පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2022-08-12

ධනෝපායන හැකියාව සහිත රාජ්‍යයක් උ⁣දෙසා...


💞💞💞💞(රසික ජයකොඩිගේ  - Rasika Jayakody-සටහනකි)
09 - 08 - 2022.💢💢💢💢💢💢💢💢
ලංකාවේ ජන සමාජයේ ඉතා ගැඹුරට කිඳා බැස ඇති විශාල පිළිලයක් වන්නේ පොදුවේ මිනිසුන් තුළ තිබෙන 'ධන විරෝධී' ආකල්පයයි. 

ඒ කියන්නේ, ධනය උත්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කරගෙන එන බියක් සහ සැකයක් තියෙනවා. 

ධනය උත්පාදනය කිරීම සහ ඒකරාශී කිරීම (wealth creation and accumulation) යනු අපරාධයක් හෝ අයහපත් දෙයක් ය යන මතය සමාජය තුළ ඉතා ම සියුම්ව මුල් බැසගෙන තියෙනවා. 

ධනය ඉපැයීමට දක්ෂ පුද්ගලයා "නරක මිනිසෙකු" හෝ "සූරා කන අදමිටු මිනිසෙකු" ලෙසට චිත්‍රයක් සමාජයේ නිර්මාණය වී තිබෙනවා. 

සරල උදාහරණයක් ගැන හිතුවොත් බොහෝ ගැමි කතන්දරවල, සාහිත්‍ය පොත්වල, ටෙලිනාට්‍ය හා චිත්‍රපටිවල අන්තර්ගතය අධ්‍යයනය කොට බැලුවොත් 'කඩේ මුදලාලි' බොහෝ විට චිත්‍රණය කොට තිබෙන්නේ අයුතු ලාබ උපයන කළු චරිතයක් ලෙසයි. මුදලාලිට එළිපිට මිනිසුන් ගරුසරු ඇතිව කතාකළත් යටින් ඔහු පිළිබඳ තරහවක් ඔවුන් ගේ සිතේ දිවෙනවා. 

සාධාරණ මිනිසා සැමදාම දුප්පතෙකු ලෙස සිටින බවත්, දුප්පතා ගේ හිත හොඳ බවත්, ධනවතා අසාධාරණ සහ අධර්මිෂ්ඨ මිනිසෙකු බවත් මේ හුඟක් කතාවල යටිපෙළෙන් කියනවා. මෙය හුදෙක් අහම්බයක් නොවෙයි.

මෙය ආගමික බලපෑමක් නිසා සිදුවන දෙයක් ද, එසේත් නැත්නම් 1930 ගණන්වල සිට ලංකාවේ මුල්බැස ගත් වාමාංශික අදහස්වල බලපෑම නිසා ඇතිවූවක් ද, එහෙම නැත්නම් ඒ දෙකේ ම සංකලනයක් ද යන්න වෙන ම අධ්‍යයනය කොට බැලිය යුතුයි.

ඒ කෙසේ වෙතත්, මේ ධනය උත්පාදනය කෙරෙහි දක්වන අනියත සහ අතාර්කික බිය ශ්‍රී ලංකාවට දිගුකාලීනව විශාල අගතියක් සිදුකොට තිබෙනවා. 

මේ නිසා ලංකාවේ ජන සමාජය තුළ බොහෝ විට සිදුවන්නේ ධනය උත්පාදනය කිරීම ප්‍රවර්ධනය කෙරෙනවා වෙනුවට එය පිළිකෙව් කොට දුර්මුඛ කිරීමයි. 

මධ්‍යම පංතියේ දෙමව්පියන් බොහෝ විට තම දරුවන් පොළඹවන්නේ ටයි පටියකින් ගෙල සිර කරගෙන, සීතල කාමරයක කාර්‍යාල රැකියාව කිරීමට මිස ව්‍යවසායකත්වය පැත්තට නෙවෙයි. පාසල් අධ්‍යාපනය බොහෝ සෙයින් නැඹුරු වී ඇත්තේ සේවා අංශයට ගැලපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීමට මිස ව්‍යවසායකයන් බිහිකිරීමට නෙවෙයි.

ලංකාවේ නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ ද ව්‍යවසායකයන් දිරි ගන්වන ආකාරයට නොව දුර්මුඛ වන ආකාරයටයි.

ආයෝජකයන් සම්බන්ධයෙන් අප දක්වන්නේ ද එවැනි ම ප්‍රතිපත්තියක්. ආයෝජකයන් සම්බන්ධ නීති රීති සහ ක්‍රමවේද සකස් වී ඇත්තේ ද ආයෝජකයන් යනු ලංකාවේ සාරය උරාගෙන යන්නට පැමිණි සූරාකන්නන් පිරිසක් ය යන ස්ථාවරයේ සිටයි.

එවැනි රටකට සෘජු විදේශ ආයෝජන අහිමි වීම ගැන කිසිවෙකුත් පුදුම විය යුතු නැහැ. 

