ගහමුද පොඩි අඩියක් ! .



අඩිය පොඩියෙන් පටන් අරන් බඩ ගාගෙන යන අපේ උදවියට , අඩිය ගහන්න ඉදගත්ත තැන මතක නැති  වෙනකම් අඩි ගහන්න පුළුවන් .අද අපේ රටේ සම්භාවණිය පුරවැසියන් කියලා හිතන්න පුළුවන් මේ අඩි ගහන උදවිය. රටේ සංවර්ධණය උදෙසා වැඩිම බදු මුදලක් ගෙවන්නේ මේ උදවිය නිසා. ආදායම් බදු දෙපාර්තමේන්තුව උපයන්නන්ගෙන් බදු අයකරන ආදායම් සීමාවක් තියෙනවා.මත්පැන් බොන උදවියගෙන් එහෙම සීමාවක් නැහැ.කුලියක් මලියක් කරලා  හවසට මිට මොලවා ගන්නා රු600/=ක් වගේ පුංචි මුදලෙන් ඇගේ අමාරුවට කියලා අරක්කු කාලක් බොන්න රුපියල් දෙසිය පනහක්ම වියදම් කරන අය ආණ්ඩුවට රුපියල් එකසිය අසූවක්ම බදු ගෙවනවා.දික තිහම කඹුරලා මාසික ආදායම රුපියල් 18000/= හොයාගත්තා කියමුකෝ. මේ මනුස්සයා 5400/= ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් පාරවල් හදන්න  ණයට ගත්ත මුදල්වලට පොලිය ගෙවන්න දායක වෙලා. ඉතින් මේ මිනිස්සු සම්භාවණිය පුරවැසියන් නෙමෙයිද ?.අනිත් පැත්තෙන් බාර් වහලා දාන්න පුළුවන්ද?.
ගෙවී යන සතියේ මාතෘකාවෙලා තිබුනා ශ්‍රී දළදා මාලිගාව අවට ඇති මත්පැන් අලෙවිසල් වහාම වසා දමන ලෙස ඉල්ලමින් බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා විසින් උද්ඝෝෂණයක්‌ ආරම්භ කරලා තිබෙන බව.  නිත්‍යානුකූල බලපත්‍ර සහිතව පවත්වාගෙන යන බාර් 9 ක්‌ දළදා මාළිගය අවට !.  

බහුතර බෞද්ධ ජනගහනයක් සිටින රටක ඒ බෞද්ධයන්    අති උතුම් සිද්ධස්ථානයක් ලෙස සලකන ශ්‍රී දළදා මාළිගය අවට මත්පැන්හල් අරින්නට අවසර ලැබෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන්.
මේවා වහන්න කියලා උද්ඝෝෂණය කලත් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමාට ඒ වැඩේ කරන්න බැහැ. බාර් අයිතිකාරයෝ අපොයි මගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කලා කියලා සුරා බදු කොමසාරිස් තුමාට එරෙහිව අධිකරණයට යාවි.

සුරාබදු කොමසාරිස්තුමා ට මත්පැන් බලපත්‍රයක් ඉල්ලුවිට නිකුත්කරන්න  සුදුසුකම් මාලාවක් පනතේ  තියෙනවා ඔය පාරේ අයිනේ “වයින් ස්ටෝර්ස් “කියලා අටවගෙන බෝතල් පිටින්ම විකුණන්න බලයලත් ස්ථාන වලට ( මේවා අහලින් යන්න බෑ බෝතල් කඩලත් විකුණලා වෙරි කාරයෝ පාර පුරාම වැනෙනවා.) වර්ග අබි 250ක බිම් කොටසක් ඉදිවුන ගොඩනැගිල්ලක්  තිබුනහම ඇති.  තවත් තියෙනවා බෙදා වෙන් කර අළවි කරන්න පුළුවන් වගේ බලපත්‍රයක් නිකුත් කරපු  වෙළද ස්ථාණ. මේවායේ බෝර්ඩ් ලෑල්ලේ “ රෙස්ටෝරන්ට්” කියලා ගහලා තියෙනවා මේවට වර්ග අඩි 500ක ගොඩනැගිල්ලක් ඕනි.

