වෛරසයත් සුන්දර දහමක් - කොවිඩ්



කොරෝනා - කොවිඩ් 19.
වේදනාකාරිය.
සහාසිකය.
මරාන්තිකය.

කොවිඩ් 19
ලෝකයම උඩු යටිකුරු කලා
කොවිඩ් 19 මානවයාගේ ඇවතුම් පැවතුම්
මොහොතකින් වෙනස් වු මානයකට රැගෙන ගියා.

අපි මරණයෙන්ම පටන් ගතහොත්........
අපේ අවමංගල්‍ය උත්සව රටාව සහ මුලින්ම වෙනස් වුනා.
දවස් ගනන් නිදි මරමින් බතින් බුලතින් සංග්‍රහ කරමින්
නැති ආටෝපයක් මවා පෑ
අවමංගල්‍ය කටයුතු එක් රැයකින් නිම කරන්නට තරම්
කොවිඩ් 19 මග පෙන්වා දුන්නා.

සිය ගනන් පිරිවර මැද
නිසරු නාස්තියක අරුමය විදි
විවාහ මංගල්‍ය උත්සව
පවුලේ කිහිප දෙනෙක්ගේ සහභාගිත්‍වයෙන් යුතු
සරල උත්සව බවට පත්වුනා.

කොවිඩ් 19 ට හැර වෙනත් කිසිවෙකුට මෙය කළහැකි ද ?.
රාජකීයන් රාජ්‍ය පාලකයන් 
සාමාන්‍ය අසමාන්‍ය ජනතාව
කියා වෙනසක් ජාති ජරා ව්‍යාධි මරණයන්ට අදාල නැති බව
බුදු හාමුදුරුවෝ කියලා දීලා තිබුනා.
ඒත්.....................ඒ ධර්මතාවය නැවත සිහිපත් කලේ කොරෝනවායි.

කෙලෙස් පිරිණු ලෝකය
නිසරු ජීවිත ගත කල මානවයන්
බොරුව ජීවිකාව කර ගත්
දේශපාලනඥයන් ඇතුළු වෘත්තිකයින්
අකුසල සමාජ ගත කරන
මත්පැන් හල් සමාජ ශාලා
කී නොකී අකුසල් වපුරන මේ සියළු දෑ
කොවිඩ් 19 විසින් නිහඩ කරනු ලැබුවා.

කෙලෙස් බර ඔජාරේ ගලන ලෝකයට
කොවිඩ් 19 වෛරසයක්
බුදුහාමුදුරුවන්ගේ දේශනා තුලින්
කොවිඩ් 19
දකින කෙනෙකුට
වෛරසයත් සුන්දර දහමක්


notes of imaginary

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පුංචි පුතා නිදියනවා.





ඔන්න බබෝ ගුරු එනවා - අඩන ලමයි අල්ලනවා
අල්ල අල්ල විකුණනවා - විකුණ විකුණ රා බොනවා “

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

අතට වෙරළු ඇහිදගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

බෝනික්කා නිදියනවා.
සුදු නංගා නිදියනවා
මල් ගවුමේ මල් පිපිලා
මල් මැද්දේ නිදියනවා

අම්මා ගියා පොලේ නගේ
අප්පා ගියා පහල වෙලේ
සීයා ඇවිත් අරන් ගියේ
අක්කා හැදූ සරංගලේ

සුදු ගවුමක් අන්දාලා
දූ යනදා ස්කෝලේ
ලේන්සුවේ මල් මහලා
එල්ලන්නම් හැඩ දමලා

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදු මාමා ගේ සුදු වස්සා
කිරි බීලා උඩ පැන්නා
පිලිකන්නේ බළුකුක්ා
කිරි ඉල්ලා මට බිරුවා.
පූසී පැටව් කිරි බීලා
අම්මා වටේ නිදියනවා.
අම්මා ඇවිත් කිරි දුන්නා
මගේ පුතත් දොයියනවා.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදුම සුදුයි වලා කුලේ
නිදියනවා පුතා මගේ
ඈත හදේ හා පැටියා නිදියනවා පුතා වගේ
තරු නිවිලා නිල් අහසේ
නිදියනවා පුතා මගේ
මට පැටියා ඇහැරෙනවා
හෙට උදයේ මලක් වගේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා



notes of imaginary

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS