ඔහුට මා වැඩිහිටි ඥාතිවරයෙකු පමනක්ම විය. කලාතුරකින් මුණ ගැසුන අපි වැඩිහිටි පවුර විසින් දෙපසට වෙන් කල චරිත බවට පත් කර තිබිණි. එහෙයින් දෝ අප අතර විශේෂවු සම්බන්ධතාවයක් ඇතිවී තිබුනේ නැත.
මහා විශාල ධනවතෙකු හෝ සමාජයේ ඉහල තලයක වැජඹෙන වෘත්තියක් නොකල ඔහු වැවිලි සමාගමක ඉඩම් වාහනයක රියදුරෙකු ලෙස සුළු යයි සිතන රැකියාවක නිරතවිය. ඔහු තවමත් තමන්ට කියා නිවසක් ඉදිකරගන්නවත් නොසිතූ සිතන්නට බැරි ජීවන අරගලයක නිරත වෙමින් වතු සමාගම සැපයූ නිවාසයක තාවකාලික පදිංචිකරුවෙකු විය.තවත් ඔහුගේ ජීවන අරගලය පැහැදිලි කල යුතු නැත.
මේ පුංචි මිනිසාගේ අකල් සමුගැන්මේ පුවත ඇසු වතුකරයේ ද්‍රවිඩ ජනතාවද ,සියළු තරාතිරමේ සිංහල ගම්වාසීන්ද විවිධ ආගම්වල ආගමික පුජකවරුද පාසල් සිසු සිසුවියන්ද විටින් විට පැමිණ අජීවි ඔහුට ආචාර කරමින් ශෝකාකූලව මුමුනමින් ඔහුගෙන් සමුගත්තේය.
ඔහු අනේක විධ ජීවන දුෂ්කරතා මැද උවද , ජීවත්වු සමාජය තුල සිනහවත් සුන්දර කතාවත් අතහැර දමා නොතිබිණි. කිසිදා ‘නැත’ යන්නත් ‘බැහැ’ යන්නත් ජිවිතයට ආදේශ කරගෙන නොතිබුන මේ පුංචි මිනිසා හට අයදුම් කල පුංචි උදව්වක්වත් කිසිදා බැහැර කරන්නට සිතක් නොතිබිණි. මේ ගුණාංගයන් ජීවත්වු පරිසරයේ ඔහු මහා විශාල මිනිහෙකු බවට ඔහු පත්කර තිබෙන බව මම ගලන ජන ගග දෙස බලමින් තේරුම් ගත් කාරනාවක් විය.
මිනිසෙකු මසුරු කමින් ජීවිත කාලයක් රැස් කළ මහා මුදල් සම්භාරයකට නොකලහැකි බොහෝ දේ ඔහුට මරණයෙන් පසුවත් කලහැකිව තිබිණි. මරණය ප්‍රදේශයම කම්පා කල පුවතක්ව දෙනෝ දහසක් ජනයා ඔහු අබියස කිසියම් ප්‍රාර්ථනයක නිරතවී “මොහු නැවත අප අතරට පැමිනේවා”යි ප්‍රාර්ථනා කලාද විය හැක.
ඔහු හොද මිතුරෙකුව සිට බොහෝ මිතුරන් එක් රැස්කර ගෙන සිටි බැවින්දෝ අකල් සමුගැන්මෙන් අසරනවු බිරිදට හා දරුවාට පිලිසරනක් නිර්මානය කරදෙන්නට බලකරනා පසුබිමක් ඔහුගේ මරණයෙන් පසුව උපත ලබා සිටියේය.
මුදල් පමනක් අගයන සමාජයක මේ අපුරු මිනිසා ලබා තිබු සමාජ වටිනාකම් මිළ මුදලින් නම් කවදා වත් උපයා ගත නොහැකි බව මට ඉන්පසු පසක් වු කාරනාවක් විය.සුන්දර නොවු මරණයද සුන්දරවු මිනිසුන්ගේ මරණයෙන් මතුවද සුන්දර වන බව සටහන් වන්නේ එබැවිනි.