පාසල් ප්‍රසිද්ධ ස්ථාන පූජනීය ස්ථාන අතර මත්පැන්හලක් පිහිටිය යුතු දුර ප්‍රමාණය අතර කොන්දේසී තියෙනවා.
 මත්පැන් හල තුලදී පරිභෝජනය නොකරන්නේනම් - පාසල් ප්‍රසිද්ධ ස්ථාන පූජනීය ස්ථාන වැනි තැන් වලින් මීටර 100 ක්වත් දුරින් මත්පැන් හල් පිහිටිය යුතුය.
මත්පැන් හලේදීම පරිභෝජනය කිරීමේදී - පාසල් ප්‍රසිද්ධ ස්ථාන පූජනීය ස්ථාන වැනි තැන් වලින් මීටර 500 ටවත් දුරින් මත්පැන් හල් පිහිටිය යුතුය.
සැලකිය යුතුයි!.
අවුරුදු 10 ක් හෝ ඊට වැඩි කාලයක් පවත්වාගෙන යනු ලබන මත්පැන් හල සම්බන්ධව ඉහත සඳහන් කරුනු සුරාබදු කොමසාරිස්තුමා ට අදාල වෙන්නේ නෑ.
සුරාබදු කොමසාරිස් තුමා සෑහීමකට පත්වේ නම් හා මත්පැන් විකිණීම සම්බන්ධව පොදු ජනයාගේ විරුද්ධත්වයක් නොමැති නම් බලපත්‍රය නිකුත් කරනවා.
සුරාබදු කොමසාරිස්තුමා මේ    ප්‍රශ්ණය මෙහෙම තවත් ලිහිල් කරලා තියෙනවා.

පූජනීය ස්ථාන පාසල් වැනි තැන් අදාල මත්පැන් හල ඉදිවීමට පසුව ඉදිවුනේ නම් හා ඵ් පිළිබඳව සුරාබදු කොමසාරිස් තුමා සෑහීමකට පත්වේ නම් සුරාබදු කොමසාරිස්තුමා ට ඉහත සදහන් කරුණු අදාල වෙන්නේ නෑ.

බලපත්‍ර නිකුත්  කර ඇත්තේ සංචාරක මණ්ඩලය මගින් අනුමත කරන ලද හොටල් අවන්හල් සඳහා නම්.  
බලපත්‍ර  නිකුත් කර ඇත්තේ සමාජ ශාලා වැනි මත්පැන් පමණක් අලෙවි කරන ස්ථානයක් සඳහා නම් බලපත්‍රයක් නිකුත් නොකිරීමට ඉහත සඳහන් තොරතුරු අදාළ වන්නේ නෑ.

සිල්ලරට මත්පැන් විකුණන්නන් සඳහා, පොදු වෙළඳ සල්, සිල්ලර කඩ වල බලය පැවරීමට රජයේ පිළිගත් විගනන ආයතනයක් මගින් හෝ ආදායම් පරිපාලන දෙපාර්තමේන්තුව මගින්, අදාල ඉල්ලුම් කළ ආයතනය පසුගිය අවුරුද්ද වෙනුවෙන් රුපියල් මිලියන 72 කට වැඩි මුදලක ආදායමක් ඇති බවට තහවුරු කළ විට සුපර් මාකට් වලට ද බලපත්‍රයක් නිකුත් කිරීමට සුරාබදු කොමසාරිස් තුමා ට බලය ලැබේ.
 මේ වැඩේට දේශපාලකතුමෙක් අතගහපුවහම ලිහිල්වු කොන්දේසී යටතේ දළදා මාළිගාවේ විතරක් නෙමෙයි ශ්‍රී පාදස්ථානයෙත් බලපත්‍ර සහිත මත්පැන්හල් අවහිරයක් නැතිව විවෘත වෙනවා. බලපත්‍රලාභියාගේ  පින්තූරය එල්ලන තැන බුදුහාමුදුරුවන්ගේ පින්තුරයකුත් එල්ලා ගන්නවා.
  notes of imaginary

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හලාල් සමග හරාම්






පොල් කතාව අවසන් වුයේ විධායකය  ලගටම ගිහින් !.

