පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2010-01-11

කඩේ යාමට හිතක් පහල කර ගත යුතුද?.


මීදුම ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ යාමට උත්සහා නොකරයි. එහෙත් සැම විටම තම මව් බිමට කඩේ යාමට උත්සාහ කරයි.මීදුම පලකරන අදහස් පාදක කරගන්නා තේමාවන් විග්‍රහ වෙන්නේ ස්වාධීන අදහසින් මිස ආණ්ඩුවට හෝ විපක්‍ෂයට කඩේ යාමේ අදහසින් නොවේ. මීදුම වෘත්තිකයෙකු වශයෙන් ද ස්වාධින පරාසයක ජීවත් වන්නෙකි. අප විසින් මහන්සියෙන් උපයා ගන්නා ආදායම පවා 10% ක ආසන්නව විවිධ පෞද්ගලික බදු වශයෙන් ගෙවමින් ඊට අමතරව ජනතාව සමග පරිභෝජනයට ගන්නා සෑම දේකටම බදු ගෙවමින් රට පවත්වා ගෙන යාමට මීදුම දායකවේ.
එවන් අපට නාමිකව දේශපාලනඥනයට මෙන් නොව අනෙක් පුරවැසියන්ට මෙන්ම රට ගැන නිරායාශයෙන්ම විශාල කැක්කුමක් ඇති වෙන බව පහන්වු සංවේගයෙන් සටහන් කරමි.
 වර්තමානයේදේශපාලකයන් ද කරනු ලබන්නේ ව්‍යාපාරයකි. ඔවුන් බලය සමග අපට වඩා ඉදිරියෙන් මුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටි. විපක්ෂයට ඇත්තේ සිල්ලර කඩ වන අතර , ආණ්ඩු පක්‍ෂය තොග කඩ පවත්වා ගෙන යති. අද මීදුම විවරණය කරන්නේ ඒ ව්‍යාපාර ගැනයි.

අපි පහළ මට්ටමෙන් ම පටන් ගනිමු. ප්‍රාදේශීය සභාව සහ සුළු නගර සභා ප්‍රථමික දේශපාලන ආයතනයයි. මෙම ආයතන වලට තරග කරන අපේක්‍ෂකයෝ  මැතිවරණයක් සදහා වියදම් කරන මුදල කොයි තරම් අස්වාභාවික ද යන්න අප හිතා බලමු. වියදම් කරන එම මුදල තම නිල කාලය තුලදී ලැබෙන දිමනාවෙන් පියවා ගන්නට තබා හිතන්න වත් බැරි තරම් වේ. එහෙත් මේ සා මුදල් කන්දරාවක් ආයෝජනය කර බලය සදහා වලි කන්නේ බලය ලැබුනොත් එය ලාභ සමග උපයා ගන්නට නොවේ යයි තර්ක කරන්නේ කවුරුන් විසින්ද ?.
ප්‍රාදේශීය සභා සහ සුළු නගර සභා සිල්ලර කඩ වලට වර්ග කරමු. පලාත් සභාවත් පාර්ලිමේන්තු විමධ්‍යගත මුදල් සහ උඩරට ගැමි පුනරුත්තාපන කොමිසම වැනි ආයතනය න් සංවර්ධන උදෙසා වැය කරන කුඩා පරිමාණ ව්‍යාපෘති සියල්ලම සිදුකරන්නේ මෙම ආයතනයෙනි. මෙම ආයතන දෙකේ ම පූර්ණ බලධාරියා බවට පත් වන්නේ සභාපති වරයාය. සුළු නගර සභාවක නම් නගරාධිපතිවරයාය. මේ ආයතන වලට ලැබෙන සංවර්ධන අරමුදල් , සම්පත් ඉතාමත් විනිවිද භාවයෙන් යුතු ව ටෙන්ඩර මගින් බෙදා ගෙන සංවර්ධන කාර්යයත් ඉටු කරනු ලබන්නේ සභාවේ මංත්‍රීවරුන්ගේ සහ ප්‍රධානියාගේ නියෝජිතයෝ විසිනි . මින් කිසිම ආයෝජනයකින් තොරව 5% සිට 10% දක්වා නොනිල මුදල් සාක්කුවට ගලා එන බව නොරහසකි.

