පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, September 20, 2009

දෙණියාය රජ මැදුර සහ ලංකා ඉරිදා සංග්‍රහය.

දෙණීයාය රජ මැදුරේ කතාවට පිවිසෙමු . සැප්තැම්බර් 13 වෙනිදා ලංකා ඉරිදා සංග්‍රහයට අනුව කතාව සැකෙවින් මෙසේයි. දෙණියාය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුවු තුසිත රණවක මහතා දෙණියාය බෙවරළිය පාරේ නාතගල ‘ඒ’කොටස නම් වත්තේ නිවසක් ඉදිකරයි. එය මහා මන්දීරයකි. මීට අමතරව ඔහු රජ පවුලේ ඥාතිවරයෙකි. එම වත්ත මීට වසර දෙකකට පමණ පෙර විලී ගෲප් සමගමට අයත්ව තිබී තුසිත රණවක මහතා රුපි කෝටි දෙකකට මිළදී ගෙන තිබේ.එයින් එය ඔහුටම අයත් දේපලක් බව පැහැදිලි කරයි.මිළදී ගත් පසු ගස් තොගයක් කපා විකුණාගත් බවත් පල කරයි. තුසිත රණවක මහතාගේ නාතාගල වත්ත හරහා රාජ්‍ය වියදම් දරා ගෙන “මගනැගුම” ව්ය්‍යාපෘතිය මගින් මාර්ගයක් කොන්ක්‍රීට් කර සංවර්ධණය කරයි.
පසුවදන
පෞද්ගලික ඉඩම් ,පෞද්ගලික සමාගම් සහ රජයේ වැවිලි කළමනාකරණය කරන සමාගම් හරහා ඇති බොහෝ මාර්ග පද්ධති අර්ධ රාජය සංචිතයක් මගින් නඩත්තු කරනු ලබයි. මීට අමතරව ප්‍රාදේශීය සභා පලාත් සභා නඩත්තු කරනු ලබන මාර්ග පද්ධති මෙවැනි මහා පරිමාන වතු මැදින් ඉදිවී තිබේ. ගම් යාකිරීමේ අරමුන ඇතිව ඉදිකල මාර්ගද පෞද්ගලික ඉඩම් මැදින් ඉදිවී තිබේ.මේවා අදාල රාජ්්‍ය ආයතන මගින් රජයේ මුදල් යොදවමින් නඩත්තු කරයි. පෞද්ගලික දේපලක් සංවර්ධණය කරන අරමුනින් රජයේ මුදල් ආයෝජනය කරන්නේ නීති පොතේ අකුරකුදු නොදන්නා මෝඩයෙකු විය යුතුයි. රාජ්‍ය ප්‍රධානීන්ගේ ඉඩකඩම් ඇති ප්‍රදේශ ආසන්නයේ පදිංචිවී සිටීමට පින්කල යුතුය. එම ප්‍රදේශ වහා සංවර්ධණය වන අවස්ථා මීදුම දැක තිබේ. මාර්ග පද්ධති, විදුලිය වැනි යටිතල පහසුකම් අවට ගම්වාසීන්ට ඉල්ලීමකින් තොරව ලැබෙයි. මේ පහසුකම් හුදීජනයාට ලැබෙන්නේ ම වාසනාවටයි.

පෞද්ගලික ඉඩම් ,පෞද්ගලික සමාගම් සහ රජයේ වැවිලි කළමනාකරණය කරන සමාගම් වලට අයත්මාර්ග වල ගමනා ගමන පහසුකම් වැඩි දියුණු කර බස් රථ යොදා ඇති අවස්ථා මීදුම දැක තිබේ. මෙවැනි සංවර්ධණ ව්‍යාපෘතිවල අරමුණ වතු කම්කරුවන්ගේ ජීවන තත්වය ගොඩනැංවීමයි. රජයට අයත් මාර්ග ව්‍යාපෘතියක් බෙවර්ලි වතුයාය හරහා සංවර්ධණය කරනවානම් “මග නැගුම” රජයේ කොන්ත්‍රාත් කරුවන් මැදිහත් වීම අරුමයක් නොවේ. එසේ නොවී පෞද්ගලික ඉඩමකට අපේ බදු මුදල් සහ විදේශිය ණය මුදලින් රුපියල් කෝටි පහක් යොදවා තිබේ නම් එය හෙන ගහන අපරාධයකි. නීති විරෝධී ක්‍රියාවකි. අපට පුර්වාදර්ශ තිබේ. “වෝර්ටර් ඒජ්, රක්ෂණ සංස්ථාව’ හොදම උදාහරණ වෙති.