සතියෙන් සතිය අළුත් කතා එකතු වෙනවා. ඉස්සර නම් චිත්‍රපටි පෙන්නන්න එක සිනමා මණ්ඩල තියෙනවා. පස්වෙනි මණ්ඩයේ “අජාසත්ත” පෙන්න කොට හතරවෙනි මණ්ඩලේ “ධාතුසේන “පෙන්නනවා.
දැන් ඒ සිනමා මණ්ඩල ජනප්‍රිය ස්ථාන නෙමෙයි.
රූපවාහීණි චැනල් ඒවට හරියන්න තියෙනවා. ඒත්  එක චැනල් එකක එක් කතාවක් බලපුවම හොදටම  ඇති අනෙක් ඒවයිත් පෙන්නන්නේ ඒ වගේම කතා. විවිධත්‍වයක් ඇත්තේම නැහැ.මේ වගේ තමයි අපේ රටේ අර්බූද මතුවෙන්නේ.  ගිය සතියේ “පොල් “පෙන්නුවා මේ සතියේ ” හලාල් -හරාම් “පෙන්නනවා.

හලාල් කියන්නේ කැප ඒවා.

පවුසි ඇමතිතුමා සරල විග්‍රහයක් කරලා තිබුනා කැබිනට් රැස්වීමේදී. හලාල් කියන්නේ මගේ නෝනාත් එක්ක  නිදාගන්න එක “හරාම්” කියලා හදුන්වලා දෙන්න පුළුවන්.  ‍මගේ නෝනාත් එක්ක හැරෙන්න වෙනත් නෝනලාත් එක්ක නිදා ගන්නවනම් ඒක “හරාම් “කියලා හදුන්වා දෙන්න හැකියි. .ඉතින් මේකට මොකටද පොළු උස්සගෙන හරඹ කරන්නේ ?.
හැබැයි මෙහෙම එකකුත් තියෙනවානේ.

නෝනාත් එක්ක නිදා ගන්න විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවලා ලයිසන් එකක් ගන්න ඕනී.  නෝනා කර ගන්න. ඒත් වෙනත් නෝනාලත් එක්ක නිදා ගන්න ඒ වගේ ලයිසන් එකක් ගන්න ඔනී නැහැනේ.

ඒවගේ හලාල් කියලා භාණ්ඩ වල සදහන් කරන්න මුදල් ගෙවලා ලයිසන් එකක් ගන්න ඔනී. හරාම් වලට ලයිසන් එකක් ඕනීත් නැහැ.
"ALL CEYLON JAMMIYYATHUL ULAMA (උලමා ) - Halaal - Sri Lanka" සංවිධාණය වෙත ගෙවන බලපත්‍ර ගාස්තුවක් ගෙවීමෙන් පසු තම නිෂ්පාදනයන් සදහා හලාල් සහතිකය ලබාගන්න ඕනී.
 හලාල් කරන ලද භාණ්ඩ මිළදි ගැණිමට මුස්ලිම් ජාතිකයන්  කැමැත්තක් දන්වනවා. ලංකාවේ ජනගහණයෙන් මුස්ලිම් ජාතිකයෝ ඉන්නේ 7% යි. මේ වෙළදපල දිනාගන්න  ගොස් විශාල ප්‍රතිශතයක ජනගහණයක් සතු වෙළද පල අහිමි කර ගන්න නිෂ්පාදකයෝ කැමති වෙන්නේ නැහැ. ඒ නිසා උලමා සංවිධාණයට තම අරමුදල් අහිමි වෙන්න ඉඩ විවර වෙනවා.ඒත් මැද පෙරදිග වෙළදපලට යොමුවන තම නිෂ්පාදන සදහා හලාල් සහතිකය දැවටුම් වල මුද්‍රණය කරන්නට වෙනවා.ඒ වෙළදපල අහිමි කරගන්න නිෂ්පාදකයෝ කැමති වෙන එකක් නැහැ. ආයෙත් වටිනාකමක් "ALL CEYLON JAMMIYYATHUL ULAMA (උලමා ) - Halaal - Sri Lanka"සංවිධාණයට ඒ අවස්ථාවේ උදා වෙනවා. මේ ගැනත් සටනට කඩු උස්සන සංවිධාණ සලකා බලන්න ඕණි.
කාලයක් ක්‍රිස්තියාණි මුලධර්මවාදීන්  සමග සටන් කල සංවිධාණ එය නවතා දැන්  මුස්ලිම් මුළධර්මවාදීන් සමග සටනට එලබිලා.


තව සතියක් දෙකක් ගියාම තවත් චිත්‍රපටියක් පෙන්නාවි. එතෙක් අපි “හලාල් සමග හරාම්” බලමු.



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS