පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2015-09-03

අදින් ඇරඹුන හෙට.



ජනාධිපති පොරයෙන් සහ අගමැති පොරයෙන්ද පරාදවී නිකම්ම නිකම් මන්ත්‍රීතුමෙකු වී සිටින මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනට ගොඩ වදින අයුරු ප්‍රවෘත්ති රාමු පෙලකින් දුටිමි. තවමත් ඔහුගේ ජනප්‍රියතාවය නම් සිදී නැති සෙයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට නැති පිලිගැණිමක් තවමත් මහින්ද රාජපක්‍ෂයන් හට ශ්‍රීලනිප පාක්‍ෂියන් තුල ඇති බව ඒ රාමු පෙල කියනා සාක්‍ෂියකි.
චන්ද්‍රිකා මැතිණිය පක්‍ෂ සම්මේලනය ට සහභාගි නොවී විදේශගතව ඇත්තේ පාක්‍ෂිකයනට මුහුණ දෙන්නට ඇති අකමැත්ත නිසාද ? නැත්නම් දේශය වෙනුවෙන් සිදුවිය යුතු ඇගේ කාර්ය භාරය අවසන්ව ඇති නිසාද ? අපට ඉතිරි කර ඇති ප්‍රශ්නයකි.

පසුගිය 1 වෙනිදා ලංකාදීපය විමල් වීරවංශගෙන් අසන ලද ප්‍රශ්නයකට

ප්‍රශ්නය - මහින්ද රාජපක්‌ෂ කියන්නේ තිබුණ හොඳම හා අවසන් තුරුම්පුව. ඒ තුරුම්පුව ගහලා ඉවරයි. මෙතැනින් එහාට තියෙන තුරුම්පු මොනවාද?

පිළිතුර - තිබිච්ච හොඳම තුරුම්පුව වගේම අනාගතයටත් තියෙන හොදම තුරුම්පුව මහින්ද රාජපක්‌ෂයි. කවුරුහරි හිතනවා නම් ඒක එහෙම නොවෙයි කියලා මේ රටේ ඉදිරි වසරක පමණ කාලයක්‌ ඇවෑමෙන් තේරුම් ගනීවි මොකක්‌ද ඇත්ත තත්ත්වය කියලා ප්‍රකාශ කර තිබිනි.

එමෙන්ම මහින්දයන් ගැන බොහෝ මත පලකරන සගයෝ මට සිටිති. සමහර අයට අනුව මංත්‍රියෙක් වී හිටපු ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවට වී සිටිම නින්දිත ක්‍රියාවකි. තවත් සමහරු මේ මනුස්සයාගේ අරමුන මොකක්ද ? යන්න ගැන සැක පලකරයි.

කෙසේ වෙතත් මහින්දයන්ට ගරු කරන මෙන්ම නිගරු කරන සියල්ලටම මහින්ද චරිතය කියවීම නම් හොද ආදර්ශයකි.
මහින්දයන් 1994 සිට 2004 දක්‌වා චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවට වී තමන්ට අවස්‌ථාව එනතුරු බලාසිටියාය. 2015 ජනාධිපතිවරණයේදී ඔහු පරාජිත දේශපාලනඥයෙකු බවට පත්විය. එහෙත් 2015 මහමැතිවරණය පැවත්වු අගෝස්තු මාසය වන විට පාර්ලිමේන්තු ආසනයකට තරග කර නැවත මංත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගැණිමට තරම් මානසිකයක් ගොඩ නගා ගත හැකි පුද්ගලයෙක් බවට පත්වී සිටියාය.
මහින්දයන් නොවන්නට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්‍ෂ නායකයාවු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් පුළුවන් තරම් කකුලෙන් අදිද්දී එජනිස යට ආසන 96ක්‌ ලැබෙන්නේ නැත. මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් එම ආසන 96 කොල්ල කා අද එජාපය සමග ඇමතිකම් අරගන බිහි කරන සම්මුතික වාදි ආණ්ඩුව හදන විට උපේක්‍ෂාවෙන් බලා සිටින්නට මහින්දට හැකිය.

මේ සීතල නිහඩතාවය යටින් උණුසුම් දිය දහරාවක් ගලා යයිද යන්න හිතන්ට කල්වැඩි වුවත්, අද මහ බැංකුවේ අධිපති, අගවිනිසුරු, විපක්‍ෂ නායක පත්කල අත්තනෝමිකත්‍වය සහ හෙටින් පසු සිදුවන සුළු තරයට කරන ලබන වැඩි සැලකිලි හමුවේ මහජාතිය දක්වන ප්‍රතිචාර කළමනාකරණය කරන්නට වර්තමාන ආණ්ඩුවට හැකිවේදැයි අනාවැකි පලකල නොහැක.

මේ බොර දිය තුලින් අනාගතයේදී ශ්‍රිලනිපය දියවී වෙනත් දේශපාලන විකල්පයක් කරලිය තුල ඉපදීම අනිවාර්ය විය හැකිය. එහි නායකත්‍වයට මහින්දයන් පත් නොවේයයි අපට සිතිය නොහැකිද ?.




notes of imaginary

2015-09-02

මගේ රටට දළදා හිමි සරනයි.




ශාස්ත්‍රකාරයෝ දැන් දේශපාලන අනාවැකි කීම අත්හැර වෙනත් ශාස්ත්‍රීය කතා බහට එක්ව ඇති බව සති අන්ත පත්‍ර බලන මට සිතිනි. බොහෝ පත්‍රවලට ලිපි සපයන ශාස්ත්‍ර වේදීන් මේ දිනවල ලියන්නේ ග්‍රහ තරු ගැනවීම විශේෂයකි. පසුගිය කාලයේ නැතිවම බැරීවු සාස්ත්‍රකරුවන් රණිල්ගේ ආගමනයත් සමග නින්දට වැටී ඇති බව දකිනට හැකිවේ.


