පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-07-17

( අ) සමබර මාධ්‍ය.


දකුනේදී මාලිමාවක් වුයේ නම්  අලි, පොහෝට්ටු  ටෙලිපෝනයෙන් පහර කෑමටත් ,

අලියෙක් වුවොත් මාලිමාවෙන් , ටෙලිපෝනයෙන් පහරකෑමටත්,

පොහොට්ටුවක් වුනොත් මාලිමාවෙන් සහ ටෙලිපෝනයේ  ප්‍රහාරයටත් ,

ටෙලිපෝනයක් වුනොත් මාලිමාවේත් පොහොට්ටුවේත් අලින්ගෙන් පහරකෑමටත්

කාටවත් නැති එකාට හතර වටින්ම ප්‍රාහාර එල්ලවීමත් මේ දවසේ දේශපාලන ක්‍රියාකාරකම වී තිබේ.

ඔය කාගෙවත් එළියෙන් බැබලෙන්න අදහස් නොකරන එකාට හැමෝම පෙනෙන්නේ එකම මල්ලේ ගොරකා ලෙසයි.

උතුරේදී ද ජනතාවත් මේ අර්බූදයට මුහුණ දෙති. අර මම මුලින් කී ලකුණු පමනක් වෙනස් වී  ඇත.

හැම එකාම බලයට මහත් පොරයක යෙදී සිටිති.

මිත්‍යාව වපුරන්නේය. බිය ඇති කරන්නේය.ගොඩ වැඩි කරගන්න ඕනෑම අළුගුත්තේරු වැඩක් කතාවක් කීමට පසුබට වන්නේ නැත.

 

මේ දිනවල ඇමතියා තනතුරෙන් යන තුරු   රෝහල් වල  රෝගීන්  මියයන්නේය. ඇමතියා ගිය පසු  මේ  අර්බුදය නිමවන්නේ ද?. ඖෂධ යනු හොද ජාවාරමකි. කුඩු මත්ද්‍රව්‍ය වලට වඩා නීත්‍යානුකූල අලවියක් ඇති ඖෂධ පහලම මට්ටමේ වෛද්‍යවරයාගේ සිට ඇමතියා දක්වා කොමිස් ආදායම් ලබන ව්‍යාපාරයකි.

විදේශීය ඖෂධ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්  මෙහෙවන මාෆියාවකි. සේනක බිබිලේ මැතිතුමන් ජීවිතයෙන් වන්දි ගෙවන ලද්දේ ‍මේ විදේශීය ඖෂධ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ට අලාබදායිවු ඖෂධ ප්‍රතිපත්තියක් බිහිකළ බැවිනි.

ඇමතියාගේ පටන් සියළු දෙනා ජාවරම් කරුවෝය. සියළු ආනායනකරුවන් සමසේ ජාවාරමට සහභාගීවී නම් රෝගීන් රෝහල්වල හදිසියේ මිය යන්නේ නැත.

සියල්ලෝම බෙදා ගෙන කන්නේය.

රෝගියා අසරනව මිය යන්නේය. මෙවන් ප්‍රසිද්ධියක් නොලැබෙන්නේය.

 

මෙයත්  එවැනි මාධ්‍ය අසාධාරණයක් පිළිබදවු ප්‍රවෘත්තියකි අසාධාරණය සිදුවුයේ විපක්‍ෂනායකවරයාටයි. අපට නොවේ.

 

දළදා පෙරහැර පවත්වන කාලවකවානුවේ වැය වන විදුලියට  විදුලි බල මණ්ඩලය විසින් දියවඩන නිළමේට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර එහි වටිනාකම තැන්පත් කරන ලෙස ඉල්ලා ඇත.

විපක්‍ෂ නායකයාට අනුව මෙය ජඩ නින්දිත ක්‍රියාවකි. බෞද්ධ ජනතාවට කරන ලද නිග්‍රහයකි

විදුලි බල මණ්ඩලය පවසන්නේ හැම වර්ෂයේම මෙසේ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවයි.

දියවඩන නිළමේ පවසන්නේ  බිල්පත  අනුව පෙරහැර අවසන්වු පසු සෑම වර්ෂයකම විදුලි බල මණ්ඩලයට මුල් ගෙවා ඇති බවයි.මෙවර ඇස්තමේන්තුවක් එවමින් විදුලි බල මණ්ඩලය මුලින් මුදල් තැන්පත් කරන මෙන් ඉල්ලා ඇති බැවින් පෙරහැරට පෙර මුදල් ගෙවන බවයි.

 

දළදා මාලිගාව පොහොසත්ය. විදුලි බල මණ්ඩලය දුප්පත්වි ඇත.

 

එකම ප්‍රවෘත්ති විකාශණයේ මේ ප්‍රවෘත්ති තුනම විකාශණය වු විට විපක්‍ෂනායක තුමාගේ ප්‍රකාශයේ හුලං බැස ගොසිනි.

 

විචාරශීලි ජනතාව දේශපාලන කතාබහ තක්සේරු කරමින් සිටී. අතීතය අමතක නොකර වර්ථමානය ගලපයි.එහෙයින් බලයට බලා සිටින කොයි කවුරුවත් කෙටි මං නොසොයා  යායුතුවේ.


notes of imaginary

2023-07-16

මා වෙනුවෙන් පමණක්ම නොවෙයි .



මහතුනේ
මේ මහා වෑයම
මා වෙනුවෙන් පමණක්ම නොවෙයි
ඔබ,මා,අප වෙනුවෙනුයි මේ අරගලය
අර විසල් ප්රාසාද පවුරු තුළ
අපේ දහදිය කඳුළුද
අපේ බදු මුදල්ද නිධන්ගත වී ඇත.
ඒ සා අයුක්තියක් ළඟ
නිහඬ විය හැකිද ප්රේමණීය මිනිසෙකුට
සත්යවාදී මිනිසෙකුට
මහතුනේ
ආර්ථික අයුක්තිය
රැගෙන යා හැකියි මහා යුද්ධයකට
අවතැන් විය හැකියි දහස් ගණනක්
විය හැකියි ඊළඟ පරපුරට මළගමක්
හිරු නොනගින
මහා අඳුරකට වුව
රැගෙන යා හැකියි ආර්ථික අයුක්තියකට
මහතුනේ
ඉවසාගත නොහීනම් මේ නැගිටීම
වෙඩි උණ්ඩයක් එවිය හැකියි මා වෙතට
මියගිය පසු වුවද මා
මේ අරගලය නුඹට නවතා දැමිය නොහැකිමය
දිනෙක ,
යුක්තියේ සුවඳ නුඹට දැනෙනු ඇත.
මහතුනේ
නිමාවූ පසුව මේ මෙහෙවර
හිනාවුණ පසුව අනාගත පරපුර
මල් නැතුවාට කමක් නැත
දමා ගසන්න ගල් මුඟුරු
දරාගත හැකිය ඒ රිදුම
සෝමලතා හේරත් මැණිකේ
(කවි නොවේ)
මුහුනු පොතට එක් කල පද පෙලකි.
notes of imaginary