පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-08-03

වස් ආරාධනාව සමඟ බැඳි සිරිත් විරිත්




අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනෙක ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය වන “ධම්මචක්‌ක පවත්තන” සූත්‍රය පස්‌වග තවුසන්ට දේශනාකර ඔවුන්ට ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාදෙන ලදී. පසුදින එනම් “අවපෑලවියදා” බුදුරජාණන් වහන්සේ එම පස්‌වග භික්‍ෂූන් සමගින් පෙර බුදුසිරිත අනුගමනය කරමින් එම ඉසිපතන මිගදායේම වස්‌විසීම ආරම්භ කරන ලදී. මෙය උන්වහන්සේගේ ප්‍රථම “වස්‌සුපගමනය” හෙවත් බස්‌ සමාදන්වීමයි. එතැන් සිට පන්සාලිස්‌ වර්ෂය තිස්‌සේම ඇසළ පුර පසළොස්‌වක පොහොය දින හෝ අවපෑලවිස? වස්‌ සමාදන් වූහ. එපමණක්‌ නොව එය අනෙකුත් භික්‍ෂුන් වහන්සේලාටද අනුගමනය කරන ලෙස දැන වදාළහ. ප්‍රථම වස්‌විසීම බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම සිදුකළ අතර පසුව සමහර උදවියගේ ආරාධනා මත සිදුකර ඇති බවද පෙනේ. මෙම ක්‍රමය වර්තමාන කාලය දක්‌වාම පැවතගෙන එන ආගමික චාරිත්‍රයක්‌ බවට පත්ව ඇත.
ඇසළ මාසයෙන් ආරම්භ වන අධික වර්ෂා කාලය තුළ ගම්නියම් ගම්වල සංචාරය කිරීම නතර කර ඒ. ඒ. ආරාම තුළ හෝ විහාරස්‌ථානවල රැඳී සිටින ලෙසත්, එම තෙමස තුළ චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව් පසයෙන් නොඅඩුව ඇප උපස්‌ථාන කරන බවට උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වෙත ගෞරවයෙන් ආරාධනා කිරීම වස්‌ ආරාධනාවයි.
සෑම වර්ෂයකම ඇසළ පර පසළොස්‌වක පොහොය දින සිට ඉල්මස පුර පසළොස්‌වක පොහොය දින දක්‌වා උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වස්‌ සමාදන්වනු ලබන වස්‌සාන සමයයි. මෙහිදී පෙරවස්‌ විසීම හා පසුවස්‌විසීම යනුවෙන් ක්‍රම දෙකක්‌ද වේ. ඇසළ පුර පසළොස්‌වක පොහොය දින වස්‌ සමාදන්වීම “පෙරවස්‌” සමාදන්වීමයි. යම්කිසි පාලනය කළ නොහැකි හේතුවක්‌ මත එදින “පෙරවස්‌” විසීමට නොහැකි වූ උපසම්පදා භික්‍ෂුන් වහන්සේ “නිකිණි” පොහොය දින වස්‌ සමාදන්වීම පසුවස්‌ සමාදන්වීමයි. මෙය බුද්ධ නියමයකි. ඒ අනුව “පෙරවස්‌” සමාදන් වූ භික්‍ෂුන් වහන්සේ අඛණ්‌ඩව තෙමසක්‌ ගතකර වප් පුර පසළොස්‌වක පොහොයදින මහා පවාරනයෙන් වස්‌ හමාර කරනු ලැබේ. පසුවස්‌ විසූ භික්‍ෂුන් වහන්සේ අඛණ්‌ඩව තෙමසක්‌ වස්‌ මාසිකව සිට “ඉල්” පොහොය දින වස්‌ පවාරණය සිදුකරයි. මේ අනුව පොදුවේ ගත්කල “වස්‌සමය” සාර මාසයක්‌ ලෙස ගැනේ.
මෙම කාල පරාසය තුළදී බුද්ධ නියමය පරිදි උපසම්පදාලත් භික්‍ෂුන් වහන්සේ කවුරුන් විසින් හෝ ආරාධනා කළත් නොකළත් වස්‌ ගිවිසිය යුතුය. එසේ නොකළහොත් එය වරදක්‌ වන්නේය. එකල බුදුරජාණන් වහන්සේට අනේපිඩු මහ සිටුතුමා විශාඛා මහ උපාසිකාව මෙන්ම රජදරුවන්ද වේරඤ්ඤා බ්‍රාහ්මණයා වැනි අයලුන් විසින්ද වස්‌ ආරාධනා කර ඇතිව පැහැදිලිය. එහෙත් ප්‍රථම වස්‌ විසීමත් හත්වෙනි වස “තව්තිසා දෙව්ලොව” වස්‌ විසීමත් බුදුරජාණන් වහන්සේ ස්‌ව කැමැත්තෙන්ම කරන ලද බව පෙනේ.
භික්‍ෂූන් වහන්සේ වෙත වස්‌ ආරාධනා කිරීමේදී අනුගමනය කළයුතු චාරිත්‍ර ක්‍රමයක්‌ද ඇත. බුලත්කොළ (දැහැත්) කිහිපයක්‌ ගෙන එය ගොටුවක ආකාරයෙන් සකස්‌කර සුදු ලේන්සුවකින් වසා ඒ ඒ භික්‍ෂුන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබේ. මෙසේ පිළිගැන්වීමේදී එම පිරිසේ අයෙකු විසින් එසේ පිළිගැන්වූයේ කවර කරුණක්‌ නිසාද යන කාරණය හඬනගා ප්‍රකාශ කළ යුතුයි. පින්වත් ස්‌වාමීන් වහන්ස මෙතැන් සිට ඉදිරිතුන් මාසය මුළුල්ලේ මේ විහාරස්‌ථානයේ රැඳී සිටින ලෙස ආරාධනා කරමි. එම කාලය තුළ දායකයන් වන අපි ඔබ වහන්සේලාට අඩුවක්‌ නොකර සිව්පසයෙන් උපස්‌ථාන කරමි. එම කාලය තුළ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේක්‌වා. මීට සමාන ආකාරයෙන් එම ඉල්ලීම කළයුතුය. “දැහැත්ගොටු පූහ්ව” යනු මෙයයි.
මේ සමගම සිවුරක්‌ පූජා කිරීමද කරනු ලැබේ. ඒ සඳහා තුන් සිවුරෙන් කවර සිවුරක්‌ වූවද යොදාගත හැකිය. එහි කිසිදු වරදක්‌ නැත. දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් කවර සිවුරක්‌ ගෙන වස්‌වසන සියලුම භික්‍ෂුන් වහන්සේ වෙත මෙසේ පූජා කිරීම වැසිසළු පූජාව” නමින් හැඳින්වේ. මෙය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ විශාඛා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේගෙන් කරන ලද ඉල්ලීමක්‌ මත අනුදැන වදාල ක්‍රමයකි. එක්‌ වැසි සමයක භික්‍ෂුන් වහන්සේ පිරිසක්‌ ධාරානිපාත වර්ෂාව මැද තෙතබරිත වූ සිවුරුවලින් යුක්‌තව විහාරයට වඩිනු දුටු විශාඛාවට ඇතිවූයේ මහත් වේදනාවකි. ඒ අනුව බුදුන් වහන්සේ වෙත ගොස්‌ නමස්‌කර කර ඉමියා මහං භන්තේ, සංසස්‌ස යාවජීවං වස්‌සික සාටිකං දාතං” යනුවෙන් ජීවිතාන්තය දක්‌වා භික්‍ෂුන් වහන්සේවෙත වැසිසළු පූජා කිරීමට මම කැමැත්තෙමියි ප්‍රකාශ කළාය. අද දක්‌වාම මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ.
දැනට වසර තිහ හතළිහකට පමණ පෙර මෙම දැහැත්ගොටු හා වැසිසළු පූජාකිරීම ඉතාමත් වැදගත් පුණ්‍යෝත්සවයක්‌ ලෙස ඒ ඒ විහාරස්‌ථාන වෙත එම ගම්වල, නගරවල සැදැහැවත් දායක දායිකාවන් සිය ගණනින් ඒකරාශීවී ඉතා උසස්‌ අයුරින් සිදුකළහ. එහෙත් අද මේ කටයුත්ත සඳහා සහභාගි වන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසකි. එය ඉතා කනගාටුදායක සිද්ධියකි.
ලංකාව ඇතුළු පිරිසිදු ථෙරවාදී බුදුදහම පවතින රටවල භික්‍ෂුන් වහන්සේට වස්‌ ආරාධනා කිරීමේදී දැහැත් ගොටුවක්‌ පූජාකරන අතර සමහර රටවල මල් පොකුරක්‌ හෝ මල් වට්‌ටියක්‌ පූජාකර වස්‌ ආරාධනා කරන බව අසා ඇත. ඉන්දියාවේද සමහර වැදගත් ආගමික කටයුතුවලදී මල්වලට ලැබෙන ගෞරවය ලංකාවේදී ලැබෙනුයේ බුලත්වලටය. මේ නිසා අපේ රටේ වැදගත් ආගමික හෝ සංස්‌කෘතික කටයුතු වලදී බුලත් පිරිනමා ආරාධනා කරති. එමනිසා භික්‍ෂුන් වහන්සේට වස්‌ ආරාධනා කිරීමේදී බුලත් හෙවත් දැහැත් භාවිත කරන අතර, පෙරකී පරිදි මල් වට්‌ටිය හෝ මල් පොකුර සංකේතවත් කරමින් එම දැහැත් ගොටුවට මල් කිහිපයක්‌ දැමීමේ සම්ප්‍රදායක්‌ පවතී.
චෛත්‍යයක්‌ ඉදිකිරීමේදී මුල්ගල් තැබීමේ අවස්‌ථාව හා සමාන වැදගත්කමක්‌ භික්‍ෂුන් වහන්සේට වස්‌විසීම සඳහා වස්‌ ආරාධනා කිරීමේ අවස්‌ථාවට හිමිවේ. මෙය මහත්ඵල මහානිසංස ලැබෙන උතුම් පිංකමකි. තෙමස ඉක්‌මවීමෙන් පසු “කඨින චීවර” පූජාකිරීමේ පිංකම චෛත්‍යයක්‌ ඉදිකළ පසු කොත පැළඳවීම හා සමාන උතුම් පුණ්‍ය ක්‍රියාවකි.
අප ගෞතම බුදුරජාණන් වහන්සේට දොළොස්‌වෙනි මස ගතකිරීම සඳහා ආරාධනා කරනු ලැබුවේ වේරඤ්ඤා බ්‍රාහ්මණයා විසිනි. ඒ අනුව භික්‍ෂුන් වහන්සේ 500 ක පිරිසක්‌ සමඟ වේරඤ්ඤා ගමට වැඩම කළහ. එහෙත් ආරාධනා කළ බ්‍රාහ්මණයාට මෙය අමතක වී එම තුන්මාසය තිස්‌සේ ඉතා දුෂ්කර පැවැත්මක්‌ ඇතිව ගතකිරීමට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයන් වර්තමානයේද දක්‌නට ලැබේ. සමහර දායක පිරිස්‌ මෙම වස්‌ තෙමස තුළ තමාට හිමි සලාක දානය පිරිනැමීමට අමතක කරන අවස්‌ථා අප අත්දැක තිබේ. ඒ නිසා වේරඤ්ඤා බ්‍රාහ්මණයා අනුගමනය නොකර නිතර විහාරස්‌ථානය ගැන හා වස්‌ සමාදන්වී ඇති භික්‍ෂුන් වහන්සේ කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කිරීමට අදිටන් කරගත යුතුය. මෙම කාලය “පුණ්‍ය කාලය” ලෙස සලකා කටයුතු කරමු.