යාන වාහන බදු පදනමක් මත ගෙන සංවර්ධණ ව්‍යාපෘතියේ යොදවා ඇති බවත් මහත් මුදල් කන්දරාවක් බදු වශයෙන් ගෙවන බවත් , වාහන අංකත් සමග පුවත් පත වාර්තා කරයි. බොහෝ ව්‍යාපෘති වල බදු පදනමට ගත් වාහන යන්ත්‍රරෝපකරන යොදවා තිබේ. වාහන සංචිතයක් පවත්වා ගෙන යාම අධික පිරිවැයක් ලෙස සලකා මේ ක්‍රමය වසර කිහිපයක සිට රජයේ ප්‍රතිපත්තියක් බවට පත්වි තිබේ. මෙම ප්‍රතිපත්ති හිතවතුන්ට සැලකීම සදහාද යොදා ගනී.අනෙක් යානවාහන කෙසේ වෙතත් 30-8449 වැනි වාහන ගැන මීදුමට අත්දැකීමක් තිබේ. මීදුම රාජ්‍ය ආයතනයකට ටොයෝටා ලයිට් ඒස් වර්ගයේ වෑන් රියක් මාසික බදු පදනම යටතේ සේවයේ යොදා තිබිණි. ඒ අවස්ථාවේ මසකට කි.මි.1200ක් උපරිම ධාවන දුරක් සදහා රුපියල් 25000.00 ක් ගෙවනු ලැබු අතර ඉන් අතිරේක දුරක් ධාවනය කලවිට කිලෝමිටරයට රුපියල් 22.00 ක් බැගින් ගෙවනු ලැබුයේය.රියදුරු සහ ඉන්ධන මීදුමගේ වගකීම විය. මසකට දින හතරක් වාහනයේ නඩත්තුව සදහාද නිදහස් කෙරිණි. ඒ ගනුදෙනුව අනුව අබලන් බස්රථය ගරාජයක හෝ අතරමග නවතා තබාගෙන නැතිව සේවාවක යොදවා රුපියල් 40000.00ක් ගන්නවා නම් එය මෙකල වෙළදපොල මිලගනන් අනුව සාධාරණයකි. නැත්නම් මුලින් කීවා මෙන් එයත් හෙන ගහන අපරාධයකි.

කොළඹ -බදුල්ල මහා මාර්ගය සංවර්ධණය කරනු ලැබුයේ කොරියානු සමාගමක් විසිනි. මාර්ග සංවර්ධණ අවස්ථාවේ කිරිවැල්දොල,බටයාය රෝහල අසල ගම්මානය,වැනි ගම්මාන වල වැසියන්ට මෙන් අපටත් ජලනල මාර්ග තාවකාලිකව අබලන් වීම් නිවාස වලට ඇති පිවිසුම් මාර්ග අවහිර වීම් සිදුවී නොයෙක් ගැටළු ඇතිවිනි. ප්‍රාදේශීය ලේකම් .පොලිසිය වැනි ආයතන මැදිහත්වී ගැටළු නිරාකරනය ගැණිමට හැකිවු අවස්ථාද බොහොමයකි. දෙණියාය ප්‍ර දේශයේදී මෙවැනි අකටයුත්තකදී මැදිහත්වන්නට නිලධාරීන් නොමැතිවුවානම් එය කනගාටුවට කරුණකි. රජයේ පිලිගත් කොන්ත්‍රාත් කරුවන්ට එරෙහිව නිතිය ක්‍රිනයාත්මක කිරීම සිදුවිය යුත්තකි.

