පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, December 24, 2013

මඩේ ලඟින තාරාවන්




මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින..

මදන ඇතුන් නෙලුම් හුයෙන්//
බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද
නෙලූ පලා මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින..

හමන සුළන් මකුලු දැළෙන්//
වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳුන්
මල් නෙළන්නෙ මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

නා්‍ය-

තාරාවෝගිලෙති - ලූෂන් බුලත්සිංහල
ගා- ර්සිදිරිසිංහ
notes of imaginary

Thursday, December 19, 2013

වසර පහක් මීදුමත් සමග .




මීදුම උපන්දා වියමන් කරන ලද මේ සටහනත් කියවන්න.

2008 ජුලි  29  වියමන් කරපු මේ සටහනත් එක්ක මීදුම පාවෙන්න ඇරියා.  ( 2013  ජුලි 29 දා වන විට මීදුමට අවුරුදු පහයි. )   මෙය draft  කරලා තිබුනත් ප්‍රකාශයට පත් කරලා තිබුනේ නැහැ.   අවුරුදු පහයි මාස හයකට පස්සේ. එදා ලිවිය යුතු සටහනක් අද ලියන්නේ . මීදුම   -  පද පෙරළිකරන අය මිහිදුම ලෙසත් , ගින්නක් නැතිව ඇතිවන දුමක් ලෙසත්  දක්වලා තියෙනවා කියවලා තියෙනවා. . පසුගිය කාලය නොයෙක් දේවල් ගැන කතා කලත් අද මීදුමට වියමන් කරන්න කාලය හොයා ගන්න බැරිව මීදුම වයමන් කරන මම ලතවෙනවා. ඒකට හේතුවක් තියෙන්න එපාය.ඒ හේතුව ගැන මීදුමේ සටහනක් තිබ්බේ  මෙන්න මේ විදියට


.................. මම ලියන http://www. miduma. bogspot.com මීදුම කියවන්න. දේශපාලනය සහ සමාජ අත්දෑකීම පල කරන  http://kadulla.wordpress.com  කඩුල්ලත් කියවන්න.‍මාස කිහිපයක සිට පල වෙන ලිපි ප්‍රමානය නම් අඩුයි.
පුංචි මුණුපුරා මගේ කාලය උදුර ගෙන. ................... 2011 දෙසැම්බර් මාසෙ 29 වෙනිදා මීදුමට පුංචි මුණුපුරෙක් ලැබුනා. එයා දවසින් දවස මීදුමගේ විවේකය උදුරා ගත්තා .ලියන්න හිතන්න ඔනී. හිතන්න තියන කාලය අත්පත් කරගත් මුණුපුරා කලින් පැවති ජීවන රටාව එයාට ඕන විදියට වෙනස් කරලා මීදුමට අතට දුන්නා. අද මට  තියෙන්නේ එයාගේ රටාව. මීදුම හිස්ව තබන්නත් බැහැ. . ඔය අතර http://kadulla.wordpress.com   හී පලකරන ලිපි මීදුමෙත් පලකරන්න හිතුවා. අමතර වාසි‍යකුත් තියනවා කියලාඅසමි දකිමි සොයමි ලියන  විචාරක  අදහසක් දීලාත් තිබුනා. මෙ නිසා කඩුල්ලත් මීදුමත් ඒකාබද්ධ වෙනවා.  Wordpress  සහ  Bloggers  එකතුවුනාම අමතර කියවන්නන් ටිකක් එකතුවෙයි කියලත් මීදුම හිතනවා.






notes of imaginary

බලය තාවකාලිකයි !.


අමාත්‍ය මර්වින් සිල්වා විවාදාත්මක දේශපාලන චරිතයක්. නිතරම අපට අහන්න ලැබෙන්නේ අමාත්‍යතුමාගේ දඩබ්බර පටලැවිලි ගැන ප්‍රවෟත්ති. අමාත්‍යවරු සිවිල් පුරවැසියෝ වගේ ඉන්න කාලවල දේශපාලන පෙරහුරු පවත්වන කාලවල බොහෝම සාධු චරිත. ඒත් බලය ලැබුනාම මර්වින් සිල්වා අමාත්‍යවරයාත් එකයි. සිල් රෙදි පොරවාගෙන ඉන්න  අනෙක්  අයත් ඒ හා සමානයි.
මර්වින් සිල්වා අමාත්‍යතුමා නම්  උඩ බිම බලන්නේ නැතිව ප්‍රතිචාර දැක්වීම කරනවා. අනෙක් අය හීන් නූලේ වැඩේ දෙනවා.උඩගුකම ,මවා ගත්ත ආඩම්බරය නැත්නම් අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්ද ? ප්‍රභුවරයෙක් නේ !. නිර්ප්‍රභුන්ට ජාතිය දාගෙන හිටියේ නැත්නම් අගයක් නැහැනේ. කරදරත් වැඩියි..පංතියේ වෙනස පැහැදිලි වෙන්නෙත් නැහැ.
මේ ටීකාව කියවගෙන ආවේ මර්වින් සිල්වා අමාත්‍යතුමාට  කිසිදු මන්ත්‍රීකමක්‌වත් නොමැතිව මන්ත්‍රි කෙනෙක් වෙන්න පෙරුම්පුරා ගෙන සිටිය  කාලයේ සිදු වූ සිද්ධියක්‌ ගැන කියන්න. මේ කතාව ඉරිදා දේශපාලන වල්පල් ලියන තීරු ලිපියකින් ඇහිද ගත්තේ අර පලාත් සභා අමාත්‍යවරයෙක් ගුරුතුමියක් දණ ගස්සවපු කාලේ .

