අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.
කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත.
මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක් මෙන්ම බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත.
මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.
1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි.
මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.
මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.
මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින් අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.
ශ්‍රී ලාංකිකයෝ ලෙස මෙවැනි ඓතිහාසික ස්ථානයන් සුරකීමට ආගම් ජාති පටලවා ගත යුතු නැති බව
මිදුම අදහස් කරයි.””


අන්තර් ජාලයට පිවිසෙන්න මීට වඩා තොරතුරු දැන් තියෙනවා.


notes of imaginary

Thursday, May 07, 2020

කිනිතුල්ලෝ



කොවිඩ් 19 ත් එක්ක
දැන් දැන් මාතෘකාවට එන්නේ
මැතිවරණය.
කවද හරි මැතිවරණය තිබ්බා කියමුකෝ.
කාටද අපි ඡන්දේ දෙන්නේ ?.
වියතුන්ට දූෂිතයින් නොවන
ඔය වගේ නිර්නායකයන් එක එක්කෙනා කතා බහට එක් කරනවා.
මට පරණ කතාවක් මතක් වෙනවා.
මේක ඊෂොප්  කිව්ව කතාවක් කියලයි කියන්නේ.
ඊෂොප් ග්‍රීසියේ ක්‍රි.පු අටවන සියවසේ පමන ජීවත්වු
උපමා කතා කරුවෙක් ලෙසත් සැලකෙනවා.
-එක් දිනක නරියෙක්
ගංවතුරකට අසුව ගැඹුරු දිය පහරකට අසුවෙනවා.
නරියාගේ ඇගේ වසා ලේ උරා බී
තරවුන සිටි කිනිතුල්ලන් පොකුරක්
ජලයේ ගිලී නොමැති  උගේ පිටමතට එක් වෙනවා
නරියා වෑයමෙන්  ජලයෙන් ගොඩ වෙනවා.
මෙතනට පැමිනෙන ඉත්තෑවෙක්
නරියා ගෙන් විමසනවා
 “ යාළුවේ. මම කිනිතුල්ලන් පොකුර ගලවාදමන්නද ?” කියා.
“එපා යාළුවා.
මේ කිනිතුල්ලන් රෑන මගේ ඇගේ ලේ උරා බී තර වෙලා ඉන්නේ.
මුන් ටික ගැලෙව්වොත්
තවත් කිනිතුල්ලන් රෑනක් මගේ ඇගට ගොඩවී
ලේ උරා බොන්න පටන් ගනීවී.
දැන් ඉන්න කිනිතුල්ලන් ලේ බී තරවී සිටින නිසා
උන් ලේ බොන්නේ අඩු වේගයකින්.
අළුතින් එන අය එන්නේ හාමතේ
උන් තරවෙන තෙක් වැඩි වේගයකින් ලේ බොන්න පටන් ගනීවී.
ඒ නිසා ඔය කිනිතුල්ලෝ ටික ඔහොමම හිටියාවේ.”
ඉත්තෑවා “එකත් ඇත්ත තමයි යාළුවා ”
කියලා සමුගත්තා.
අළුත් අළුත් නිර්නායකයන් මොකටද ?
පරන කිනිතුල්ලන් ටිකටම ලේ උරා බොන්න ඉඩ දෙමු.
එතකොට හාණිය අඩුයි.

මම හිතුවා.


notes of imaginary

Tuesday, May 05, 2020

වෛරසයත් සුන්දර දහමක්



කොරෝනා  - කොවිඩ් 19.
වේදනාකාරිය.
සහාසිකය.
මරාන්තිකය.
කොවිඩ් 19
ලෝකයම උඩු යටිකුරු කලා
කොවිඩ් 19 මානවයාගේ ඇවතුම් පැවතුම්
මොහොතකින් වෙනස් වු මානයකට රැගෙන ගියා.
අපි මරණයෙන්ම පටන් ගතහොත්........
අපේ අවමංගල්‍ය උත්සව රටාව සහ මුලින්ම වෙනස් වුනා.
දවස් ගනන් නිදි මරමින් බතින් බුලතින් සංග්‍රහ කරමින්
නැති ආටෝපයක් මවා පෑ
අවමංගල්‍ය කටයුතු එක් රැයකින් නිම කරන්නට තරම්
කොවිඩ් 19 මග පෙන්වා දුන්නා.

සිය ගනන් පිරිවර මැද
නිසරු නාස්තියක අරුමය විදි
විවාහ මංගල්‍ය උත්සව
පවුලේ කිහිප දෙනෙක්ගේ සහභාගිත්‍වයෙන් යුතු
සරල උත්සව බවට පත්වුනා.
කොවිඩ් 19 ට හැර වෙනත් කිසිවෙකුට මෙය කළහැකි ද ?.
රාජකීයන්  රාජ්‍ය පාලකයන් සාමාන්‍ය අසමාන්‍ය ජනතාව
කියා වෙනසක් ජාති ජරා ව්‍යාධි මරණයන්ට අදාල  නැති බව
බුදු හාමුදුරුවෝ කියලා දීලා තිබුනා.
ඒත්.....................ඒ ධර්මතාවය නැවත සිහිපත් කලේ කොරෝනවායි.

කෙලෙස් පිරිණු ලෝකය
නිසරු ජීවිත ගත කල මානවයන්
බොරුව ජීවිකාව කර ගත්
දේශපාලනඥයන් ඇතුළු වෘත්තිකයින්
අකුසල සමාජ ගත කරන
මත්පැන් හල් සමාජ ශාලා
කී නොකී අකුසල් වපුරන මේ සියළු දෑ
කොවිඩ් 19 විසින් නිහඩ කරනු ලැබුවා.

කෙලෙස් බර ඔජාරේ ගලන  ලෝකයට
කොවිඩ් 19 වෛරසයක්
බුදුහාමුදුරුවන්ගේ දේශනා තුලින්
කොවිඩ් 19
දකින කෙනෙකුට  
වෛරසයත් සුන්දර දහමක්



notes of imaginary

Friday, March 20, 2020

පුංචි පුතා නිදියනවා.





ඔන්න බබෝ ගුරු එනවා - අඩන ලමයි අල්ලනවා
අල්ල අල්ල විකුණනවා - විකුණ විකුණ රා බොනවා

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

අතට වෙරළු ඇහිදගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

බෝනික්කා නිදියනවා.
සුදු නංගා නිදියනවා
මල් ගවුමේ මල් පිපිලා
මල් මැද්දේ නිදියනවා

අම්මා ගියා පොලේ නගේ
අප්පා ගියා පහල වෙලේ 
සීයා ඇවිත් අරන් ගියේ
අක්කා හැදූ සරංගලේ

සුදු ගවුමක් අන්දාලා
දූ යනදා ස්කෝලේ
ලේන්සුවේ මල් මහලා
එල්ලන්නම් හැඩ දමලා

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදු මාමා ගේ සුදු වස්සා 
කිරි බීලා උඩ පැන්නා
පිලිකන්නේ බළුකුක්ා
කිරි ඉල්ලා මට බිරුවා.
පූසී පැටව් කිරි බීලා
අම්මා වටේ නිදියනවා.
අම්මා ඇවිත් කිරි දුන්නා
මගේ පුතත් දොයියනවා.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදුම සුදුයි වලා කුලේ
නිදියනවා පුතා මගේ
ඈත හදේ හා පැටියා නිදියනවා පුතා වගේ
තරු නිවිලා නිල් අහසේ
නිදියනවා පුතා මගේ
මට පැටියා ඇහැරෙනවා
හෙට උදයේ මලක් වගේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා






notes of imaginary