පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-12-11

අම්මා.





නොවැම්බර 29 ……..

අම්මා අප අතරින් වෙන්වු දවස

එතුමිය අවුරුදු අනූඅටක් ආයු  සම්පත් විද නිදුක් නිරෝගීව අපත් සමග සතුටින්

කාලය ගත කලා.

එක් හැන්දෑවක පපුවේ වේදනාවක අනතුර සදහන් කර සන්සුන්ව දෙනෙත පියා ගත්තා.

අම්මා අධිරාජිණියක්.

ඇයට පුංචි පාර්ලිමේන්තුවක් තිබුනා.

එය හරියට ජනරජ ව්‍යවස්ථාවට අනුව පාලනය වුන සිරිමාවෝ මැතිනියගේ පාලන ක්‍රමය වගේ.

දෙන්නම එකම ගමේ නොවැ.

තාත්තාට හිමිවුනේ ජනාධිපති ධුරය.

ඔහු අත්සන් කරනවා පමනයි.

අම්මා තමයි විධායකය සහ ව්‍යවස්ථාදායකය.

අපි යටත් වැසියෝ.

නවයක්…….

ලේසියෙන් ආංබාංකරන්න පුලුවන්යැ

කෙල්ලෝ තුන් දෙනෙක්.. කොල්ලෝ හය දෙනෙක් ..

මේ ඔක්කොම කර ගෙන අපිට කන්න බොන්න දීලා ලොකු මහත් කලා කියන එකත් විශිෂ්ඨයි.

මම ගෙදර ලොකු එකා ඊළගට නංගී.

අම්මා දුෂ්කරතා වින්දේ මේ  කාලේ.

තාත්තා පුංචියට පටන් ගත්ත ව්‍යාපාරය ළදරු අවධියේ.

අපිට තිබුන සම්පත් සීමිතයි.

කන්න බොන්න අඩුපාඩුවක් නැතිව තාත්තා සැපයුවත් හරි හමන් ඉන්න හිටින්න තැනක් තිබුනේ නැහැ.

අම්මා මේවා සීරුවට කළමනාකරන්න කොයිතරම් වෙහෙසෙන්න ඇතිද කියලා හිතන්න පටන් ගත්තේ කර දඩු උස්මහත් වුනාට පස්සේ………..

දරටික පලාටික වතුර එක්රැස් කරගෙන අපි නඩේ බලා කියා ගන්න මාර යුද්ධයක් කරන්න ඇති.

තාත්තා ටිකින් ටික ගොඩනැගෙන විට..

වැටිලා ඉන්න ගෙවල් දොරවල් ලැබෙන කොට

ගෙදර පිරිස එකා දෙන්නා වැඩිවෙන කොට අම්මාට පහසුවට 

ගෙදර අත් උදව්වට කවුරුන් හෝ හිටියා පස්සේ කාලෙක.

ඒත් අම්මාගේ වැඩ කටයුතු නම් අඩුවක් උනේ නැහැ.

ඈට නිසි පිලිවෙලට වැඩ ඕනි. කවුරු කලත් අඩුපාඩු. ඉතින් කොහොමද වැඩ අඩුවෙන්නේ ?.

කාලය ගෙවී යන කොට ගෙදර එකා දෙන්නා අඩු වෙන්න පටන් ගත්තා

හතී දීපංකරේ විසිර ගියා.

සිංහල අවුරුද්දට අම්මගේ සෙවනට එකතු වෙනවා.

ඒ අතර එකා දෙන්නා අම්මා බලන්න එනවා.

අම්මගේ සතුට…..දරුවන්ගේ පැමිණීම.

අම්මගේ දරුවෝ ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ.ඊටත් පස්සේ දරුවන්ගේ දරුවෝත් මෙහෙම පරම්පර තුනක්….පුතාලා දුවලා .මුණුපුරු මුණුපිරියෝ,මී මුණුපුරු මුණුපිරියෝ……..

අම්මගේ සතුට කොයිතරම් වෙන්න ඇත්ද ?.


A day in the life

2024-12-10

මොළය දක්වන ප්‍රතිචාර









කවුරුහරි ඔයාට කැමති වුණාම, ඔයත් නොදැනීම එයාට කැමති වෙන්න පුළුවන් කියල දැනගෙන හිටියද?
ඔයාට කවදාහරි මෙහෙම දෙයක් වෙලා තියෙනවද? කවුරු හරි ඔයාට කැමතියි කියලා දැනගත්තට පස්සේ, ඔයාටත් ඒ කෙනා ගැන හිතෙන්න පටන් ගන්නවා. ඒක අහම්බයක්ද?
කවුරු හරි ඔයාට ආදරය පෙන්නනකොට, අඟවනකොට ඔයාගේ මොලේ ඒකට හරිම වෙනස් විදිහට ප්රතිචාර දක්වනවා. ඒකෙන් ඔයා ඔයාටත් නොදැනීම ඒ කෙනාට කැමති වෙන්න පුළුවන්.
අපි ඒක වෙන්නේ කොහොමද කියලා බලමු.
මිනිස්සුන්ට හැම තිස්සෙම එයාලට කැමති අය ගැන හොඳ පොසිටිව් හැඟීමක් තියෙනවා. කවුරු හරි ඔයාට කැමතියි කියලා ඔයාට දැනුනාම, ඔයාගේ මොලේ ඒක අඳුරගෙන dopamine (සතුටු හෝමෝනේ ) සහ oxytocin (බැඳීමේ හෝමෝනේ ) කියන හෝමෝන ශ්රාවය කරනව. ඒ හෝමෝන නිසා ඒ කෙනා එක්ක බැඳීමක් තියෙනවා කියලා ඔයාට දැනෙනවා . ඒ නිසා ඔයාගෙ හිතෙත් ඒ කෙනා ගැන කැමැත්තක් ඇති වෙන්න පුළුවන් ඒකට. අපි කියනවා Reciprocal Liking Effect කියලා
කවුරු හරි ඔයාට ආදරයක් හෝ කරුණාවක් පෙන්නනකොට, අපේ මොලේ තියෙන mirror neurons කියලා විශේෂිත ස්නායු වර්ගයක් ක්රියාත්මක වෙලා ඔයාටත් ඒ හැඟීම් ඒ විදිහටම දැනෙනවා. ඒවයින් අපිට පුළුවන් අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න. ඒකෙන් ඔයාලා දෙන්න අතර බැඳීම ශක්තිමත් වෙනවා, ඒ වගේම ආදරයක් ඇති වෙන්නත් පුළුවන්.
ඒවගේම කවුරු හරි ඔයාට කැමති වුණාම, ඔයාගේ මොලේ අහනවා, "ඇයි එයා මට කැමති ?" ඉතින් ඒකට උත්තරේ හොයන්න ගිහින්, ඔයාට ඒ කෙනාගේ හොඳ දේවල් පේනවා, ඔයා ඒ ගැන ගැන හිතන්න පටන් ගන්නවා. හරියට එයා කොච්චර කරුණාවන්තයි ද, හාස්යය, ඒ වගේ දේවල්. ඒකෙන් ඔයාට ඒ කෙනා ගැන තවත් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. මේකට අපි කියනවා Cognitive Dissonance කියලා.
ඇත්තටම මේ ආදරය කියන්නේ චක්රයක් වගේ. කවුරු හරි ඔයාට ආදරේ කරනකොට, ඔයාටම දැනෙනවා ඔයා වටිනවා කියලා. ඒකෙන් ඔයාටත් ඒ කෙනා ගැන හිතෙන්න පටන් ගන්නවා. ඔයා ඒ කෙනා ගැන හිතන තරමට, එයා ඔයාට තවත් ආදරය පෙන්නනවා. ඒකෙන් ඔයාලා දෙන්නගේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා.
ඉතින් කවුරු හරි ඔයාට කැමතියි කියලා ඔයාට දැනෙනවා නම්, ඒ කෙනා ගැන ඔයාට දැනෙන හැඟීම ගැන හිතලා බලන්න.. එයා හොඳ කෙනෙක්ද? එයා ඔයා ගැන හිතනවද? එයා ඔයාව සතුටින් තියනවද? මේ හැඟීම් හිතේ විතරක් නෙවෙයි තියෙන්නේ, ඒවා ඔයාගේ මොලේ ඇතුළෙත් තියෙනවා.
ආදරය හැදෙන්නේ එකපාරටම නෙවෙයි. සමහර වෙලාවට ඒක හැදෙන්නේ ටිකෙන් ටික, දෙන්නා එකිනෙකා ගැන සැලකිලිමත් වෙනකොට, ගරු කරනකොට, ඒ වගේම ඇත්ත ආදරයක් තියෙනකොට.
කවුරු හරි ඔයාට කැමති වුණාම, ඔයාගේ මොලේ ඒක දකිනවා. මොලේ ඇතුළේ තියෙන රසායනික ද්රව්ය එකතු වෙලා ආදරයක් හදනවා. ඒත් මතක තියාගන්න, මේක බලෙන් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇත්ත ආදරය සහ කරුණාව තමයි මේකට ඕනේ.
ඉතින්, ඊළඟ පාර ඔයාට දැනුනොත් කවුරු හරි ඔයාට කැමතියි කියලා, ඒ ගැන නැවත වතාවක් හිතලා බලන්න.
ඔයාටත් මෙහෙම දෙයක් වෙලා තියෙනවද? කවුරු හරි ඔයාට කැමති වුණාම ඔයාගේ හිතත් වෙනස් වුණාද?
එහෙම උන යාලුවෝ මේකට ටැග් කරන්න, එයාලත් එක්ක ශෙයා කරගන්න වගේම ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න.
#nirogilanka
Dr. Priya ෆේස්බුක් පිටුවෙන් උපුටාගත් සටහනකි.
A day in the life