පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2009-10-10

ශාස්ත්‍ර පීඨය කඩුව ගැණිම.


කොළඔ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය 2010 වසරේ සිට ඉංග්‍රිසි මාධ්‍ය උපාධි පාඨමාලා ඇරඹිම සිදුකරන බව පලවී තිබේ. හැම එකකටම විශේෂඥ විග්‍රහයක් කරන විමල් වීරවංශ සහෝදරයාට මේ පිලිබදවද මතයක් තිබේ.ඔහුගේ අදහස නම් මෙය දුෂ්කර පාසල්වල සිසුන් විශ්ව විද්‍යාලයට පිවිසිමට ඇති ඉඩකඩ ඇසිරීමකි.
“භායානක යටත් වීජිතවාදී කුමන්ත්‍රණයකි. රුසියාවේ එලෙස නොවේ” යන චින්තනයේ සිට මෙම විෂය දෙසද බැලීමකි. සමාජයේ විවිධ වෘත්තිකයන්ගෙන් විරෝධතාද දැන් දැන් කල එලි බසී.

මීදුම අදහස් කරන්නේ දුෂ්කරතා ඇතිවුනත් මෙය යහපත් ආරම්භයක් බවයි.අද ගම්බද පාසල් වල දරුවන්ට ඉංග්‍රීසි ඉගන ගැනීමේ උවමනාව තිබුනත් උගන්වන්න ගුරුවරුන් ගේ බරපතල හිගයක් තිබේ. උපාධිධාරීන් තිස් හතලිස් දහස් ගනනින් ගුරු ප්‍රවාහයට එකතුවූ වත් එම පිරිසෙන් මෙම රික්තය පුරවා ගැනීමට ඉන් දෙතුන් සියයකින් ගෙන්වත් හැකියාව ඇතිවීදැයි සැකයකි. ඉංග්‍රිසි විද්‍යා පීඨ හරහා ගුරු සේවයට එකතුවන පිරිස හැරෙන්නට ඉංග්‍රීසි විෂයයක් ලෙස ඉගැන්වීමට ගුරු ධාරාවට අළුතින් එකතු වන පිරිසක් ගැන මීදුම නම් නොදනී.

ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම ඉගැන්වීමට නොව අතිරේක භාෂා විෂයයක් ලෙස ඉගැන්වීමට පවා පාසල් වල ප්‍රමානවත් ගුරුවරුන් නැති බව සත්‍යයකි. එහෙත් ජාතික පාසල් අතරින් අඩක් පමන මෙම ගුරු අඩුව අභියෝගයක් ලෙස පවත්වාගෙනත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් චිෂයයන් ඉගැන්වීම ආරම්භ කර තිබීමද ප්‍රශංසනීය කටයුත්තකි. බොහෝ ශාස්ත්‍රවේදී උපාධිධාරීන් ගුරු ධාරාවට එකතුවන රටක දරුවන්ගේ ඉංග්‍රිසි අධ්‍යාපනය දියුණු කිරීමට ශාස්ත්‍රවේදී උපාධිධාරීන් ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරා තිබීම ඊලග පරපුරට නම් අත්වැලකි.

මේ අදහස පසක තබමු. අද දැනුම අන්තර් ජාලයෙන් අතලගටම පැමින තිබේ. ඒත් අතට ගැනීමට සිංහලෙන් කර ගත හැකි නොවේ. පෞද්ගලික ව්‍යාවාසකයන් බොහෝ විට සම්බන්ද වන්නේ ඉංග්‍රීසියත් සමගිනි. අද ඉංග්‍රීසිය ඇත්නම් රැකියා අවස්ථාද බොහෝ වෙති. උපාධියත් ඇතත් රැකියා නැතිව රජයට එරෙහිව බෝර්ඩ් ලෑලි එල්ලා ගෙන ලිප්ටන් වට රවුමේ කොටුව දුම්රිය පොලේ පාළු කපන විට කඩුව මුවහත් සාමාන්‍ය පෙල සමත් අය පවා රැකියා එකක් අතහැරෙන විට තව එකක් ක්‍ෂණිකවම සොයා ගත හැකි ඉල්ලුමක් ඇති කර ගෙන සිටි.

විමල් වීරවංශට තමන් ගේ දේශපාලනය කර ගැණිමට රටේ ප්‍රශ්න තිබිය යුතුය යන්න පදනමේ සිට නම් මේ වැඩේ නතර කිරීම හොද දෙයකි.

විශ්ව විද්‍යාල තුලද මාධ්‍යය වෙනස් කිරීම ගැටළු ඇතිකරන්නක් විය හැකියයි මීදුම උපකල්පනය කරයි. සිංහල භාෂාව රජ කරවු දා පටන් අධ්‍යෘයපනය සිංහලවී අවුරුදු පනහක් පමන ඉක්මවු යුගයක සිංහලෙන් ඉගන සිංහලෙන් උසස් අධ්‍යාපනය හැදෑරු යාම්තම් ඉංග්‍රීසිය හසුරුවන සම්පත්දායකයෝ ඕනැතරම් සිටිය හැකියයි සිතිය හැකිවේ. මේ ඇත්තන් සමග වහාම ඉංග්‍රීසියට යාමද විශ්ව විද්‍යාල අර්බූදයක් නිර්මානය කරගැනීමකි. එහෙත් අසනීප සදහා දෙන බෙහෙත් තිත්ත උවත් බීම සිදුකල යුතුමවේ. සිංහලෙන් උපාධිය හමාර කරන දෙවන වසරේ සිට අවසන් විභාගය දක්වා විශ්ව විද්‍යාලයේ රැදී සිටින සිසුන්ටත් මෙය ප්‍රියජනක දසුනක් නොවීම අනිවාර්යවේ.ඉතින් විශ්ව විද්‍යාලය තුලින්ම වැඩේ අබ්ලික් කිරීමේ අවස්ථා නම් මතුවිය හැකි බව මීදුම සිතයි.

මධ්‍ය මහා විද්‍යාලයකට ශිෂ්‍යත්‍ව විභාගයෙන් සමත්ව පස්වන වසරට ඇතුලත්වු මිදුම ඉංග්‍රීසියෙන් උගත් අවසන් කන්ඩායම බල බලා සිංහලෙන් උගත් අයෙකි.එකල සිංහලෙන් ඉගනගැනීම මහත් අභිමානයක් වුවද සමාජ ගත වීමත් සමග ඉංග්‍රීසියේ වැදගත් කම කොයිතරම්ද යන්න තේරුම් යනවිට අප යා යුතු කෝච්චිය ගොස් හමාර වී තිබිණි.

2009-10-06

දකුනේ ප්‍රතිපල.


මැතිවරණය අතලගය.
මැතිවරණත් සමග සිහියට එන මගේ මිතුරෙකු සිටි. මිතුරා හදුනා ගැනීමට අමරේ යයි කියමු මෙතැන් සිට වියමන් වන්නේ අමරේගේ මැතිවරණ කතාවයි.

අමරේ 1989 සිටම හොද ශ්‍රී ලංකා කාරයෙකි. ඊට පෙරනම් හොදම යූඑන්පී කාරයෙකි.අමරේ යුඑන්පියට යන විට වටා පිටාවේ අයත් යුඑන්පියට යා යුතුය.ඒ වාගේම අමරේට ශ්‍රීලනිපවු විට වටා පිටාවම ශ්‍රී ලංකා කාරයෝ විය යුතුය. නැත්නම් මැතිවරණ කාලයට පෙරත් ටික කාලයක් පසුව වත් අමරේගේ පැත්තේ නොවන හැම දෙනාම ඔහුගේ තරහ කාරයෝය. ඔහුගේ හොදම මිතුරන් පවා විකල්ප මත දරන්නෝ නම් මැතිවරන දවස්වලට ඔහුට පෙන්නන්නම බැරිය. කුමන්ත්‍රණ කරුවෝ කඩාකපල්කාරයෝ ඔත්තුකාරයෝ ආදීයෙන් සටහන් වී ඇති ලේබල් අලවා ඔවුන්ගෙන් පිටමං වීම අමරේගේ සිරිතය..

නාමයෝජනා දුන් දින පටන් අදාල මැතිවරණයට අයත් පැරණි ප්‍රතිපල ලේඛණ ඔහුගේ ලේඛනාගාරයෙන් ගොඩ ගන්නා අමරේ මහත් වෑයමකින් ප්‍රතිපල විශ්ලේෂණයක් කිරීම ආරම්භ කරයි. හත් දික්භාගයේ විසිරී ඇති ඔහුගේ නෑදෑ මිතුරන් සමග පුළුල් සංවාදයක්ද අරඔනු ලැබේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට තොරතුරු එක් රැස් කර ගෙන දිනෙන් දින මැතිවරන ප්‍රතිපල පිලිබදව අනාවැකි පල කිරීමත් දේශගුණය මෙන් වෙනස් වන මැතිවරන උනුසුම පිළිබද අදහස් පල කිරීමත් ඔහුගේ පුරුද්දකි . පොඩි වැරද්දකට ඇත්තේ සියළු අනාවැකි පල වන්නේ ඔහුගේ පෞද්ගලික මතවාදයනට පක්ෂපාති කෝනයෙන් වීමයි.
මනාපය මැතිවරණයට ඈදීමත් සමග ඔහුගේ මනාප අනෙක් අයගෙත් මනාප බවට පත්කරවීම තවත් නිර්නායකයක් ලෙස එකතු වී තිබේ.
වර්තමානයේ නම් මැතිවරන කාලයට ශ්‍රී ලංකා කාරයෙකු වී ඔහුගේ මනාපත් අනුගමනය නොකරන නෑදෑ හිතමිතුරන් වත් ඔහුට පෙන්නන්න බැරි වාතාවරණයක් ඇතිවේ.

මහින්ද රජ වීම සතුටක්වු ඔහුට මැතක සිට මහින්ද එලවා දමන තෙක් නින්ද නොයන අසනීපයක් ඇතිවී ඇති බව පලකරයි.ඒත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයයට නායකත්වය සදහා පත්කිරීමට විකල්පයක් නැති නිසා ඔහුගේ තදියම තවමත් බුරුලෙන් ක්‍රියාත්මකවේ.යුඑන්පියට නම් හත්ගව්වක් දුරකින්වත් විකල්පයක් නැති නිසා ඒ ගැන හිතන්නටවත් අමරේට උවමනාවක් ඇති නොවේ.ඒ නිසා තවවමත් අමරේ තල තලා ශ්‍රිලනිපය රැකගනී.

පසු ගිය දිනක අමරේ මිදුමට හමුවිනි. කොහොමද දකුනේ ඡන්දේ ? මිදුම ප්‍රශ්නයක් ඇතිකර උත්තර බදින තෙක් බලාසිටී. – “යුද්ධෙ යුද්ධෙ කිය කියා හිටියා . දැන් තාමත් ත්‍රස්වාදීන් ඉවර නෑ කියනවා දේශප්‍රේමෙ කියලා බලාගෙන ඉන්න පුළුවන්ද බඩගින්නේ දැන් බඩු මිළ අධිකයි. ආනයනික සීනි රුපියල් 105.00කි කන්තලේ පැල්වත්තේ සීනි නිෂ්පාදන වියදම රුපියල් 30.00කි.දයා ගමගේ (කන්තලේ පැල්වත්තේ නිෂ්පාදන සමාගම් අයිතිකරුය අමරේ එහි පැරණි සේවකයෙකි.) සීනි කිලෝවකින් රුපියල් 75.00 ලාභ ගනී. මුන් ඔක්කොම කරන්නේ එකයි පොඩි මිනිහා ගැන කිසිම අනුකම්පාවක් නෑ.” ආණ්ඩුවට තදබල ප්‍රහාරයක් ඇතිවේ. “ අමරේ රජයට නිෂ්පාදන බදුත් ගන්නවානේ ” මීදුමට අතුරු ප්‍රශ්නයකි. “මොන පිස්සුද ආනායනික සීනී වලින් විතරයිනේ බදු ගන්නේ”අමරේ කියයි. තර්කයට බැස්සෝත් මීදුම ට මිතුරා නැතිවේ “එහෙමද ?” කියා මීදුම පල්ලම් බසී.
අමරේ ගෙන් දකුනේ ප්‍රතිපල අනාවැකි නිකුත්වේ.ගාල්ල මාතෘකාවේ මුලට පිහිටයි. අනර්කාලි ,අක්මීමන හාදයා කැපී කෙටී ජයග්‍රාහි ලැයිස්තුවෙන් ඉවත්ව ගොසිනි. “මේ දෙන්නනේ නිකම්ම ජනප්‍රිය වුනේ. මම නම් හිතන්නේ වැඩිම මනාප ගන්නේ මුතුහෙට්ටිගමයි. අනර්කාලිත් ගාල්ලේ ලැයිස්තුවේ හතරට පහට එයි”. මීදුම අදහසක් දමයි . අමරේට තදවේ. “කොහෙද රස්තියාදු කාරයින්ට මානාප දෙන්නේ ? ” ඔහුගේ විග්‍රහයයි. - ගාල්ලෙන් එකයි, මාතරින් එකයි, හම්බන්තොටින් එකයි ජවිපෙයට ලැබෙන්නේ ඔහුගේ තවත් මතයකි. “හම්බන්තොටින් නම් දෙකක් ලැබෙයි ” ජවිපෙ අජිත් අතරමැද සිට සීරුවෙන් වචනය මුදා හරියි. ( ජවිපෙ අජිත් අමරේ සමග සෙට් වන කන්ඩායමේ මිත්‍රයෙකි.) අමරේ කියන්නේ ඉස්සර වගේ හම්බන්තොට ජවිපෙට සරු නොවන බවයි.
එජාපය දිස්ත්‍රික්ක තුනේම කරට කර සටනකි. හේතුව බඩු මිල , රාජපක්ෂීකරණය නිසා මහින්දගේ ජනප්‍රියතාවය දකුනේ දියවෙමින් පවතින නිසාවෙනි.දෙනියායේ මාලිගාව උදාහරණ වලට ගෙනේ . හම්බන්තොට වරාය ගුවන් තොටුපල දකුනේ කඩිනම් ව්‍යාපෘති අමරේ ගේ අවධානය නොලැබ දුක්වේ. අමරේ චන්ද්රිකාට බැන වදිමින් සිටි යුගය මිදුමට මතක් වේ. පුද්ගලික කරණ මුවාවෙන් කොමිස් ගසා පිටරට මාලිගා ගත් බවක් ඒ කාලයේ ඔහුගේ මතයවී තිබිණි.හොද වෙලාවට එතුමියගේ ධුර කාලය අවසන් වී මහින්ද ජයග්‍රහණය කල බැවින් අමරේ තවමත් ශ්‍රීලංකා කාරයෙකි.

කට කහනවට දකුණ ගැන අමරේට මිදුම අදහසක් දමයි “මොන පිස්සුද ? 30% ටත් වඩා අඩුවී එජාපය දකුනෙන් පල්ලම් බහි. ඇයි ගිය පාරත් දකුනෙන් 64%ක් 61% ක්ද කොහෙද පෙරමුන ගත්තානේ හම්බන්තොටින් විතරක් 70%ක් ?.’ අමරේ එකග නොවෙයි. වැඩි සංවාදයට ගියොත් වැඩේ අවුල්වේ අමරේ දැන් බාගයක් පදිංචි දරුවන් ගේ ගෙවල් වල බැවින් , “ කවද්ද ආයෙත් දූ දරුවන් බලන්න යන්නේ ?”අසමින් මිදුම ඔහුගේ ප්‍රියතම මාතෘකාවට හෙමින් සීරුවේ මාරුවීමෙන් කතාවට තිත වැ‍ටේ.