මා මේ කියන්නේ ව්‍යවසායකයන්ට සහ ආයෝජකයන්ට කිසිදු නියාමනයක් නැතුව ක්‍රියාත්මක වීමට සහ බදු නොගෙවා සිටීමට ඉඩ දිය යුතුයි කියන අදහස නෙවෙයි. ඒත් අපේ රටේ නියාමනයකට වඩා සිදුවන්නේ දුර්මුඛ කිරීමක්. එම ව්‍යාපෘති කෙරෙන තැනට නොව නොකෙරෙන තැනට කටයුතු කිරීමක්.

ආයෝජකයන් යනු රටේ සම්පත් සූරාගෙන යන්නට පැමිණෙන පිරිසක් ය යන මනෝභාවය නිසා අප ගනුදෙනුව පටන් ගන්නත් කලින් ඔවුන්ට වැට බැඳ සිරකොට දමනවා. 

මේ ව්‍යවසායකත්ව සංස්කෘතිය මරා දැමීම නිසා ලංකාවේ සැබෑ ව්‍යවසායකයන් කියන පිරිස වඳ වෙලා ගිහින් තියෙනවා. ඒ වෙනුවට ලංකාවේ ව්‍යාපාර ලෝකයේ ආධිපත්‍යය දරන්නේ manipulators ලා පිරිසක්. ඔවුන් තමන් ගේ දේශපාලන සම්බන්ධතා හරහා නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති අස්සෙන් රිංගා ගොස්, බදු දැලෙන් රිංගා ගොස්, 'ක්‍රමය' manipulate කොට අති විශාල ධනස්කන්ධයක් උපයනවා. ඔවුන් ගේ පැවැත්මට ප්‍රබල හේතුවක් වන්නේත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් නැතිකමයි. 

පාලකයන් ගේ ගජමිතුරන් වන මේ පිරිස බලයට එන ඕනෑම ආණ්ඩුවක් වටා දූෂිත ජාවාරම්කාර වළල්ලක් සේ සිටිමින් ධනය මංකොල්ල කනවා. මොවුන් ඇත්තෙන් ම හැඳින්විය යුත්තේ ව්‍යාපරිකයන් ලෙස නොව ගිලාබත් වෙන රාජ්‍යයක් මංකොල්ල කන මුහුදු මංකොල්ලකාරයන් ලෙසයි.

මේ 'ධන විරෝධී' මානසිකත්වයේ තවත් විශාල අහිතකර බලපෑමක් වන්නේ පොදු ජනතාව ඉතා ම දැඩි ලෙස සහනාධාරවලට හුරු වී තිබීමයි. 

ව්‍යවසායකත්ව සංස්කෘතියක් වෙනුවට සහනාධාර සංස්කෘතියක් මේ රටේ ඉතා ම ගැඹුරින් ස්ථාපිත වී තිබෙනවා. හැම දෙයක් ම රජයෙන් කළ යුතු යැයි ද, රජයේ පරම යුතුකම ජනතාවට සහනාධාර දීම යැයි ද රටේ ජනතාවගෙන් සැළකිය යුතු පිරිසක් සිතා සිටිනවා. 

මේ සහනාධාර නම් කැරට් අලය පෙන්වා බලයට පැමිණි බොහෝ ආණ්ඩු ඉතා ම අතාර්කික, අස්ථාවර සහ තිරසර නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට රට විශාල ප්‍රපාතයකට ඇද දැමුවා. 

එහෙත් සහනාධාර මත ම යැපෙන්නට හුරු වී ඇති ජනතාව තවමත් තමන් වැටී ඇති ප්‍රපාතයේ ගැඹුර දන්නේ නැහැ. 

කවුරුන් ආණ්ඩු කළත් ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් ඉතා දීර්ඝ කාලයක සිට මොළ ශෝධනයකට ලක්ව තිබෙනවා. මේ නිසා ඇතිවුණු විකෘතියෙන් අප තවත් සෑහෙන කාලයකට නිදහස් වන බවක් මට පෙනෙන්නේ නැහැ. 

ඒ වගේ ම, ඒ විකෘතියෙන් කවදා හෝ නිදහස් වන තුරු අපට කිසි දිනක ආර්ථික සමෘද්ධිය පිළිබඳ සියුම් බලාපොරොත්තුවක්වත් දල්වා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. 


 


Note of imaginary

2022-08-10

fish oil ගැන දැනගමු. Omega 3.

1.මොනවද fish oil කියන්නේ.
2. fish oil ගැනීමේ වැදගත් කම.
3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත්කම.
4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව.
5.ස්වභාවික ආහාර මුලාශ්‍ර සහ supplements.

 fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සිතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි.මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි.තවද මෙය ω-3 fatty acids හෝ n-3 fatty acids නමින් හැඳින්වෙනවා. omega-3 යනු භහු දිගුදාම අසංතෘප්ත මේද අම්ල (long-chain polyunsaturated fatty acids) වේ. 

omega-3 PUFAs වර්ග තුනකි.එනම්, 
1.ALA.(alpha-Linolenic acid)
2.EPA.( eicosapentaenoic acid)
3.DHA.( docosahexaenoic acid)

මේ අතරින් EPA සහ DHA omega3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් භාහිරින් ලබාගත යුතුය.එමනිසා මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස හඳුන්වනවා.ALA ශාක අහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබේ.මෙසේ ලබාගන්න ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.