මේ සිද්ධිය වුන කාලයේ පැවතියේ  එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්. ඒ ආණ්ඩුවේ  හිටපු බලවත් ඇමැතිවරු කවුරුවත් එක්‌ක වැඩිය කතාබහට එන්නෙ නෑ. හරි ආඩම්බරයි. පොළවෙ පස්‌ පෑගෙන්න නැති මට්‌ටමෙන් තමයි හිටියෙ.  
නිර්ප්‍රභු ජනතාවට මේ මිනිස්සු එපා වෙන්නත් කරුණු කාරන ඇති වෙන්න එපාය.  
ඔය කාලයේ  දවසක්‌ මර්වින් අමාත්‍යතුමාට අවස්‌ථාවක්‌  ලැබෙනව පිටරට යන්න. ගුවන් යානයට නැගලා තමන්ට හිමිවෙච්ච ආසනයේ වාඩිවෙලා වටපිට බලනකොට යාබද ආසනයේ හිටියේ  එකල ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්.  මර්වින් අමාත්‍යතුමා  ඔහු සමඟ කතා බහ කරන්නට උත්සාහ කලත්  යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.   

මර්වින් අමාත්‍යතුමා අර ඇමැතිත් එක්‌ක කිහිප පාරක්‌ම කතා කරන්න උත්සාහ ගත්තා. වැඩිය හිතවත්කමක්‌ ගොඩනැගිල නෑ. පැයක්‌ විතර ගෙවිල ගියා. අන්තිමේ ගුවන් යානය ඉගිල්ලෙන්න පටන් ගත්තා. මර්වින්  අමාත්‍යතුමා යානාවේ ගුවන් සේවිකාවකට කතා කරල අහලා තියෙනවා දැන් අපි ඉන්නෙ ලංකාවෙ ගුවන් සීමාවෙද? නැද්ද? කියලා.
 එහෙම නම් ලංකාවෙ ගුවන් සීමාව ඉක්‌මවල ජාත්‍යන්තර ගුවන්  සීමාවට ගියාට පස්‌සෙ මට මතක්  කරන්න කියල මර්වින් අමාත්‍යතුමා ඇයට කියලා. 

ටික වෙලාවකට පස්සේ ආපසු  පැමිණි ගුවන් සේවිකාව  මර්වින් අමාත්‍යතුමා දැනුවත් කරනවා අපි දැන් ජාත්‍යන්තර ගුවන් ප්‍රදේශයේ කියලා. මර්වින් අමාත්‍යතුමා  අර ඇමැතිතුමා ලගට ගිහින් ගරුසරුවක්‌ නැතිව කියනවා "මචං දැන් අපි ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. ලංකාවට තමයි උඹ ඇමැති. මම නිකම්ම නිකම් මර්වින්. එතකොට මාත් එක්‌ක කතා නොකර සිටියට කමක්‌ නෑ. හැබැයි දැන් අපි දෙන්නම ඉන්නෙ ලංකාවෙන් පිටවෙලා. උඹට දැන් ගරු කරන්න කෙනෙක්‌ මෙහේ නෑ. මටත් නැහැ. ඒක නිසා අපි දෙන්නම එක බෝට්‌ටුවේ. ඔන්න ඔහේ සීතලේ යන්නත් එක්‌ක ගහමු මචං හොඳ අඩියක්‌." කියලා.
අන්තිමේ එයාටත් සිද්ධවුණා මර්වින් අමාත්‍යතුමත්  එක්‌ක හිතවත් වෙලා කතා කරන්න.
දැන් කාලේ අපිට මර්වින් අමත්‍යතුමා හමුවෙලා ඒ වගේ ආරාධනාවක් කලොත්  වෙන්නේ මොකක්ද කියලා අපිම හිතා ගමු ! .

බලය කියන දේ තාවකාලිකයි . බලය තියෙනකොට මිනිස්‌සු ඔළුව උදුම්මගන්න හොඳ නෑ. බලයත් එක්ක මිනිස්සු  නිහතමානි වෙලා ජීවත් වෙන වනම් ලෝකය සුන්දර තැනක් වේවි.  ලෝකය අසුන්දර වෙලා තියෙන්නේ එහෙම නැති නිසයි. 


notes of imaginary