පලාත් සභාවේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද මීට අනුරූප ක්‍රීයා දාමයක කටයුතු නො කරන බව තහවුරු කල හැකි ද ?.ජාතික තලයේ අමාත්‍යවරු කොයි තරමක් මහජන මුදලක භාර කාරවරුන් වන්නේද?. එතරමින් එම මුදල් හුවමාරු වීමේදී අතරමැදි වන්නේද ?.

පසුගිය පලාත් සභාවට තරග කල අපේක්ෂකයෙකු මැතිවරණය සදහා ලක්ෂත හැත්තෑවක් වියදම් කල බව පෙර සටහනක මීදුම පවසා ඇත. මාසික දීමනා වෙන් මෙම මුදල උපයා ගන්න බැරි නිසා මෙම මැතිතුමා වෙනත් අන්දමකින් එම මුදල උපයා ගන්නට තැත් නො කරන බවට සහතිකයක් ඇතිවිය නො හැක.ඒ සැම්පලයක් පමනි. මෙවරනි උත්තමයෝ ලංකාවේ දේශපාලනයේ තව බොහෝ දෙනෙක් ඇත.

විද්යාර්ථියෙක් , රජයේ මාණ්ඩලික නිලධාරියෙක් අඩුම තරමේ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැණීමට අවුරුදු කීයක් ගිණි තැපිය යුතු ද ?. සාමාන්‍ය සේවකයෙක් වැටුප් වර්ධකයක් උදෙසා කෙතරම් කැඹිරිය යුතුද ?. එහෙත් ‍දේශපාලන උත්තමයන් හට අවුරුදු හතරක් පහක් කෙටි නිල කාලය තුල විවෘත වෙළද පොලේ අලවි කර රුපියල් ලක්ස පනහක් පමණ උපයා ගත හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන්නේ අර මුලින් කී නොනිල උපයා ගැණීම් වලට අමතරව ය. මේ තීරු බදු සහනය පලාත් පාලන ආයතන වල ප්‍රධානීන්ට සහ පලාත් සභාවේ සියළුම සාමාජිකයන්ට.ත් පාර්ලිමේන්තුවේ සියළුම සාමාජිකයන්ටත්  ඛේදයකින් තොර ව හිමි වන්නේ ය.

මීදුම වැනි ස්වාධීනව උපයා බදු ගෙවන්නන්ට මෙම කිසිදු වරපු සාදයක් ජීවිත කාලයේම හිමි නොවන අතර වැර වෑයමින් උපයා ගෙන නියමිත වෙලාවට බදු නොගෙව්වොත් දඩ ගෙවන්නත් අධිකරණ ක්‍රියා මාර්ගයනට යටත්ව හිරේ විලංගුවේ ලගින්නත් සිදුවීම අනිවාර්යය. එහෙත් ඒ බදු මුදල් වලින් කරන නාස්තිය ඉවසා ගෙන සිටිය යුතු ය.
කොයි කවුරුත් විවිධාකාර පුචාරක කටයුතු කරමින් ඉහල නගින්නට උත්සාහ කරන්නේ අපි හදන්න මද ? . මේ මැතිවරණ සමයේ දෙපාර්ශවයෙම වැය කරන මුදල් සම්භාරය තක්සේරු කරමු. මුලින් කී අන්දමින් ආදේශ කරමු.
ඉතින් අපි කා වෙනුවෙන් වත් කඩේ යාමට හිතක් පහල කර ගත යුතුද?.

2010-01-09

නාහේ වැරැද්දට මූණ කපා ගමු ද ?.




බල ලෝභයට ප්‍රඥාව නැති බවක් දැන් දැන් වේදිකාවේ පෙනෙන්ට තිබෙනා කාරණාවක් වී ඇත. මේ අධම මිනිසුන් ඔට්ටු අල්ලන්නේ අපේ මව් බිම සමග යයි මිදුම අනන්ත වාරයක් සිතමින් සිටින්නේ ය.
බලය ලබා ගන්නා පිණිස මේ මිනිසුන් නො කියනා දෙයක් නැත. නො දෙනා පොරොන්දුවක් නැත.

දුවිඩ සංධානය පාර්ලිමේන්තුවේ කොටි නියෝජනය කල දේශපාලන අංශය විය. ඔවුන් ඒකීය රටක් සංකල්පය වෙනුවට දෙමළ රාජ්‍යයයක් ඉල්ලා සිටි කඳවුරේ නියෝජිතයෝ වූහ. දුවිඩ සංධානය ජනාධිපතිවරණයේ දී සහය දෙන අපේක්ෂකයා සපුරා ලිය යුතු පොරොන්දු පත්‍රයක් ඔවුන් ඉදිරිපත් කර ඇත. කොතරම් නැහැයි කීවත් කොන්දේසි විරහිතව ඔවුන් සහයෝගය දෙනු ඇතැයි සිතිය ද නො හැක.
එමෙන්ම කොටි සංවිධානය නියෝජනය කරන දුවිඩ සංධානයට එසේ සීමා කොන්දේසි පැණවීමට සදාචාරාත්මක අයිතියක් ඔවුන් ගේ පාර්ශවයෙන් ඇත.

එම පොරොන්දු මෙතෙක් පවත්වා ගෙන ගිය ක්‍රියා දාමයන් ආපසු හරවන තත්වයන් නිර්මාණය කරන්නේ නම් දකුනේ දේශ හිතෛෂි කිසිම පාර්ශවයකට එම යෝජනා පිළිගත හැකි යෝජනා විය නොහැක. අවුරුදු තිහක් තිස්සේ පීඩා විදිමින් පසු ගිය කාල පරාසයේ ජීවිත පූජා වෙන් සහ මහත් ධනස්කන්දයක් වියදම් කරමින් අපි සොයා ගන්නා ලද සාමය දුවිඩ සංධානය හවුල් කාර පාර්ශවයක් විසින් ආපසු නො හරවනු ඇතයි අපට විශ්වාස කල හැකි ද යන්න විමසා බැලිය යුතු කාරණයකි .
දුවිඩ සංධානය ඉදිරිපත් කර ඇති , සරත් ෆොන්සේකා පිළිගෙන ඇතැයි සලකන යෝජනා රටට හිතකර දැයි සිතා ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම අද දවසේ අපට බාරදී ඇති කටයුත්තකැයි මීදුම සිතයි.

මාධ්‍ය පල කරන තොරතුරු අනුව ද්‍රවිඩ සංධානය හා එකඟ වී ඇති වරදාන සමහර කොටසක් මීදුම ලඝු කොට පහත සඳහන් කරනු ලැබේ.

1. අධි ආරක්ෂ ක කලාප ඉවත් කිරීම
2. උතුරු නැගණහිර හමුදා සහ පොලිසි අඩු කිරීම
3. උතුර නැගණහිර යළිත් ඒකාබද්ධ කිරීම
4. රජයේ බුද්ධි අංශ අඩු කිරීම
5. 12000ක්වු කොටි සාමාජිකයන් පුනරුත්තාපනයකින් තොර ව නිදහස් කිරීම

මේ කරුණු කාරනා අපට කියන්නේ කුමක් ද ? . අපි යළිත් ප්‍රභාකරන් සිටි තැනට ගෙන යාමක් නොවන බවට අනතුරක අපට පෙනෙන්නේ නැද්ද ?.

