පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2022-08-07

මුන් ට පිස්සු ආනන්ද .

     

                                                                                                                    
මුන්ට පිස්සු...ආනන්ද..

ආනන්ද මම හැමදේම අතහැරපු බෝ ගහ යට ඇයි මේ මිනිස්සු වැඳ වැටිලා හැමදේම ඉල්ලන්නේ?

ආනන්ද මේ තරම් පළතුරු වලින් ඇයි මේ චෛත්‍යය පුරවන්නේ?

ආනන්ද ඇයි හංදියක් හංදියක් ගානේ
මගෙ රුව තැන්පත් කරලා?
කරන්න තියෙන පව් වැඩ
මිනිස්සු හංදියක් ගානෙම කරද්දී
මගේ රුව වුනත් දුක්වෙනවා ආනන්ද
ඇස් පනාපිට මිනිස්සු තිරිසන් වෙද්දි.....

ආනන්ද ඇයි මිනිස්සු මගෙ රුව ගාවට ඇවිදින් යාන වාහන
ඉල්ලා වැඳ වැටෙන්නෙ?
මිනිස්සු පව් ආනන්ද කවුද ඒ බොරු මත
මිනිස්සු අතරට යැව්වේ....

ආනන්ද ඇයි අර බෝ ගහේ සුදු පටි වලින් සරසලා අපල දුරු
වේවා කියලා බැඳලා තියෙන්නේ?
කියා දෙන්න ආනන්ද හිත දියුණු කරලා
තමන් තුළ හටගන්නා ප්‍රාර්ථනා
ඉටු වෙනකල් මහන්සි වෙලා වැඩ කරන්න කියලා.....

බලන්න ආනන්ද ලෝකය දිහා
කොච්චරනම් සැබෑ ආදරවන්තයන්
අද මිථ්‍යාවෙන් වැහුණු වෙලාවල්
කඩදාසි කොල නිසා වෙන්වෙලාද කියලා....
කවදද ආනන්ද මම කිව්වේ වෙලාවල් විශ්වාස කරන්න කියලා....

ආනන්ද ඇයි මේ භික්ෂුව සුර සැප මහල් වල වැඩ සිටින්නේ?
ආනන්ද ඇයි මේ භික්ෂුව බීමතින් පන්සල් වල වැඩි සිටින්නේ?
මතකද, ආනන්ද මම දේශනා කලා
කොසොල් රජතුමාට එදා
මගෙ ශාසනය විනාශ කරන්න,
ධර්මය යට ගහන්න
මිත්‍යාවන්ගෙන් වැහුනු මිනිස්සු
කසාවත දරාගෙන මගෙ ශාසනය තුලම බිහිවෙනවා කියලා.....
අද ඒ හැමදේම මහ පොළොවේ සිද්ධ වෙනවා ආනන්ද...
ආනන්ද පාලකයාට බෞද්ධ ධර්මය රකින්න පුලුවන් කියලා මුසා කියව්වේ කවුද 
ශාසනේ රැකෙන්නේ ධර්මය ,විනය විතරයි කියලයි මං කීවේ.

කවද්ද ආනන්ද මම දේශනා කලේ
උපතින්ම දෙමව්පියන්ගේ ආගමින් බෞද්ධ වෙනවා කියලා....
බෞද්ධ යා කියන්නේ,
ධර්ම මාර්ගයේ යන කෙනාටයි
පින්බර ආනන්ද....

ආනන්ද ඇයි බිලි පූජා කරන කෝවිල් ⁣වල දේවාල අඩවි වල
"නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" කියන්නේ?
සත්තු මරන තැන්වල
මිනිස්සුන්ට දෙස් තියන තැන්වල
"නමෝතස්ස" කියන්න තරම්
මිනිස්සු එච්චරම පහත් වුනා නේද ආනන්ද...

ආනන්ද ඇයි පන්සල් වල මේ තරම්
පිං කැටයට අගුළු දාලා හිර කරන්නේ?
කවද්ද ආනන්ද මම දේශනා කලේ
පිංවතුන් දෙන දානය හිරකරන්
පන්සල් දියුණු කරන්න කියලා
හිත් ගඳ ගහන්න දීලා....

