පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2009-10-13

රුසියාවෙත් ඔහොම තමයි.





දකුනේ පලාත් සභා මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වී ඇත. තරග කල ප්‍රධාණ පක්ෂ පිලිබද මනා විග්‍රහයක් ජනතාව විසින් කර ඇත. මැතිවරණයෙන් පසු බක පන්ඩිතයෝ තමන්ගේ ඇස් කන්නාඩි දාගෙන රෙදි ගලවා ති‍යා කරන විග්‍රහ වලින් වැඩක් නැත. රනිල්ට නායකත්වයෙන් යන්නත් මහින්දට දේශප්‍රේමය විතරක් අලවි කර ඔටුන්න රැකගත නොහැකි බවත් දකුනේ ජනතාව පැහැදිලිව කියා ඇත.ජවිපෙය නම් දකුනේ තම ඡන්ද පදනම විමල් වීරවංශගෙන් ආරක්ෂාකර ගෙන ඇත.

මහින්ද මහත්තයාගේ දේශපාලන ව්‍යාපෘතිය තුල ශ්‍රීලනිපයේ පරණ කකුල් වලට වැඩක් නැතිවී අළුත් කකුල් චේදිකාවේ මොර දෙන ප්‍රවනතාවයක් මෑත කාලයේ පෙනෙන්නට පටන් ගැනිනි. හතර වටේ ඉන්නා කහපාට කොළපාට සිග්නල් කනු ( කොන්ක්‍රිට් ,ලී වැනි දේවලින් නිර්මිත බැවින් ඒවා කනු මිසක ශ්‍රිලනිපය තුල සජීවී වස්තු නොවන බව තව තව කල් යන කොට තේරෙනු ඇත.) එකතු කර පාර්ලිමේන්තුව ගැට ගසා ගත්තේය. එහෙත් මෙම පෞද්ගලික හා කෘතිම පදනම පාර්ලිමේන්තු මැතිවරණයකට නම් ශ්‍රීලනිපයට කොහෙත්ම ගැලපෙන්නේ නැත. මේ පාට පාට සරුංගල් ටික මුදා හැර ඡන්දේ ඉල්ලන්න ගියොත් සරුංගල් වලින් දෙකක් තුනක් හැර ඉතිරි ඒවා එකතු කරගන්න මහින්ද මහත්තයාට හැකි නොවනු ඇත.

අපි විද්‍යුත් මාධ්‍ය වල කොමඩි වැඩ සටහන් බොළද වැඩ සටහන් දෙස බලා ඉන්නේ කාලය ගෙවා ගන්නට මිස ඒවායේ අරුත් බර යමක් ඇතියැයි සිතාගෙන නොවේ. ඒ වාගේ අයියාට කඩේ යන්න ඕනෑ වුන විට මල්ලී කඩේ ගොස් කරපු දෙයක ප්‍රතිපල දකුනේ දුටුවේ නැත. ගීනස් පොතට යන්න පැයගානක් අයියා වෙනුවෙන් බෙරිහන් දුන්නාට ජනතාව ඒවාට ඇහුන් කන් දෙන්නේ නැත. මල්ලී වේදිකාවට විත් කරන්නේ ජනතාවට කොමඩි සපයනවා මිසක ඉන්නවයි කියන සාමාජික සමාජිකාවන්ගෙන් පෙරමුනේ ඡන්ද පෙට්ටිය පුරවන එකනම් නොවන බව මහින්ද මහත්තයා දකුනෙන්ම පැහැදිලි කර ගත යුතුය. මල්ලීට පුළුවන් කතාව පමනය . කතා කාරයාට වැඩ බැරිය.

බස්නාහිරදී දිනේෂ් ගුණවර්ධන මීට වඩා මෙහෙයක් පෙරමුනේ ඡන්ද පෙට්ටිය පුරවන්න කරන බව අපට පැහැදිලිය. දකුනේදී කොමිනියුස්ට් පක්ෂය ඡන්දේට ගෙන ආ ගාල්ලේ පියසිරි වගේ අයගෙන් යාන්තම් නම්බුව බේරා ගත්තේ ඔවුන් සැබැවින්ම ශ්‍රීලනිපයේ ඡන්ද පදනමත් සමග බද්ධව කටයුතු කරන නිසාවෙනි. එවැනි දෙයක් කරන්න තවමත් රුසියාවේ ක්‍රමයෙන් බැරිය.

මැතිවරණ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පොඩ්ඩක් ඔළුව දා බලන්නට මහින්ද මහත්තයාට කාලය ඇවිත් ඇති බව දකුනේ මැතිවරණය සන්නිවේදනය කර ඇත.එවිට සරුංගල් සමග පාවී ආ වේයෝ ශ්‍රීලනිපයේ පරන කකුල් බයිට් එකට ගෙන ඇති ආකාරය පැහැදිලි වනු ඇත.සමහරු ඡන්ද පොලට ගෙන්නා ගන්නත් බැරිතරමට දුර්වලබවට පත් කරලා ඇත .ඉතින් කොහොමද 80% ටාගට් ගන්නේ.හොද වෙලාවට රනිල් මහත්තයාට බැරි නිසා සියයට හැට ගනන්වල ඉන්න පුළුවන් වෙලා ඇත.නැත්නම් අභියෝගය තරමක් බරපතල තත්වයට පත්වීම අනිවාර්ය වන බව සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පැහැදිලි කිරීමක් කර ඇත.

2009-10-10

ශාස්ත්‍ර පීඨය කඩුව ගැණිම.


කොළඔ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය 2010 වසරේ සිට ඉංග්‍රිසි මාධ්‍ය උපාධි පාඨමාලා ඇරඹිම සිදුකරන බව පලවී තිබේ. හැම එකකටම විශේෂඥ විග්‍රහයක් කරන විමල් වීරවංශ සහෝදරයාට මේ පිලිබදවද මතයක් තිබේ.ඔහුගේ අදහස නම් මෙය දුෂ්කර පාසල්වල සිසුන් විශ්ව විද්‍යාලයට පිවිසිමට ඇති ඉඩකඩ ඇසිරීමකි.
“භායානක යටත් වීජිතවාදී කුමන්ත්‍රණයකි. රුසියාවේ එලෙස නොවේ” යන චින්තනයේ සිට මෙම විෂය දෙසද බැලීමකි. සමාජයේ විවිධ වෘත්තිකයන්ගෙන් විරෝධතාද දැන් දැන් කල එලි බසී.

මීදුම අදහස් කරන්නේ දුෂ්කරතා ඇතිවුනත් මෙය යහපත් ආරම්භයක් බවයි.අද ගම්බද පාසල් වල දරුවන්ට ඉංග්‍රීසි ඉගන ගැනීමේ උවමනාව තිබුනත් උගන්වන්න ගුරුවරුන් ගේ බරපතල හිගයක් තිබේ. උපාධිධාරීන් තිස් හතලිස් දහස් ගනනින් ගුරු ප්‍රවාහයට එකතුවූ වත් එම පිරිසෙන් මෙම රික්තය පුරවා ගැනීමට ඉන් දෙතුන් සියයකින් ගෙන්වත් හැකියාව ඇතිවීදැයි සැකයකි. ඉංග්‍රිසි විද්‍යා පීඨ හරහා ගුරු සේවයට එකතුවන පිරිස හැරෙන්නට ඉංග්‍රීසි විෂයයක් ලෙස ඉගැන්වීමට ගුරු ධාරාවට අළුතින් එකතු වන පිරිසක් ගැන මීදුම නම් නොදනී.

ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම ඉගැන්වීමට නොව අතිරේක භාෂා විෂයයක් ලෙස ඉගැන්වීමට පවා පාසල් වල ප්‍රමානවත් ගුරුවරුන් නැති බව සත්‍යයකි. එහෙත් ජාතික පාසල් අතරින් අඩක් පමන මෙම ගුරු අඩුව අභියෝගයක් ලෙස පවත්වාගෙනත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් චිෂයයන් ඉගැන්වීම ආරම්භ කර තිබීමද ප්‍රශංසනීය කටයුත්තකි. බොහෝ ශාස්ත්‍රවේදී උපාධිධාරීන් ගුරු ධාරාවට එකතුවන රටක දරුවන්ගේ ඉංග්‍රිසි අධ්‍යාපනය දියුණු කිරීමට ශාස්ත්‍රවේදී උපාධිධාරීන් ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරා තිබීම ඊලග පරපුරට නම් අත්වැලකි.

මේ අදහස පසක තබමු. අද දැනුම අන්තර් ජාලයෙන් අතලගටම පැමින තිබේ. ඒත් අතට ගැනීමට සිංහලෙන් කර ගත හැකි නොවේ. පෞද්ගලික ව්‍යාවාසකයන් බොහෝ විට සම්බන්ද වන්නේ ඉංග්‍රීසියත් සමගිනි. අද ඉංග්‍රීසිය ඇත්නම් රැකියා අවස්ථාද බොහෝ වෙති. උපාධියත් ඇතත් රැකියා නැතිව රජයට එරෙහිව බෝර්ඩ් ලෑලි එල්ලා ගෙන ලිප්ටන් වට රවුමේ කොටුව දුම්රිය පොලේ පාළු කපන විට කඩුව මුවහත් සාමාන්‍ය පෙල සමත් අය පවා රැකියා එකක් අතහැරෙන විට තව එකක් ක්‍ෂණිකවම සොයා ගත හැකි ඉල්ලුමක් ඇති කර ගෙන සිටි.

විමල් වීරවංශට තමන් ගේ දේශපාලනය කර ගැණිමට රටේ ප්‍රශ්න තිබිය යුතුය යන්න පදනමේ සිට නම් මේ වැඩේ නතර කිරීම හොද දෙයකි.

විශ්ව විද්‍යාල තුලද මාධ්‍යය වෙනස් කිරීම ගැටළු ඇතිකරන්නක් විය හැකියයි මීදුම උපකල්පනය කරයි. සිංහල භාෂාව රජ කරවු දා පටන් අධ්‍යෘයපනය සිංහලවී අවුරුදු පනහක් පමන ඉක්මවු යුගයක සිංහලෙන් ඉගන සිංහලෙන් උසස් අධ්‍යාපනය හැදෑරු යාම්තම් ඉංග්‍රීසිය හසුරුවන සම්පත්දායකයෝ ඕනැතරම් සිටිය හැකියයි සිතිය හැකිවේ. මේ ඇත්තන් සමග වහාම ඉංග්‍රීසියට යාමද විශ්ව විද්‍යාල අර්බූදයක් නිර්මානය කරගැනීමකි. එහෙත් අසනීප සදහා දෙන බෙහෙත් තිත්ත උවත් බීම සිදුකල යුතුමවේ. සිංහලෙන් උපාධිය හමාර කරන දෙවන වසරේ සිට අවසන් විභාගය දක්වා විශ්ව විද්‍යාලයේ රැදී සිටින සිසුන්ටත් මෙය ප්‍රියජනක දසුනක් නොවීම අනිවාර්යවේ.ඉතින් විශ්ව විද්‍යාලය තුලින්ම වැඩේ අබ්ලික් කිරීමේ අවස්ථා නම් මතුවිය හැකි බව මීදුම සිතයි.

මධ්‍ය මහා විද්‍යාලයකට ශිෂ්‍යත්‍ව විභාගයෙන් සමත්ව පස්වන වසරට ඇතුලත්වු මිදුම ඉංග්‍රීසියෙන් උගත් අවසන් කන්ඩායම බල බලා සිංහලෙන් උගත් අයෙකි.එකල සිංහලෙන් ඉගනගැනීම මහත් අභිමානයක් වුවද සමාජ ගත වීමත් සමග ඉංග්‍රීසියේ වැදගත් කම කොයිතරම්ද යන්න තේරුම් යනවිට අප යා යුතු කෝච්චිය ගොස් හමාර වී තිබිණි.