දැන් රට අළුත්වෙමින් ඉදිරියට යන බවක් මගේ අසල්වාසී යහපාලනයට කඩේ ගිය සහ යන ඇත්තන්ගේ මතයයි. මගේ දේශපාලන දැක්ම කුමක් වුවත් මට අවස්ථාව එනතෙක් අසල්වාසියා සමග වාද විවාද නොකර ගනිමි යයි හෟද සාක්‍ෂිය සමග ගිවිසුමකට එළඹුනෙමි.පාර්ලිමේන්තුව රැස්වී කථානායකවරයකු , නියෝජ්‍ය කථානායකවරයෙකුද පත්කර ගෙන සිටින ආණ්ඩුව තවමත් ඇමැති මණ්‌ඩලය පත්කර ගෙන නැත්තේ අපේ වාසනාවටයයි මම උපකල්පනය කරමින් සිටිමි. පත් කරගත් දා සිට ගෙවිය යුතු බර පැන ගැන සිතන විට මේ කල්යාම රටට තාවකාලික හෝ සම්පතකි.


මේ දේශපාලන මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හදුරන අපට ඔවුන් කේවල් කරනා අන්දම ගැන හිතා ගත හැකිවේ. කේවල් කිරීම කිසිසේත් ජනතාවට වාසිදායක ලෙස කෙලවර නොවෙන බවට නොවරදිනා අනාවැකියක් කිව හැකි බව සටහන් කරනුයේ මැතිවරණ ප්‍රතිඵල හදහනක් කොට සැලකීමෙනි.


ජනාධිපතිතුමාට අනුව මේ ප්‍රාතිහාර්ය පාමින් බිහිවන්නේ "සම්මුතිවාදී සන්ධානයකි.‌" සම්මුතියක්‌ ඇති තැනක බොහෝ කරුණු කාරණා විසදා ගැණීමට තටම තටමා සිටිය යුතු නොවේ. ඇමැති තනතුරු බෙදාගැනීමටත් මේ "සම්මුතිවාදී සන්ධාන ගත ජාතික ආණ්‌ඩුව තවමත් තටමයි. එයත් ප්‍රශ්නයක්‌ කරගන්නේ නම් සම්මුතිවාදි සන්ධානයක් එවැනි තත්ත්වයක්‌ තුළ බිහිවන්නේද යන්නත් ප්‍රශ්නයකි. ජනතාවට මේ තැටමීම නිදහසට කාරනාවක් නොවේ. කියන්නාවු සම්මුතිවාදී සන්ධාන ගත ජාතික ආණ්ඩුවක් බිහිවී රටට ලැබෙන සේවය ජනතාවගේ බලාපොරොත්තුවයි . එහෙත් තවමත් තමන්ට ලැබෙන්නට නියමිත ගොඩ ගැන සම්මුතියක් නොමැතිව කල්මරයි.

දිවුරුම් දීමට නියමිත යෑයි කියන ඇමැති මණ්‌ඩලය ගැන මේ ලියන මොහොත වනතෙක් ද නිවැරැදි තොරතුරක්‌ නැත. ජාතික ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය 19 වැනි ව්‍යවස්‌ථාවෙන් ප්‍රකාශිත ප්‍රමාණයට වඩා වැඩි වන බව පවසයි. ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවා අනුමැතිය ලබාගත් පසුව ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමට නියමිත බවද පවසයි. "සම්මුතිවාදී සන්ධානගතවීමක් මුලින්ම අවශ්‍ය වන්නේ එයටයි. රටේ අවශ්‍යතාවයට නොවේ. මේ අපි ඡණ්දය දුන් එකගතාවයන් ට අයත් නොවී වෙනස්වු එකකි.
දෙගොල්ලෝම සීතල යුද්ධයක නිරත වෙමින් ඇමති තනතුරු ලබා ගැණිමට කේවල් කරයි. එජාපය කියන පරිදි අවශ්‍ය නම් තමන්ට තනිව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට හැකියාව තිබෙන බව පවසයි . තවත් පිරිසකගේ සහාය ලබාගෙන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැකි බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ද කියයි. මේ පාරම්බෑමේ අරමුන ජනතාව වෙනුවෙන්ද ?.
"සම්මුතිවාදී සන්ධානයක්‌" පිහිටුවීමට කරන කතා බහ අතර තම තමන්ගේ පාර්ශ්වයනට හිමිවිය යුතු බලය පිළිබඳව කඹ ඇදීමක නිරත වෙමින් සිටී. "සම්මුතිවාදී සන්ධාන ආණ්‌ඩු කතා බහ කෙරෙන්නේ මෙවැනි ගොන් කතා මැද සිටගෙන වීම ජනතාවගේ සැකයට බීජවී තිබේ. මේ සියල්ල ජනතාවු අපට ලැබෙන්නේ විනෝදයක්‌ නොව සමස්‌ත දේශපාලනය ගැන කලකිරීමකි.

සත්භාවයක් නැති මේ හවුල් ගැන කතා කිරීමෙන් යහපාලනයට කඩේ ගිය අසල්වාසීයා උරණ කර ගත යුතු නොවේයයි මම මුලින්ම සිතුවෙමි. ඔහුට ඔහුගේ සුවදායක නින්ද තුල සිහින දකින්නට ඉඩ හසර තිබිය යුතුවේ.



notes of imaginary