මිනිස්සු හැමදේම ඉල්ලා හඬා වැටෙන
බෝ ගස යට තමයි ආනන්ද,
මම එදා හැමදේම අතහැරියේ....
🙏🙏🙏

_copied_ කතුවරයා නොදනිමි....

 notes of imaginary   

2022-08-06

දියව් ! දියව් !!.

ජීවත් වීම අසීරුය.රටේ ආර්ථිකය ලත්වු පීඩනය අපේ බත් පතටත් එල්ලවී තිබේ.  
පසුගිය අවුරුදු දෙක අපිට වුන දේ හිතාගන්නටවත් නොහැකිය. පොහොර ගෙන්වා ගැණිමට මුදල් නොමැතිව එම වියදම් කපා හැරීමට අපට යෝජනා කලේ වස විසෙන් තොර ආහාර වේලක් සදහා කොම්පෝස්ට් පොහොර භාවිතා කළ යුතු බවය. මෙයට උඩ ගෙඩි දෙන්න වියත්තුන් ,සංඝරත්නය ආදී සමාජ  ප්‍රමුඛයෝ බොහෝ සිටියේය. පොහොර නොමැති වීම නිසා කෘෂිකර්මය බින්දුවට බැස්සේය. ගොවියෝ පාරට බැස්සා ද පාරට රැගෙන අවාද දන්නේ දේශපාලන පක්‍ෂ කාරකාදීන්ය.
කොවිඩ් රට වසා තබා විදේශීය සංචාරක ව්‍යාපාරය ,දේශිය කර්මාන්ත අඩපන කලේය.ඒ මදිවාට වැඩ  වර්ජන රැල්ලක්ද වෘත්තීය සමිති විසින්  ඇති කලේය. ලෙඩා පන අදින්නට පටන් ගත්තේය.
ආහාර .ගෑස්, ඉන්ධන සහ ඖෂධ  අහස උසට මිළ ඉහල ගියේය. හිග විය.
ඒ අතරට අරගලය පැමිණියේය. අරගලයට වැඩෙන්න සරු බිමක් ඇතිව තිබු බැවින් එය පලබර විය. බීජ වැපුරුවෝත්  සහ ඵල නෙලා ගන්නට බලා සිටි පිරිසත් අන්දමන්ද කරමින්  ජනතා වරමක්වද නැතිව සිටි උකුස්සෙකු ගොදුර ඩැහැගත්තාය.
ඒ වර්තමානය තෙක් අතීත කතාවයි.
අද වර්තමාන ජනාධිපති  රණිල් ගේ ආවේනික ක්‍රමයට  රටේ පාලනය අවතීර්න වෙමින් පවතී. ඔහුගේ ආර්ථික න්‍යායන්ට අනුව රාජ්‍ය ව්‍යවසාය පැවතීම යල් පැනගිය කටයුත්තකි. අද සමාජවාදී රටවල් පවා මේ න්‍යායෙන් මිදී පෞද්ගලීකරණයට පිවිසී තිබේ. පෞද්ගලිකකරණය වු පසු රජයට බරක් නොමැතිව බදු ආදායම ලැබේ. අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් දූෂණයෙන් මෙන්ම අකාරයක්‍ෂමතාවයෙන් බෙලහීනවී තිබේ.ඒවායේ පාලකයන් මෙන්ම සේවකයින්ද ආයාතනයේ පැවත්ම නොසලකා තමන්ගේ පැවත්ම ගරන පමනක් සොයා යයි. ආයතනය පැවතුනහොත් පමනක් තමන් පවතින බව නොසිතයි. රාජ්‍ය භාණ්ඩාගාරය මැදිහත් නොවන්නේ නම් අවසානයේ තමන්ගේ පැවත්මත් අහිමිවන බව නොසලකයි.
මිළදී ගෙන අලවි කරණ සතොස වැනි ආයාතන පාඩු ලබද්දී පූඩ් සිටි කීල්ස් වැනි ආයාතන ලාභ ලබයි. මෑතක අරඹන ලද වෙළද ව්‍යාපෘතියක් සහිපත් වේ. මේවා හදුන්වන්නේ කුළු බඩු මණ්දීර නමිනි. ඒවායේ දේශීය කුළුබඩු වර්ග අළවිය සදහා තබා තිබේ. නළමනාකරුවෙකු ඇතුළුව සේවකයින් කිහිප දෙනෙකු සේවය කරයි. මෙම සේවකයින්ට වැටුප් ලබා දිය හැකි තරම්වත් ආදායමක් ඇත්දැයි මීදුමට සැක සිතේ. මෙම භාණ්ඩ සතොස මලින්ද බෙදා හැරිය හැකියාවක් තිබියදී මෙම ව්‍යාපෘතියේ අරමුණ එක් දේශපාලකයෙකුගේ සංකල්පනාවකි.
මෙවැනි බාල කටයුතු නිසා අපේ ආර්ථිකය තව තවත් පිරිහේ.
අපි අද දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේ එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නට ප්‍රයත්න දරන පිරිසක් බවට පත්ව ඇත.මේ වෙනස ගලපා බලන විට පෞද්ගලික මට්ටමෙන් දැඩි වේදනාකාරීය. සුළු ,මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයෝ මෙන්ම මහා පරිමාන ව්‍යාපාරිකයෝද තමන්ගේ ව්‍යාපාර මුදල් සංසරනය අවම වීමෙන් කඩාහැලෙන තත්වයකට පත්ව ඇතැයි මැසිවිලි නගති. ජනතාවගේ දෛණික ආදායම අඩුවීම සහ භාණ්ඩ මිළ කෘතිම ලෙස ඉහලයාමත්  මිළදී ගැණිමේ හැකියාව අඩුවීමත් වෙළදපල මුදල් සංසරණයට විශාල බලපෑමක් කර ඇත. ආර්ථිකය ගැන දැනමිත්තන්ගේ ප්‍රකාශයන් කියවන විට මේ තත්වය තවදුරටත් ඉහල යනු ඇතැයි බියක් දැනේ.
 
රටකරවන පාලකයෝ අසීමාන්තික ලෙස වරප්‍රාසාද භුක්ති විදිමින් සිටී.ඔවුනට වගවීමක් කැති තරම්ය.
ගෙවී යන 2022 වර්ෂය  සඳහා ඉදිරිපත් කළ රාජ්‍ය අයවැයෙන් වර්ෂයේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 1628ක් ලෙස ඇස්තමේන්තු කර තිබිනි.මේ අනුව මේ වසරට (2021) සාපේක්‍ෂව අයවැය හිඟය රු.බිලියන 1826 සිට රු.බිලියන 1628 දක්වා රුපියල් බිලියන 198කින් මෙම  වසරේ (2022) දී අඩුකර ගැනීමට මෙවර අයවැයෙන් ඉලක්ක කර තිබිනි.මේ අනුව සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මේ වසරේ (2021) සියයට 11.1 සිට ලබන වසරේ (2022) දී සියයට 8.8 දක්වා අඩුකර ගැනීමට අපේක්‍ෂාව විය.
අයවැය හිඟය පියවන අයුරු
§  සමස්ත අයවැය හිඟය රු. බිලියන 1628
§  මුළු විදේශ මුල්‍යනය (179)
§  මුළු දේශීය මුල්‍යනය 1807
§  මුළු මුල්‍යනය 1628
ලෙස සටහන් විනි. මේවා පාර්ලිමේන්තුවේ සිටින අපේ ජනතා නියෝජිතයෝ නොදන්නා කරුණු විය නොහැකියි.
මේ අපේක්‍ෂාවන් බොද කරමින් එක් කණ්ඩායමක් විසිර ගිය අතර නව නායකත්‍වය ශිල්ප දක්වන්න පටන් අරගෙන තිබේ. බංකොලොත් රටක ජනතාව වන අපිටත්” දියව් දියව් “ සටන් පාඨයෙන් බැහැරව අඩුම තරමේ තමන්ගේ දිවිපැවත්ම ආරක්‍ෂා කර ගැණිමට වත් දේශීය නිෂ්පාදන කාර්යයකට යොමු වන්නේ නම් සුරක්‍ෂිතවේ යයි මීදුම සිතයි.
තමන් හිසට තම අත සෙවනැල්ල මිස වෙනත් පිලිසරනක් නොමැති කාලයක අප පැමිණ සිටින බව මීදුම සිතයි.


notes of imaginary