පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, September 20, 2011

ඇල්බට්‍ අයින්ස්ටයින් ගේ රිපෝට් කාඩ් එක.

ඇල්බට්‍ අයින්ස්ටයින් ගේ රිපෝට් කාඩ් එක.
 ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතාවාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍ නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් තග්‍යායෙන් පිදුම් ලැබීය.

යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහුගේ අනෙකුත් දායකත්වයන් අතරට (සාපේක්ෂවාදී තාරකා විද්‍යාව , විශ්ව න්‍යාය විද්‍යාව) කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍ෙව් ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍ෙව් ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.
ඇල්බට්‍අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී ටයිම්‍ සගරාව මගින් ඔහු ශතවර්ෂයේ මිනිසා වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිවුටන්, චාල්ස් ඩාවින්ස් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල අයින්ස්ටයින් යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.

මරණය
අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වෛද්‍යවරයා‍ට පවසා ඇත්තේ "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජිවත් වෙලා ඵලක් නෑ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙනුයි. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි ‍මරණයට පත්විය.
-------- විකිපීඩියානිදහස් විශ්වකෝෂය  වෙතින් ඒ ලෙසින්ම උපුටා පලකරන ලදී.

Wednesday, September 14, 2011

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අල කලංචිය.


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹිම පිලිබදව විරෝධතාවයක්  ඇතිවී මේ වන විට  ඒ පිලිබද සමාජ කතිකාවක් ආරම්භ වී ඇත.
වෛද්‍යවරුන් සුලභ වීම ජනතාවගේ පැත්තෙන්  සුබවාදී ප්‍රතිපලයකි. ගිණි ගනන් දී චැනල් සේවයේ  අලවි වන රෝගීන්ට වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩීවීමෙන් එම ගසා කෑමේ ප්‍රවනතාවයට තරග වෙළද පළක් නිර්මාණය වන්නේ නම් වෛද්‍ය විද්‍යාල එකක් නොව දහයක් ඇති වීමද පලදායි නිමිත්තක් වනු ඇත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල  ටියුෂන් කඩ මෙන් ප්‍රමිතියක් නැති අවලන් කඩ වන්නේ නම් අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරුන් ප්‍රමානයද සමානුපාතිකව වැඩි විය යුතුය. එසේ නොවුන හොත් ජනතාවට සිදුවන්නේ මිණි පෙට්ටි ගිණිගණන් ගොස් පෙට්ටියද නොමැතිව මිහිදන් වන්නටය.
පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා වන අදහස මුලින්ම ඇති වුයේ 1977 බලයට පත් වූ ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව යටතේය අවසානයේදී එජාප ආණ්‌ඩුවට තමන්ගේ එකඟතාවයෙන් පිහිටු වූ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්කරන්නට සිදුවිය. මේ රජය යටතේ යටපත්ව  තිබු පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය යළිත් හිස ඔසවන්නේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඉදිකිරිම පිලිබද කතා බහත් සමගය.
උසස් පෙල සමත් මුදල් වියදම් කිරීමට හැකි දෙමව්පියෝ තම දරුවන්  විදේශ රට වලට යවා අධ්‍යාපනය ලබා දීම නිසා විශාල විනිමය ප්‍රමාණයක් අහිමි වන බැවින් එයට පිළියමක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම වැදගත් බව රජයේ මතය වී ඇත.ඇත්තෙන්ම උසස් අධ්‍යාපනය සදහා යොමු වීමට සුදුසු කම් ලැබුවත් විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට වරම් නොලබන කොටසට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් යම් සහනයක් ඇති වන බව අප පිලිගතයුතුය. එහෙත් එම අධ්‍යාපන ආයාතන නිසි ප්‍රමිතියකින් යුතුවීය යුතුය.
රජයේ වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට එරෙහි වන්නේ සත්භාවයකින් යයි සිතිය නොහැක. සෑම රජයේ වෛද්‍යවරයාම  පෞද්ගලික ප්‍රතිකාර  කරන ව්‍යාපාරිකයෝය. ඔවුන්ගේ වෙළද පොලට අළුතින් වෛද්‍ය කඩ විවෘත වීමෙන් ඇතිවන වෙළද තරගයෙන්  සිදුවන ආර්ථික හාණිය අවම කර ගැණිමට  වෛද්‍ය කඩ ප්‍රමාණය අවම කර ගත යුතුය. ඊට පිලියමක් ලෙස වෛද්‍ය වෘත්තිකයන් ප්‍රමාණය සීමා කර ගැණිමට දැනට ඇති වෛද්‍ය විද්‍යාල පවා වසා දමන්නේ නම් ඔවුන් කැමති වනු ඇත.
අධ්‍යාපනය ලැබීමේ අයිතිය  සැමගේම  අයිතිවාසිකමක් බැවින් රජයෙන් නොහැකිනම් පෞද්ගලිකව හෝ  අධ්‍යාපනය ලැබීමට පුරවැසියනට අයිතියක් ඇති බව අප අමතක කල යුතු නැත. මෙම අයිතියට  අධ්‍යාපනය ලබා ඉහලට ගිය අය අකුල් හෙලීම සුදුසු නැත.  

Tuesday, September 13, 2011

ප්‍රියංකර සොහොවුරියන් තිදෙනෙක්.



දුම්රිය ගැන බොහෝ දේ කියවන්න ඇත. දැන් කාලේට දුම්රිය  යන පදය යෙදීමද සුදුසු නැත.

1956 අප්රේල් මාසයේ 23දින ගමන් ඇරඹි උඩරට මැණිකේ ,රුහුණු කුමාරී, තවමත් සුපුරුදු ගමානාන්තයට නියමිත වෙලාවට නැතිවුනත් ගමන් කරන්නීය. යාල් දේවී යද තවත් ටික කලකින් ඇගේ ගමනාන්තය කරා ලගා වනු ඇත.

මෙන්න ගමන් ඇරඹුදා  ගමනට ලබා දුන් ප්‍රසිද්ධිය.