තුසිත රණවක මහතාගේ විවිධ බලපුළුවන්කාරකම් එක් පසකය. ප්‍රදේශවාසීන්ට සිදුවන අකටයුතු කම් අනෙක් පසය. ලංකා ඉරිදා සංග්‍රහයට සිදුවු හිරිහැරය සිදුනොවුනාම් මෙම මන්දීරයත් මාර්ග සංවර්ධණයත් ප්‍රවෘත්තියක් වන්නේ නැති ප්‍රවෘත්තියකි.

Tuesday, September 15, 2009

Anonymous ට ආරාධනාවක්.

හැම විටම චෝදනාවක් තිබේ. මීදුම අකලට පැසී ඇති බව පලමු comment එක පල කර නැවත දෙවන ඇසිල්ලේ තව වරක් comment එකක් පල කරමින් දුන්නා මදියයි සිතමින් තව වියමනක් කරයි. සිහිපත්වන සැමවිටම තව තවත් ප්‍රහාර එල්ල කරයි ඇයි ඔයතරම් ආවේගශීලි වන්නේ.ඉවසිල්ලෙන් කටයුතු කරමු.’අපි කදු වන්නේ කුමටද උනුන් පරයා නැගෙන -සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන.’

මිදුම පරිසරයත් සමග තම ආකල්ප වල් පල් ලෙස දිග අරියි. Anonymous ට විද්‍යාත්මක සහ න්‍යාත්මක පසුබිමකුත් කලට මේරු බුද්ධි පරාසයකුත් ඇත. යහපත් හමුවු වීමකි. කාලය මිදුමගේ වැඩිහිටි බව දැනුවත් වීමට අවහිරයක්ද නොවේ. ක්ලේමෝ පුපුරන්නා මෙන් ප්‍රහාර එල්ල කර පරලොව යවනවාට වඩා අධ්‍යාපනයක් ලැබීම මීදුම අගේ කරයි.එයත් පුනරුත්ථාපනය වීමකි. යහපත් ආකල්පයෙන් අදහස් හුවමාරුවිම නිම් වලළු පුළුල් කර ගැණිමට හේතුවේ.අනෙක් වියමන් කරන සහෘදයින්ටත් තම තමන්ගේ ආකල්ප අදහස් නිවරදි කර ගැණිමට පරාසයක්ද ඇතිවේ. කොයිතරම් සුන්දරවේද ?.

අංකල් සීයා චමින්ද නොවී මීදුමටත් දැනුමෙන් තරුන වන්නට හැකිවේ. මීදුම ආච්චී සිහිපත් නොකරයි. ඈ හමුවුදා සිට පිහිටුවා ඇති විධායක මොඩලයේ ආණ්ඩුවේ ඈ ප්‍රධානියාය. විධායක ජනාධිපති තනතුරේ ස්වරූපය කවුරුත් හදුනති. ඒ නිසා ආච්චී පැත්තක හිටපුවාවේ.

මිදුම සමග Anonymous වර්තමාන දේශපාලනය පිළිබදව, ජනවාර්ගික ප්‍රශ්නය ලෙස හදුන්වන ගැටුම පිළිබදව පරස්පරයක් ඇතිවී තිබේ. මීදුමට ඇත්තේ වල්පල් විග්‍රහයකි. එය Anonymous දකින්නේ ඊට වඩා පුළුල් අර්ථයකිනි.පරාසයකිනි.පරන වියමන් පැත්තක තබා අපි අළුතින් වියමන් කරමු .අදහස් බෙදා ගනිමු.