මෙහි වැදගත්කම කතාකිරීමේදී ඉතා වැදගත් පර්යේෂණයක් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කර තිබෙනවා.එනම් omega3 ඌනථාව ඇමරිකාව තුල සිදුවන මරණ වලට  හයවන හේතුව බවට පත්ව තිබෙනවා.සාමාන්යෙන් අපි ගන්නා ආහාර වල omega6 : omega3 අගය 20:1 පමණ අනුපාතයක් වෙනවා.මෙම අගය නිර්මාංශ ආහාර වේලක් ගන්න කෙනුකුගේ මිට වඩා වැඩිවන්නත් පුළුවන්. ඉතින් මෙය ඉතා අධික පරතරයක් වෙනවා.සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු මෙම අනුපාතය 2:1 දක්වා අගයකින් පාලනය කරගත යුතුයි.මක්නිසාද යත් omega6 වැඩිපුර ගැනීම ශරීරයේ ප්‍රධාහ නැතිනම් ඉදිමුම් ඇතිකරවන( inflammation) අතර omega3 එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර(anti- inflammatory) එම ප්‍රධාහ නැති කරයි.තවදුරටත් fish oil ලබාගැනීමේ වැදගත් කම සාකච්චා කරමු,

1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
 මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.සමස්තයක් ලෙස Triglycerides ප්‍රමාණය 15%-30% දක්වා අගයකින් අඩු කරයි. තවද අධික රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා. හදවතේ රිද්මය ක්‍රමානුකුලව පවත්වාගැනීම  සඳහා මෙය වැදගත් වෙනවා.

2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
 මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් භහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.

3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.    
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.

4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.
5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.
6.දියවැඩියාව පාලනය කරයි.
7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.
8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ.
9.දරුඵල සහ සාඵල්‍යතාව වැඩි කරයි.
10.ප්‍රෝටීන් අවශෝෂණය වැඩි කරයි.
මෙය සිදුවන්නේ omega3 මගින් mTOR(Mechanistic target of rapamycin) ක්‍රියාකාරිත්වය වැඩිකිරීම මගිනි.මෙහි අවසාන ප්‍රතිඵලය මාංශ  වර්ධනයෙහිලා ඉතා වැදගත් වීමයි.
11.ඉදිමුම් සහ වේදනා අවම කරයි.

Omega-3 මුලාශ්‍රයක් ලෙස fish oil විශේෂයෙන් වැදගත් වෙන්නේ අනෙකුත් මුලාශ්‍ර වලට සාපේක්ෂව fish oilතුල ඉතා වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වීමයි.අනික් කාරණය තමයි ඉතා පහසුවෙන් සොයාගත හැකිවීමත් මහාපරිමාණයෙන් නිෂ්පාදනයකිරීමේ හැකියවත්ය.

ගතයුතු මාත්‍රාවන් ගැන සැලකීමේදී ඔබ කිසියම් විශේෂිත ක්‍රීඩාවක නොයෙදෙන්නේකුනම් හෝ ආධුනිකයෙක් නම් EPA සහ DHA අගයන්ගේ එකතුව 500 mg පමණක් සෑහේ.නමුත් ඔබ කායවර්ධනය වැනි ක්‍රීඩාවක් කරන්නෙකු නම් EPA අගය 500mg සිට1g දක්වාද DHA අගය 200mg -500mg දක්වාද ගත යුතුයි.ගත යුතු වේලාවන් සැලකීමේදී උදේ ආහාරයට පසුව හෝ රාත්‍රී ආහාරයට පහුව සුදුසු වනවා.

දැන් අපි බලමු  Omega-3 අඩංගු ආහාර මුලාශ්‍ර මොනවද කියල.ප්‍රධාන වශයෙන්ම සිතල මුහුදේ වෙසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු   වෙනවා.උදා.සැමන්,මැකරල්,කෝඩ්,හුරුල්ලන් වැනි මත්සයන් වේ.මිට අමතරව නිර්මාංශ ආහාර මුලාශ්‍ර ගැන සඳහනක් කලොත් ෆ්ලස් සීඩ්,වෝල් නට්,චියා සීඩ්,නිවිති,සෝයා,හෙම්ප් සීඩ්,ඇල්ගී සඳහන් කල හැක.

Thushara De Silva - Fb
Chemistry  වෙතින් උපුටාගැනිමකි .

පසු සටහන.💙💙💙💙
දිය වැඩියාව පාලනය සහ ඇසේ ක්‍රියාකාරිත්‍වය සදහා Omega-3 යොදා ගැනීමෙන් ප්‍රතිපල ලබා තියෙනවා.

Note of imaginary