මහින්දට පුන පුනා චෝදනා කරනු ලබන්නේ රාජපක්ෂ පවුලේ සමාගම විසින් සියලු ක්‍ෂෙත්‍රයන් තම ග්‍රහණයට ගෙන ඇති බව පමනකි. ඔහුට දුවිඩ සංධානය ඉදිරිපත් කළ යෝජනා බැහැර කල බැවින් ද්‍රවිඩ සංධානය සරත් ෆොන්සේකා සමග සාකච්ඡා කල බව පැවසේ . මෙහි දී මහින්දගේ දේශප්‍රේමි ස්ථාවරය පදවි තන්හාවෙන් බැහැරව තිරණයකට පත්වු බව පෙනේ.

මේ මැතිවරණයේදී අප රටේ ඊ ලග නායකයා තෝරා ගත යුතුය. ඒ නිසා චන්ද පොලට අනිවාර්යෙන්ම යා යුතුයැයි මීදුම සිතයි.
දුෂණය සහ වංචාව දේශපාලන වේදිකාවේ පමනක් රග දක්වක සමයම්‍ක් බව මිදුම අදහස් කරයි. කොයි බෝධි සත්වයාත් ගරන්නට ගිය තැන ගරනවා මිස සිල් ගත් බවක් කිසිම පොතක පලවි තිබු බවක් මීදුමට සිහියට නොනැගේ. හිටපු ඇත්තෝද හත්මුතු පරම්පරාවම මොනයම් ක්‍රමයකින් හෝ ස්වයං පෝෂිත කරගෙන ඇත. එ බැවින් තනතුරු සමග බැදුණු කවුරුත් කර ඇති : කරන්නට බලාපොරොත්තු වන දුෂණය සහ වංචාව ගැන මීදුම මායිම් කරන්නේ නැත.

පතරංග ජාතකය බදු අපේකක ලැයිස්තුවේ ඉදිරියෙන් දුවන්නේ මහින්ද හා සරත්ය.

සරත් උතුරට ගිය විට - උතුර ද්‍රවිඩ ජනයාට දෙයි. දකුණට ආ විට - දකුනේ දේශප්රේමියෙකි. නොරච්චෝලය අසලට ගිය විට නොරච්චෝල ව්‍යාපෘතිය නතර කරයි. රාජ්‍ය සේවකයින් හමු වු විට වැටුප් අසමාන‍ ලෙස වැඩි කරයි. හමුවෙන හැම දෙනා ගේම සිත් ගන්නා අයුරින් හැමට ම මොනවා හරි දෙයි. ඔහු දෙවියෙකි.

මහින්දට හෙන පාත්වේ. හොරා හොරා යයි කියයි. පෝඩා ( පලයන් ) පෝඩා කියයි. ඔහු නම් දුෂිත ව පවුල් සමාගම පමනක් සංවර්ධනය කරන රට සංවර්ධනය ගැන නො සිතන බියකරු යක්ෂයෙකි. වේදිකාව දෙදරන්නේ මෙවන් ප්‍රලාප වලිනි.

නොදන්නා දෙවියන් රටට වඩා කතා කරන්නේ “ තමන්“ ගැන යයි මීදුම සිතයි. දෙන්න පුළුවන් රට නම් ( මව් බිම සහ අම්මා සමාන වටිනාකමක් ඇතැයි කියනු ලැබේ. ) එය දී හෝ තනතුරට පත් විය යුතු යැයි සිතන බවක් පල කරයි.

දන්නා යක්ෂයා බඩ ඉබේම පිරේ යැයි සිතා ගෙන රට ගැන කතා කරයි .

මේ කවුරුන් මොන වරදානයක් දී මඩිය තර කර ගැණීමට උත්සහා දැරුවත් ඒ උත්සහායන් ව්‍යාවර්ථ කිරීම බහුතර ලාංකේය හැගිමක් ඇති චන්ද දායකයන් ට හැකි විය යුතුවේ.