මිදුම දරන මතයක් සටහන් කරමු. මේ අදහස් කාලයා ඹළුවට දමා ඇති වල්පල් අතර රැදුනකි.1956 බණ්ඩාරනායක බලයට පත්වීම, 1971,1989 ජනතා විමුක්ති පෙරමුනේ පිබිදීම සමාජය, දේශපාලනය ගමන් ගත් දිසාව වෙනස් කල සංසිද්ධි දෙකක් විය. එමෙන්ම LTTE සංවිධාණයේ සටන් කාමී අරගලයද අපේ ගමන් මග වෙනස් කලාය. අපිට ඒ අනුව වෙනස්වන්නට අනිවාර්යෙන් බලපෑම් ඇති වෙමින් පවතින බව සටහන් කල යුතුමය.මේ අතරට බොර දියේ මාළු බාන ජාවාරම්කාර සංවිධාණද ඇති බවත් සිහි කටයුතුය.

Monday, September 14, 2009

මාධ්‍යය නිදහස...........Anonymous වෙතටයි.

මිදුම කිසිවිටකත් අපහාසව කිසිවෙක් අමතන්නේ නැත.අදහස් එක් එක් අයට විශේෂිතවු මනසින් යුත් පදනමකින් පලවෙයි. තිස්සනායගම් සිද්ධියේ ලංකා ඉරිදා සංග්‍ර හයේ පත්‍රකලාවේදීන්ගේ සිද්ධියේත් මීදුම තම අදහස විනීතව පලකලාය. අන් අයට මඩ ගසන්නට පෙර තමන්ගේ අතේ මඩ තැවරෙන බව Anonymousලා සිතා ගත යුතුය.

Anonymousට මීදුම පලකල අදහස්වලට ප්‍රති උත්තර සපයන්නේ අධික කේන්තියකිනි. එසේ කරනවාට වඩා තර්කානුකුලව මීදුම ඉදිරිපත් කල කරුණු බිද දමන්නේ නම් මිදුමත් Anonymousගේ පිලිගතයුතු අදහස් පිලිගන්නට මැලි නොවනු ඇත.
උතුරේ ගැටළුව පිලිබදව මිදුම දරන මතය ඒ ආශ්‍රිතව මිදුම ලියු වියමන් වලින් පැහැදිලි කර ගතයුතුය. හුදකලාව එක් සිද්ධියක් පදනම් කර ගෙන සද්දය දැමීමෙන් Anonymousගේ ඉක්මන්විම මිදුම අනුකම්පාවෙන් යුතුව සිහිපත් කරන්නකි.
සන්සුන්වන්න. අන් අයට සවන් දෙන්න.ඔබේ අදහස් පැහැදිලි කරන්න. මබේ මතය ගැලපේ නම් අපත් ඔබේ හඩට එකතුවෙනු ඇත.නැතිව අන් අයගේ මතවාද වෙනස් කර තම මතවාද අන් අයට පැහැදිලි කරදිය නොහැක. මීදුම සීයා කෙනෙක් අංකල් කෙනෙක් චමින්ද කෙනෙක් වුයේ Anonymousලාගේ කාලය පසුකරගෙන ගොස් අත්දැකීම් ලැබීමෙන් පසුව බව සටහන් කර තබනුයේ ඒ කාලයට එන්න අධි වේගයෙන් ගිය හොත් Anonymousට නොහැකිවේයැයි සිතන බැවිනි.

මීදුමටද දේශපාලනයක් තිබේ . එය විටෙක කොළ පාටයයි මීදුම කියවන සහෘදයෝ අර්ථ කතනය කර තිබේ. විටක නිල් පාටද දැයි විමසා තිබේ. තවත් විටක රතු පාටදැයි අසයි.

මීදුම වියමන තුල මේ හැම පාටම නියෝජනය කරයි.ඒත් සැබැ අර්ථයෙන්ම පලමුවත් දෙවනුවත් තෙවෙනුවත් මව් බිම යන තේමාව මීදුම අගේ කරයි. අනුගමනය කරයි. සමහර අවස්ථාවල අන් අය එසේදැයි මීදුම ප්‍රශ්න කරන්නේ කතාව පමනක් නොව ක්‍රියාවත් මීදුම අගේ කරන බැවිනි.