වස්‌ ආරාධනාව හා ඒ සමඟ බැඳි සිරිත් විරිත්:
වස් ආරාධනය
භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායකයන් විසිනි. ඒ අනුව විහාරස්ථානයේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේට මෙන්ම වෙනත් විහාරස්ථානවල භික්‍ෂූන් වහන්සේටත් ආරාධනා කිරීමට හැකිය. විහාරස්ථානයට පැමිණෙන දායක මහත්වරු බුදුන් වැඳ භික්‍ෂූන් වහන්සේට දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනා කරති. මෙම දැහැත් පිළිගැන්වීම සාමාන්‍ය දැහැත් වට්ටියක බුලත් තබා ආරාධනා කරන පිළිවෙළට වඩා වෙනස් ය.
මේ සඳහා බුලත් කොළ දහයක් පමණ ගෙන රවුමට තබා එකිනෙක සම්බන්ධවන ආකාරයට ඉරටු ගසා දැහැත් ගොටුව සකස් කරනු ලැබේ. එය අලංකාර නිර්මාණයකි. එහි මැදට පුවක්, හුණු සහ එනසාල් වැනි සුවඳ ද්‍රව්‍ය දමනු ලැබේ.
එක භික්‍ෂූන් වහන්සේ නමකට නම්, එක ගොටුවක් ප්‍රමාණවත් ය. එහෙත් භික්‍ෂූන් වහන්සේ හතර නමකට ආරාධනා කරනු ලබන්නේ නම්, එවැනි දැහැත් ගොටු හතරක් අවශ්‍ය ය. එයින් පසුව භික්‍ෂූන් වහන්සේට දැහැත් ගොටුව පිළිගන්වා දායක තැන විසින් පහත සඳහන් ආකාරයට ආරාධනා කළ යුතු ය. මේ තුන් මාසයේ අප විහාරයේ අප කෙරෙහි අනුග්‍රහය පිණිස වස් වාසය කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි යනුවෙනි.
එයින් පසුව භික්‍ෂූන් වහන්සේ පහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් ආරාධනාව පිළිගනිති.
ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි යනුවෙනි. (උපෙමි, එළඹෙති)
වස් දානය
වස් තෙමස තුළ භික්‍ෂූන් වහන්සේට දානය පිළිගැන්වීමට දායකයෝ බාර ගනිති. ඒ අනුව හීල් දානය, දවල් දානය, සවස ගිලන් පස දානය සපයමින් ඔවුහු උන්වහන්සේට සංග්‍රහ කරති. මෙම වස් කාලය තුළ සවස් කාලයේ දී දායකයෝ විහාරස්ථානයට පැමිණ මල්පහන් පූජා කරති. ධර්ම සාකච්ඡා කරති. භික්‍ෂූන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරති. සතර පොහොය දිනවල විශේෂ ධර්ම දේශනා පවත්වති.
කඨිනය
කඨින යන්නෙහි තේරුම තද, කර්කෂ යනුයි. මෙම වචනය නොසැලෙන, නොබිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකටද ව්‍යවහාර කැරේ. තවද දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන සිවුරු වලින් එක් සිවුරක් අරමුණු කරන නිසා සිවුරට කඨින යන නම ලැබෙයි. පිනද කඨින නම් වෙයි. කඨිනය නොසැලෙන, නොබිඳෙන, ස්ථිර, ප්‍රසංශා කටයුතු ඒක ඝන ආනිසංස ඇති පිනකි. එබැවින් බුදුරජාණන් වහන්සේ,
“පඨවි රිව නජාතු කම්පනේ නචලති. මේරු රිවානි වායුනාං වජිර මිව නභිිජ්ජතෙ ඝනං තම්ද මතො කඨිනන්ති චුච්චති”. යනුවෙන් කඨිනානිශංස වදාළහ.
මහ පොළොව මෙන් කම්පා නොවන මහාමේරුව වායුවෙන් සෙලවීමට නොහැකි සේ වජිර (දියමන්ති) පව්ව බිඳ දැමීමට නොහැකි සේ තද වූ බැවින් කඨිනය යැයි කියනු ලැබේ යනු, මෙහි සාමාන්‍ය තේරුමයි.
කඨිනය සිවුරක් නිමිති කරගෙන ඇති ප්‍රඥප්තියකි. සිවුරක්, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ රස ඔජා යන දෙයින් යුක්ත ය. මේ වස්තුවෙන් කළ නොහැකි ආකාරයට බැඳි ඇති හෙයින් එය කඨින නම් වෙයි.
කඨින වස්ත්‍රය
මෙය ‘කඨින දුස්සං’ නමින් හැඳින්වෙයි. ඇතැම්හු දුස්සං යන්න චීවර යනුවෙන් ද හඳුන්වති. පෙර දවස චීවරයක් සකස් කර ගැනීමට සොහොනක, කසල ගොඩක් හෝ ඇති අන් අයිතියක් නැති වස්ත්‍රයක් ලබාගෙන ඇත. එය පිරිසුදු කර පඬු පොවා සිවුරක් කොට ගත්හ. පසු කාලය වන විට සුදු වස්ත්‍රයක් මිලදී ගැනීම සිදුවිය. වර්තමානයේ මේ සඳහා කහ පැහැති වස්ත්‍ර තෝරා ගැනෙයි. අතීතයේ කපු නෙළා, නූල් සකසා එදිනම වස්ත්‍රයක් සකස්කර කපා, මසා, කඨිනය සඳහා අවශ්‍ය සිවුර පිළියෙළ කර ගැනිණි.
කඨිනය බාරගත් අයගේ නිවසේ සිට කඨින වස්ත්‍රය පෙරහරකින් වඩමවා ගෙන යනු ලැබේ. එය අනියම් කාලයේ දී හිස තබාගෙන, ඉමහත් ගෞරවයෙන්, “ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දේම” යනුවෙන් ප්‍රකාශ කරමින් සංඝයා වහන්සේට පූජා කිරීම සිදුවෙයි.
කඨින වස්ත්‍රය එළනු ලබන්නේ ගිහියකු විසිනි. සිවුර සකස් කිරීම සඳහා නියම කරන ලද රාමුවක් ඇත. ඒ අනුව එම වස්ත්‍රය කපා මසා සිවුර පිළියෙළ කැරෙයි. සිවුර මැසීමට කපන කැබෙල්ලක්, සුගත් වියත් හතරකි. චීවරය මීටර් දහයකි. සමහර විට අට හමාරකි. භික්‍ෂූන් වහන්සේගේ උස අනුව චීවරය පිළියෙළ කර ගැනීම සිදුවෙයි.
සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය
වේවා
(උපුටාගත් ලිපියකි )

notes of imaginary

2023-08-02

දේශපාලන ආවර්ජනයක් 1.




උතුරේ සහ නැගණහිර ඇතිවී තිබු තත්වය සමනයකට පත්කරන්න 13 ව්‍යවයස්ථා සංශෝධණය ජේ. ආර් ගේ ආණ්ඩුව ඇතිකර ගත්තා. එකලත් මෙම ව්‍යාවස්ථා සංශෝධනයට දකුනේ කැමැත්තක් තිබුනේ නැහැ. ප්‍රභාකරන්ට ඕන වුනේ වෙනම රාජ්‍යයක්. ඉන් මෙපිට වෙනත් විකල්පයක් ඔහුට තිබුනේ නැහැ. ඔහු මේ වන විටත් සන්නද්ධ අරගලයකට පිවිසිලා තිබුනේ. දකුනේ ජවිපෙය ඉන්දියාණු බලපෑමට එරෙහිව සන්නද්ධ වුනා.

JR අඇදිරි නීතිය දාගෙන රජිව් සමග ගිවිසුමකට එළඹවුනා. මේ ගිවිසුම අනුව 13 ව්‍යවස්ථාව උපත ලැබුවා.

සුදු අලියෙක් වු පරිපාලනයක් ලෙස කාලයක් පලාත් සභා ක්‍රියාත්මක වුනා. මේ කාලයේ තේරීපත්වු සහ බලය ලබා ගන්න බලාපොරොත්තුව සිටින දේශපාලනඥයින්ට පලාත් සභාව කප්රුකක්වුනා . මේ ආයතනය සක්‍රීය කර ගන්න අවශ්‍යතාවය තියෙන්නේ ඔවුන්ට. ජනතාවට එවැනි අවශ්‍යතාවනේ නැහැ. පලාත් ,දිස්ත්‍රික් ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලන නිලධාරීන් හරහා පලාත් සභාවෙන් විය යුතු කාර්ය වෙනවා.

වෙනස කතා සාප්පුවක් නැති එක විතරයි.

දකුනේදී කුල වාදයට සැලකීම එතරම් ඉහල සාධකයක් නොවුවත් උතුරේදී කුලවාදය කතාබහට ලක්වන මාතෘකාවක්. ප්‍රභාකරන් සහ ඔහුගේ අරගලය කියවීමේදී පීඩිත කුලවල ජනතා අවධිවීමක් ප්‍රබල ලෙස සාකච්ඡා වන්නක්.

නැවතත් ඉහල යයි සැලකෙන කුලවලට උතුරේ දේශපාලන බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාවය ප්‍රභාකරන්ගෙන් මිදීගිය රික්තය තුල ඇති කරගන්න අවශ්‍ය බිම සකස්ව තියෙනවා. දකුනේ සිටිය ජාතිකවාදීන්ගෙන් මේ අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි බව තේරුම් ගත් මොවුන් විසින් කුමන්ත්‍රණකාරීව ගෝඨාභය පාලනයෙන් ඉවත් කලා. එයට යොදා ගත්තේ ගෝඨා බලයට ගෙනා කොටස්මයි. 

ඔවුන් විස යයි සිතුදේ විසෙන්ම නසා දැම්මා.

අරගල භුමියේ සිටියේ රටේ ජීවයයි.ඔවුන් හැදු  හැට නව ලක්‍ෂය ඔවුන් විසින්ම විනාශ කලා.අරගල භූමියේ සිටි තරුන ජීවය ගෝඨා ගිය පසු සිදුවන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබු බවක් පලවුනේ නැහැ. නමුත් අරගලයේ මොළය කාලයක සිට පියවරෙන් පියවර තමන්ට අවශ්‍ය නායකත්වය ජනාධිපති පුටුව ලගට ගෙනවිත් තිබුනා. රනිල් ජනාධිපති වුනා. ගෝල්පේස් අරගලය වාෂ්ප වෙන්න ගියේ දින කිහිපයයි.

අද ගෝඨාගේ පාලනය බැහැරවීම ගැන කම්පා වෙනවා.

රනිල්ට ජනවරමක් නැහැ. ඔහුට ඇත්තේ 69 ලක්‍ෂය විසින් ගෝඨාට දුන් ජනවරමයි. එය පෞද්ගලික බුදලයක් නොවෙයි. ඔහු පවත්වාගෙන යායුත්තේත් නඩත්තු කල යුත්තේත් එම ජනවරමයි.

  එම ජනවරම බලාපොරොත්තු වන්නේ වෙන අනම්  මනම් කිරීම නොව ගෝඨා අසමත්වු ආර්ථික කළමනාකරනය යථාවත් කිරීමයි.එය පැත්තක තබා රණිල් බලයට පත්කිරීමට කුමන්ත්‍රණය කල පිරිසගේ අභිමාර්ථ ඉටු කිරීම නෙවෙයි.

 69 ලක්‍ෂය නියෝජනය කල ගෝඨාභය හට නිසි ලෙස ආර්ථිකය කළමනාකරනය කරගන්න බැරිවුනා. ඔහුට සේවය කල කේවට්ට ආර්ථික උපදේශකයන් නිසි මගපෙන්වීමක් කලේ නැහැ.  ගෝඨාගේ පාලනය කාලය .තුල විදේශීය ණය ගත්තේ නැහැ. නැත්නම් ණය ගන්න බැරිවුනා. ඒ තරම් ණය උගුලේ රට හිරවෙලා තිබුනා.  අපි ණය උනේ හොරා කෑම නිසයි කියන  සංකල්පයට මීදුම එකග නැහැ.   හොරා කෑමත් එක් සාධකයක් වුනත් එයම හේතුව නෙමෙයි.

මෙවන් ආර්ථික අර්බුදයකට සිරිමාවෝ මැතිණියගේ 1970 රජය මුහුණ පෑවා. එවකට මුදල් ඇමති ආචාර්ය එන් . එම් පෙරේරා.  ඔවුන්ගේ ප්‍රයත්නය වුනේ දේශීය නිෂ්පාදන මත රැදීමට උත්සහා දැරීමයි.

ආහාර හිගයක් ඇතිවුනා. රෙදිපිලි නැතිවුනා. ඖෂධ හිගවුනා එවකට පැවති රජය දේශීය නිෂ්පාදනයට අතහිත දුන්නා.    ඒකට මුහුන දුන්න ජනතාව  රජයත් සමග  අරගලයකට යොමු වුනේ නැහැ. ගොවියෝ වගා කලා. රතුළුණු , මිරිස් සීනි වෙනුවට අතුරු නිෂ්පාදන රට තුල බහුල වුනා.සිමෙන්ති,යකඩ කඩදාසි, පොහොර ,රෙදිපිලි . උපාලි පියට් වැනි වාහන අපේ රටේ නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා. උසස් ප්‍රමිතියෙන් තොරවුනත් බලාපොරොත්තු තැබිය හැකි උසස් තත්වයක් එම නිෂ්පාදන තුල තිබුනා. උතුරේ ගොවීන්ගේ අතමිට සරුවුනා. ඔවුන් සිරිමාවෝ රජයට දැක්වුයේ කැමැත්තක්.

 1977 න් පසු JR ගේ ආර්ථික රටාව දේශීය නිෂ්පාදන අඩපන කරමින් වෙළද ආර්ථිකයට රට යොමු කලා. අපේ රට තුල විවිධ ප්‍ර දේශ විවිධ නිෂ්පාදන රටාවකටයි පැවතියේ. ධීවර ජනතාව වෙරළබඩ ජීවත්වු අතර ගොවි ජනතාව රට අභ්‍යන්තරයේ ජීවත් වුවා. මොවුන්ගේ අභිලාශයන් ජීවත්වු ප්‍ර දේශයන් අනුව වෙනස් වුනා .ඔවුන් සංවර්ධණය කලයුත්තේ ඒ අනුව උවත් අද වන විට උඩින් ගෙනවිත් අතහරින ලද සංවර්ධණයක් තමයි කරන්න උත්සහා දරා තියෙන්නේ.  එය ව්‍යාප්ත කර ගන්න බැරිව අතරමං වෙලා. අසාර්ථක වෙලා.

 ගෝඨාට බොහෝ විරෝධතා ආවා .ඔහුගේ වැඩ පිලිවෙලවල් වලට ජනතා සහෝගය ලැබුනේ නැහැ.  මේ 1970 නෙමෙයි ;2022 කාලයට අනුරුපව කාරිය හැඩ ගස්සවා ගත යුතුයැයි හිතුවේ නැහැ.



මතු සම්බන්ධයිත


notes of imaginary